“මම මේ ගිටාරය ගන්නවා…”
මම කිව්වේ මුළු කඩේටම ඇහෙන්න.
“ආ… ඒක රූබල් දෙදාහක් වෙනවා…”
කඩ හිමියා කිව්වේ හරියට සම්ප්‍රදායක් රකින්න වගේ. නැතිනම් සිය පාරකට වඩා මම ගණන් අහලා ඇති ඒ ගිටාරයේ ගාන මම නොදන්නවායැ.
“හොරකමක් කළේ නෑ නේද කෙල්ලේ..?” කවුන්ටරේ උඩින් අතදාලා සල්ලි ගනිද්දී මිනිහා අහනවා.
ගිටාරය අයිති කරගත්ත සතුට නොවෙන්න මම උන්දැට කතා කරනවා දෙකක්.
එදා ඉඳන් මම කළේ ගිටාර් ගහන එකම තමා. ගිටාරයේ තිබුණ හැම කම්බියටම මම මගේම කියලා නමක් දීලා තිබුණා. ගනකමම කම්බියට මම දීලා තිවුණ නම තමයි පුදුමය. අන්තිම කම්බිය ආදරය. ඔය අතරේ අනුපිළිවෙලට බය, වෛරය, දුක, සතුට විදියට කම්බි හයටම නම් තිබුණා. ගෙදර, ඉස්කෝලේ, පාක් එකේ මට තැනක නොතැනක්, රැයක් දවාලක් තිබුණේ නෑ. ගාර්ඩි මාමාගේ ඉඳන් නම නොදන්නා ගෑනු මිනිස්සු පොඩි ළමයි ගොඩක් දෙනා මගේ ගිටාර් වාදනේ බලන්න රැස් වුණා.
රොස් ඔහොම අනිත් අය වගේම එකතු වුණු එක්කෙනෙක්. ඒත් එයාගෙ අනිත් අයට වැඩිය වෙනසක් තියෙන බව මට තේරුණේ ඉර බැහැගෙන යනකල්ම පාර්ක් එකේ ගිටාර් ගැහුවට පස්සේ මාව ගෙදරට ඇරලවන්න පරක්කු නොබලා බලන් හිටපු එකම ඉලන්දාරියා රොස් හින්දා.
ගිම්හාන කාල දෙකක් ගෙවෙන්න ඇති. ඒක කොහොම වුණාද මමත් හරියටම දන්නේ නෑ. කොහොම හරි ඔන්න මම දැන් පදිංචි වෙලා හිටියේ රොස්ගේ හපුටු කාමරේ. අපේ අම්මා මේ ලෝකේ ඉන්න වදකාරම ගෑනු මනුස්සයා කියලයි මම හිතාගෙන උන්නේ. අනේ මම කොච්චර වැරදිද කියලා වටහලා දුන්නේ රොස්ගේ අම්මා. මහ වැස්සක් වහින දවසක පායනකල්වත් ඉන්නේ නැතුව මම රොස්ගේ ගෙදරින් එළියට බැස්සේ අත්දෙක වන වනා. ලෝකේ දරුණුම අපරාධය කරලා ආවත් අම්මා කෙනෙක් තමන්ගේ දරුවට දොර වහන්නේ නෑ.
“හැම දෙයක්ම අපි අලුතින් පටන් ගනිමු මගේ පුංචි සුරංගනාවියේ…” අම්මා කිව්වේ එච්චරයි.
හිස් අතින් ආව එක ගැන මම දුක්වෙන්නේ නෑ. මගේ ඇඟෙන් කොටසක් වුණු ගිටාරය නොවෙන්න. ආයෙත් පස් පාගන්නේ නෑ කියලා එළියට බැහැපු මම ඒ අපාය ඉස්මත්තට ආයෙත් ගියේ මගේ ගිටාරය අරන් එන්න.
“අන්න රොස් ඒක විකුණුවා…” නැන්දම්මා කිව්වේ රටක් දිනුවා වගේ සතුටින්.
එදායින් පස්සේ දවස් ගාණක් ගෙවුණේ එකම විදියට. ගාර්ඩි මාමාගේ කබල් ස්කූටරේ පිටිපස්සේ නැගගෙන මම ටවුම පුරා කරක් ගැහුවේ ගිටාරය ගැන ආරංචියක් හොයාගන්න. මම මේ වැඩේ හරියන්නේ නෑ කිව්ව හැම වතාවකදිම උන්දැ කිව්වේ
“උත්සාහය තියෙනවා නම් කරන්න බැරි දෙයක් නෑ කෙල්ලේ…“ කියලයි.
ඔන්න උඩ තට්ටුවක තිබුණ උගස් බඩු කඩේකින් තමයි ඔත්තුව හරියටම හම්බ වුණේ. නාදන්. ගෙවන ඉස්කෝලෙක තරුණ සංගීත ගුරුතුමෙක් තමයි මගේ ගිටාරය සල්ලි දීලා අරගෙන ගිහින් තිබුණේ.
“ඔය ගිටාරය මගේ. මගේ අතෑරපු මනුස්සයා තරහටයි විකුණලා තියෙන්නේ. මට ඕක මගේ පණ වගෙයි. අපිට ආපහු විකුණනවද..?”
මම අහද්දී නාදන් නළල රැලි කළා.
“මම රූබල් එක්දාස් දෙසීයක්ම දුන්නානේ මේකට..?”
“ඒ ගාණ නම් මගේ ගාව දැන් නෑ. බැරිද අපිට ණය ගනුදෙනුවක් කරන්න. මම රූබල් සීයක් දෙන්නම් දැනට. ඉතුරුවා මාසේ ගානේ ගෙවන්න පුළුවනිද..? මට පුළුවන් ලොන්ඩරියේ රෙදි අපුල්ලලා ඒ ගාන හොයාගන්න…”
මම ඇහුවම එයා ගේ ඇතුළට ගිහින් ගිටාරය ගෙනාවා.
“හොඳයි මම දෙන්නම්. හැබැයි මගේ ඉස්සරහා ඔයා සිංදුවක් ප්ලේ කරලා පෙන්නන්න ඕනේ. කොන්දේසියක් විදියට නෙමේ. මේක මේ පුංචි ඉල්ලීමක්…”
අමුතුවෙන් මගෙන් ඉල්ලන්නේ මොකටද ගිටාර් ගහන්න කියලා. ඒක තමයි මට මේ ලෝකේ හොඳටම කරන්න පුළුවන් දේ. මම පටන් ගත්තේ “ට්‍රෙශර්ස් වී ඔව්න්”වලින්.
“දැන් හොඳටම කළුවර වැටිලා. ඉන්න මම ඔයාව ගෙදරට ඇරලවන්නම්…” නාදන් කියද්දී තමයි මම ප්ලේ කරන එක නැවැත්තුවේ.
ඒ මීට අවුරුදු පහළොවකට කලින්. නාදන් ඉස්කෝලේ ඉවරවෙලා මෙලහට එනවා ඇති. අද ගාර්ඩි මාමා සිහිකරලා තියෙන දේව මෙහෙයට දුවන්න බලාගෙන. පුංචි උන් දෙන්නව නාවලා ලෑස්ති කරගන්න ඕනේ. ඊට පස්සේ පුළුවනි ගිටාරය සූදානම් කරගන්න. අද ප්ලේ කරනවා “ඕ හැපී ඩේ”… ගාර්ඩි මාමා මම ප්ලේ කරනවා බලන්න ආසම වුණේ ඒක...
ප.ලි .- මෙම අඩවියේ පලවූ හාදුවක් කෙටිකතාවට මෙවර නෙළුම්යාය බ්ලොග් සම්මාන උළෙලේදී කෙටිකතා අංශයේ ප්‍රථම ස්ථානය ලැබුන ආරංචිය සුභ පැතුම් කෙටි පණිවුඩයකින් මුලින්ම දැන්වුයේ රසිකයි... ඒ අවස්ථාවේ උත්සවයට සහභාගීව උන් මා මිතුරෙකු වන ඕනයා එය ලබාගත් බව වට්ස්ඇප් පණිවුඩයක් ඉන් සුළු මොහොතකට පසු දැන්වීය... රසිකටත් ඕනයාටත් නෙළුම්යායටත් නොවක් තුති...!
උඹගෙ කෙටි කතාවකට සම්මානයක් නොලැබුනානම් නෙළුම් යාය විනිශ්චයන්ගේ මොකක් හරි අවුලක් තියෙන්නම ඕනා .. කෙටි කතා නම් ඉතින් බීට්ල් තමා ...
ReplyDeleteසම්මානෙට සුබ පැතුම් !
සෙන්නා බීට්ල් ට හාදුවකුත් දෙන්න හැදුව නේද ඕක ලියපු වෙලාවේ? :)
Deleteහැදුවා නේන්නම්..හෙහ් හෙහ්...
Deleteමටත් මතකයි.. ඒවා තමයි ලොකුම සම්මාන :D ගොඩක් ස්තූතියි සෙන්නා බය හිතෙන අගයකිරීමටත් එක්කම..
Deleteසම්මානෙට ජය වේවා ..!!!
ReplyDeleteස්තූතියි සුමුදු
Deleteකෙටි රස කතාවක්
ReplyDeleteස්තූතියි අයාල්..
Deleteසුභ පැතුම්, බීට්ල්ගෙ කෙටිකතා හරිම ඉහලයි. බොහොම සූක්ෂම ලෙස වියපුවා.
ReplyDeleteස්තූතියි තිසර නොවැරදීම කියවනවාට...
Deleteඅමුතුම කතාවක්. ඉස්සර නවයුගය පත්තරේ තිබ්බ කෙටිකතාවක් "නව මගක් ගත් කතාවක්" කියලා. මට මතක් වුනේ ඒ genre එක.
ReplyDeleteඋණුසුම්ම සුභපැතුම් උඹේ ජාග්‍රහණය වෙනුවෙන්. උඹත් quantity එකට වඩා quality එක ගැන හිතන කෙනෙක් බව අපි දන්නවා.
මටත් ගියපාර ඔහොම දෙකක් හම්බවුනාම වෙනියා තමයි ගත්තෙ. පස්සෙ මගෙ පුතා ගිහින් ඒක අරගෙන ඇවිත් තිබුනා.
මේක එක්තරා විදියක අත්හදාබැලීමකුත් තමයි..ගැහැණු කෝනයකින් ලියන්න ගත්ත උත්සාහයක්..
Deleteවෙනීගේ අතින් සම්මාන ගන්න එක සේරටම වඩා වටිනවා :)
පිරිමියෙක් ගැහැණු කෝනයකින් කතාවක් ලියන එක පට්ට අභියෝගයක් වෙන්න ඕනා...
Deleteවිශිෂ්ටයි වෙන කියන්න දෙයක් ඇත්තෙම නෑ බීටලේ
ReplyDeleteස්තූතියි මචෝ ඉදහිට හෝ උබව දකින්න ලැබීමත් සතුටක්..
Deleteබ්ලොග් ලෝකයේදි ගස්ලබ්බා දැක්ක අතිශය සාර්ථක කෙටිකථා කරුවෙක්...
ReplyDeleteබීටලේගෙ කතන්දරේ අකුරු පෙනෙන්නෙ නෑ...රූප පෙනෙන්නෙ.
ඔබට සුභපැතුම්..!!
ගිතාරය... සැහැල්ලුවෙන් හූරන කතාවක්.
ජයවේවා..!!
ගොඩක් ස්තුතියි ගස් ලබ්බා,,
Deleteකාලෙන් කාලෙට ලියන එක කතාව හරි උබ ඉතින් දෙනවා නෙ පොරි හැලෙන්නම...සුභ පැතුම් බීටා සම්මානෙට...
ReplyDeleteස්තූති ඩිලා උබේ වෙනස්වෙන්නැති යාළුකමටත්..
Deleteතුන් වතාවක්ම කියවලත් මට නොතෙරුනේ මන්ද ?
ReplyDeleteකොහොම වෙතත් ලැබූ සම්මානය ගැන බිටල්ට හද පිරි සුබ පැතුම්...!
හෑ... මේ කතාවේ එහෙම නොතේරෙන තැනක් තියේද?
Deleteගොඩක් ස්තූතියි උඹේ සුභ පැතුමට...
ලෝන්ග් ලිව් බීට්ල් !
ReplyDelete