Thursday, March 10, 2016

115. හාදුවක්...



ඉසා උන්තැනම ගල් ගැහුණා... දෙපා ප්‍රාණික වෙද්දී  කොසු මිටට වාරුවුණු ඇය බිමට නැඹුරුවෙලා ආයෙත් ඒක දිහා බැලුවා... මේ පාර හොඳ කල්පනාවෙන්... ඇයට වැරදිලා තිවුනේ නැහැ...

"දෙවියනේ හාදුවක්...!"

ඒත් එක්කම ඇය අතින් කට තදකරගෙන වටපිට බැලුවේ තමන් කියපු දේ අවට කාට හෝ ඇහුනදෝ කියන බියෙන්... 

නිදහස් ස්මාරකයේ රටාවකට හිටවුනු කොන්ක්‍රීට් කණු එකිනෙකාට මුවා වුනේ අනේ අපි ඕවට නෑ කියන්න වගේ... ඒවායේ කොටලා තියෙන මල් ලියකම් බොරු උවමනාවල් මවාගෙන වක ගැහුණු රටා අතරේ තව හැංඟුනා..

හාදුවක් තමයි... ගිනි සැරේට පායාගෙන එන ඉර රස්නේට තවමත් හේබාලා නොගිය, නැවුම්, පිරිසිදු හාදුවක්... කාටදෝ අමතකවෙලා ගිහින්...

"මොන අපරාදයක්ද.. ?"

ඉසා තමන්ටම කියාගත්තා... යූසී එකේ ජොබ්බෙක පටන්ගත්ත දා ඉඳන් හැමදාම උදේට ඇය ස්මාරකේ අතුගානවා වුනත් මේ බැරිවෙලා ගිය හාදුවක් ඇහැගැටුණු පළවෙනි වතාව...

කොස්ස අල්ලගන්න කණුවකට බාරකරපු ඉසා හරිබරි ගැහිලා හාදුව දෝතට ගත්තා... ‍‍‍‍මලක් නෙලාගන්න තරම් සීරුවට...

"අනුන්ගේ හාදුවක්නම් මට ඕනී නෑ කොහොමත්ම..." ඇය කෙඳිරුවා...

"මම මේක අයිතිකාරයට දෙනවා...!"

"අතුගානවද උඹ භාවනා කරනවද...?"

තමන්ගේ පිටිපස්සෙන් ඇහුණු ආරක්ෂක රැකවලුන්ගේ සද්දෙන් කලබල වුන ඉසා හාදුව පිටිපස්සට කරගත්තා.. ඇයට අයිති නැති දෙයක් තමයි...ඒත් හොරකම් කරන අදහසක් නොතිබුණු තමන් මොනවා කියලා හංගන්නද...

"මොකද්ද හංගගත්තේ... පෙන්නපන් බලන්න..?"

ආරක්ෂක රැකවලාගේ විධානයෙන් ඇය මිට මොලවපු අත හෙමින් ලිහිල් කලා...මලක් පූජාකරන තරම් සීරුවට...

ඉස්තරම් හාදුවකට තියෙන්න ඕනේ හැම ලක්ෂනයක්ම නොඅඩුව තිවුණා වුනත්, රැකවලුන් දෙන්නා දිහා බලාගෙන හිටියේ ලෝකේ තියෙන අප්‍රසන්නම දේ දැක්කා වගේ...

"විසිකරපන් ඒක...!"

දෙන්නගෙන් වැඩිහිටි ආරක්ෂක රැකවලා කිව්වා...

"අර මොකටද..?"

මුරණ්ඩු ඉසා ‍‍‍‍පරාජය භාරගන්න සූදානම් වුනේ නැහැ...

"කොහෙන් මේක මෙතෙන්ට ආවද..?"

තරුණ රැකවලා කිව්වා... ප්‍රශ්ණයක් අහනවට වඩා එතැන තිබ්බේ තමන්ටම අඟවගත්ත පසුතැවීමක්...

"තේ වෙලාවේ මම පොඩ්ඩක් උගුර තෙමාගන්න ගිය ටිකට ඕක වෙන්න ඇත්තේ...උඹට මම නැතුව මොකුත් කරගන්න බෑ..."

වැඩිහිටි ආරක්ෂක රැකවලා තරුණයාට බැණ අඬගහන්න තියාගත්තා...

"නෑ වෙලාවේ නෙමෙයි...මේක ඊයේ රෑ දුන්න හාදුවක්... කාටහරි බැරිවෙලා ගිහින්..."

ඉසා කිව්වේ ඔළුව ඇලකරගෙන එක අතකින් හාදුව ආදරෙන් පිරිමදින ගමන්...

"උඹ කොහොමද එහෙම කියන්නේ..?" 

තරුණ රැකවලාට එහෙම අහන්න අවශ්‍යය වුනත් ඊට කලින් අනෙකා කටහඬ අවදිකලා...

"කොහොම වුනත් දැන් ඕක විසිකරපන්..."

"මොන අපරාදයක්ද..?"

ඉසා ආයෙත් කිව්වා...

"මොකද්ද අපරාදේ...? මේක නිදහස් ස්මාරකයක්... අරන් පලයන් මේ හතර මායිමෙන් එහාට ඔය මල ජරාව.."

"මල ජරාව...! ඔහේ දන්නවද හාදුවක් කොච්චර වටිනවද කියලා...?" 

ඉසා කියවාගෙන ගියා,..

"මේ ලෝකේ තියෙන දේවල් සේරම කැත අඩුවෙන පිළිවෙලට එක පෙළට තිව්වොත් ඒකේ මුල් කෙලවරේ ඔහේගේ මොළ ගෙඩියත් අන්තිම කෙළවරේ මේ හාදුවත් තියෙන බව මට විශ්වාසයි ...ඔහේ නොදන්නවා වුනාට මේ පුංචි හාදුවට පුළුවන් ගිනි ගන් ආත්මයක් සීතලෙන් ගල් කරන්නත්, හිම මිදෙන තරම් සීතල හදවතක් ලාවා වගේ දියකරන්නත්...කොටින්ම මේ හාදුව ඔහේට අයිති වුනානම්, ලේ කඳුලක් නැති තමුසෙගේ මරුමුස් මූනට  කවදාවත් නැති තරම් එළියක් වැටෙන්න වුනත් ඉඩ තිවුනා කියලා මට හිතෙනවා..."

අව්වට පිච්චුනු  රැකවලාගේ මූණ කතාවෙන් තවත් කළුවුනා...ඒත් තමන්ගේ කන්පෙති වලට ලේ පිරෙන හැටි ඔහුට දැනුනා...බලාපොරොත්තුවෙන් දිලිසෙන තමන්ගේ ඇස්දෙක හංගාගන්න ඔහුට ලොකු වෙහෙසක් දරන්න වුනා...

"මගේ බල්ලටවත් එපා..." ඔහු කිව්වේ ඇතුළතින් කෑලි වලට කඩාවැටෙන ගමන්...

තවත් එතැන කාලය කන්න ඉසාට ඕනේ වුනේ නෑ... හාදුවත් අරගෙන ඇය ආපහු නොබලා එතැනින් පිටවුනා... පිළුණුවුන හාදුවක් අයිතිකාරයාට බාරකරන්න ඇයට අවශ්‍යය වුනේ නැහැ කොහොමටත්...

"ඉසා....!!!"

ඇයට වැඩිදුරක් යන්න ලැබුනේ නැහැ... තරුණ ආරක්ෂක රැකවලාගේ හඬින් ඇය නැවතුනා...

"මෙන්න උඹ කොස්ස දාලා ගිහින්... මම හනික අරගෙන ආවා..."

"මේ හාදුවක් හින්දා ඒකත් අමතක වුනා..."

 ඇය කිව්වේ නෝක්කාඩු ස්වරයෙන්...

"ඉතින් උඹ ඔච්චර ඔය හාදුවට කැමතිනම් උඹ තියාගන්න එකයි ඇත්තේ..."

"අර මොකටද මට අනුන්ගෙ හාදුවක්...මගේම කියලා මට හාදුවක් ලැබුණ දාට මම ඒක ආසාවෙන් තියාගන්නවා...මේක මට එපා..."

"උඹ හාදු ගැන මහා හුඟක් දේ දන්න හැඩයි..."

"සමහරවිට... උඹට වැඩිය දන්නවා ඇති..."

ඉසාගේ කලබල ඇස් ආරක්ෂක රැකවලාගේ ඇස් වල පැටලුනා...

"උඹ කැමති නැද්ද ඒවා ගැන මට කියලා දෙන්න...?"

"උඹේ අකමැත්තක් නැද්ද ඒවා ගැන අහගෙන ඉන්න...?"

"හාදු ගැන අහන එක... මම ආසම දේවල් වලින් එකක්...!"

"හාදු ගැන කියන එක...මමත් ආසම දේවල් වලින් එකක්..."

ඉසා කිව්වේ ආරක්ෂක රැකවලාගේ ඇස් දිහා එක එල්ලේ බලාගෙන...

"කවදද..?"

"අද රෑට...! කොතනද...?"

"ස්මාරකේ ගාව...?"

" ඒක නිදහස් ස්මාරකයක්...!"

ඉසා කිව්වේ ඇස් ලොකු කරගෙන...

"මේක හාදුවක් ගැන පොරොන්දුවක්..!"

රැකවලා පිළිතුරු දෙද්දී ඔහුගේ මුහුණ ආදරයෙන් එළිය වෙලා තිබුණා...හාදුව තුරුළු කරගත්ත ඉසා එතැනින් ඉගිලුනා...

ආපහු ස්මාරකයට එද්දී තමන්ගේ සගයා හිස බිමට නැඹුරු කරගෙන ස්මාරකයේ කොන්ක්‍රීට් කණු අතරේ මොනවාදෝ හොයනවා තරුණ රැකවලා දැක්කා...

  පිංතූරය :  අන්තර්ජාලයෙන්...

68 comments :

  1. මේවා උඹටම හිතෙන්නේ කොහොමද ? නියමයි බීටලේ....දෙන්න හිතෙනවා හාදුවක්.... බොට...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මචං... උබටත් හාදුවක් හැමදාම මේවා කියවනවාට...

      Delete
  2. හාදුවක්.... රටක් වෙනස් කරන්න පුළුවන් හාදුවක්...
    අරිම අගෙයි.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ගස් ලබ්බ... රටක් විතරක් නෙමෙයි ලෝකයක් උනත් වෙනස් කරන්න බැරිකමක් නෑ නේ..?

      Delete
  3. හයියෝ මදැ ඉදල ඉදල

    ReplyDelete
  4. අම්මප උඹට හාදුවක් දෙන හිතෙනවා තමා , විරෝධාකල්ප ගීත කාලයක් සමාජයේ ජනප්‍රිය වුනානේ , එත් අහන ඕන කෙනෙක් දන්නවා ඒ විරෝධාකල්ප ගී කියල, උඹත් බොබ් මාලේ වගේ , බෆලෝ සෝල්ජර් කියලා බොබ් මාලේ කියද්දී එකේ තේරුම දැනගත්ත කීයෙන් කීදෙනාද එත් හැම කෙනෙක්ම ඒ ගීතයට ආදරය කළා . උඹේ කතා බොබ් මාලේගේ සිංදු වගේ . ඉඳල හිටලා හරි ලියපන් .

    හැමදාම අමුවෙන් කනකොට , උයලා රහ කරලා තියෙන දේවල් කන්න අපි ආසයි . උඹ දක්ෂ කෝකියෙක්

    ReplyDelete
    Replies
    1. මල්ලී, දැන් දෙයියන්ගේ නාමෙට අර සිංදුවේ තේරුම මෙතන දානවද ?

      Delete
    2. ඇයි බන්.. ඒකට කුණුහරුප තේරුමක්ද තියෙන්නෙ ?

      කලින් පික් එක කියුට් බන්....

      Delete
    3. Buffalo soldier, dreadlock rasta:
      There was a buffalo soldier in the heart of america,
      Stolen from africa, brought to america,
      Fighting on arrival, fighting for survival.

      I mean it, when I analyze the stench -
      To me it makes a lot of sense:
      How the dreadlock rasta was the buffalo soldier,
      And he was taken from africa, brought to america,
      Fighting on arrival, fighting for survival.

      Said he was a buffalo soldier, dreadlock rasta -
      Buffalo soldier in the heart of america.

      If you know your history,
      Then you would know where you coming from,
      Then you wouldn't have to ask me,
      Who the 'eck do I think I am.

      I'm just a buffalo soldier in the heart of america,
      Stolen from africa, brought to america,
      Said he was fighting on arrival, fighting for survival;
      Said he was a buffalo soldier win the war for america.

      Dreadie, woy yoy yoy, woy yoy-yoy yoy,
      Woy yoy yoy yoy, yoy yoy-yoy yoy!
      Woy yoy yoy, woy yoy-yoy yoy,
      Woy yoy yoy yoy, yoy yoy-yoy yoy!
      Buffalo soldier troddin' through the land, wo-ho-ooh!
      Said he wanna ran, then you wanna hand,
      Troddin' through the land, yea-hea, yea-ea.

      Said he was a buffalo soldier win the war for america;
      Buffalo soldier, dreadlock rasta,
      Fighting on arrival, fighting for survival;
      Driven from the mainland to the heart of the caribbean.

      Singing, woy yoy yoy, woy yoy-yoy yoy,
      Woy yoy yoy yoy, yoy yoy-yoy yoy!
      Woy yoy yoy, woy yoy-yoy yoy,
      Woy yoy yoy yoy, yoy yoy-yoy yoy!

      Troddin' through san juan in the arms of america;
      Troddin' through jamaica, a buffalo soldier# -
      Fighting on arrival, fighting for survival:
      Buffalo soldier, dreadlock rasta.

      Woy yoy yoy, woy yoy-yoy yoy,
      Woy yoy yoy yoy, yoy yoy-yoy yoy!
      Woy yoy yoy, woy yoy-yoy yoy,
      Woy yoy yoy yoy, yoy yoy-yoy yoy! /fadeout
      Songwriters: WILLIAMS, NOEL / MARLEY, BOB
      Buffalo Soldier lyrics © Sony/ATV Music Publishing LLC

      Delete
    4. සෙන්නා තාම නැද්ද අයිඩියාර් එකක් ඒ ගැන.. ලව්පුසා නං කියන එකක් නෑ, උඹම හොයාපාන්. හැක්

      Delete
    5. අනේ මංදා බන්.... මේක කියවපුවමනම් මට නිකමට වගේ තේරුනේ වහල්ලු ගැන කියනවා වගේ....මම හරිද ?

      Delete
    6. ඉවාන් -> ගොඩාක් ස්තූතියි ආඩම්බර හිතෙන උබේ අගයකිරීමට...හැමදාම කියවන්න එනවාටත්...

      සෙන්නා, දේශකයා, උපේක්ෂා -> මගේත් ඔළුවේ තියෙන්නේ ඒ කාලේ කළු ජාතිකයන්ගේ පීඩනය ගැන සිං‍දුවක් කියලා... කවදාහරි දවසක වල්ගාතරුවක් වගේ ඉවාන්ම ආපහු ඇවිල්ලා විස්තර කරනකල් බලාගෙන ඉමු...

      Delete
    7. හුටා පටා ... වැඩේ දික් ගැහිලා ගිහිල්ලනේ , මලසේක කිව්වලු,

      සෙන්නෝ . සින්දුවෙන් විස්තර කරන්නේ කළු ජාතිකයෝ ඇමරිකාව කියන මහා ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යදී ලක්වෙන පීඩනය තමා, උඹ හරි .

      මම කිව්වේ වෙන කතාවක් , සින්දුවේ ඇත්ත අර්ථය පීඩනය ලක් වෙච්ච ජනතාවකගේ කතාව එත් අපේ මිනිස්සු සිංදුව දාගෙන නටනවා, සින්දුවෙන් කියවෙන දේ ගැන අපිට හැගීමක් නෑ .ඒත් ඇත්ත කතාව සිංදුව නිකම්ම නිකං සින්දුවක් විතරක් නෙවෙයි, ඇමරිකාවේ නිරුවතයි ,කළු ජාතිකයින්ගේ පීඩනයයි ලෝකෙට කියන මාධ්‍යක් .

      බීටල් ගේ කතාව ඒ වගේ කියල මම කිව්වේ , මේ කතාවේ යටින් දිවෙන උපහාසාත්මක දේශපාලනය කියවන්නේ නැතුව කෙතාව රසවින්දින්නත් පුළුවන් හාදුව දිහා විතරක් බලලා,

      හැබැයි එක කතා රචකයාගේ දක්ෂකම , ඒක ගැනයි කිව්වේ, නැතුව උඹ නොදන්නා තේරුමක් අර සින්දුවේ තියෙනවා කියලා නෙවේ බොල,

      සමාවෙයන් සෙන්නෝ එතනදී මම කියන හදපු දේ හරියටම විස්තර වෙන විදිහට ලියවිලා නෑ , ඒකයි මේ අවුල වෙන්න ඇත්ත , සොරි වේවා

      Delete
    8. නැහැ බං.. මේකෙදි තවත් එකක් අදහම් වෙනවා. බෆලෝ සෝල්ජර්ස් කියල නම් පට බැදුනා ඒ කාලේ යුද්ධෙට ගත්ත අප්‍රිකානු ජාතිකයන්. සේනාංක ගණනාවක් ඔවුන්ගේන් සමන්විත උනා. පාබල හමුදා. ඔවුන් වීරත්වයෙන් සටන් කරා. නමුත් ඒ වහල්ලු විදියට.. ඒ අයගේ වීරත්වය වෙනුවෙන් තමා මාර්ලේ මේ සිංදුව කියන්නේ.. සාමාන්‍ය විදියට ඉතිං සිංදුව ඇතුලේ දේශපාලනය තියෙන එක සාමාන්‍ය දෙයක් මාලේගේ සිංදු වල හැටියට..

      Delete
    9. ඉවාන්,

      මෙතන කිසිම අවුලක් වුනේ නැහැ බන්... ඇත්තටම මම මේ සිංදුවෙන් කියවෙන තේරුමක් ගැන නොදැන හිටපු නිසා.. එතන තිබුනේ නොදන්න දෙයක් දැන ගන්න තියන කුතුහලය විතරයි..

      Delete
    10. නෑ උඹ ලව්පුසාගෙන් සමාව ගන්න ඕන.. වැරදි විදියට හිතන්න පොළඹවන එකට.. හැක්

      Delete
    11. උඹලා ජීවිතේ යම් දවසක බෆලෝ සෝල්ජර් තාලෙට මගෙ සුදු හාවා සින්දුව කියලා තියෙනවද? කියලා නැතිනම් මේ දැං කියලා බලාපල්ලා.

      මගෙ සුදු හාවා
      පැන පැන ආවා
      එළවලු කො‍ටුවේ
      දලු කොල කෑවා
      (ටරට්ට ටරට්ට)
      දැක මගෙ පඹයා
      බයවී වෙවෙලා
      වැටට උඩින් ඌ
      පැනලා දිව්වා

      වොයි යොයි යොය්
      වො ඔයියො යොයින්යොයි යොය්

      Delete
    12. අඩේ ඩුඩ්... පිස්සු බම්ප් වෙනවනේ.. හෙහ් හෙහ් හෙහ්.. අදනේ දැක්කේ මේක! නියමයි හලෝ මමත් මේ දැන් උත්සහ කරලා බැලුව. ගැලපෙනවා හලෝ..... හි හි හි අම්මෝ මගේ බඩත් රිදෙනවා හිනාවෙලා

      Delete
  5. මෙය රචනයකට වඩා, හොඳ කාව්‍ය සංකල්පනාවක් ලෙස අගය කරන්න කැමතියි. හොඳ රූප රචනයක් සහිත ගීත නිර්මාණයකට අවශ්‍ය අමුද්‍රව්‍ය පවා, මෙහි ගැබ්ව තිබෙනවා.

    ඔබ මෙය ලියා තිබෙන Nirmala UI ෆොන්ට් එකත්, කතාවට ගැලපෙනවා.

    ReplyDelete
    Replies
    1. මක්කා කිව්වා? මේ යුනිකෝඩ් නෙවෙයිද?

      Delete
    2. එසේයැ එසේයැ, මේ සිංහල යුනිකෝඩ්යැ. සිංහල යුනිකෝඩ් අකුරු මෝස්‌තර ගණනාවක් ඇත්තේ යැ. මේ එයින් එකකි. මෙන්න මෙතනට ගිහින් බලනුයැ.

      http://allfreethemesdownload.blogspot.com/2014/12/free-download-sinhala-unicode-fonts.html

      Delete
    3. ස්තූතියි විචාරක... මට ඇත්තටම ආසයි ගෙදර තියෙන පොඩ්ඩ කැමරාවෙන් කෙටි චිත්‍රපටියක්, සිංදුවකට රූප රචනයක් ඔය මොනවා හරි කරන්න... ස්තූතියි ඒක ආයෙත් මතක් කලාට...

      නිර්මලා මම හිතලා හොයාගත්තා නෙමෙයි.. මම දන්නෙත් නෑ නිර්මලාම ඇවිල්ලා සෙට්වෙලා.. :D

      Delete
  6. මං ඉස්සරෝම තක්බීර් වුණා මොකද්ද මේ ලියල තියෙන්නෙ කියල කියෝගන යද්දි තමා තේරුනේ මොකද්ද මේ කතාව කියල.
    හ්ම්.. හාදු මේ දවස් වල හරි සීතලයි.. සමහරක් ඒව ඕනවට වඩා රස්නෙයි..

    ReplyDelete
    Replies
    1. ඉතින් මහේෂ්ට එහෙම හොඳනැතිනම් සීතල හාදු මයික්‍රෝවේව් කරන්න පුළුවන් ... රස්නේ හාදුනම් නිවෙන්න තියන්න පුළුවන්... :D

      Delete
  7. මගෙ කොමෙන්ටුවක් තිබුන්නැතෙයි?

    ReplyDelete
    Replies
    1. මටත් කියන්න තියන්නේ සෙන්නා කියපු එකම තමයි... හැබැ‍යි මට ඒක පුදුමයකට වඩා සතුටට කාරණයක්...

      Delete
    2. ස්පෑම් මල්ලේ බැලුවා... ඒකේනම් නෑ... උඹට සතුටු නම් මටත් සතුටුයි...

      Delete
  8. මමත් මේ කල්පනා කලේ මේවා කොහොම හිතට එනවද කියලා...

    කිව්වත් වගේ පුංචි හාදුවට පුළුවන් ගිනි ගන්න ආත්මයක් සීතලෙන් ගල් කරන්නත්, හිම මිදෙන තරම් සීතල හදවතක් ලාවා වගේ දියකරන්නත්...

    ReplyDelete
    Replies
    1. අනුන්ගේ දේ කොපි කර ලියමි :)

      Delete
  9. Fantastic thinking Beetle. Love to see your writings

    ReplyDelete
  10. බීටලේ බීටලේ බීටලේ.. දෙන්න හිතෙනවා වොන්ඩර් බාර් එකකින් පාරක් දෙකක් නිතර නිතර නොලියන එකට..

    ReplyDelete
    Replies
    1. +++++++
      මටත් මේකම කියලා බේරෙන්න හිතෙනවා.

      Delete
    2. බුරා, රංගි -> මෙහෙම ලියාගන්නෙත් රෑ මැදියමේ අමාරුවෙන් බන්... නැතිනම් මේවා ඔලුවේ හිරවෙලා තිබිලා නහරයක්වත් පිපිරුවොත් :D

      Delete
  11. ඇයිද මේ වටිනා දේවල් යලට මහට ලියන්නේ?

    ලස්සන අදහසක්... ලස්සන ගලා යාමක්... හැබැයි පොඩියට හොරකමක් ඒ අස්සේ.. එකක් නෙවේ දෙකක්!

    ReplyDelete
    Replies
    1. යලට මහට හරි ලියන එක හොඳයිනේ උපේක්ෂා... යලට විතරක් හරි මහට විතරක් හරි ලියනවට වඩා... :) හොරකම් දෙක මොනවද කියලා තේරුණේ නැහැ...

      Delete
    2. පලවෙනි හොරකම: හාදු හොරකම
      දෙවැනි හොරකම: හිත හොරකම

      Delete
    3. ඇත්ත තමයි...

      Delete
  12. ආදරයෙන් බදා ගන්න තරම් ලොබ හිතෙන හාදුවක් එක.

    වැඩිහිටි රැකවලාත් බොරුවට කෑගැහුවාට නැති වෙච්චි තව හාදු තියේදැයි හොරෙන් හොයනවා වගෙයි.

    ReplyDelete
    Replies
    1. මටත් හිතෙන්නේ ඒ වගේ තමයි මනෝජ්...

      Delete
  13. බීටලේ දාලා තියන පින්තූරේ දැකපු ගමන් මට මතක් වුනේ මේ ෆේමස් කිස් එක.

    [im] https://www.google.lk/search?q=famous+kiss+after+world+war+2&espv=2&biw=1366&bih=643&tbm=isch&imgil=4ELDo9NxCEf51M%253A%253B0vIl8BM3QGulXM%253Bhttp%25253A%25252F%25252Fwww.dailymail.co.uk%25252Fnews%25252Farticle-2187071%25252FTimes-Square-Sailor-nurse-kissing-iconic-WWII-photograph-reunited.html&source=iu&pf=m&fir=4ELDo9NxCEf51M%253A%252C0vIl8BM3QGulXM%252C_&usg=__En_P8QkM2dtmxZllULPG1h3HIp8%3D&dpr=1&ved=0ahUKEwjh8oatubjLAhUGBY4KHa16A_cQyjcIJw&ei=B6HiVqHTMoaKuASt9Y24Dw#imgrc=4ELDo9NxCEf51M%3A [/im]

    ReplyDelete
    Replies
    1. ඒ ලින්ක් එකේ දිග දැක්කහම හාදුත් එපා වෙනවා බොලං.. :-D

      Delete
    2. ගෑත්තාට සමාවන්න උතුමානනි.... වරද නිවැරදි කර ඇත... ඒත් පහසුකම නොමැත... :D

      Delete
    3. මේ කිස් එකත්, පෝස්ට් එකේ මම දාලා තියෙන කිස් එකත්.. තවත් මේ වගේ කිහිපයකුත් තියෙනවා... ලෝකේ නැවතුන වෙලාවල් සදහටම පිංතූරෙක සටහන් වුන...

      ස්තූතියි උඹලාට...

      Delete
  14. [im]http://i.dailymail.co.uk/i/pix/2012/05/01/article-2138126-12DECFD5000005DC-985_634x947.jpg[/im]

    ReplyDelete
    Replies
    1. හරියන්නෑ වගේ....:(

      Delete
    2. කමෙන්ටු සමග ඡායාරූප ඇතුළුකිරීමේ පහසුකම මෙම බ්ලොගයට ඇතුළත් කර නැති බැව් කරුනාවෙන් සලකන්න...

      Delete
    3. හ්ම්ම්ම්ම්ම්ම් බලපන් ඉතින් අපි කොස් කිරන්න ගියාම ඒකටත් බාල්දියක්.....

      Delete
    4. ඒක මම හිතුවේ බ්ලොගර් අයිති මහත්තයා නිකම්ම දුන්නා කියලා... මම දාගන්න ඕනේ එකක්ද... හෙමින් බලන්නම්...

      Delete
  15. පට්ට බොල........

    ReplyDelete
  16. ලස්සන කතාවක්. අර පින්තුරයටම ලියපු එකක්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අජිත්... ඒ පින්තූරයේ ඇත්ත කතාවත් අජිත් දන්නවා ඇති...

      Delete
    2. http://www.theguardian.com/world/2011/jun/17/vancouver-kiss-couple-riot-police

      Delete
  17. ඔය හාදුව කියන එක නිකං ටිෂූ එකක් වගේ එකක්ද, නැතිනං ලූණු සිවියක් වගේ එකක්ද? එහෙමත් නැතිනං නිකං ජෙල් තලියක් වගේ? එතකොට පරණ වෙනකොට වාටි පාත්වෙන එකක්ද, පාට වෙනස් වෙන එකක්ද? නැතිනම් ටෙක්ස්චර් එකත් වෙනස් වෙනවද?

    ReplyDelete
    Replies
    1. "The problem with the world is that the intelligent people are full of doubts, while the stupid ones are full of confidence."

      කිව්වලු කවුද සුද්දෙක්... :)

      Delete
  18. හාදුවක් තරම් සුන්දරයි බන්.....

    ReplyDelete
  19. අපූරුයි බිට්ල්.. !!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පැතුම්...

      Delete
  20. බීට්ල්......අද මේ නිර්මාණය කියෙව්වේ ලක්බිම පත්තරේ 04/04/16 එන් ජෙනරේශන් කියන පිටුවේ තිබිලා. හරිම රසවත්. ඔබේ අකුරු හැමදාමත් රසවත් සහ හරවත්.Aru.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි අරූ... ඉන්න තැනක සතුටින් ඉඳින්...

      Delete
  21. කාලෙකින් බ්ලොග් කියවන්න ආවෙ. මේ අතපසුවෙච්ච කතා ටික එක හුස්මට කියවන ගමන්. මේක චිත්‍රපටයක් වගේ මැවිලා පෙනුනා.

    ReplyDelete

Web Statistics