සහසක් සක්වල,
සුවහස් සෙනෙහස...
සුරතට ගෙන එක මිටක හොවා...
අත අතනෑර, සිහින දරාගෙන
නිදන් දියණියේ තුරුළු වෙලා...
තරුමල් ඉහිරුණු,
අහස් වියන යට...
සඳදිය මුමුණන ගීය අසා...
අත අතනෑර, සිහින දරාගෙන
නිදන් දියණියේ තුරුළු වෙලා...
සසරක වෙහෙසක්,
අසුරක සනහන...
සුරඟන සිනහව දෙතොල අරා...
අත අතනෑර, සිහින දරාගෙන
නිදන් දියණියේ තුරුළු වෙලා.
කවදා, කොතැනක,
කෙලෙසක හෝ නුඹ...
සියළු පැතුම් ඉටුකරන තුරා...
අත අතනෑර, සිහින දරාගෙන
නිදන් දියණියේ තුරුළු වෙලා...
ප.ලි.- සිඟිති දියණිය මා තුරුළේ නිදද්දී, මගේ ජංගම දුරකථනයේ සටහන් වුන ඡායාරූපයකට කවියක් ලියන්න උත්සාහා කරන්න හිතුණා...
"අත අතනෑර" යන සුන්දර යෙදුම සුමිත්‍රා රාහුබද්ධගේ වචන ගෙත්තමක් යැයි හඟිමි...
දිවුල්ගනේගෙ මගෙ දුවේ නුඹ අවදියෙන් කියන සිංදුව මතක් උනා.වැඩ ඇරිලා මහන්සියට ඇවිත් බ්ලොගට එබුනෙ.පින්තුරෙ දැක්කම තාත්තෙක් නොවෙන මගෙ මහන්සිය නිවුන නම් මේ දේ හැබැහින් විඳින ඔබ කොපමණ සුවයක් ලබනවා ඇතිද? දුවට සුබ හෙටක් !
ReplyDeleteගොඩක් ස්තූතියි ඇනෝ සිංදුවටත් එක්කම...
Deleteමටත් මතක් වුනේ මගේ දුවේ නුඹ අවදියෙන් නම් සිංදුව.බීට්ල්ගේ අලුත් ප්‍රීතිමත් ජීවිතයට සුබ පැතුම්, ජීවිතය විඳිනවා කියන්නේ මේ දේට තමා.. සතුටුයි
ReplyDelete"මගෙ දුවේ ඔබ අවදියෙන් නම්
මේ රැයේ මිහිරිම වෙලාවයි"
දොර ඇරන් එළියට ආවොතින්
මේ මිහිරි දේවල් ඔබට මයි
සේපාලිකා මල් බිමට බැහැලා
ඇවිදින්න යන වෙලාවයි
නිල් තාරකා බිම බලාගෙන
වැව් දියට පෙම් බැඳි වෙලාවයි
මේ පොළෙව කොතරම් සුන්දරද
මගෙ දූ තනිවම හිනාවෙයි...
ඝන කලුවරට අප පෙම් කළොත්
ඉර හඳ තරුවලට ණය ගැතියි
ලොව දුන්න දේවල් අද අපට
හෙට ලොවට පෙරළා දිය යුතුයි
"ඔබ මේ ලොවට ආදරේ නම්
මුලු ලොවම ඔබටත් ආදරෙයි..."
ගී පද - රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය - රෝහණ වීරසිංහ
ගායනය - කරුණාරත්න දිවුල්ගනේ
https://www.youtube.com/watch?v=v7MKiSNL6Rg
ස්තූතියි මචං... මේ පෝස්ට් එකේ තිවුණ අඩුව සම්පූර්ණයි..
Deleteසෝස පැටික්කිගේ තුති නීතු ලස්සනයි
ReplyDeleteඉස්කෝතුයි...
Deleteමම මවා ගනිමි ඔබෙ සිනා සපිරි රුව
ReplyDeleteහදේ කොනක රඟ දෙන්න ඔහේ
ඉඟිපපා සිනාවෙන විටයි අගේ
සරසන්න එලෙස ජීවිතේ මගේ...
මේ ගීතය දුවට ලියපු එකක් නෙවෙයි උනාට මුල් කෑල්ලෙන් මට දැනෙන්නෙම තාත්ත කෙනෙක් දුවට කියන හැගීමක් ...
දුවක් කවදාවත් අප්පච්චිගේ සුලැඟිල්ල අතාරින්නෙ නැහැ..
ස්තූතියි... ඇත්තටම ඒ විදියටත් දැනෙනවා තමයි...
Deleteබිළිඳෙකුට ඇඟිල්ල දුන්නහම තදින් අල්ලාගන්නවා, ඒ දැනෙන හැඟීම වචනයට පෙරලන්න අමාරුයි. අපි තාත්තලා වෙනවට වඩා ළමයි අපිව තාත්තලා කරනවා. දියණියක් මේ විදිහට තමන්ගේ සුළඟිල්ලේ එල්ලුනහම, කෙනෙක් තාත්තා කෙනෙක් නොවී ඉන්නේ කොහොමද?
ReplyDeleteපුතා තරහවෙයිද දන්නේ නෑ, එයාට කවියක් නෑ කියලා...
ඒ වගේම තමයි කකුලේ ඇඟිලි සහ යටිපතුල අතර තැනට තිබ්බමත් තදින් අල්ලා ගන්නවා. දරුවන්ගේ ආරදය මේ තරම් දැනෙන්නේ ඒවා නිරායාසයෙන් සිදුවෙන ජෙනුයින් ඒවා නිසා.
Deleteඑහෙම නිරායාසයෙන් අල්ලා ගන්නේ ඒ පුංචි උන් මේ බියකරු නපුරු ලෝකයෙන් අපිව ආරක්ෂා කරන්න කියන පුළුවන් රැකවරණයක් කියන සිතුවිල්ලෙන් වෙන්නත් ඇති.
Deleteමම හිතන්නේ ඒක හැම බබෙක්ම උපතින් අරන් එන ගතියක්... මෙයාලා ඉපදුන ගමන් හිටියේ ඉන්කියුබේටර්ස් වල ... ඒකේ අත ඇතුළුට දාන්න තියෙන පුංචි විවරෙන් මම ඇඟිල්ල දුන්නාම ඒ වෙලාවෙත් මෙහෙම අල්ලා ගත්තා...
Deleteපුතාටත් ලියන්න වේවි තමයි... මෙයාලාට වෙන ඩිස්ක්‍රිමිනේෂන්ස් නවත්වන්න වයිෆ්නම් ව්‍යව්ස්ථා සංසෝධන ටිකක් ගෙනල්ලා තියෙනවා... මගේ අතින් පිළිපැදෙනවා අඩුයි... :)
දන්නවද ඔය අත නෑර ඉන්නේ දුවලා වැඩිපුර ආදරේ තාත්තලට නිසා.. :)
ReplyDeleteපින්තූරේ වටිනාකම දෙගුණ තෙගුණ කරපු ලස්සන පද පේලි ටිකක්.
ස්තූතියි තුශානි... මමත් අහලා තියෙනවා කතාවක් දුවලාගේ පළමු ආදරවන්තයාත් පුතාලාගේ පළමු වීරයාත් තාත්තාය කියලා...
Deleteඅත අතනෑර රාහුබද්ධගේ නවකතාවක් ඒක හරි.. උඹ හරිම සතුටෙන් ඉතිං මටත් සතුටුයි. ඔය තරහකාරිය කෝම හරි උඹ කැමති කරගත්ත කතාව මං කියවපු ලස්සනම ආදර කතාවක්..
ReplyDeleteගොඩක් ස්තූතියි මචෝ... වෙනකෙනෙක්ගේ වැරදීමක් දැකලා තමන් පාඩමක් ඉගෙන ගන්න එකත්, වෙන කෙනෙක්ගේ සතුටක් දැකලා තමන් සතුටු වෙන එකත් නිතර පිහිටන්නේ නැති ගුණාංගල කියලා කොහේදෝ කියෙව්වා...
Deleteඒ මොකද්ද ඒ ආදර කතාව?
Deleteමම කලින් දාපු කමෙන්ට් එක පබ්ලිෂ් වෙලා නෑ. මටත් මේක කියවද්දී මතකෙට ආවේ අර උඩින්ම කියල තියන සිංදුව තමා. ඒ වගේම, කොහෙන්දෝ පැත්තකින්, පිය සෙනෙහසට කව් ගී ලියවුනා මදී කියන ඒකත් මතක් උනා.
ReplyDeleteස්තූතියි අඟහරුවා... මොන හේතුවක්ද මන්දා "පුදුමයි පුතුනි කිම මගේ ලේ කිරි නොවුනේ" කියන කෑල්ල ඇරෙන්න මට ඒ සිංදුව එච්චර වදින්නේ නෑ... ඊට වඩා "තාත්තා වුනත් මා බත සරිකරන" සිංදුවේ මට බරක් දැනෙනවා...
Deleteහම් මටත් එහෙමයි
Deleteහම් මටත් එහෙමයි
Deleteහම් මටත් එහෙමයි
Deleteපින්තූරෙට ගැලපෙන්න ලස්සනට ලියවෙලා තියෙනව.
ReplyDeleteස්තූතියි ප්‍රසන්න...
Deleteහරිම ලස්සනයි පින්තුරයත්.. කවියත් හිත නිවුණා..
ReplyDeleteස්තූතියි තරුරසී...
Deleteහරි හැගීම් බර කව් සැට් එකක්
ReplyDeleteඑලමැයි චතු රංග...
DeleteSuper! We want this kind of moments to last forever. Well, at least I wanted. I still expect my kids to cling to me, sleep on my shoulder, hug me like they used to... I forget every so often that they have outgrown that, though I,on the other hand, haven't. So I miss this kind of moments you are basking yourself now. So enjoy them my friend, while they last. Love you guys.
ReplyDeleteSorry for commenting in English for a Sinhala post. This would make me write uninterrupted.
correction: ...basking yourself in now...
Deleteගොඩක් ස්තූතියි මචෝ... උඹ මෙහෙම කියද්දී මට මතක් වුනේ වයිෆ් මූණුපොතේ ෂෙයාර් කරලා තිවුන මේ සටහන...
DeleteI won’t always cry, Mummy,
When you leave the room,
And my supermarket tantrums,
Will end too soon.
I won’t always wake Daddy
For cuddles through the night
And one day you will miss
Having a chocolate face to wipe.
You won’t always wake to find my foot
Is kicking you out of bed
Or find me sideways on your pillow
Where you want to lay your head
You won’t always have to carry me
In asleep from the car,
Or piggy back me down the road,
When my little legs can’t walk that far.
So cherish every cuddle,
remember them all
One day Mummy
I won’t be this small
~ Stephanie Turner
This is awesome. Showed it to my wife, too.
Deleteඅපි මේක නිතරම කතාවෙනවා.... ඒත් මේ විදිහට කියවන්ද්දි මොකද්දෝ සාංකාවක් වගේ එකක් දැනෙනවා... කොල්ලට දැන් 6යි.. දැනටමත් ඌ කඩ්ල් කරනවට වැඩිය කැමති නෑ, කෙල්ලට 2යි, ඒකි උම්ම එකක් දෙන්නේ බේතට වගේ...
Delete
Deleteජීවත් වෙන රට අනුවත් මේවා පොඩ්ඩක් වෙනස් වෙනවා ඇති නේද..? සමහරවිට ඕස්ට්‍රේලියාවේ හැදෙන දරුවෝ ලංකාවේ හැදෙන අය තරම් කඩ්ල් කරනවාට කැමති නැතුවා වෙන්නැති..?
අනිත් එක ලංකාවේදී අපි අයියේ, මල්ලියේ කිව්වාට ඔහේ හැදෙන සහෝදර සහෝදරියෝ ගොඩක් වෙලාවට නම කියලා නේද කතා කරන්නේ... එක දවසක් මම ඔස්ට්‍රේලියාවේ හැදෙන දරුවෙක් ඉන්න ගෙදරකට ගියා... ඒ දරුවා තමයි දොර ඇරියේ.. මට ඇතුලට ආරාදනා කලාට පස්සේ කෑගැහුවා තාත්තේ මෙන්න බීට්ල් ඇවිල්ලා කියලා... මගේ යාළුවා ඇවිල්ලා අවවාද කලා එහෙම නම කියන්න එපා කියලා... ඒ දරුවා ඇහුවා එහෙනම් මොකද්ද කියන්නේ කියලා... යාළුවා කිව්වා එක්කො මිස්ටර් බීට්ල් කියන්න නැතිනම් බීට්ල් අන්කල් කියන්න කියලා... "හි හි හි බීට්ල් අංකල්..." කිය කියා හිනාවෙවී ඒ දරුවා ගෙට දිව්වා.. මට හිතෙන්නේ මගේ තරුණ පෙනුමට අන්කල් කියන්න හිත දෙන්නේ නෑ... මදාවි පෙනුමට මිස්ටර් කියන්න හිත දෙන්නේ නෑ... :D
පත්තර මල්ලි මතක් වුනා..
ReplyDeleteදෝනි ඔබට ඡය ශ්‍රි මහා බෝ සමිදු පිහිටයි..
ගොඩක් ස්තූතියි මෙන්ඩා... පත්තර මල්ලී කාගෙත් හිතවතා...
Deleteහ්ම්ම් . මටත් මේ සිඟිති ඇඟිලිවල මතකෙන් කවදාවත් ගැළවෙන්න බෑ
ReplyDeleteහැමෝගෙම ජීවිත පොතේ එක පරිච්ඡෙදයක්...වෙනස ලියවුනේ කවදාද කියන එක විතරයි...
Deleteහරිම දයාබරයි... ඔය විස්තරේ මටත් අදාළයි...
ReplyDeleteගොඩක් ස්තූතියි සජ්ජා.. ඔව් මේක විශ්වය තියෙනකල් හැම තාත්තා කෙනෙක්ම අත්විදීවී...
Deleteමහන්සියක් දැනුන වෙලාවක අහම්බෙන් ඇවිත් කියවපු අකුරු ඇමනුම හදවත නිවා සුවපත් කලා එක ඇසිල්ලක, පින්තුරයත් ඊටම නොදෙවැනි. හරිම අපුරුයි. දෙදෙනාටම ජය.
ReplyDeleteගොඩක් ස්තූතියි සොමියා...
Deleteමම කරපු මුල්ම දේ තමයි මේක මගේ කෙළීට පෙන්වපු එක. එයා මාව තදින් වැළඳ ගත්තා. මේවා සංසාරගත බැඳීම් තමයි. වෙලාවකට හිතෙනවා ලෝකයේ ශක්තිමත්ම බැඳීම පියා-දියණිය අතර තියෙන සම්න්බන්ධය කියලා.
ReplyDeleteගොඩක් ස්තූතියි සුදීක.. මේ කමෙන්ට් එක පෝස්ට් එකට ආභරණයක්...
Deleteලස්සනයි.........
ReplyDeleteස්තූතියි ආර්යන්...
Deleteකියන්න දේ ගොඩයි බන්
ReplyDeleteඋඹ මම ගැන ගොඩක් දන්න කෙනෙක් හැටියට උඹට කියන්න ගොඩක් දේ තියෙන්නම ඕනේ...
Deleteලස්සන පින්තුරෙක්ට ලොකු වටිනාකමක් ගෙනාපු පද පේළි කිහිපයක්.බිට්ල්ගේ සියලු පැතුම් දුව ඉටු කරනු නිසැකයි.
ReplyDeleteගොඩක් ස්තූතියි මනෝජ්..මගේ සිතුම් පැතුම් කෙසේ වෙතත් එයාගෙ සිතුම් පැතුම් ඉටුකරන්නයි මගේ පැතුම... ඇත්තටම ඔය කවියේ අන්තිම කොටසේ තියෙන සිතුම් පැතුම් කෑල්ලේ නිධාන කතාවක් තියෙනවා... ඔය ෆොටෝ එක මම මොබයිල් එකෙන් අරගෙන එයා අතේ ඉද්දිම ඉන්ස්ටග්‍රෑම් එකට දැම්මා පුංචි ටෙක්ස්ට් එකක් එක්ක... "Hold it tight baby, I'll take you there. Someday, Somehow, Somewhere..." කියලා... ඒක තමයි මම පස්සේ කවියක් කරලා ඔය බ්ලොග් එකටත් දැම්මේ...
Deleteහරි උණුහුමක් දැනුනා...
ReplyDeleteබොහොම අගෙයි.
ජයවේවා..!!
ගොඩක් ස්තූතියි ගස් ලබ්බ...
Deleteදෝණි...,ඔයා පය තියන්න හදන ලෝකය හරි දරුණුයි පැටියෝ...තාත්තිගෙ අත අතාරින්න එපා. ඒ තමයි ඔයා ආරක්ෂා කරන්න පුළුවන් එකම කෙනා.
ReplyDeleteදෝණි...,ඔයා පය තියන්න හදන ලෝකය හරි දරුණුයි පැටියෝ...තාත්තිගෙ අත අතාරින්න එපා. ඒ තමයි ඔයා ආරක්ෂා කරන්න පුළුවන් එකම කෙනා.
ReplyDeleteසුභපැතුම් බං, උඹටයි දෝණි පැටියටයි...
ReplyDeleteලස්සනයි බිට්ල්..
ReplyDeleteදියණියක් නැති නිවස හරියට දෙව්රුවක් නැති දෙවොල වාගෙයි කියා කවියක් දුුටවා කොහෙ හරි.. දෝණිට සුබ පැතුම් හරවත් සුන්දර ජීවිතේකට..
ReplyDeleteදෝණියෙකුට තාත්තෙක් කියන්නේ මහමෙරක් වගේ නොසැලෙන ශක්තිමත් දැතක් දෝණිව හැමෝගෙන්ම ආරක්ෂා කරන,වෙලාවකට දෝනිගෙන් පවා දෝණිව ආරක්ෂා කරනවා තාත්තෙක්. මගේ තාත්තා ජීවිත ගමනින් සමු අරන් අවු 11 ක් උනත් තාමත් තාත්තගේ උනුසුම, කටහඬ , ඒ ශක්තිමත් දැත් , දුන්නු අවවාද , රැකවරණය ලඟම තියනවා.. කිසිම දුවෙක්ගේ හිතේ තත්තෙගේ තැන ගන්න මං හිතන්නේ ජිවිතේ වෙන කාටවත් බැහැ. කවි ලියන්න පුලුවන් තාත්තෙක් ලබන්න මේ චුටි දෝණි වාසනාවන්තයි ගොඩක් :)
ReplyDelete