Monday, March 31, 2014

88.Drinking Alone



විතක් පිරුණු සුරාවයි…
ඝනදුරු හුදකලාවයි…
නුඹ කටහඩ තවම රැඳුනු…
යාරා ගඟ ගලා යයි…

නුඹ නැතිවුන සොව අසමින්…
ඉඳහිට මගෙ හිත හදමින්…
අද එළිවෙනතුරු බොන්නේ…
සඳයි මමයි හෙවනැල්ලයි…

සඳ ටිකිලා බොන්නෙ නැතිලු…
හෙවනැල්ලට මූඩ් නැතිලු…
යාරා ගඟ කිඳුරියකට…
ආයේ නොබොන බව කීවලු…

අඩුවක් නැති සුසුම් වලට…
වැඩියක් නෑ බෝතලයක්…
නුඹ ගියදා කුමට තවත්…
“වැඩිය නොබොන” පොරොන්දුවත්…

ගඟ සපයයි සංගීතය…
සඳ ගයනා දුක් ගීයට…
ලෝකය නම් රඟ මඬළක…
බමන මතින් නටමි මමත්…
මම නටනා තාලයටම…
හෙවනැල්ලේ නටන් උඹත්…


Inspired by : Drinking Alone under the Moon - Li Bai  | Picture : Cityscape Painting – Yarra Night Life

ප.ලි. : කාලෙකට කලින් මම ලියාපු නිසඳැසකුත් මෙතනට ලින්ක් කරන්න හිතුණා... ඒ මම මේකට කොන්දේසි විරහිතව ආදරේ කරන නිසා...
මියගිය පෙම්යුවල | The dead lovers

34 comments :

  1. ලි‍යත්
    කවිත්
    සුරා මතින්

    ReplyDelete
    Replies
    1. සෙන්ටිමීටර කීපයකින්ද? :D

      Delete
  2. 'යාරා ගඟ ගලාබසී....'

    ඉතින් ඕකට බොන්ටත් ඕනිද? :D

    ReplyDelete
    Replies
    1. මේකටවත් නොබී කොහොමද...? :D

      Delete
  3. ආහ්.... බ්ලොගය අලුත් වෙලා...

    ටිකිලා බෝතලයක්ම ගැහුවා නං ඉතිං, හෙවනැල්ල බදාගෙන බුදියන්න ඇති යරා ගඟ අයිනේ...

    (මට ඇහිලා තියෙන්නේ මෙහෙ අය ඕකට කියන්නේ 'යැරා', හරි 'යරා' හරි කියලා)

    //හෙවනැල්ලට මූඩ් නැතිලු…//
    හෙවනැල්ලයි උඹයි සැට් වෙලා බිව්ව බව කිව්වා නම් තවත් ලස්සනයි කියලා හිතුණා..

    ReplyDelete
    Replies
    1. අපි කියන්නේ 'යරා'. 'යාරා' කියලා ලීවාම මාර රොමැන්ටික් ගතියක් තියෙනවා නේ...:)

      තිසර කියනකල් බ්ලොගේ අලුත් වෙලා කියලා පෙනුනෙත් නෑ. දැන් නම් පේන්නේ බීට්ල් වෙන ග්‍රහ ලෝකෙක ඉඳන් ලියන කෙනෙක් වගේ. :D

      Delete




    2. //හෙවනැල්ලයි උඹයි සැට් වෙලා බිව්ව බව කිව්වා නම් තවත් ලස්සනයි කියලා හිතුණා..//

      උඹේ කමෙන්ට් එක දැක්කම පරණ සිද්ධියක් මතක් වුනා... එක පාරක් මම ටවුන් එකට යන්න බස් එකෙක් එනකල් ඉන්නවා පාරේ... අපේ ගම පැත්තේ ඉඳන් මනුස්සයෙක් ආවා පුෂ් බයිසිකලේක... "අයියේ කොහෙද යන්නේ...?" කියලා ඇහුවම "මම මේ හන්දියට යනවා මල්ලී..." කියලා පොර උත්තර දීගෙනම බයිසිකලේ හැරෙව්වේ හන්දිය පැත්තට නෙමේ අනිත් පැත්තට... පස්සේ බැලින්නම් පොරගේ බයිසිකලේ හැඬල් එක හිරවෙලා මොකද්ද අවුලක්... තමන්ට ඕනේ පැත්තට නෙමේ හැඬල් එකට ඕනේ පැත්තට තමයි යන්න වෙලා තියෙන්නේ... :D

      මේ කවියත් ඒ වගේ... ලියන්න හිතාගෙන හිටපු පෝස්ට් එකක් නෙමෙයි මේක... ඒත් මම සබ්ස්ක්‍රයිබ් වෙලා ඉන්න මොකක් හරි වෙබ්සයිට් එකකින් හැමදාම උදේට කවියක් ඊමේල් කරනවා... ඔය මම යටින් ලින්ක් කරලා තියෙන කවිය තමයි එහෙම ඊයේ ආවේ... ඒ කවියේ තියෙන්නේ සඳත්, හෙවනැල්ලත් එක්ක බොන්න සෙට්වෙන මිනිහෙක් ගැන... ඒක කිවද්දී මට හිතුණා හරි ජාති අදහසක්නේ මමත් මේවිදියට කවියක් ලියනවා කියලා... ඒ කවියේ සඳත් හෙවනැල්ලත් බොන්නේ නෑ... මමත් ඒ විදියටම මගේ කවිය ලිව්වා.. :) උඹ කියන විදිය තමයි ලස්සන... හැබැයි ඒ ඔරිජිනල් කවියේ මෙහෙම කාන්තාවක් දාලා ගිය නිසා බොන සරල තේරුමක් නෙමේ තියෙන්නේ... මට වැටහුණ විදියට ඊට වඩා ගැඹුරු ලෝකාස්වාදනීය අරුතක් ... ඒකයි මේක අනුවර්තනයක් කියලා දාන්නත් මම බය වුනේ...

      @තිසර & පොඩ්ඩි

      මේ යරා ගඟක් මේකට රිංගපු හැටි මටත් තේරෙන්නේ නෑ... :) මනසින් මිසක් කවදාවත් ඇත්තට දැකලා තියෙන ගඟක් නෙමෙයි ඕක... (කවදාහරි අර ගල් පාලම උඩට වෙලා ගඟ දිහා බලාගෙන ඉන්න නම් ආසාවක් ඇවිල්ලා තියෙනවා...) සමහරවිට රෑ හඳපානේ පෙම්වතියක් එක්ක ගඟක ඔරු පදින්න යටි හිතේ තිබුණ ආශාවක් වෙන්න ඇති... :D

      Delete
    3. තිසරගේ කමෙන්ට් එක අලුත් අලුත් මාන ඔස්සේ හිතන්න පොලබවනවා..

      Delete
  4. පෝස්ට් එකකට අදහස් නැත්තං සොට් එකක් දැම්මම.. කවියෙන් ලියවෙන්නෙ ;)

    ReplyDelete
    Replies
    1. ඔය කකාත් කියලා තියෙන්නේ :)

      Delete
  5. //ගඟ සපයයි සංගීතය…
    සඳ ගයනා දුක් ගීයට…//

    මං කැමතිම.. ටිකිලි ටිකිලි ටික්ලා

    ReplyDelete
    Replies
    1. ටිකිලා මොන රසද බන්? මම බීලා නෑ... :)

      මම පුදුම විදියට ආසා කරන සිංදුවක් තියේ You and Tequila make me crazy කියලා... ඒක මතක් වෙලා මම එහෙම දැම්මේ...

      Delete
    2. ඇයි බං ඊගල්ස්ලගේ Tequila Sunrise?

      ඒක නෙවෙයි. මොකක්ද බං මේ බැක්ග්‍රවුන්ඩ් එකේ තියෙන බාසාව? Alien Language?

      Delete
    3. ඔව් ඒ ලියන් තමා... :)

      Delete
  6. බීලම තමා.. මොකක්ද බන් මේ බ්ලොග් එකට කරපු අපරාදේ.. අර තිබුන එක කොච්චර ලස්සනද ? කොච්චර අනන්‍යද ? දැන්නම් මගෙ එක වගේම මෝඩ පාටයි... ළඟදිම බොටත් දොඩම් ඇට තුනක් හම්බෙයි...

    ReplyDelete
    Replies
    1. තනියෙන් මොන එක නේද? ඔව්, ඒකෙ හොඳ පැත්තකුත් තියෙනවා. ඒකේ complications අඩුයි. බීලා කියෝන එවුනට නම්, අනේ මන්දා.

      Delete
    2. ඒක හෙන කාලෙක ඉඳන් තියෙනවානේ... ඒක එපා වෙලා මම "කලාභූෂන රාජකීය නිල බ්ලොග් ටෙම්පෙලෙට් කැටයම්කරු" ‍‍‍‍‍xxx ශූරීන් ගෙන් මටත් ටෙම්ප්ලේට් එකක් ඉල්ලුවා... ඒත් ඌට තියෙන වැඩ රාජකාරි එක්ක ඒක කවදා ලැබෙයිද දන්නේ නැති හින්දා මේක තාවකාලිකව මමම හදාගත්තා...

      Delete
    3. @Dude
      බීලා කියවන්න බැරිනං ජෝගි නටන්න හරි හෙවනැල්ල ඉන්නේ... :)

      Delete
    4. සමහර දේවල් තියනවා කවදාවත් පරණ නොවන....

      උඹට පිස්සුද හැදිලද ඈ xxx ටෙම්ප්ලේට් එකක් දාන්න හැදුවේ.. හෙහ් හෙහ් හේ......:D

      Delete
    5. ඒකක් දැම්මානං බ්ලොග් එක නැගලම යයි... :)

      Delete
  7. ජොලි මුඩ් විරහ කවි

    පලි

    ටිකිලා අමුවෙන්ම බොනවද . මාගරිටා හදන්න ගන්නේ ටිකිලා නේද .

    ReplyDelete
    Replies
    1. ටිකිලා අමුවෙන් තමා රහ.. අල්ලෙ තියාගෙන ඉන්න ලුණු ටික කටේ දාගෙන එක පාරින් ගුඩුස් ගාලා වීදුරුව උගුරට හලාගෙන ඊට පස්සෙ දෙහි කෑල්ල කන්ට ඕන.. ඒමයි සම්ප්‍රදාය.. ;-)

      Delete
    2. ඉස්සර ලුණු වෙනුවට දාඩිය ලුනේ ලෙව කෑවේ

      Delete
    3. මාත් දැකලා තියෙන්නේ බුරා කියන විදිය තමයි.. හොඳටම වැදුනට පස්සෙ නම් ඉතින් දෙහිත් නැතුව බෝතලේ කටේ තියන් බොනවානේ... අර මම උඩ ලින්ක් කරලා තියෙන මියුසික් වීඩියෝවෙත් එහෙම බොනවා...

      Delete
  8. නුඹ ගියදා කුමට තවත්…
    “වැඩිය නොබොන” පොරොන්දුවත්…///
    සහතික ඇත්ත ...

    ReplyDelete
  9. How it is Made මගේ කැමතිම වැඩසටනක්. මේ පහලින් තියෙනවා ටිකිලා හදන විදිය

    ටිකිලා

    Red Red Wine සිංදුවත් හරිම ලස්සනයි. අදයි දන්නේ බීට්ල් කවිත් ලියනවා කියල.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ලින්ක් එකට සුදීක...
      කවිද මන්දා ඒත් ලියනවා... :) මොකක් හරි ඔලුවේ දඟලද්දී එලියට දාන්න මේක ලේසිම ක්‍රමයක්නේ...

      Delete
  10. ගියාට පස්සේ ඉතින් අර කියන්නත් වගේ මොන පොරොන්දුද.. ඔන්න ඔහේ සෙට් වෙලා බොමු..

    ReplyDelete
    Replies
    1. :D එහෙනං සෙට් වෙමු

      Delete
  11. අන්තිමට බෝතලේම තනියම ගැහුවා එහෙනම්... ඒකට මොන තරම් නිදහසට කරුණු කාරනා කියල තියෙනවද මං අහන්නෙ... :D

    ReplyDelete
    Replies
    1. බලාගෙන යද්දී නිදහසට කරුණු කාරනා නේන්නම් කියලා තියෙන්නේ :D

      Delete
  12. දැන් යාරා ගඟට කවි ලියනවා වගෙයි බීට්ල්... ඔහොම යන්! :)

    ReplyDelete
    Replies
    1. හැම ගඟකටම කවියක් තියෙනවාලුනේ...යාරා ගඟට විතරක් නැතුව යයිද... :)

      Delete

Web Statistics