Sunday, July 14, 2013

80. මහ මෙරකට උසයි දරුපෙම හද පතුලේ…

මිනිස්සු හැමෝටම හිතන්න පුළුවන්… ඒත් හිතන්න පුළුවන් මිනිස්සු ඉන්නේ හරි ටිකයි… ඒ හිතන්න පුළුවන් ටික දෙනාට පහලින් තියෙන වීඩියෝව පිස්සුවක් වගේ පෙනුනත්, මේ ඉන්නේ සමහරවිට තමන්ගේ දරුවන්ට පිස්සුවෙන් වගේ ආදරය කරන දෙමව්පියෝ වෙන්න ඇති…

විශ්වාසය රජකරන සමහර තැන්වල බුද්ධිය මැරිලා… ඒත් ආදරය පැටව් ගහනවා… ඉහලට ගත්ත හුස්ම පහලට නොගෙන තමන්ගේ ජීවිතේ ගෙවෙන ජීවිතේ අසීරුම තත්පර කීපය මේ දෙමව්පියෝ මෙතන ගෙවනවා ඇති කියලා මට හිතෙනවා… අන්තිමට බලද්දී ලෝකේ හැම දෙමව්පියෙක්ම හැමදෙයක්ම කරන්නේ තමන්ගේ දරුවෝ වෙනුවෙන් තමයි… සමහරවිට තමන්ගේ දරුවන්ගේ යහපත වෙනුවෙන් ලෝකේ තියෙන අන්තිම මෝඩකම කරන්න උනත් දෙමව්පියෝ දෙපාරක් හිතන්නේ නෑ… :)

අවුරුදු පන්සියයක්දෝ කොහෙදෝ කාලයක පටන් ඉන්දියාවේ ප්‍රාදේශීය මුස්ලිම් කල්ට් එකක පැවතගෙන එන කියනවයි කියන මේ චාරිත්‍රය ඉටුකරලා ඒගොල්ලෝ විශ්වාසකරන්නේ එයින් දරුවට නිරෝගීකමත්, නිර්භීතබවත් වාසනාවත් උදාවෙනවා කියලාලු… වාසනාවනම් යම්තාක්දුරට ඒ දරුවන්ට තියෙන බව වීඩියෝවෙන්ම පැහැදිලියි…

මේ හිනාවෙලා බ්‍රවුසරේ ක්ලෝස් කරන සැනින් අමතක කරන්න පුළුවන් මිනිස්සුන්ගේ මෝඩකම් ගැන සාක්කියක් විතරද..? එහෙම නැතිනම් දෙමව්පිය සෙනෙහස ගැන වචනයෙන් තේරුම්කරලා දෙන්න බැරි ලොකු කතාවක්ද…? මම තාමත් හිතනවා…

 

27 comments :

  1. මම වීඩියෝ එක බැලුවේ නෑ. ඒත් බීටලේගේ හැදින්වීම එක්ක මේක කියන්න හිතුනේ.
    අපි ආදරය කරන මිනිස්සු ( දෙමාපියන් නම් ළමයි) කරදරයක් වුනාම ඒ දෙයින් පිට වෙන්න බුද්ධිය එක්ක විතරක් ඩීල් කරන්නේ නෑ. ඕනෙම විශ්වාස කරන බලවේගයක් පස්සේ වුනත් යයි. ඒක මහා අසාමාන්‍යයයි කියලා පෙනුනට ඒක ඒ තරමට අසාධාරන හෝ පුදුම විය යුතු දෙයක් නොවේ. මේ කියන මම වුනත් ඒ වගේ ඒවට හිනා වෙලා තියෙනවා. ඒත් පසුගිය දවස් වල ඉඳන් මම ඉන්න තැනත් එතනමයි. නොදකින බලවේගයක් පස්සෙන් ගිහින් හරි ඒක නොවෙයි කියලා සතයකට විස්වාස නැතත් අපි අපි ආදරය කරන මිනිස්සු සතිටින් ඉන්නවා දකින්න ආසයි.

    ReplyDelete
    Replies
    1. ගොඩක් වෙලා කල්පනා කරද් දී මටත් හිතුනේ මෙහෙම තමයි රං ගි ...

      Delete
  2. අපොයි... මට බලන්න බැහැ .... ඒ නිසා මුකුත් කියන්නත් බැහැ

    ReplyDelete
    Replies
    1. කාටවත් තුවාල වුනේ නැ...

      Delete
  3. කොච්චර උසකින්ද වට්ටන්නෙ.. මං බයේ හිටියෙ එක ලමයෙක් හරි වැරදි තැනකට වැටෙයි කියලා...හොද වෙලාවට වැටුන්නැහැ..

    ReplyDelete
    Replies
    1. අ ඩි පාලොහක් විතරලු...

      Delete
  4. වෙලාවට හරි තැනට වැටෙනවා !!!

    ReplyDelete
    Replies
    1. අතාරින මිනිහාගේ ස්කිල් එක තමයි ...

      Delete
  5. මටනම් එතන ඇති සෙනෙහසක් පේන්නෙ නෑ බන්... මෝඩකම විතරමයි ! හුණු වටයේ කතාවෙදිත් ඇත්තටම ආදරේ අම්මා ළමයව අතාරිනවා ළමයට අනතුරක් වෙයි කියලා. ඕකුන් ළමයින්ට ඇත්තටම ආදරේනම් ඔය ගොන් වැඩෙන් නපුරක් වෙයි කියලා හිතන්න ඕනා.

    ReplyDelete
    Replies
    1. මටත් මේ ටිකම තමයි හිතුනේ...

      Delete
    2. ඔව් එක පාරම මටත් හිතුනේ මෙහෙම තමයි... ගොන් වැඩ කියලා හිතෙන්නේ අපි ඒ ආගම විශ්වාස කරන්නේ නැති හින්දා වෙන්න බැරිද ... උදාහරණයක් විදියට අපි දරුවෙක් නිවන් යවන්න කියලා සාසනේට බාරදෙද්දී මේ කෙනෙක්ටම අහන්න පුළුවන් මොන ගොන් වැඩක්ද අපේ ළමයා දු ක් විදින්නේ තප්පර ගානයි ඔයාලගේ ළමයා මුළු ළමා කාලෙම දුක්විදිනවනේ කියලා ... අන්තිමට දෙගොල්ලොම බලන්නේ ළමයාගේ යහපත වෙන්න ඇති ... :)

      Delete
    3. ආගමක් ගැන නෙමේ බන් මට හිතුනෙ, උන් ගන්න ඒ අවධානම ගැන. පොඩ්ඩක් එහෙට මෙහෙට වෙලා බිමට වැටුනොත්, එහෙම නැත්නම් වැටෙනකොට බෙල්ල රුවිතෙට ගිහින් මොනවා හරි වුනා.. ඒතකොට ආදරේ දෝරෙ ගලයි නේද ? ඒක මෝඩ වැඩක් කියලා මම කිව්වෙ ඒ පදනමින්.

      Delete
    4. ඔව් උඹ හරි... මේ පෝස්ට් එකෙන් මට කියාගන්න ඕනේ දේ කියවුනේ නැද්ද කොහෙද... එක්කෝ ඒක මටම පැහැදිලි නෑ... අවුලක් නෑ...

      Delete
  6. අර රයිගම ගේ බ්ලොගේ දී කියෙව්වා වගේ අම්මයි, තාත්තයි විතරක් හෙල්මට් දාලා ළමයි තුන් දෙනාව අනාරක්‍ෂීතව මැදින් තියාගෙන මොටර් සයිකලේ යැම කෙයා වගේ වැඩක්ද?

    මෙතන නම් සේෆ්ටි නෙට් එකක්වත් තියෙනවා!

    ReplyDelete
    Replies
    1. අර රයිගම ගේ බ්ලොගේ දී කියෙව්වා වගේ අම්මයි, තාත්තයි විතරක් හෙල්මට් දාලා ළමයි තුන් දෙනාව අනාරක්‍ෂීතව මැදින් තියාගෙන මොටර් සයිකලේ යැම කොයි වගේ වැඩක්ද?

      මෙතන නම් සේෆ්ටි නෙට් එකක්වත් තියෙනවා!

      Delete
    2. ඒ හෙල්මට් දාන්නේ ආරක්ෂාවට නෙමේ පොලිසියෙන් බේරෙන්න නේ

      Delete
  7. වැරදිලාවත් අම්මා කෙනෙකේ නෑ නේද පැත්ත පළාතක?

    ReplyDelete
  8. අනේ... මම අදමනේ මේ පැත්තෙ ආවෙ . පොස්ට් කීපයක්ම කියෙව්වා. ආසාවෙන් කියවන්න හිතෙනවා. දැනට කියවපු හොඳම පොස්ට් එක තමයි " දාර්ශනික.." පොඩි එකා octopus කන්න බෑ කිව්ව එක. ඇනෝ හැටියට කොමෙන්ටු දාන්නෙ profile 1ක් නැති නිසා. හදාගන්නෙ කොහොමද කියල දන්නේ නෑ . ඔබට ජය පතමි .

    ReplyDelete
  9. මොන මි හරක් ද මෙ.අර පෑට්ටෙකුගෙ ඔලුව පහලට හෑරුනොත් එහෙම

    ReplyDelete
  10. මටත් හිතුනේ ළමයෙක්ගේ ඔලුවක් පහලට හැරුනොත් එහෙම කියලා...

    ReplyDelete
  11. අම්මෝ ටිකයි බැලුවේ .ළමයෙක් වැටෙන ගානේ මගේ හදවත නවතිනවා වගේ දැනුන . විසිඑක්වැනි සියවසේත් මෙහෙම දේවල් වෙනවනේ ඉතින් . සමහර විට ඔය චාරිත්‍රය නොකලොත් ළමයට හොඳ නැහැ කියල විශ්වාසයක් ඇති .බිටල් කියන්න හදන්නේ ඒ ආදරේ ගැන වෙන්න ඇති .

    හරියට එච්චර විශ්වාසයක් නැත්ත අපි කිරිභාර දෙනවා වගේ . හැබැයි ඉතින් මොන එකක් වුනත් ළමයාට ශාරීරික හානි වෙන්න ඉඩ ඇති විශ්වාසයක් නම් මන් නම් අනුමත කරන්නේ නැහැ

    ReplyDelete
  12. මාතෘකාව ටිකක් විතර නොමග යවන සුළුද මන්දා..
    මොලයට වඩා හිතෙන් මෙහෙයවුනාම මේ වගේ දේවල්වලට ඇති විශ්වාස වැඩි වෙනවා...
    ඒත් මොලයෙන් හිතන එකද වැදගත් හදවතින් හිතන එකද වැදගත් කියලා කියන්න කාටවත් බෑනෙ..

    ReplyDelete
  13. වීඩියෝ එක බලලා විනාඩි තුනක් විතර ඇති . .

    යකෝ මගේත් පපුව තාම ගැහෙනවා . . .

    මේ ගොන් දෙමාපියෝ මොන හිතකින් මේ වැඩේ කරනවද දන්නේ නෑ . . .

    දරුසෙනෙහස මහමෙරක් තරම් උස උනාට වැඩක් නෑ බීට්ල් . . .

    දරුවට හොඳ හරි දේ මොකද්ද කියලා තේරුම් ගන්න බුද්ධියක් නැති නම් . . .

    ReplyDelete
  14. This comment has been removed by the author.

    ReplyDelete

Web Statistics