ආධුනික කෙටි කතා පොත

කාර්යාලයේ වෙහෙස නිවාගන්නේ

About Me

My Photo
හැඩයක් නැති හදවතක, ඉපිද මැරෙන සිතිවිලි ගොන්නකින්, අතට අහුවෙන අකුරු අහුරක්, ලොවටම පෙනෙන සේ මෙසේ සඟවමි...

ඇවිත් ගියෝ

Followers

මගේ ප්‍රියතම බ්ලොග්

  • බිස්මාර්ක් හි ස්ලීප් ඉන් - නිදාගන්න නවතින්න හොඳම තැන “ස්ලීප් ඉන්” නිසා අපි බිස්මාර්ක් හි නිදාගන්න නැවතුනේ එතැන. හෝටලයේ ඇතුලත පින්තූර මෙහෙම. ටොස්ට් කරපු ගෙම්බා අවන්හලෙන් දෙන්නෙකුට රාත...
    25 minutes ago
  • මා පන්සිල් ගත් අන්තිම දා - No broken promises anymore! - අද වෙසක් පෝ දින වෙනුවෙන් මා මින් වසර තුනකට පමණ පෙර ලියන ලද ලිපියක සංස්කරණය කරන ලද කොටසක් පල කෙරේ. බසින් පාලි අපි පන්සිල් පද කියමු සිතින් එහි අරුත කිසිවිට ...
    3 hours ago
  • මගේ උපන් දිනය / My Birthday - මගේ උපන් දිනය හීන් හිරිපොද වැස්සේ චුරු චුරුව කසාඳ බැන්ද ගැහැණියකගේ චුරු චුරුවෙන් වෙනසක් නැතිවා මෙනි. නවතින හැඩක් හෝ වැඩි වන හැඩක් නැත.ඒ කිසිත් ගනන් නොගත්...
    2 days ago
  • දීර්ඝතම සටන් විරාමය අත්සන් තැබේ - 5වන කොටස - මැක් ආතර් ඉවත් කළත් කොරියානු යුද බිමේ කෲරත්වය අඩුවීමක් දෙපසින්ම සිදුවූයේ නැත. චීන ප්‍රහාර වලදී පළමු අවස්ථාවේ දැඩි ධෛර්යයකින් සටන් කර ජයගත්තත් ක්‍රමයෙන් එම ධෛ...
    2 days ago
  • පුතාගේ ලියුම . . .! - තාත්තා සූදු කෙලවයි.. කුඩු විකුනන උන්ට හෙල්ප් කරනවා මදිවට තිතට මත්වෙන්න බොයි. පවුලේ දිනුයුවට කියා ආච්චිලා නැන්දලා මාමලා දෙනදේ පමනක් නොව තාත්ත හම්බ කරන සි...
    4 days ago
  • ඔයාලට කියන්න මෙයාලා... - මේ ලාස්ට් මන්ඩේ.. (ඔව් ඔව් යකෝ ගිය සඳුදා..ඒ කිව්වේ පෙරේදා තමා..) උදේ පාන්දර මම නැගිටින කොට මුළු සරුවාංගෙම නිකං ගල් රෝලකට අහු වෙච්ච පොල් ලෙල්ල වගේ තලා දාපු ගත...
    1 week ago
  • දෙමළ කෙස් ගහක් සත පනස් පහයි! (කෙහෙල්කොටුවේ චූටි මහත්තයාගේ කතාවක් ) - “ඔය කොයි දේ ගැන වුනත් ටික ටික හරි දැනගෙන ඉන්න හොඳයි ............!“ දවසක් අම්මා කිව්වා. ඇත්තටම ලෝකේ තියෙන ඕනෙම දෙයක් ගැන තොරතුරු දැනගෙන ඉන්න එකේ ප්‍රයෝජනය ම...
    1 week ago
  • ඉළ ඇදෙනකං හිනාවෙන්න.... මෙන්න විදුලි ආතල් !! - ඊයෙ උදේ ජාතික රූපවාහිනියේ දවසේ පුවත්පත් කාටූන් පෙන්නන අතරෙ තමයි මේ කාටූන් එක දැක්කෙ. වැඩසටහන කලේ චමුදිත සමරවික්‍රම බබා. (දන්නවනේ... සමරවික්‍රමලා කිව්...
    4 weeks ago
  • බොස්ටන් ත්‍රස්ත සැකකරුවන් ගැනයි - බොස්ටන් බෝම්බයෙන් අහිංසක දරුවන් ඇතුළු අසරණ මිනිසුන් මියයන විට අපි කනගාටු වූයෙමු. වරදක් නොකළ මිනිසුන් මරාදමන ජනනාශක බෝම්බයක් කිසිම ආකාරයකින් සාධාරණය කල නොහැක....
    4 weeks ago
  • ඇයි ඔයාලා මොනවා කරන්නද? - අපි : මහින්ද මාමේ, ඔහෙල යුද්ධ කරනකම් අපි බඩ පටිය තද කරගෙන හිටියා දැන් දැයට කිරුල ජෝගි දානකොට අපිට පටි බඳින්න බඩක් හොයා ගන්නත් නෑ මාමා : මිනිස්සු එදත් ...
    4 weeks ago
  • ආපස්ස බැලීම හා ප්‍රතිරූප සමඟ අවසානයේ මංගල යෝජනා .|. ඊලඟ කෑල්ල තවත් රසවත් ද ? - ආපස්ස බැලීම. බොහොම කාලයක් බ්ලොග් නොලියා හරිහමං විදියට නොකියවා උන්න. උවමනාවෙන් නෙමෙයි ඔහේ දවසින් දවස පස්සට ගියා. හරියට ගින්දරෙන් ඇතට ගිහිල්ල හීතල ගුහවක ගුලි...
    5 weeks ago
  • ජින්නෝ - *උරුක් කර දබරැඟිලි* *තබා මා වටකර* *කළු අකුරු ඇති සුදු පොත්* *වසා ගිය පසු ඔවුන් දොර* *ඔබ දෙදෙන මැද හිඳ* *පැද ගියෙමි ඔරුව* *ගඟ දිය දෙබෑ කර* *දුරට, දුර ඈතට* ...
    1 month ago
  • 38. ජෝන් බාස්ගේ මිනීමැරුමේ සැඟවුණු අභිරහස - ෂර්ලොක් හෝම්ස් කුඩා කළ කියැවූ බොහෝ දරුවනට සේ මටද කාලයක් රහස් පරීක්ෂක උණක් වැළැඳී තිබුණේය. නමුත් මේ කතාවේ සඳහන් “ජෝන් බාස්ගේ මිනීමැරුම” මා දැන ගත්තේ වැඩිහිට...
    3 months ago
  • 31 රෑට මොකෑ කරන්නෙ ? - මගේ ලොකු නැන්දාගේ පුතා 'ලකී මල්ලි' උපන්නේ දැසැම්බර් 25 වෙනිදා. ඒක නිසා එයාට හැමෝම කිව්වෙ සැන්ටා බෝයි නැති නම් සැන්ටා කියලා. එයාට වඩා හරියටම දවස් තුනක් වැඩ...
    5 months ago
  • මැනර්ස් - ඉඩක් ලැබෙන හැම විටකම, කුඩාවුන් වූ අපට මැනර්ස් උගන්වන ලදී. කෑමක් බීමක් කෙරෙහි පෙරේත නොවිය යුතු බවද, විශේෂයෙන්ම යමක් බිව් පසු මැනර්ස් පොඩ්ඩක් ඉතිරි කළ යුතු බ...
    5 months ago
  • අභ්‍යවකාශයේදී අතුරුදන් වූ ආදායම් බලපත්‍රය - දාහතේ කොලනියට ඒතරම් හඳ එළිය වැටිච්ච නැති එක දවසක මමයි රිපිටයි දෙන්න කිරි ඉබ්බෝ දෙන්නෙක් තුන් දෙනෙක් අල්ලගන්න හිතාගෙන ඇල දිගේ පහළට ගියා . චිකන් කන්න ...
    5 months ago
  • සිකුරාදා ඇවිත් - නොදැනුනා නොවේ උ‍ඹෙ සැලසුම අහුකරගන්න මා උගුලට පොත්මේසෙ අද්දරින් එහෙ මෙහේ යනකොට තරහකට නොවේ මග හැරියෙ මම එතකොට නොදැනිලා නොවේ උඹෙ තනිකම සිකුරාදාය අද බිඳෙන ...
    6 months ago
  • සුබ රාත්‍රියක් මිත්‍රයා! - උඹෙයි මගෙයි යාළුකම ඇතිවුනේ කොහොමද කියන එක දන්නෙ උඹත් මමත් විතරක් වුනාට ඒක තාමත් කවුරුත් නොදන්නෙ උඹෙත් මගෙත් යාළුකම අප්‍රසිද්ධ නිසා වෙන්නැති. අපි ඉස්කෝලෙදි...
    7 months ago
  • අධිෂ්ඨානයේ මිනිස්සු. - මෙවැනි සටහනක් තබන්නට සිදුවනු ඇතැයි ඩෝ ඩෝ බලාපොරොත්තු වූයේ නැත. එහෙත් මීට පෙරද ඒ ශික්ෂණය, විනය අවශ්‍ය අවස්ථාවලදී බිඳ හෙළන්නට ඩෝඩෝ පසු බට වීද නැත. FUTA සභාපත...
    7 months ago
  • මිරැන්ඩා - රතුපාට නිල්පාට කොරහැඩි දිලිසෙන සර්පයා සිය සියුම් දිගැටි දෙපෙති දිව "සුරුස්... සුරුස්" හඩින් පිඹිමින් ජනේලයේ මළකඩ කෑ යකඩ පොලු අතරින් කාමරයට සිය හිස ඇතුල් කර...
    8 months ago
  • ස්මරණ ශක්තිය - එක්තරා නීතීඥයෙකු හෘදයාබාධයකින් සිදු වූ සිය අකල් මරණයෙන් පසුව දිව්‍ය ලෝකයේ ද්වාරය අසල පහළ විය. නීතීඥයන් සුරලොවට පැමිණීම අරුමයක්ම වූ බැවින් සක්දෙව් රජු වහා...
    8 months ago
  • හොරකම - සීලවතී උපාසක නැන්දා සිමෙන්ති පඩියේ ඇණ තියාන දෝමනස්ස කල්පනාවක ගිලී හුන්නාය. මේ මාසේ පාලොස් වැනිදා. ගේ සාවියේ තුට්ටු දෙකක් නැහැ. විසිහත් වැනිදාට මුර දානේ. නැ...
    8 months ago
  • ක්‍රිස්ටෝෆර් හිචන්ස් තවත් නැත - "ගොඩ් ඉස් නොට් ග්‍රේට්" ඇතුළු කෘති ගණනාවක් රචනා කරමින්, ආගමික නායකයින් සමග ප්‍රසිද්ධ විවාද වලට එලැඹෙමින්, ආගමික උමතුව නිසා මරණ තර්ජනයට ලක්වූ ලේඛකයින්ට රැ...
    1 year ago
  • සමුගැනීම. - “අපි වෙඩි තියන්නේ තරහට නෙමෙයි. අපි වෙඩි තියන්නේ නැත්තේ ආදරේටත් නෙමෙයි. නිකන්…… නිකන්ම.. නිකන්.. හුළං වගේ නිකන්” - මේ මඟේ සඳයි හැන්දෑව | හෙට එච්චර කළුවර නැහ...
    1 year ago
  • අත්තම්ම දැං හොදටම නැහැදිලා බොලව් - (ගම් මැද්දට වෙංට තිව්න නෙලිගල ගෙදර යස ඉළංදාරි දෙංනෙක් උංනා. යස කිව්වට මොකෑ, මුං දෙංන එක විදිහක බානක්. ඒ වගෙමයි උංගෙ අප්පත් වසවර්තියා. කොල්ලො දෙංන කොරාප...
    1 year ago
  • කොලූගේ සමුගැනීම - හිතන්නට ලැබීම වාසනාවකී. හිතෙන දේ ලියන්නට ලැබීම භාග්‍යකී. කොලූටද, අපේ පරම්පරාවේ අනෙකුත් උදවියට වාගේ, ඒ භාග්‍යය ලැබුනේ ටිම්-බර්නස් ලීට පින් සිදුවන්නය. කොලූ ල...
    2 years ago
  • මහින්ද රාජපක්ෂගේ ලොකුම හතුරා | Mahinda Rajapaksa’s prime enemy - දසිස් දිනා රුපු රජුන් නසා -ලොව තෙදින් තමා නතු කළෙන් මෙමා එද එවන් ලොවින් ලද දිනූ දෙයක් වෙද – තවත් එවන් රුපු කැලක් විනා අදින් මතුව යළි සටන් වදින්නට – රජෙක් න...
    2 years ago

62. සයිබර දිවියට ආයුද කිහිපයක්…

මේ අකුරු බ්ලොග් අඩවියේ මෙතෙක් නොලියවුණු ආකාරයේ පෝස්ට් එකක්… මම මෙතෙක්  තාක්ශණය සම්බන්ඬයෙන් කිසිවක් මෙම බ්ලොග් අඩවියේ සටහන් කර නැහැ…  නමුත් පසුගිය දිනක නිවසට ආව මිතුරෙකු මා පරිගණකයේ තිබූ මෘදුකාංගයක් අහම්බයකින් දැක ඒ පිළිබඳව විස්තර අසා දැනගෙන, මා හට නොසෑහෙන්න කල ස්තුතිය මේ සටහන ලියන්නට මා පෙළඹවූවා… පරිගණක තාක්ශණික අංශයේ රැකියාවල නියුතු අයට මේවා අලුත් දේ නොවූවත් සිංහල බ්ලොග් අවකාශයේ එසේ නොවන අයද බොහෝයි… ඒ නිසා කිසිවෙකුට හෝ මෙයින් යහපතක් වේ යැයි යන විශ්වාසයෙනුයි මේ සටහන…

මේ මතු මා සඳහන් කරන්නට යන්නේ දැන් වසර ගණනාවක් තිස්සේ මා ජීවිතය පහසු කරන මට නැතුවම බැරි මෘදුකාංග කිහිපයක්…  මෙහිදී දිනපතා භාවිතා වූවත් අප සැම හොඳින් හදුනන මෘදුකාංග මා අතහැර ඇත්තේ නැවත සඳහන් කිරීම තේරුමක් නොමැති නිසයි… මා විසින් මතු සඳහන් කරන මෘදුකාංග වලට වඩා සාර්ථකව අදාල කර්තව්‍ය ඉටුකරන මෘදුකාංග එමට ඇති…  ඉතින් මා සඳහන් කර ඇති ඒවා කාලයක් තිස්සේ මා භාවිතා කිරීමෙන් සෑහිමකට පත්ව සිටීම හැරෙන්නට වෙනත් විශේෂයක් නැහැ… එම නිසා අදාල කාර්යය ඉටුකරගැනීමට වඩාත් හොඳ මෘදුකාංග ඔබ භාවිතා කරනවානම් ඒ පිළිබඳව සඳහන් කිරීමට අමතක කරන්නෙපා…

 

X-Marks

image

මා ඉහත සඳහන් කල මිතුරාට විස්තර කල මෘදුකාංගය මෙයයි… මෙය සැබැවින්ම බ්‍රවුසර් ඇඩෝන් එකක්… මා භාවිතා කරන්නට පටන් ගත්තේ වසර ගණනාවකට කලින් මෙය ෆොක්ස්මාර්ක්ස් ලෙස තිබියදීයි… කලකට පසු ඔවුන් එක්‍ස්-මාර්ක්ස් ලෙස තම නම වෙනස් කරගත්තා… මෙය ඇත්තෙන්ම බුක් මාර්ක් සින්ක්‍රෝනයිස් කරන ටූල් එකක්… මට උදව් වූයේ ලැප්ටොප් භාවිතාවක් නැති කාලයේ ආයතනයේ සහ නිවසේ පරිගනක වල ඇති බුක්මාර්ක් බෙදා හදා ගැනීමටයි…

සරලව පැහැදිලි කලොත් කෙරෙන්නේ මෙවැනි දෙයක්… අපි අන්තර්ජාලයේ සැරි සරද්දී සිත් ගත් වෙබ් අඩවි බුක් මාර්ක්, නැතිනම් ෆේවරිට්ස් වලට ඇඩ් කරගන්නවා… පසුව නැවත පරිශීලනය කිරීමේ අදහසින්.. නමුත් ගැටළුව නම් එය සේව් වෙන්නේ අදාල ප‍රිගණකයේ පමණයි… උදාහරනයක් ලෙස අපි ෆේවරිට් එක දමාගත්තේ ඔෆීසියේදී නම් නිවසේදී ඒ ෆේවරිට්ස් ඇක්සස් කිරීම අපහසුයි… එක්ස්-මාර්ක්ස් හරහා කෙරෙන්නේ අදාල පරිගණක වල මෙම ඇඩ් ඔන් එක ස්ථාපනය කර ඇති විටෙක ෆේවරිට්ස් හෝ බුක්මාර්ක් කරගන්නා සියල්ල සෑම පරිගණකයටම ඔටෝමැටිකලි සින්ක් වීමයි…

මම නම් එක පරිගණකයක් පාවිච්චි කරන්නේ ඒ නිසා ඕක ඕනේ වෙන එකක් නැහැ ඔබ කියාවි… නමුත් එක්ස්-මාර්ක්ස් යනු ෆේවරිට්ස් බැකප් කරන මෘදුකාංගයක්ද වන නිසා වසර ගණනාවක් තිස්සේ ඔබ සේව් කරන බුක්මාර්ක් පරිගණකය ක්‍රියාවිරහිත වීම හෝ ෆෝමැට් කිරීම ආදී කටයුතු වලින් පසුවත් අපහසුවකින් තොරව ඔබට නැවත ලබාගැනීමට හැකියි… තවත් වාසි බොහෝමයක් ඇතත් මේ සටහන් කෙටියෙන්…

 

BS- Player

image

ටොරන්ට් හෝ එවැනි නීතිවිරෝධී ක්‍රම වලින් පරිගණකයට චිත්‍රපට ඩවුන්ලෝඩ් කරගෙන නැරඹීම අප බොහෝදෙනා සිදු කරනා වැරදි දෙයක්… මමත් පුද්ගලිකව එවැනි චිත්‍රපටි එකක් හෝ දෙකක් සති අන්තයේ රාත්‍රියේ නරඹනවා… බොහෝදෙනෙකු ඒ සඳහා යොදාගන්නේ VLC Media Player නැමති මෘදුකාංගය… ඒ එහි බොහෝ කොඩෙක් ඉන්බිල්ට් ඇති නිසා විය යුතුයි… නමුත් ඉංග්‍රීසි චිත්‍රපටි සම්බන්ඬයෙන් පුද්ගලිකව මා ඇබ්බැහි වී ඇති පුරුදු කිහිපයක්ම තිබෙනවා… ඉන් එකක් තමයි මා වඩාත් කැමති ඉංග්‍රීසි චිත්‍රපටියක් නැරඹීමේදී එය ඉංග්‍රීසි සබ් ටයිටල්ස් සමඟ නැරඹීමටයි… මව් භාෂාව සිංහල වූ මට එය විශාල පහසුවක්… දෙවැනි කරුණ තමයි ජනප්‍රිය ඉංග්‍රීසි නවකතා පොත් කියවීමට මා හට ඇති අපහසුව… ඒ නිසා එවැනි පොතක් ගැන සඳහන් වූ විටෙක මා කරන්නේ ඒ පොත අනුසාරයෙන් නිපදවූ චිත්‍රපටියක් ඇතිනම් එය බාගත කරගෙන නැරඹීමයි… මේ අවස්ථා දෙකේදීම ඉංග්‍රීසි සබ්ටයිටල්ස් මට අත්‍යාවශ්‍යයි… බොහෝ මීඩියා ප්ලේයර් වල ඇති ගැටළුව සබ්ටයිටල් අප වෙනම ඩවුන්ලෝඩ් කලයුතු වීමයි… නමුත් මෙම ප්ලේයරයේ ඇති විශේෂත්වය චිත්‍රපටිය ආරම්භ කරන විගසම ඔටෝමැටිකලි අන්තර්ජාලයට සම්බන්ඬ වී සබ්ටයිටල් ෆයිල් එක සොයා ඩවුන්ලෝඩ් කර දීමයි… මේ හැකියාව නිසා මෙම ප්ලේයරය කලක පටන් මගේ ප්‍රියතම මෘදුකාංගයක්…

 

FTE

FTE Main

FTE  කෙටිවී ඇත්තේ Faster Than Ever නැමති තේරුමෙන්… මෙය ඇප්ලිකේශන් ලෝන්චර් එකක්… අපිට පරිගණකයේ යම් මෘදුකාංගයක් ආරම්භ කිරීමට අවශ්‍ය නම් ඊට බොහෝ ක්‍රම තිබෙනවා… ඩෙස්ක්ටොප් එකේ ඇති ශෝට් කට් එක ඩබල් ක්ලික් කිරීම එක ක්‍රමයක්… Start –> All Programs වලට ගොස් අදාල ශෝට් කට් එක ක්ලික් කිරීම තවත් ක්‍රමයක්… මේ අතරේ පුරුදු විය හැකිනම් වඩාත් වේගවත් ක්‍රමය Windows Key එකත් R කී එකත් ප්‍රෙස් කර අදාල exe ෆයිල් එකේ නම ටයිප් කර එන්ටර් එබීමයි… උදාහරණයක් ලෙස වර්ඩ් ඕපන් කිරීමට කල යුත්තේ Windows + R  press කර winword කියා ටයිප් කර Enter key එක එබීමයි… දීර්ඝ ක්‍රමයක් යැයි බැලූ බැල්මටම පෙනුනත් කාලයක් පුරුදු වූ අයෙකුට මෙය වඩාත්ම පහසු ක්‍රමයයි…

ඉතින් මේ FTE එකෙන් කරන්නේ දිනපතා භාවිතා කරන එවැනි මෘදුකාංග සියල්ලෙහි කෙටි නම් ප්‍රෝග්‍රෑම් කර තැබීමයි… එවිට ඔබට අවශ්‍ය මෘදුකාංගය ආරම්භ කිරීම ඒ හරහා ඉතා වේගයෙන් සහ පහසුවෙන් කල හැකියි… Application Launchers එමට ඇතත් මට වඩාත් පහසු මේ FTE මෘදුකාංගයයි…

 

Last Pass

image

මෙය පාස්වර්ඩ් මැනේජර් එකක්… තමන්ගේ පාස්වර්ඩ් තුන් වැනි පාර්ශවයේ මෘදුකාංගයකට භාරදීම බොහෝදෙනෙකු ඉතාමත් අකමැති දෙයක්… නමුත් මා පුද්ගලිකව එහි ඇති  අවාසි පරයා වාසි දකින්නෙක්… ඉතින් මාගේ සියළු පාස්වර්ඩ් බලා කියාගන්නේ මේ මෘදුකාංගයයි… මෙතෙක් කිසිම අකරතැබ්බයකට මුහුණ දී නැහැ…

Windows Live Writer

මේ පෝස්ට් එකත් ඇතුළුව බ්ලොග් ලිවීම සඳහා භාවිතා කරන්නේ මේ මෘදුකාංගයයි… ලේසියි පහසුයි…

 

Easy Money

EasyMoney 1.0 – Use One of the Best Money Manager Android Apps for Your Finances!

මෙය මාගේ Personal Accounting Software එකයි… ස්ථාපනය කර ඇත්තේ ජංගම දුරකථනයේ… මාගේ මාසික බජට් එක සෑදිමටත් එදිනෙදා වියදම් සටහන් කිරීමටත් යොදාගන්නේ මෙයයි… භාවිතා කිරීමට පටන් ගත් සැනින්ම මට මාසිකව සුළු මුදලක් ඉතිරිකිරීමට හැකියාව ලබාදුන් අරුම පුදුම මෘදුකාංගයක්…

 

CNN

image

ජංගම දුරකථනයේ නිවුස් රීඩරය… දිනපතා දවස ඇරඹෙන්නේ නාන කාමරයේ මේ මෘදුකාංගය සමගින්…

 

ANY.DO

image

කම්මැලිකම වැඩි නිසාම මේක නං මට පාවිච්චි වෙන්නේ නෑ දැන්.. කාලයක් පාවිච්චි කලා… ටුඩූ මැනේජර් එක…

 

WorkOut Trainer

බඩ බස්සගන්න හුඟ දෙනෙක් ජිම් යනවා… තව සමහරු ජොගින්… උදේට පරක්කු වෙලා නැගිටින හවසට වැඩ ඉවර වුණු ගමන් ගෙදර දුවගෙන එන මම වගේ කම්මැලියෙකුට කියාපු ඇප් එක මේක… සතියට කරන ව්‍යායාම ෂෙඩුල් කරගෙන ජංගම දුරකතනය ට්‍රේනර් විදියට තියාගෙන කරන්න පුළුවන්…

 

Penzu

කාලයක් තිස්සේ මම භාවිතා කරන පුද්ගලික ඩයරිය මේකයි…

 

කෙටියෙන් අවසන් කලේ දීර්ඝ ලිපියක් කියවීම නීරස විය හැකි නිසායි… ඉතින් මා ඉහත සඳහන් කලේ මා දිනපතා භාවිතා කරන, මට මහත් සේවය සලසන වැඩිපුර ජනප්‍රිය නැති මෘදුකාංග කිහිපයක්… මේ පෝස්ටුවෙන් ඔබට ගතයුත්තක් ඇත්නම් මාගේ සතුටද එයයි… ඔබ භාවිතා කරනා මෙවැනි මෘදුකාංග අප හැමදෙනාගේ පහසුව තකා පහතින් සටහන් කරන්නට අමතක කරන්නෙපා…

30 comments:

  1. ස්තූතියි..
    දැනට පාවිච්චි කරන ඒවට තියෙන්නෙ එනි ඩූ එක විතරයි... ඊසි මනී එක දාගෙන බලන්න ඕන... දැනට පාවිච්චි කරන එකේ ෆන්ෂන්ස් මදි වගේ... :)

    ReplyDelete
    Replies
    1. ආ කියන්න අමතක වුනු කාරනේ..ඊසී මනී ට්‍රයල් එක ඉවර උනාම සුට්ටි ඩොලර් කීපයක් ගෙවන්න ඕනේ කන්ටිනියු කරන්න.. ඇප් එක හොඳ නිසා මම ගෙව්වා...

      අනිත් සේරම ෆ්‍රී ඒවා...

      Delete
  2. මතකද එදා අපි කතා උනා ඉන්ග්ලිශ් සබ් ගැන . . එත් වැඩි විස්තර දන ගන්න දුමියා නිවාඩු ගිහින් එනකම් කියලා හිටියේ . .

    පහුගිය ටිකේ මම පිස්සුවෙන් වගේ ෆිල්ම්ස් බැලුවා සබ් ටයිට්ල් හොයා ගන්න පුලුවන් උනේ ෆිල්ම්ස් කීපෙක විතරයි.

    බොහොම ස්තූතියි බීට්ල් මම අර ප්ලේයර් එක දම දාගන්නවා . . . මින් පස්සේ මාත් ෆිල්ම් බලන්නේ එකෙන් . . සිරාවටම තැන්කූ මචෝ . .

    ReplyDelete
  3. මෙකේ ඔක්කෝම මටනම් ඇලුත්ම අලුත් ජාති . .

    මේ ඔක්කෝම නෙමේ කීපයක් . . To Do ලිස්ට් එක, එකවුන්ට් සොෆ්ට්වෙයාර් එක, එක්සර්සයිස් එක වගේ ඒවා කීපයක් මම අද හෙටම ඔන්න ප්‍රයෝජනේට ගනන් හිතා ගත්තා . .

    උඹට පින් ඈ මෙව්වා මෙහෙම තේරෙන සිංහලෙන් කියලා දුන්නට. .

    ReplyDelete
  4. වටින පෝස්ට් එකක්, මොබයිල් ඇප්ස් ටික ඇරෙන්න[මට ඇන්ඩෝ ෆෝන් එකක් නැති නිසා ] අනික් ඔක්කොම පාවිච්චියට ගන්නවා..!
    ජය!

    ReplyDelete
  5. මම නම් බාන්නෙම සබ්ටයිටල් එක්ක තමයි , මම හින්දි ෆිල්මුත් සැහෙන්න බලන නිසා ඒක පුරුද්දකට ගිහින් . කොහොම වුනත් මේ ප්ලේයරය ගැන දැනං හිටියේ නැ ස්තුතියි

    ReplyDelete
    Replies
    1. ජයවේවා ලිශා ඇන්ඩ් බුවා...

      Delete
  6. එක්ස්-මාර්ක්ස් තමයි මේ ලිස්ට් 1න් මට හරියන්නෙ. ප්‍රශ්නයක්, ඔපීසියෙදි ෆේවරීට් එකට දාගන්න ඒව ගෙදරදි බලන්නෙ කොහොමද? ලොග් වීමක් උනාමද ගෙදර මැසිටම එන්නෙ?

    ReplyDelete
    Replies
    1. රාජ් ඔව්... X-marks වල ඔප්ෂන් එකක් තියෙනවා Enable Automatic Synchronization කියලා... ඒක එනබල් කර ඇත්නම් බ්‍රව්සරය ඕපන් කල වහාම මැනුවල් ඩවුන්ලෝඩ් කිරීමක් නොකරම ෆේවරිට්ස් ටික ගෙදර මැසිමේ දැකගත හැකියි...

      Delete
    2. google පාවිච්චි කරනවනම් මොනවත් ඔනි නෑ. ඔයා ගෙදරදි දුන්න gmail address එකම අනිත් machine එකටත් දෙන්නයි තියෙන්නේ. chrome එක ඔක්කොම import කරනවා.

      Delete
  7. X-Marks එකයි BS- Player එකයි Windows Live Writer එකයි ඩවුන්ලෝඩ් වෙන්නෙ දැම්ම :D ස්තුතියි

    ReplyDelete
  8. මට මුකුත්ම තේරෙන්නේ නැ නොවැ.. :/

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ඒ බොරු නේද..? මොකුත්ම නොතේරී තියෙන්න විදියක් නම් නෑ... :)

      Delete
  9. ක්‍රොම් browsaරේට ලොග් වෙන්න පුලුවන් ගූග්ල් අකවුන්ට් එකෙන්. ඊට පස්සෙ ඌ ඔක්කොම බූක් මාර්ක් එකවුන්ට් එකත් එක්ක සින්ක් කරනවා.
    කොම්පුයුටර් දෙකක් පාවිච්චි කරනවනම් කරන්න තියෙන්නෙ අලුත් browsaරේට ලොග් වෙලා බුක්මාක් ඉම්පෝර්ට් කරන එක විතරයි. සරලයි. දැන්නම් ෆයර්ෆොx පාවිච්චියක්ම නෑ. ක්‍රොම් තමා බඩ්ඩ. කොටින්ම කියනවනම් ssl client කෙනෙකුත් ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. ඔව් අපි ගොඩක් අය ගූගල් එක්කම දවස ගෙවන නිසා ඒ ක්‍රමය ප්‍රායෝගිකයි...

      මට ‍එක්ස්-මාර්ක්ස් හිට් වෙන්න ප්‍රධාන හේතු වුනේ... ඉස්සෙල්ලාම මම ෆේවරිට්ස් සින්ක් කරන්න පටන්ගනිද්දී (මම හිතන්නේ 2007 විතර) ක්‍රෝම් බ්‍රවුසර් එක රිලීස් වෙලාවත් තිබුනේ නැහැ... ඊට පස්සේ කොපමණ සර්විසස් ආවත් ‍පුරුදු සර්විස් එකෙන් අයින් වෙන්න අවශ්‍යතාවයක් තිබුණේ නැහැ... අනෙක ඒ දවස්වල මම ඔෆීසියේ IE ත් පාවිච්චි කලා... ඒකෙනුත් ෆේවරිට්ස් සින්ක් කරගන්න අවශ්‍යය වුනා...

      Delete
  10. මං නං ඔය එකක්වත් පාවිච්චි කරලා නෑ. අර ඇක්සයිස් මෙව්වා එකනං වැදගත් වෙයි වගේ! :D

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ දැන්නම් ඒකෙන් ගොඩදාගන්න පුළුවන් තත්වෙ පැනලා පුසා..? :D

      Delete
  11. මේ එකක්වත් මම කවදාවත්ම පාවිච්චි කරලා නෑ..

    බුක්මාර්ක් සින්ක්‍රොනයිස් ෆැසිලිටි එකනම් ගූගල් ක්‍රෝම් වලත් තියනවා... වෙඩ් වගේ අප්ඩේට් වෙනවා.. හබැයි බැකප් තියාගන්නවද කියලනම් දන්නේ නෑ..

    ReplyDelete
  12. බුක් මාක් සඳහා මම පාවිච්චි කරන්නේ ගූගල් බුක් මාර්ක් සහ gmark ෆයර්ෆොක්ස් ඇඩෝන් එක

    ReplyDelete
    Replies
    1. සෙන්නා, තීර්ථ යාත්‍රිකයා

      ඔව් ගුගල් බුක්මාර්ක් ඇඩොන් එකත් firefox වලට gmark එකත් සාර්ථකයි... IE පාවිච්චි කරනවානම් ක්‍රොස් බ්‍රවුසර් සින්ක් කරන්න පුංචි අවාසියක් තිබුනත්...
      ස්තූතියි ප්‍රතිචාර වලට...

      Delete
  13. ඉතාමත්ම අගනා ලිපියක්.ඔබට ස්තුතියි සහෝ :)

    ReplyDelete
  14. බොහොම ස්තූතියි දැනුවත් කලාට. මං මේ එකක්වත් පාවිච්චි කරලා නෑ. එත් හිතලා තිබුණා සමහර දේවල් කරගන්න මෘදුකාංග තිබුණානම් කියලා. ඒ වගේ හිතපු වැඩ කිහිපයක්ම කරන්න පුළුවන් දේවල් ගොඩක් මෙතන තියෙනවා.

    ReplyDelete
  15. bs player, xmarks ගත්තා, තැන්කූ ....

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...

අකුරු බ්ලොග් අඩවියෙන්

---------------------------------
"හා... ස්ටේෂන් එකේ කොතනටද එන්නේ..?"

"ම්ම්ම්... වයන්න යටට එන්න..."

" වයන්න යටට..?"

"එළියේ උඩ ලොකුවට ගහලා තියෙන්නේ කො‍ටුව දුම්රිය ස්ථානය කියලා..."

“ඔව්..."

“ඉතිං ඒකේ වයන්න යටට එන්න..."


- එකෝමත් එක කාලෙක, ආදර කතාවක් - කියවන්න මෙතැනින් -
---------------------------------



---------------------------------
"ඒ කාලේ අපේ අම්මා මට දෙන රුපියල් පහෙන්, මම කැම්පස් ගිහිල්ලා ‍තෝසෙ කාලා , ප්ලේන්ටි බීලා, සිග‍රැට් එකකුත් බොනවා..."

"අපෝ දැන් ඒ කාලේ වගේ නෙමෙයි තාත්තේ, බඩු කොච්චර ගනන්ද...? දැන් කොළඹ ගිහිල්ලා ‍තෝසෙ කාල ප්ලේන්ටි බීල සිග‍රැට් එකකුත් බිව්වම රුපියල් සීය ඉවරයි..."

"ඈ යකෝ උඹ සිග‍රැට් බොනවද..?"


- දස වසක් ඇවෑමෙන් - කියවන්න මෙතැනින් -
---------------------------------



---------------------------------
“ප්‍රයිවෙට් කොම්පැණියක හොඳ තනතුරක්ලු... දැක්කේ නැද්ද කාර් එක..."

"ඔහොම ලොකු කාර් ගන්නවා කුඩු බිස්නස් කාරයොත්..."


- පච්චා කොටපු ඉලන්දාරියා - කියවන්න මෙතැනින් -
---------------------------------



---------------------------------
“Aren’t you gonna join with us…?"

"I never pay for Sex…"


- අඳුරේ පව් කරන දනා - කියවන්න මෙතැනින් -
---------------------------------



---------------------------------
“හිමාලි අක්ක බැඳලා ඉන්න අය්යා… එයාට මොකුත් කරගන්න බැහැලු…එයාට බරවා…”

“මොකුත් කරගන්න බැරිනම් හිමාලි අක්කට අහවල් එක කරන්නෙ බොලෑ මහ එකාද?”


- වෙනස - කියවන්න මෙතැනින් -
---------------------------------



---------------------------------
"අනේ අත්තම්මේ... මගේ ඉන්බොක්ස් එක ඕපන් වෙලා ඇති... පොඩ්ඩක් සයින් අවුට් වෙලා මෙෂින් එක ෂට් ඩවුන් කරනවද...?"


- අමුතු සෙල්ලම - කියවන්න මෙතැනින් -
---------------------------------



---------------------------------
" ගෝස්කි මහත්තයයි නෝනයි දෙන්නම දැන් ජීවතුන් අතර නෑ... ඉතිං මේ රහස දැන් එලිකරාට ගැටළුවක් වෙන එකක් නැහැ කියලා මම හිතනවා..."


- නීල් ආම්ස්ට්‍රොන්ග් සැඟවූ සඳ ගමනේ අභිරහස - කියවන්න මෙතැනින් -
---------------------------------



---------------------------------
“ආ.. මේක කෙමක්... ඇණේ අතට ගත්තට පස්සේ කතානොකර මට ගෙනල්ලා දෙන්න ඔනේ හරිද...?"


- වැරදුණු ගුරුකම - කියවන්න මෙතැනින් -
---------------------------------



Web Statistics