දිනය : 25 – අගෝස්තු – 2012
ස්ථානය : ආචාර්ය ස්ටීවන් ඩබ්. ස්ක්වයිරස් මහතාගේ නිවස - වොෂින්ටන් ඩී.සී.
වේලාව : පෙ.ව. 6.42
විද්‍යුත් පණිවුඩයක් පැමිණි බව හඟවමින් රාජකාරී ටැබ්ලටය නඳ දුන්නේ මා ටයි ගැටය සකසමින් සිටිනා අතරතුරේදීයි… සාමාන්‍ය දිනයකදී නම් එය මා අතින් විවෘත වනුයේ උදෑසන අහර කිස නිමවීමෙන්ද අනතුරුව නාසා මූලස්ථානයේ, උපදේශක කවුන්සිල් ගොඩනැගිල්ලේ පිහිටි මා කාර්යාලයට නිල රථයෙන් ගමන්ගන්නා අතරතුරදී වුවත් මේ එවැනි සාමාන්‍ය දිනයක් නොවේ…
රාජකාරී මට්ටමෙන් කලක් මාගේ වෘත්තීය උපදේශකයෙකු වූද, මානව සංහතිය මෙලොව පවතින තුරාවටම නොමැකෙන ස්වර්ණමය සටහනක් තබමින්, සඳමත ගොඩබැසි පලමු මිනිසා ලෙස ඉතිහාසය වෙනස් කල ඒ අද්විතීය නියමුවා වූද, ඒ සැමටත් වඩා අපගේ අතිශය සංවේදී භාරදූර රාජකාරී කටයුතු වලදී මාහට විශ්වාසය තැබිය හැකි සදාකාලික ලෙංගතු මිතුරා වූද නීල් ආම්ස්ට්‍රෝන්ග් නම් ඒ අපූරු මිනිසා මෙලොවින් සමුගෙන ගතවී තිබුණේ පැය විසිහතරකටත් නොඅඩු කාලයක්…
මා හට ඒ කණගාටුදායක පණිවුඩය ලැබෙන විට මා සිටියේ ෆ්ලොරිඩාහි ගැඹුරු මුහුදු පතුලේ සිදුකෙරෙමින් තිබූ පෘතුවියෙන් එපිට ජනාවාස පිහිටුවීම පිළිබඳව කෙරෙන අතිශය සංවේදී පර්යේශනයක නිරතවෙමින්… ඒ සියල්ල කල්දමා හනිකට වොෂිංටන් පැමිණි මා කෙටි නින්දකින් පසු මේ සූදානම්වෙමින් සිටියේ කඩිනමින් උදෑසන ආහාරය රැගෙන ඔහුගේ අවමංගල්‍ය උත්සවය සඳහා නිල උපදෙස් ලබාදෙන කමිටු රැස්වීමට සහභාගී වීමට පිටත්ව යෑමටයි… ඉතින් පවතින වාතාවරණයේ වැදගත්කම නිසාම පහළ මාලයට යන අතරේ ඊමේල් ගිනුමේ ඇති මාතෘකා හරහා උඩින් පල්ලෙන් දෑස් ගෙනයෑමට මා උත්සුක වුනා…
A Message From Neil Armstrong
තවමත් නොකියවූ පණිවුඩ කිහිපයක් අතරේ තිබූ ඒ අසාමාන්‍ය පණිවුඩය ළග මා නෙත් නතර වූයේ නිරායාසයෙන්… කවුරුන් හෝ විහිළුවක් කරන්නට උත්සාහාකරනවා වත්ද..? මා සතු විද්‍යුත් ලිපින ගොන්න අතරින් squyres@vip.nasa.gov යන මේ විද්‍යුත් ලිපිනය විහිළු තහළු හඳුනන විද්‍යුත් ලිපිනයක් නොවෙයි… තරමක දෙගිඩියාවෙන් වටපිට බැලූ මා අවට කිසිවෙකු නැති බව සැකහැර දැනගෙන එම විද්‍යුත් පණිවුඩය වෙතට දබරැඟිල්ල ගෙන ගියා…
ආචාර්ය ස්ටිවන් ඩබ්. ස්ක්වයිරස් මහතානෙනි,
ලිපියේ ආමන්ත්‍රණය දකින විටම එය නීල් විසින් එවන ලද්දක් නොවන බව වටහා ගන්නට මා හට අපහසු වූයේ නැහැ… ඒ ඔහු කිසිදිනෙක මා එසේ අමතා නොමැති හෙයින්… කාගෙද මේ කැත විහිළුව? කෝපයෙන් හුස්ම ගත් මා ලිපිය කියවීම පුද්ගලික ලේකම්වරියට භාරදෙන්නට ප්‍රථමයෙන් එහි පළමු වචන කිහිපය කෙරෙහි අවධානය යොමුකලා…
ඔබ වෙත ලියන මා විලියම්ස් සහ කොනොලී නම් නීතිඥ සමාගමේ රහස්ය ලිපිගොනු තැන්පත් අංශයේ නිතිඥ පෝල් ලුවෙන්ස්කි… උක්ත නම සඳහන් නීල් ආම්ස්ට්‍රෝන්ග් (ගගනගාමී, අභ්‍යාවකාශ නියමු, අභ්‍යාවකාශ ඉංජිනේරු) නම් මහතා විසින් තමා මියගිය පසු ඔබගේ මෙම විද්‍යුත් ලිපිනයට දැනුම්දෙන ලෙස සඳහන් කර අප ආයතනයේ රහස්‍ය ලිපියක් තැන්පත් කර තිබෙනවා… පහත ලිපිනයට පැමිණ ඔබගේ අනන්‍යතාවය තහවුරු කිරීමෙන් එය ඔබට ලබාගත හැකියි…
ඔවුන් සඳහන් කර තිබූ ලිපිනය හරහා කිහිපවරක් නෙත් ගෙනගිය මා මේ සිදුවෙමින් පවතින්නේ කුමක්දැයි සිතින් ගලපාගන්නට උත්සාහා කලා… කල්පනාකරමින් සිටින්නට කාලයක් තිබුණේ නැහැ… කමිටු රැස්වීමට පිටත්වන හෙයින් එහිදී මා හමුවන ලෙස පුද්ගලික ලේකම්වරියට දැනුම් දුන් මා රියදුරාට විලියම්ස් සහ කොනොලී නිතිඥ සමාගම වෙත ප්‍රථමයෙන් රිය පදවන්නට අණකලේ විද්‍යුත් පණිවුඩයේ සඳහන්ව තුබූ ලිපිනය එතරම් දුරක නොවූ නිසාවෙන්…
මා ඉදිරියෙහි වූ කුඩා ඩිජිටල් තිරයේ සී.එන්. එන්. ප්‍රවෘත්ති නිවේදිකාව නීල්ගේ චරිතාපදානය පියවරෙන් පියවර දිගහරිමින් සිටියා… තිරයේ දිස්වූ තරුණ නීල්ගේ මුහුනෙහි ඇඳි තිබූ සිනහව මියෙන මොහොත දක්වා මාහට සදා ලෙංගතුවූ ඒ අව්යාජ සිනහවමයි… තම මරණයෙන් මතු මාහට දැනගන්නට ඉඩහරින්නට ඔහුට අවශ්‍ය වූ මේ රහස් පණිවුඩය කුමක්ද..? මා මෙහි අගක් මුලක් ගලපන්නට උත්සාහාකලා…
“ඔහු හඳට ගියේ නැතිවාවත්ද..?”
මා ක්ෂණිකව රියදුරා දෙස බැලුවේ ඔහුට මා සිතෙහි වූ සිතිවිල්ල දැනුනාදැයි බියවූ නිසයි… අප විසින් සක්සුදක් සේ විශ්වාසකරන දේ පවා සැක කරන්නට මාධ්‍ය අපව පොළඹවන හැටි… ඇරත් මා ඔහු දැන හඳුනාගත් මුල් දිනවලම මෙය ඔහුගෙන්ම අසා දැනගෙන මාසිත තුළ වු කුකුස දුරුකරගත් අයුරු මට මැවී පෙණුනා… ඒ මා නාසා ආයතනයේ ප්‍රධාන විධායක ලෙස පත්වේයැයි හීනෙන්වත් නොසිතූ දවස්… සඳගමනේ වීඩියෝ සියල්ල විනාශ වී තිබූ වාතාවරණයක ඔහුගෙන් ඒ ගැන විමසනවා හැරෙන්නට මට වෙනත් විකල්පයක් ඉතිරිව තිබුණේ නැහැ…
“ඉරහඳ පල්ලා අපි හඳට ගියා ස්ටීව්…”
මා දෙනෙත් දෙස එක එල්ලේ බලාගෙන විශ්වාසයෙන් ඔහු පවසන්නේ මා මිතුරාව සැක කරන්නට මට ඉඩක් නොතබමින්…
එහෙත් ඉන්පසුව බොහෝවිට බරැති සුසුමක් හෙලන ඔහු…
“ඉරහඳ පල්ලා අපි හඳට ගියා නොවෙන්නම්…” යැයි හිස් අහස දෙස බලාගෙන නැවතත් තමාටම මුමුණාගන්නා අයුරු දකින මා හට සඳගමනේ ඔහු මා හට නොකියූ තවත් යමක් ඇතිදෝයි සැකයක් සිත පැන නොනැංගාම නොවෙයි…
ඔහු මේ මා හට පවසන්නට යන්නේ එවැනි රහසක්ද..? කල්පනා සයුරේ ගැලී උන් මාගේ දැහැන බිඳුනේ රියදුරාගේ හඬින්… අප සිටියේ විලියම්ස් සහ කොනොලී නීතිඥ සමාගම ඉදිරියේ…
“පොඩ්ඩක් ඉන්න”
ඔහුට පැවසූ මා නීතිඥ කාර්යාලයයට ඇතුළු වී මාගේ අනන්‍යතාවය දක්වා සිටියා… තවත් සුළු වේලාවක් ගතවූ පරීක්ෂණ කිහිපයකින් අනතුරුව කුඩා කුටියකට රැගෙන ගිය මා අතට ඒ රහස්‍ය ලිපිය ඔහු පත්කලේ අත්සන් කිහිපයක්ම ලබාගැනීමෙන් අනතුරුවයි… තවත් එතැන නොරැඳුනු මා නැවතත් රථය වෙත දිවගියේ ඒවනවිටත් මීටිමට පමාවෙමින් සිටි නිසයි… පුද්ගලික ලේකම්වරියට පැමිණෙමින් සිටින බව නැවතත් තහවුරු කිරීමෙන් අනතුරුව මා සෙමෙන් ඒ ලිපිය අතට ගත්තා..
එය ලියා වැඩි කාලයක් ගතවී නැතැයි සිතන්නට මා පෙළඹවූයේ පිට කවරයේ මාගේ නම ලියා තිබූ තීන්ත තවමත් පැහැදිලිව හා නැවුම්ව දිස්වූ නිසයි… ඒ ඔහුගේ අත්කුරු බව වටහා ගන්නට මට කවරය විවෘත කිරීමටවත් අවශ්‍ය වූයේ නැහැ… ගැහෙන හදින් යුක්තව කවරය විවෘත කල මම දිනයක් සඳහන්ව නොතිබූ ඒ ලිපිය කියවන්නට පටන් ගත්තා…
ආදරණිය ස්ටීව්,
මේ ලිපිය ඔබ කියවන විට මා ඔබගෙන් සමුඅරගෙන අවසන්… සමහරවිට තම සදාදරණිය මිතුරාගේ අවමංගල්‍ය කටයුතු වෙනුවෙන් ඔබ වෙහෙස වෙමින් සිටිනවා විය හැකියි… මෙවැනි කාර්යබහුල මොහොතක ඔබට අතිරේකව ලබාදෙන මේ කලබලය ගැන ඔබගේ වයසක මිතුරාට ඔබ සමාව දෙනු ඇතැයි මා විශ්වාස කරනවා… තවත් පමා කරන්නට හැකි කාරණාවක් නොවෙයි මෙය…
ස්ටීව් මා කියනා දෙය හොඳින් සිත්හි දරාගන්න… මෙතැන් පටන් ඔබ කරනා හැම දෙයක්ම මුලු මානව සංහතියටම ඉතා වැදගත්… බෑන්ක් ඔෆ් ඇමෙරිකා හි 13 වෙනි වීදීයේ ශාඛාවේ මා නමට ඇති රහස් සේප්පුවක ඉතා වටිනා රහසක් මේ වනවිටත් හුදකලාවේ පවතිනවා… මා බැංකුවට සඳහන් කර ඇත්තේ මා හැරුණුකොට එම සේප්පුව විවෘත කිරීමට අවසර ඇත්තේ ඔබට පමණක් බවයි… ඉතින් ඔබ පමා නොවී එහි යන්න… පසුගිය විවේකී දිනෙක මා නිවසේදී ක්ෂීරපථ මන්දාකිණියේ තරු රටා පරීක්ශාකරමින් සිටින අතරේ මාගේ ප්‍රියතම තරුව කුමක්දැයි මා පැවසුවා ඔබට මතක ඇති… ඒ මන්දැයි ඔබ විමසූ අවස්ථාවේ එය මතු දිනෙක ඔබ දැනගනීවි යැයි මා පැවසුවා නේද..? ඉතින් ඒ තරුවේ නම යෙදීමෙන් ඔබට මෙම සේප්පුව විවෘත කිරීමට හැකිවේවි… ඉන්පසු ඔබට දකින්නට ලැබෙනුයේ එහි සුරැකිව තැන්පත් කර ඇති කලුපැහැ බ්‍රීෆ්කේසයක්…
හොඳින් අසන්න ස්ටීව්… දැන් ඔබ ඉදිරියේ ඇත්තේ මුළු මානව සංහතියටම මෙතෙක් දැනගන්නට ලැබෙන වටිනාම රහසයි… සමහරවිටෙක එය විශ්වයේම ලොකුම රහස වීමටත් පිළිවන්… ඔබව මෙතරම් අමාරුවක දමනවාට මට සමාවෙන්න මිත්‍රයා… මට ජීවත් වීමට ඇති කාලය දැන් අවසන්… හොඳයි දැන් මම ඔබට මෑතකදී තිළිණ කල ආදර්ශ රොකට්ටුව මතක් කරගන්න… එහි බඳේ රතු සහ නිල් පැහැයන්ගෙන් සඳහන්ව ඇති අංකය ඔබට මතක ඇති… එය අංකය ඇතුල් කිරීමෙන් ඔබට මෙම බ්‍රීෆ්කේසය විවෘත කිරීමට පිළිවන්…
ඔබ ඉන්පසුව කලයුතු දේ ගැන අමුතුවෙන් ඔබට කිවයුතුව ඇතැයි මා සිතන්නේ නැහැ…
මාගේ හිතාදර මිත්‍රයා ඔබ සමඟ ගතකල සෑම මොහොතක්ම සතුටක්ම වූයේමැයි..! මා ඉතින් සමුගන්නම්…
-නීල්
“රැස්වීමට සහභාගී නොවෙමි…!” නාසා ආයතනයේ පණිවුඩ හුවමාරු මෘදුකාංගය හරහා පුද්ගලික ලේකම්වරියට කෙටි පණිවුඩයක් යැවූ මම රියදුරා දෙසට හැරුනා…
“රාජේශ්… බෑන්ක් ඔෆ් ඇමෙරිකා 13 වෙනි වීදියේ බ්‍රාන්ච් එකට… මේ දැන්ම…”
-මතු සම්බන්ඬයි -
ප.ලි. : මෙය විද්‍යාප්‍රබන්ධ කැටගරියට අයත්දැයි මාහට පැහැදිලි නැහැ… එය එසේනම් විශ්වයේ රහස් හඹා ගිය ඒ අද්විතීය නියමුවාට මෙය උපහාරයක්ම වේවා…
දෙවනි කොටසට මෙතැනින්
කුතුහලය හොඳින් ඇවිස්සු රසවත් කතාවක්. දැන් නම් අර රහස දැනගැනීම සඳහා ඉතිරි ටික ලියන්ටම වෙනවා ස්ටීව්. :D
ReplyDeleteඒ අද්විතීය මිනිසාට මගෙත් උපහාරය!!!!!!
ඇත්තටම රසවත්. නිර්මාණාත්මකයි. අර බ්‍රීෆ්කේස් එක විවෘත කරනකම් විද්‍යාප්‍රබන්ධයක්ද කියලා නම් කියන්න බැරි වෙනවා. දැන් දැන් බ්ලොග් අවකාශයේ නිර්මාණාත්මක කතා වැඩි වැඩියෙන් බිහිවෙනවා. සුබපැතුම්. ජය...!
ReplyDeleteහැබැයි ඔන්න කිව්වා බිටලේ........... කුතුහලයේ අන්තිම කොනේ තියලා මේක නැවැත්තුවොත් ඕං මං නරකයි කියන්න එපා ඕං හරිද? :)
ReplyDeleteඅපූරූයි... අය්යා.. ඉතුරු ටිකත් ඉක්මනට දාන්න
ReplyDeleteඅප දැනටම අසා ඇති මිත්‍යාවන්ට(?) වඩා වෙනස් වූ මිත්‍යාවක්(?) බලාපොරොත්තුවෙමින්...
ReplyDeleteසුපිරිම ආරම්භයක්.. කැටගරිය මොකක් උනත් කමක් නෑ.. කැටගරි නැතත් කමක් නෑ ඉතුරු ටිකත් ලියන්න.. ජය!!
ReplyDeleteකුතුහලය, පුදුමය, දැනගැනීමේ නොඉවසිලිවන්ත බව මේ ඔක්කොම ඊළඟ කොටස වෙනකම් රැකගෙන ඉන්න වෙනවා.., ඒක මොනතරම් අපහසුදැයි දන්නේ මේ වගේ වටිනා බ්ලොග් කියවන අප මිසක ලියන උඹලා නොවේය. ;))
ReplyDeleteඒ නිසා හැකි ඉක්මනින් ඊළඟ කොටස දමනු හොඳා..!
ඒක මොනතරම් අපහසුදැයි දන්නේ මේ වගේ වටිනා බ්ලොග් කියවන අප මිසක ලියන උඹලා නොවේය. ;))//// +++++
Deleteඔය තියෙන්නෙ බීටලේ සුපිරි වැඩක්,
ReplyDeleteදැන් ඉතින් කියහන්කෝ ඔකේ මොනවද තියෙන්නේ කියලා
ඊලඟ කොටසත් කියවන්නම හිතෙනවා. ඒක නිසා පුළුවන් නම් ලිව්වට පස්සේ ලාංකිය හරහා දැනුවත් කරන්න. එතකොට ඉක්මනින් කියවන්න පුළුවන්. කතාව හොදයි.
ReplyDeleteබීටල් අයියා කලින් ලියපු නීල් ආම්ට්‍රෝන් ගැන කතාවත් තාම මට මතකයි. සරල විදියට විද්‍යා ප්‍රභන්ධ ලියන්න තියන හැකියාව උපරිමයි බීටලේ....
ReplyDeleteදෙවැනි කොටස එනකම් ඉතින් මාසයක් බලන් වෙයිද..? :)
ReplyDeleteඅපූරු නිර්මාණාත්මක ලිපියක් . කියවන්නා තුල කුතුහලය උපරිමව ඇති කරල තියනවා . ඉතිරියත් කියවන්න ආසවෙන් ඉන්නවා .
ReplyDeleteජය !
සුපිරිම කතාවක් ,මචෝ අර්ම්ස්ට්‍රොන්ගේ 7 දවසට කලින් ඊලග කොටස දාපන් හොදේ ....
ReplyDeleteසුපිරියි... උණුසුම පහව යන්න කලින් ඉතුරු කොටස් දාන්න හොදේ.
ReplyDelete++++
ReplyDeleteකියන්න වචන නෑ.. කතාව මාරම ලස්සනයි.. ඉතුරු කොටසුත් ඉක්මනට ඕන අයියේ..
ReplyDeleteවිද්‍යා ප්‍රබන්ධයක්ද රහස් පරීක්ෂක කතාවක්ද? :D දෙකේම මිශ්‍රණයක් වගේ. බලමු ඉතිරි කොටසුත්
ReplyDeleteස්තූතියි හැමදෙනාටම... අවසන් කොටස ඉක්මණින්ම ලියනවා...
ReplyDeleteමරු.............
ReplyDeleteනීල් ආම්ස්ට්‍රෝන් ජීවිතයෙන් සමුගත්තා වග ආරංචි වුනු ගමන් මට හිතුනෙ “ අපරාදේ මේ මනුස්සය රහස් හංගන් මැරුන නේද ? “ කියලා.
බීටල්...... ඔහෙ හරිම අපූරු ලියන්නෙක් යාළුවා.
ඇමරිකාව සහ රුසියාව හඳට යෑමේ සීතල යුද්ධයක නිරත වුන කාලයක්.කවුරුත් බැලුවේ “ මම එක “ වෙන්න. ඒ කියන්‍නෙ “ හඳ අයිති කර ගන්න “ තාක්ෂණය අතින් අපි තමා දියුණු , දැන් හඳත් අපේ ...කියල කියන්න.
ඉතින් ඔය යුද්ධෙ දි දිණුවා කියල බොරුවට පෙන්වන්න ඇමරිකාව වගේ කට්ට වෙට්ට පිත්තල රටකට බැරි වෙන්න විදිහක් නැහැ කියලා ඉස්සර ඉදල මට හිතුනා.
බලමු........
නියමයි.......ඉක්මනට දෙවනි කොටස බලාපොරොත්තු වෙනවා
ReplyDelete++++++++++++++++++
ReplyDeleteබොහොම රසවත් කතාවක් වගෙයි පේන්නේ. දිගටම ලියන්න.සුභ පැතුම්.....
ReplyDeleteපුංචි කාලෙ විදුසර පත්තරේ එනකම් ඇඟිල් ගැන ගැන ඉන්නෙ විද්‍යා ප්‍රබන්ධය කියවන්න.. ඒ කාලෙ වගේ ඊළඟ කොටස කියවන්න බලන් ඉන්නම්කො ඉතින් !
ReplyDeleteරහයි!
ReplyDeleteමූඩ් විනාශ කරල අපරාධ කරන්න එපා බං :-(
ReplyDeleteහොඳම හරියෙන් නවත්තලානේ.. අපරාදේ .... ලියපු ටික නම් එලස්ස්.. ඉතුරු ටිකත් බලමුකෝ
ReplyDeleteමං මේ සුදාගේ සිතුවිල්ලක් ලහින්
චැහ් උඹ අපේ ආතල් එක නිර්දය ලෙස කඩා බිඳ දැම්මනෙ!
ReplyDeletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)
කමෙන්ට් ටික විතරයි කියෙව්වේ. මේක, කතාවේ අවසාන කොටස පළවෙන දවසේ කියවන්න ගන්න ඕන ලිපියක්! :D
ReplyDeleteමෙහෙම දෙයක් හිතිච්ච උඹ අපූරු පොරක් නොවැ.. "යකාගෙ ලියුම" වගේ නොවෙයි කියලා හිතනවා..
ReplyDeleteහි හි මං මගේ කොමෙන්ට් එකේ යකාගේ ලියුම සිහි කරලා ටයිප් කරලා ආයේ මැකුවා.............. :)
Deleteඅපූරුයි සහෝ !
ReplyDeleteනියමයි ඈ.. :-)
ReplyDeleteහුග කාලෙකින් මේ පැත්තේ ආවේ...
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ඉතිරි කොටස ඉක්මට දාමු
ReplyDeleteබ්ලොග් වගුරේ පිපෙන මේ අකුරු නෙලුමට ආසා වෙන්න මේ නිර්මාණශීලීත්වය හා විවිදත්‍ය්වය හැර වෙන හේතු කුමටද . . . අපූරු ලියවිල්ලක් බීට්ල්
ReplyDeleteපලවෙනි කොටස කියවන්න දවස් දෙකක් පරක්කු උනාට දෙවැනි කොටස කියවන්න නම් ඒ තරම්ම පරක්කු වෙන්න බෑ
ReplyDeleteනියම ප්‍රබන්ධයක්. එකේ කතා දෙකක් නෑ. වරදක් දකිනවා කියල හිතන්න එපා. මේක විහිලු කතාවක් නොවෙන හින්ද අර
ReplyDelete//“ඉරහඳ පල්ලා අපි හඳට ගියා ස්ටීව්…”//
ඇමරිකන් කාරයෙක් මෙහෙම කියයිද ? ලංකාවේ අපි දිවුරන විදියටම ඒගොල්ලොත් දිවුරනව්ද ?
අනිත් එක නාසා ආයතනයේ ප්‍රධානියා ගමන් කරන වාහනේ අපේ වගේ ඩ්‍රයිවර් එක්ක කෙලින්ම කතා කරන තරම් සමීපයේ යන්නේ නැහැ නේද ?ලිමොසින් වගේ වාහනයක (අර පිටිපස්සේ හෝටල් කාමරයක් වගේ තියෙන) නේද යන්නේ. ඒ ගැන පොඩ්ඩක් සැලකිලිමත් වුනාන ඔබ 100% සාර්ථකයි. දැනුත් 99.99% ක් සාර්ථකයි.
කොටස් දෙකම කියෙව්වෙමි. විද්‍යා කියන්න අමාරුයි. න්මුත් ප්‍රබන්ධයක්. මරු කතාව ඒත් නැවතුණු විදිහ හොඳ මදි (මට නං)
ReplyDeleteදෙවෙනි පාරට මේ කියෙවුවෙ මගේ හිතේ...එත් කොහොමද කියල මතක නැහැ..
ReplyDeleteවිද්‍යා පුබන්දයක් රන්දිව පත්තරයේ පල කරවා ගැනිමට 0711913860 කතා කරන්න කාංචන මනමේනදු රන්දිව උප කර්තෘ
ReplyDelete