Wednesday, November 16, 2011

40. අවුරුදු දාහක් වයසැති හොල්මන | Thousand Year Old Ghost

 

LOTR_Fell030_ChristopherLee

 

ඔන්න එම මනුස්සයෙක් තමන්ගේ වයිෆ්ව එක්කගෙන ගියා ගොල්ෆ් ගහන හැටි කියලා දෙන්න… පුරුදුනැති කමට වයිපරේ ගහපු පාර මිස් ෆයර් වෙලා බෝලේ ඒ ළග තිවුණ ගෙදරක ජනේලේ වීදුරුවත් බිඳගෙන ඇතුළට ගියා…

දැන් ඉතින් මොකද කරන්නේ… මනුස්සයා ඉතින් කේන්තියටත් එක්ක වයිෆ්ට ටිකක් බැනලා එහෙම, දෙන්නත් එක්ක කතාවුණා ඒ ගෙදරට ගිහින් කතාකරලා බෝලේ ඉල්ලගන්න… හොරෙන්ම මගෑරලා යන එකත් හොඳ නෑනේ… දැන් දෙන්නම බයෙන් බයෙන් ගිහිල්ලා හිමීට දොරට තට්ටු කලා…

“ඇතුළට එන්න…!” වයසක මනුස්සයෙක් ගොරෝසු කටහඬකින් එහෙම කිව්වා…

දෙන්නත් එක්ක ඇතුළට ගියාම තමයි මෙයාලා දැක්කේ වෙලා තියෙන විනාසය… ජනේලෙත් බිඳගෙන ඇතුළට ආව ගොල්ෆ් බෝලේ ඇතුළේ ස්ටූල් එකක් උඩ තියලා තිවුණ බෝතලේකුත් පෙරලගෙන බිමට වැටිලා… බෝතලේ කුඩුවෙලා කෑලි සීසීකඩ…

“ඔයාලගෙද මේ බෝලේ…” බිම වැටිලා තියෙන ගොල්ෆ් බෝලේ ඇස්දෙකෙන් පෙන්නන ගමන් නාකි මනුස්සයා ඇහුවා…

“අනේ ඔව්… අපිට සමාවෙන්න…. මෙයා මේ පුරුදු නැතුව ගහපු පාර වැරදිලා මේ පැත්තටයි විසිවුනේ…” පිරිමි මනුස්සයා අහිංසක මූණක් මවාගෙන කිව්වා…

“හරි අපරාදයක්නේ…” වයිෆුත් ඉතින් බොරුවට හිමීට මිමිණුවා…

“නෑ නෑ නෑ….සමාව ඉල්ලන දෙයක් නෙවෙයි… හරිනම් මමයි ඔහේලාට ස්තූති කරන්න ඕනේ…” නාකි මනුස්සයා මෙහෙම කිව්වම කපල් එක පුදුම වුණා… නාකි මනුස්සයා දිගටම විස්තර කරන්න වුණා…

“මම ඇත්තම කියන්නම්… මම ඇත්ත මනුස්සයෙක් නෙවෙයි… හොල්මනක්… මාව මේ බෝතලෙ හිරකරලා තිබුණේ අවුරුදු දාහක් තිස්සේ… ඔහෙලාගෙ උදව්වෙන් ඔන්න දැන් මම නිදහස් වුණා.. තව සුභ ආරංචියක් තියෙනවා කියන්න… අවුරුදු දාහක් හිරවෙලා උන්න නිසා මම නිදහස් වෙද්දී මට ලැබෙනවා වර තුනක්… මෙහෙම කරමු… එක වරයක් මම තියාගන්නවා පුද්ගලික පාවිච්චියට… ඔහේලා මට කරපු උදව්ව වෙනුවෙන් ඉතුරු වර දෙක මම ඔහේලාට දෙනවා… ඉතින් කැමති ඕනෑම දෙයක් ඉල්ලන්න…”

නාකි මනුස්සයා මෙහෙම කිව්වම මේ දෙන්නට තේරුණා තමන්ට ලැබිලා තියෙන වාසනාවේ තරම… ටිකක් වෙලා කල්පනා කරපු පිරිමි මනුස්සයා මෙහෙම වරයක් ඉල්ලුවා…

“හොඳයි, මට එහෙනම් දෙන්න… හැම මාසෙම පළවෙනිදට මට රුපියල් ලක්ෂ සීයක් ලැබෙන්න ඕනේ…මම මැරෙනකල්ම…”

පොඩි වෙලාවක් මන්තරයක් වගේ එකක් මතුරපු නාකි මනුස්සයා මෙහෙම කිව්වා…

“ඔබේ බලාපොරොත්තුව ඉටුවේවි… එන පළවෙනිදා රෑ දොළහට කොට්ටේ යට බලන්න… හොහ් හොහ්… එතකොට ඔය ඇත්තිගේ ප්‍රාර්ථනාව මොකද්ද..?”

සතුට ඉහවහා ගිය ගෑනු කෙනා මෙහෙම කිව්වා…

“මට දෙන්න, මේ ලෝකේ හැම රටෙන්ම මට වටිනා ගෙයක් ගානේ…”

ආයෙත් මැතිරිල්ල… ඉන්පස්සේ නාකි මනුස්සයා මෙහෙම කිව්වා…

“හොහ් හොහ්… ඔබේ බලාපොරොත්තුව ඉටුවේවි… ගෙදර ගිහින් බලන්න ඇඳ උඩ ඇති ගෙවල් වල ඔප්පු තිරප්පු…”

දැන් දෙන්නටම හරි සතුටුයි…

“දැන් මොකද්ද ඔබ තුමාගේ වරය…?” ටික වෙලාවක් ගිය තැන අර මනුස්සයා ඇහුවා… නාකි මනුස්සයා තමන්ගේ රැවුල එහෙම අතගාලා මෙහෙම කිව්වා…

“ඇත්තම කිව්වොත් මම අවුරුදු දාහක් හිරවෙලා ඉඳලා ලොකු ලිංගික අවශ‍යතාවයකින් ඉන්නේ… මම කැමති ඔබේ බිරිදගෙන් ඒක ඉටුකරගන්න… ඔබලාගේ අකමැත්තක් නැත්තම් ඉතුරු පැය කීපය මම උඩුමහලේ ඇයත් එක්ක ගතකරනවා… එහෙම නැත්තම් මේ ලැබුණු දෙවල් අමතක කරලා ගොල්ෆ් බෝලෙත් අරන් යන්න පුළුවන්…”

දෙන්නම පුදුමෙන් මූණට මූණ බලාගත්තා… ටිකක් වෙලා කල්පනා කරමින් හිටි පිරිමි මනුස්සයා ඉස්සෙල්ලාම කටහඬ අවදි කලා…

“ඒයි… දැන් අපිට ජීවිතකාලෙටම ලබාගන්න බැරිදේවල් මේ ලැබිලා තියෙන්නේ… ඒත් ඉතින්.. අනේ මන්දා..? ඔයා මොකද කියන්නේ…? “

ගෑනු කෙනත් ඇඹරී ඇඹරී මෙහෙම කිව්වා…

“අනේ මන්දා… පොඩ්ඩක් මේ ලැබිලා තියෙන දේවල් ගැන හිතුවාම ඉතින්… අනික එක පාරක් විතරනේ… මට කැමති වෙන්න පුළුවන්… ඔයා මොකද කියන්නේ…? “

“මගේ අවුලක් නෑ ඉතින්… මම දන්නවා ඔයා මේදේ කරන්නේ මට තියෙන ආදරේටයි කියලා…” පිරිමි කෙනාත් එහෙම කැමැත්ත දුන්නා…

ඉතින් නාකි මනුස්සයා මෙයාව උඩුමහලට එක්කගෙන ගිහිල්ලා පැය කීපයක්ම ඇතිවෙන්න විනෝද වුණා… ඊට පස්සේ ගෑනු කෙනාව පහළට ගෙනල්ලා ඇරලලා මෙහෙම කිව්වා…

“ඔයාලා දෙන්නටම සුභ අනාගතයක් වේවා එහෙනම්…! යන්න ගිහින් සතුටින් ජීවත් වෙන්න…”

නාකි මනුස්සයට නොසෑහෙන්න ස්තූති කරපු මේ ජෝඩුව ගෙදරින් පිටත් වුණා…

ජෝඩුව ගේට්ටුව ගාවටත් ගියාට පස්සේ නාකි මනුස්සයා මෙහෙම ඇහුවා…

“ආ මම අහන්නමයි හිටියේ… ඔයාලගේ වයස හෙම කීයද..?”

“අපි දෙන්නටම තිස් පහයි… ඇයි ඒ…” පිරිමි මනුස්සයා උත්තර දුන්නා…

“නෑ අවුරුදු තිස්පහක් වෙලත් තාම හොල්මන් ගැන විශ්වාස කරන එකයි පුදුමේ…!”

නාකි මනුස්සයා කිව්වා…

 

ප.ලී. : හියැක් හූ… :D ඉංගිරිස් වර්ෂන් එක මට ඊයකින් ආවේ… කලින් අහලා තියේ නම් සොරි හොඳේ…

පිංතූරේ : http://bit.ly/rKAaf7 ලෝඩ් ඔෆ් ද රින්ග්ස්

18 comments :

  1. මරු කතාව!

    ReplyDelete
  2. කියවලා තියෙන්නෙ ඉංග්‍රීසි කොපිය.. නියමෙට සිංහලට පෙරලලා තියෙනවා ! නියම ට්‍රික් එක !

    ReplyDelete
  3. අරුන් දෙන්නට මොන හිතුනද දන්නේ නැ, පව් :D

    ReplyDelete
  4. හ්ම්....... කියවා ඇත.

    ReplyDelete
  5. අර ජෝඩුවට මොනවා හිතුනද දන්නේ නෑ.. අන්තිමට වයසක මනුස්සයාගේ වරය විතරයි ඉටු උනේ...

    ReplyDelete
  6. අම්මට සිරි .. මේක නම් පස්ටම කතාව .. හෙට වැඩට ගිහින් කියන්න කතාවක් ලැබුණා එල කිරි .. බොසාටත් කියන්න ඕන ..

    ReplyDelete
  7. අප්පා, තන්හාව ශෝකය උපදවනවලු නේද? මේ තියෙන්නෙ අලුත්තාලේ කතාවක් ඒ ගැන.

    ReplyDelete
  8. මාත් කියවලා නං තියෙනවා. ඇත්තට මුලින් ම කියවාගෙන යද්දි මාරයි කිය කියා හිතපු තැන්, දෙවැනියට කියවාගෙන යද්දි කට කොනකට හිනාවක් නංවලා, අනේ මෙහෙමත් හරක් කියලා හිතවන හැටි නේද?

    පරිවර්තනය අතිවිශිෂ්ටයිනේ බිට්ල්

    ReplyDelete
  9. මටත් ඕක ඇවිත් තිබුණා බීටලේ.........:D

    ReplyDelete
  10. “නෑ අවුරුදු තිස්පහක් වෙලත් තාම හොල්මන් ගැන විශ්වාස කරන එකයි පුදුමේ…!”
    නාකි මනුස්සයා කිව්වා…

    ගෑනු කෙනා ඉවතබලාගෙන හොරෙන් සිනාසුනා...

    ReplyDelete
  11. හික්.
    තිස්ස කියන විධියට තව තව දේවල් වෙන්න ඇතිනෙ.

    ReplyDelete
  12. මට තව අවුරුදු පනහක් හැටක් විතර ගියාමත් මේ කතාව මතක තියෙයිද ?

    ReplyDelete
  13. හක්කිස් :) ඈෆූ..... බීට්ල් ...............:)

    ReplyDelete
  14. සුබම සුබ උපන් දිනයක් බීටල් ...

    ReplyDelete
  15. හෆොයි . . .

    වලක් කපාගෙන එතනම මැරෙන්න හිතෙන්න ඇති බන් . . හික් හික් හික්

    ReplyDelete
  16. අයියෝ පච් අනේ

    ReplyDelete
  17. අපොයී. :D :D ගෑණු මනුස්සයට කෙසේ වෙතත් මිහිහට කෑගැසෙන්න ඇති.:D

    ReplyDelete

Web Statistics