
මම සාමාන්‍යයෙන් චිත්‍රපටි බලන්නේ ගෙදර ඉඳන්… බොහෝ දුරට ටොරන්ට් හරහා නීති විරෝධීව… මේ නීති විරෝධී කේස් එක ගැනත් ගොඩක් දේ අන්තර්ජාලයේ කතාවෙනවා… කෙනෙක් වෙළඳපොලෙන් පොරවක් ගත්තාම එහා ගෙදර මනුස්සයාටත් ඒක පාවිච්චි කරන්න දෙනවානම් පොරොව හදපු නිෂ්පාදකයාට ඒ ක්‍රියාවට විරුද්ධ වෙලා එහා ගෙදර කෙනාත් අපෙන් අලුත් පොරවක් ගන්න ඕනේ කියලා නීති දාන්න බෑ කියලා ඔය නීතිවිරෝධී ටොරන්ට් වලට පක්ෂව කතාකරන අය අන්තර්ජාලයේ කියලා තිබුණා මම දැක්කා… මමනම් ඕවා ගැන ගොඩක් ගැඹුරින් හිතන්න යන්නේ නෑ… ඒ හින්දා ඔන්න ඔහේ නීති විරෝධී වැඩක් කියලාම කියමුකෝ…
කොහොමහරි, ඔය විදියට චිත්‍රපටි බලද්දී තියෙන ලොකුම පාඩුව රිලීස් වෙන සැනින් බලන්න වෙන්නේ නෑ… හොඳ කොපි එනකල් ඉවසීමෙන් ඉන්න වෙනවා… ඒත් බලන්න චිත්‍රපටි ගොඩක් තියෙනවානම් මේක ප්‍රශ්නයක් නෙමෙයි… මොකද අලුත් චිත්‍රපටි වල හොඳ කොපි එනකල් බලන්න ඊට පොඩ්ඩක් පරණ චිත්‍රපටි තියෙන නිසා…
ඔහොම බලන්න මම චිත්‍රපටි තෝරගන්නේ කොහොමද, සාමාන්යෙන් චිත්‍රපටිය රිලිස් වෙද්දී ට්‍රේලර් එක බලනවා… ඒක හොඳයිනම් ඒ චිත්‍රපටිය වොච්-ලිස්ට් එකකට සේව් කරගන්නවා… ඉන්පස්සේ ටොරන්ට් රිලීස් වෙන විදියට රේටින් වැඩිම ෆිල්ම් එකේ ඉඳන් බලනවා…ඉතින් මෙහෙම වෙද්දී සමහර ඒවා පෝලිම පනිනවා… සමහර ඒවා අවුරුද්ද ඉවර වෙනකලුත් පෝළිමේ…... දළාදා මාලිගාවේ තේවාව කරනවා වගේ අකුරටම මේක වෙන්නේ නෑ ඉතින්… සාමාන්‍යෙයෙන් වෙන්නේ එහෙම…
මම නෝට් කරලා තියෙන දෙයක් බොහෝවිට චිත්‍රපටි බලන අය පොත් කියවනවා අඩුයි... පොත් කියවන අය චිත්‍රපටි බලනවා අඩුයි... සයිකෝලොජිකල් කේස් එකක්ද දන්නේ නෑ... චිත්‍රපටිවල රූපය හදලා දෙනවානේ...පොතකනම් තමන්ට ගැලපෙන විදියට හිතින් මවා ගන්නවා... කොහොමහරි, මගේ පොත් කියවන යාලුවෙක් මේකනම් ලස්සන පොතක් කියලා රෙකම්න්ඩ් කලාම මම කරන්නේ ඒක අනුසාරයෙන් චිත්‍රපටියක් හදලා තියෙනවාද කියලා හොයලා තියෙනවානම් ඒක බලන එකයි...
දැන් ඇනෝ මිතුරාටත් එක්කම මාර්තු මාසේ ඉවර වෙද්දී මට බලන්න වොච් ලිස්ට් එකේ එකතු වෙලා තියෙන ෆිල්ම් ලිස්ට් එක දාන්නම්…ඔබටත් හිතට අල්ලන චිත්‍රපටියක් තිබුණොත් බලන්න...
මම බලපු චිත්‍රපටි ඩිලීට් කරන නිසා මෙතන නැහැ…
ප.ලි. ; ඔබ චිත්‍රපටි බලන්නේ නැතිනම්, සමාවෙන්න බයිට් කෑවානම් :D හැබැයි මේ පිංතූර සේරගෙම එකතුව මෙගා බයිට් එකක් වත් නෑ...