Monday, September 16, 2013

82. බලාපොරොත්තුව…



හිතුමතේ ජීවිතේ,

ගිහින් එන්නම් කියලා කිව්වේ නැතත්...
උඹ ගිය හැම සැරේකම...
ගියාටත් වඩා සතුටින්...
ආපහු දුවගෙන එන බව...
මම දැනගෙන හිටියා...
උඹ ඒ විදියටම ආවා...

ජීවිතාන්තෙටම හිරගෙදර හිටිය
උඹෙන් උන්ට ගන්න බැරිවුණ
එකම දේත් ඒක...
ජීවිතය...

අන්තිමේ උන් දින බලලා
හරියටම ඒකම උඹෙන් උදුරගත්ත හැටි...
 
නඩුවක් අහන්නැතුවම....
මේ කූරු වලින් එහාපැත්තේ...
විසල් හිර කූඩුවේ...දැන් උන් උඹව හිරකරයි...
දරුණු අපරාධකාරයොත් එක්ක...
 
පරිස්සමෙන්...!

ඉගෙනගනින් මුල ඉඳන් හැම දෙයක්ම...
මෙහෙ වගේ නෙමේ ඔහේ...
නෑ කිසි පිළිවෙළක් ...
පළවෙනි රෑ තමයි අමාරුම...
යකඩ කූරු නැති කාමරේක
නිදියන පළවෙනි දවසේ
අමුත්තක් දැනෙයි..ඉවසපං...!

මොනවා නැතත්...
එක දෙයක් නැති නොකර තියාගනින්...
බලාපොරොත්තුව...!
 
මෙහෙදි උඹව ජීවත් කරවපු...
එකම දේත් ඒක...
ඔහෙදි උඹට වැඩියම...
අවශ්‍යය වෙන දේත් ඒක...

මම,
උඹ නැති සොවින් තැවෙන,
උඹේ සෙල් එක.

image : gossip9

11 comments :

  1. Shawshank Redemption මූවී එකේත් තියෙනවා ඔය දීර්ඝකාලීන හිරකාරයන්ට සාමාන්‍ය ජීවිතයට අනුගත් වෙන්න බැරි ප්‍රශ්නය ගැන.

    ReplyDelete
  2. //විසල් හිර කූඩුවේ...දැන් උන් උඹව හිරකරයි... දරුණු අපරාධකාරයොත් එක්ක... පරිස්සමෙන්...//

    හරිම ඇත්ත.
    අද වෙනස්ම සිතුවිල්ලක්!!!

    ReplyDelete
  3. අර කට යට තුවාල වෙල තියෙන්නෙ මොකෝ දන් නැහැ නේ..?

    ReplyDelete
  4. කිව්වත් වගේ Shawshank Redemption ආයෙත් බලන්න ඕන...

    ReplyDelete
  5. නියම නිර්මානයක්.

    ඔය කස්ටිය කියන ෆිල්ම් එක හොයන්න වෙයි දැන්..

    ජය !

    ReplyDelete
  6. එක පාරට කියෙව්වම හිතා ගන්න බැරි උනා මේක ඇතුලට ගියපු එකක් ද, එලියට ආපු එකක් ද කියල. :) :) හොඳට ලියල තියෙනව බීටලේ!

    ReplyDelete
  7. ඇත්තටම. වයසට ගියාම දීර්ඝ කාලීනව ඕකෙ ඇතුලෙ අය එලියට එන්න කැමති නෑ. එයාල්ගේ ජීවිතේ එයාලගේ ලෝකෙ ඒක. එයිට මෙහා ලෝකෙට අලුතෙන්ම අනුගත වෙන්න ඒ මිනිස්සුන්ට අමාරුයි. කකා කියපු චිත්‍රපටයේ හොඳට ඒක මතු කරලා පෙන්නනවා.ඒ ජීවිතය දරා ගන්න බැරි එක මනුස්සයෙක් කරන්නේ සියදිවි හානි කරගන්න එක. ලස්සන චිත්‍රපටයක්!

    ReplyDelete
  8. අන්තිම පේලියට එනකල්ම තිබ්බ අදහස යූ ටර්න් එකක් ගහලා ආපහු ගියා. මාරයි.

    ReplyDelete
  9. හිරෙන් එලියෙ ඉන්නෙ නියම අපරාධ කාරයෝ නිසා බොහොම කාලෝචිතයි.

    ReplyDelete
  10. මේ ලඟදි කියල තිබුණ අවුරුදු 70ට වැඩි වයසෙ , දිගු කාලයක් හිරේ හිටිය මිනිස්සුන්ව නිදහස් කරන්න හදනව කියල. මේ විදිහට බලනකොට දිග කාලයක් හිරේ ඉන්න පුරුදුවුන වයසක අයට එලියට ඇවිත් කරන්න දෙයක් නැහැනෙ.සමහරවිට බිරිඳ මියගිහින් හරි වෙන කෙනෙක් එක්ක ජීවත් වෙනව ඇති.දරුමල්ලො ලොකු වෙලා එයාලගෙ ලෝක වෙනස්නෙ ඉතින් ඒ වගේ වෙලාවට නිදහස් ජීවිතයක් සැනසිල්ලක් නෙවෙයි වදයක් වෙන්න පුලුවන්.....

    ReplyDelete
  11. Shawshank Redemption මතක් වුණා! :)

    ReplyDelete

Web Statistics