Saturday, August 24, 2013

81. Now You See ME

ගැටවර වයසේදී අපි බොහෝදෙනා ආශාකරන සමහර දේ කාලයත් සමඟ අප වියපත් වෙද්දී පහව යනවා… හරියට රැප් සංගීතය, WWE රෙස්ලින් වගේ දේවල්… ඒත් සමහරදේ කෙතරම් කාලයක් ගතවුණත් අපෙන් දුරස් වෙන්නේ නෑ… එලෙස ගැටවර වියේ ඉඳන්ම තවමත් මම ආසාකරන එවැනි දේවල් අතරින් දෙකක් මේ සටහනට අදාලයි… මේ දෙක එකිනෙකට සම්බන්ධ වේයැයි හිතන්නට අපහසුයි… ඉන් එකක් නම් බැංකු මංකොල්ලයි… අනෙක මැජික්… සැබෑ ජීවිතයේදී බැංකු මංකොල්ල පිළිබඳ ආශාව ඉටුකරගැනීමට යෑම භයානක නිසා එය මට ළඟාකරගන්නට සිදුවී තිබෙන්නේ චිත්‍රපටිවලින්… මැජික් නම්, අන්තර්ජාලයේ සැලකියයුතු තරම් සම්පත් ප්‍රමාණයක් ඇති නිසා උනන්දුව ඇතිනම් නිතර ඇසුරු කලහැකියි… ඊට අමතරව ළඟා වියහැකි දුරක ඇති මැජික් සංදර්ශනයක් මට මඟහැරෙන්නේ කළාතුරකින්…

ඉතින් මේ ගැන සදහන් කරන්නට හිතුවේ ඊයේ මම නැරඹූ චිත්‍රපටියක් මට ආසන්න වශයෙන් සුරතාන්තයක් ළඟා කරදෙන්නට තරම් වුන නිසයි… ඒ මම ඉහත සඳහන් කළ එකිනෙකට සම්බන්ධ නැති මගේ ෆැන්ටසි දෙක මෙම චිත්‍රපටියෙදි එකට එක්වීම නිසා…  මැජික් ශිල්පීන් විසින් කරන බැංකු මංකොල්ලයක්…! පුද්ගලිකව මටනම් ඊට වඩා ලස්සන වැඩක් මේ ලෝකේ තිබිය නොහැකියි…!

බොහෝ විචාරකයන් මේ චිත්‍රපටය ගැන සුබවාදීව බලන්නේ නැහැ… ඉන්සෙප්ෂන්, ෂටර් අයිලන්ඩ්  වැනි නැවත නැවත් සිතමින් රසවිඳිය හැකි ප්ලොට් එකක් නැතිවා වුනත්, පුද්ගලිකව මා නම් මෙම චිත්‍රපටිය ගොඩක් රසවිඳිබව කිවයුතුයි…

කතාව කෙටියෙන් කියනවා නම් Four Horseman කියන්නේ ස්ට්‍රීට් මැජික් ශිල්පීන් හතරදෙනෙකුගේ එකතුවක්… ඔවුන්ගේ පළවෙනි රියැලටි මැජික් ශෝ එක ලෙස ඔවුන් ඉදිරිපත් කරන්නේ ඇමෙරිකාවේ ලාස් වේගාස් වල සංදර්ශන වේදීකාවේ සිට සජීවීව පැරිසියේ බැංකුවක් මංකොල්ල කා මුදල් රැගෙන ඒම… මේ ක්‍රියාදාමයෙන් අනතුරුව FBI හා Interpol ඒජන්තවරුන් දෙදෙනෙකු වන Dylan (Mark Ruffalo) සහ Alma (Mélanie Laurent) එක්ව ඔවුන්ව අත් අඩංගුවට ගත්තත් ඔවුන් බැංකුව කොල්ලකෑ මැජික් එක සාක්ෂි සහිතව උසාවියට පැහැදිලි කල නොහැකි නිසා ඔවුන් නිදහස් කෙරෙනවා… අනතුරුව මේ දෙදෙනා පිහිට පතන්නේ මැජික් ට්‍රික්ස් හෙළිකරන්නෙකු ලෙස තම ජීවිකාව ගෙනියන Thaddeus (Morgan Freeman) ගෙන්… ඔහු Four Horsemanලාගේ බැංකු මංකොල්ලය පිළිබඳ මැජික් ට්‍රික් එක පැහැදිලි කර පෙන්වනවා… මේ අතරේ Four Horsemanලා මීට නොදෙවෙනි තවත් මැජික් සංදර්ශන දෙකක් ඉදිරිපත් කරනවා… Thaddeus  ඔවුන් පසුපස හඹායන්නේ ඒ මැජික් උපායනුත් හෙළි කරගන්න අටියෙන්… මේ අතරේ Dylan සහ Alma මොවුන් කොටුකරගැනීමට මඟක් පාදාගැනීමට උත්සාහා කරනවා… Alma විශ්වාස කරන්නේ The Eye නම් සුපිරි රහස් මැජික් කවයකට සුදුසුකම් ලබාගැනීම සදහා මොවුන් මේ මැජික් සංදර්ශන පවත්වන බවයි… නමුත් Dylan ගේ අදහස මැජික් සංදර්ශන හරහා කෙරෙන මේ දැවැන්ත මංකොල්ල එකිනෙකට සම්බන්ධ බවත් මේ හරහා සුක්ෂම ලෙස කවරෙකු හෝ තමන්ගේ තරහාකාරයෙකුන් පළිගන්නා බවයි… Alma විශ්වාස කරන පරිදි Four Horseman  කණ්ඩායමට The Eye හි දොරටු විවරවේද..? නැතිනම් ඔවුන් පසුපස ක්‍රියාත්මක වෙන අදිසි මිනිසා කවුදැයි Dylan ට හෙළිකරගත හැකිවේද…? Thaddeus ට Four Hourseman ලාගේ රහස ලෝකයට හෙළිකරන්න හැකිවේවිද…? මේ සියල්ලට පිළිතුරු සොයාගන්න චිත්‍රපටිය බලන්නම වෙනවා…

වෙලාව ඇතිනම් නරඹන්න… මේ ඔබ නරඹන හොදම මිස්ට්‍රි ත්‍රිලර් චිත්‍රපටිය නොවෙන්නට පුළුවන්… නමුත් මෙය නරකම එක වෙන්නත් විදියක් නැහැ… විමසිල්ලෙන් නැරඹුවේ නැතිනම් කතාවේ ඇති සියුම් ඩීටේල්ස් මගැහැරෙන්නට පිළිවන්… මම බැලුවේ නම් ඉංග්‍රිසි උපසිරැසිත් එක්කයි…

මෙන්න ට්‍රෙලර් එක…

 

හොරෙන් බලන්න කැමති අයට…මේ ටොරන්ට් එක හොඳයි… (චිත්‍රපටිය අවසානයේ නම් දාලා ඉවරවුනාට පස්සේ පොඩි පෝස්ට් ක්‍රෙඩිට්ස් සීන් එකක් තියෙනවා… ඒක මේ ටොරන්ට් එකේ නෑ… යූ ටියුබ් එකේ තියෙනවා… )

https://kickass.to/now-you-see-me-2013-extended-rerip-720p-brrip-x264-yify-t7763734.html

 

ප.ලි. :

ඔබ මැජික් ප්‍රිය කරන, ඩුබායි අවට සිටින්නෙක්නම් ලෝකයේ දැනට ප්‍රදර්ශණය කෙරෙන දැවැන්තම මැජික් සංදර්ශනයක් අගොස්තු 28 වනදා සිට ඩුබායි පැවැත්වෙනවා… වැඩි විස්තර මෙතැනින්

 

 

Come in close…because the more you think you see…the easier it’ll be to fool you…look closely… because the closer you think you are…the less you’ll actually see…

33 comments :

  1. ප.ප.ලි.

    සිංහල සබ් එක්ක බයිස්කෝප් අඩවියේ තියෙනවා...

    http://www.baiscopelk.com/?p=30184

    ReplyDelete
  2. මේ ෆිල්ම් එක බලන්න කියල කීප සැරයක්ම හෝල් එකට ගියත් ඒ වෙනුවට වෙන මොකක් හරි බලල අනිතිමට ගෙදර ආවෙ
    කොහොම හරි ඉතින් බලන්න හම්බවුනේ නෑ
    දැන් ඉතින් ඩවුන්ලෝඩ් කරලවත් බලන්න ඕනෙ

    ReplyDelete
    Replies
    1. ජරාව බලලා ආවා නේ ... :)

      Delete
  3. මමත් ඊයේ බැලුවේ. මටත් අල්ලලා ගියා!

    ReplyDelete
    Replies
    1. ඇත්ත බැලුවට පස්සෙත් ටිකක් වෙලා හිතන්න වෙන විදිහේ අවසානයක් තිබ්බනම් මේ ෆිල්ම් එක කියලා වැඩක් නෑ!

      Delete
    2. හ්ම්ම්... සමහරවිට හේතුවක් තියෙන්නත් ඇති පූසා... ෂර්ලොක් හෝම්ස් කතාවල අන්තිමට අපරාධේ එලීකරපු විදිය කියන්නේ නැතුව ඉඟි දීලා හිතලා බලන්න කිව්වොත් ඒක හෙන අවුලක් වෙනවනේ...

      Delete
  4. එනකම් බලා හිටිය ෆිල්ම් එකක්..!
    බාගෙන යන ගමන්..,
    ස්තූතියි බීටා..,
    උඹ හැමදාම දෙන්න අලුත් දෙයක්..!

    ReplyDelete
  5. මාත් දැම්මා ඩවුන්ලෝඩ් වෙන්න.. මේ වගේ මිස්ට්‍රි ෆිල්ම් නං ඉතිං මොනා උනත් මං කට ඇරන් බලන එකනේ... හි හි

    ReplyDelete
  6. ස්තූතියි...

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. එසේම වේවා... ස්තුතියි සාතන්...

      Delete
  7. මටත් ඔය බැංකු කඩන කේස් වලට නම් පට්ට ආසාවක් තියෙන්නෙ... ෆිල්ම් එක නම් දැන්මම දාන්න ඕන ඩවුන්ලෝඩ් වෙන්න.. ස්තූතියි ඔත්තුව දුන්නට..

    ReplyDelete
  8. මම කාලෙකට කලින් හින්දි ෆිල්ම් එකක් බැලුවා අන්දයො කට්ටියක්ව දාලා බැංකුවක් කඩන්න ප්ලෑන් කරණ. මැජික් කාරයො බැංකු කැඩීමත් හොඳ කන්සෙප්ට් එකක්.

    ReplyDelete
    Replies
    1. මොකක්ද මන්දා බන් මම ඉතින් ෆිල්ම් බලන්නෑනෙ, දැක්කොත් මිසක්. ඕකත් ඒ වගේ අහම්බෙන් මැදක ඉඳන් දැකපු එකක්..

      Delete
  9. කාලෙකින් බලපු හොඳ ෆිල්ම් එකක්. හබැයි මට හිතුනෙ මේකෙ තිර රචකය දවස පුරාම මහන්සි වෙලා කතාව ලියල අවසානය ලියන්න එද්දි හදිසියෙ වැසිකිලියට යන්න ඕන වෙලා ඉක්මනට අවසාන කරල ගියා වගේ!!

    ReplyDelete
    Replies
    1. ඔව් මුහුදු අවසානය තමයි හැමෝටම අවුල්...

      Delete
  10. // එලෙස ගැටවර වියේ ඉඳන්ම තවමත් මම ආසාකරන එවැනි දේවල් අතරින් දෙකක් මේ සටහනට අදාලයි… මේ දෙක එකිනෙකට සම්බන්ධ වේයැයි හිතන්නට අපහසුයි… ඉන් එකක් නම් බැංකු මංකොල්ලයි… අනෙක මැජික්…//

    ඔයා නම් කොහොමත් Magician කෙනෙක් තමා. බලන්ටකෝ මේ සටහනේ ලස්සන...:D

    ලස්සන ෆිල්ම් එකක්. ඉක්මන්ට බලනට ඕනි.:)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පොඩ්ඩි...

      මැජික් කියද්දි මතක් වුනේ... පොඩ්ඩි දැන් අහවලා ඕෆ් වෙලා එද්දී කෑම මේසේ පිරෙන්නම කෑම හදලා තියලා කොහොමද මෙච්චර රසට උයන්නේ කියලා එයා අහද්දී "මැජික්...!" කියලා උත්තර දෙනවලු නේ..?

      Delete
  11. අදාම් ඩවුන්ලෝඩ් වෙන්න දාලා පුලුවන් උනොත් අදම බලනවා.

    උඹ කියපු විදිහ ට මේක බලනකම් ඉවසිල්ලක් නෑ වගේ.

    අඩේ මැජික් සංදර්ෂනේ බලනන් යන්න වෙන්න නෑ මචෝ පුතායි නදීෂයි ඇවිත් ඉඳලා ආපහු රෙසිඩෙන්ට් වීසා වලට එන්න ඕන නිසා සතියකට ලංකාවට ගියා.

    එයාලා එන්නේ ලබන සතියේ මුල.

    එයාලා නැතුව යන්න බෑ බෑ වගේ බන්

    තැන්කූ ඈ ෆිල්ම් එකේ ඔත්තුවට

    ReplyDelete
    Replies
    1. එල මචං... යන්න නදීෂායි පුතයි නැතුවට ඔය කම්මැලිකමේ රුචා ඉන්නේ... :)

      Delete
  12. හරි අදම බලනවා. මීට කලින් The Bank Job බලලා තියෙනවා. මට තියෙන ප්‍රශ්නේ තමයි මැජික් කාරයොන්ට ඇයි සල්ලි මවන්න බැරි ? කියන එක.

    ReplyDelete
    Replies
    1. මැජික් කාරයෝ කියන්නේ මැවුම් කාරයෝ නෙමෙයි. ඇස්බැන්දුම් කරන්නෝ. සුදීකතාම මොන්ටිසෝරි මානසිකත්වයක ඉන්නේ.

      Delete
    2. ඔව් මෙතන අපි මේ කතාවෙන මැජික් කියලා අදහස් කරන්නේ ඇස්බැන්දුම්... ප්‍රේක්ශකයා රවටනවා විනා මොකුත් මවන්න බැහැනේ... හරියට පලපුරුදු කෝකියෙක් කෑම උයනවා වගේ සමහරු දැනට තියෙන ජනප්‍රිය කෑමම ආයේ හදනවා... තව සමහරු ඒවායින් අලුත් අත්හදා බැලීම් කරලා වෙන අය මීට කලින් හදලා නැති කෑම හදනවා...

      Delete
  13. කෝ ඉතින් බැංකු මංකොල්ලෙකට පැලෑනක් තාමත් උබෙන් නෑ නේ බීටෝ

    ReplyDelete
    Replies
    1. වෙලාව ආවම කියන්නම්... උඹ රෙඩි වෙලා ඉඳපන්කෝ... :D

      Delete
    2. මාවත් ලිස්ට් එකට දාගනින්...

      Delete
    3. මෙන්න මිනිස්සු :D

      Delete
    4. සල්ලි මලු ටික කරගන්න හරි මාත් එන්නම්

      Delete
  14. මමත් බලන්නමයි ඉන්නේ... හැබැයි මට හෝල් එකකට ගිහින් බලන්න ලේසියෙන් ඉඩක් ලැබෙන්නේ නෑ.. ඒ නිසා ඩීවීඩී ආවහම තමයි බලන්නේ...

    ReplyDelete
    Replies
    1. මේ මාසේ මුල ඩීවීඩී එකත් රිලීස් වුනා... ඔස්ට්‍රේලියාවේ තවම නැහැ මම හිතන්නේ...

      Delete
  15. මම බැලුවා ..කතාව සිරා... අන්තිමේදී හල්ක් උන්නැහේව විරය කරන්න ඕනේ වෙච්ච නිසාද මන්ද කතාව චාටර් කරලා ... Woody Harrelson (Merritt McKinney) ගෙයි හල්ක් උන්නැහෙගෙයි චාරිත දෙක මාරු කරලා හලක් උන්නැහේව වීරයා කළා නම් හරි කියල මට හිතුනා .. කොහොම වුනත් කාලෙකට පස්සේ අමුතු විදියේ ෆිල්ම් එකක් බැලුවා ...

    ReplyDelete

Web Statistics