Saturday, March 17, 2012

50. වැරදිකරුවන් නැති අපරාධ



“කෑ… කෑ… මොකද්ද ඒ සද්දේ ගෝරියක්ද…?”

අතට ගත් බත් කට මුවට රුවා ගැනීමට ප්‍රමාද වෙන තාත්තා අසන්නේ රාත්‍රී අඳුරට කන් යොමාගෙනයි… තමා හිඳගෙන සිටි පුටුවෙන් අකමැත්තෙන් නැගිටින අම්මා කලුසුදු රූපවාහිනියේ ශබ්ධය අඩු කිරීමට පියමනිද්දී ඔවුනට හොරෙන් මිදුලට පැනගන්නා මට ඕවිට දෙසින් ඇසෙන කෑගෑමක හඬ පැහැදිලිව ඇසේ…  නිවස දෙසට වරක් නෙත් හෙලන මා දෙමාපියන් නැති බව සැක හැර දැනගෙන සිතේ ඇඳි ඇති මං සළකුණු ඔස්සේ කළුවරේම ඕවිට දෙසට  පිම්මේ දිවයමි…

“හැමදාම හොඳින් කිව්වා හැදෙන පාටක් නෑ… නාකි පරයා තෝ අද තමයි මගෙන් පාඩමක් ඉගෙන ගන්නේ…”

ඕවිටට ලංවෙන විට මාගේ වේගය බාල වෙද්දී ඉන් ඔබ්බෙහි වූ කෙසෙල් පඳුරු අසල කඩුවක් ලෙලවමින් කෑගසන රුව සෝමේ මාමාගේ බව මා හඳුනාගන්නේ ඔහුගේ කටහඬිනි… ඔහු නාකි පරයා යැයි ඇමතුවේ අන් කවරෙකුත් නොව ඕවිටේ පැල් කොටයක් අටවාගෙන සිටින අසූ වියට වැඩි මිස අඩු නොවූ තේමිස් සීයාට බව වටහා ගැනීමටද මට අපහසුවක් නොවේ… සෝමේ මාමාගේ ඉඩම මායිමේ ඇති මේ ඕවිටට අනවසරයෙන් පැමිනි තේමිස් සීයා පැලක් අටවා ගත්තේ කෙදිනදැයි මා නොදනිමි… ඔහු අනවසරයෙන් සිටිනවායැයි මා දන්නේත් සෝමේ මාමා බොහෝ වාරයක් එසේ තාත්තා සමග පවසනු මා අසා ඇති නිසාවෙනි… හරිහමන් මායිමක් නැති සෝමේ මාමාගේ ඉඩම් කට්ටිය දෙසට වන්නට තේමිස් සීයා කෙසෙල් පඳුරු ඉන්දවන බවටත්, දිගින් දිගටම කෙරුනු අවවාද ටිකෙන් ටික නොහොඳ නෝක්කාඩු වලටද ඉන් ඉක්බිති රණ්ඩු සරුවල් වලට පෙරලුනු අයුරුත් ඔබ්බෙහි ජීවත් වූ අපට රහසක් නොවීය…

කෙසෙල් පඳුරු කීපයක්ම කැති ගෑ සෝමේ මාමා මීළඟ පඳුර දෙසට හැරුණා පමණි… පැල කොටයෙන් මතුවූ තේමිස් සීයා ඒ දෙසට ගෑටුවේ අත රැඳි මන්නයක්ද සමඟිනි… කෙසෙල් පඳුරු කැති ගාමින් සිටි සෝමේ මමා ඔහුව නොදැක්කෙන් පිටිපසින් පැමිණි තේමිස් සීයා සෝමේ මාමාට මන්නෙන් කෙටීය… වෙනකෙකුගේ නම් දිවි තොර කිරීමට තරම් මන්නය ප්‍රමාණවත් වුවත්, අබල දුබල තේමිස් සීයාට සෝමේ මාමාට මරණිය තුවාලයක් සිදුකිරීමට තරම් වාරුවක් තිබුණේ නැති… තම පිට දෙසින් දැනුනු සංවේදනයෙන් හැරී බැලූ සෝමේ මාමාට තේමිස් සීයා තමාට පහර දෙන්නට පැමිණි වග වටහා ගන්නට ඇතැයි සිතමි…

“මුගේ අම්මට හැමිනෙන්ඩ…. යකෝ… **********”

කටින් කුණුහරුප වැලක් ඇදබෑ ඔහු කඩුවේ පැතලි පැත්තෙන් තේමිස් සීයාගේ පිට මැද්දෑවට දෙකකුත් ඉන් ඉක්බිති අත රැඳි මන්නය විසිවී වැලි පොලවේ හතර ගාතයෙන් පතබෑවෙන සේ වයසක උන්දෑගේ තට්ටම හරහා පා පහරක්ද එල්ල කලෙන් මට අනේ අපොයි කියැවිණි… ඔහුව බේරා ගැනීම්ට කොර අනිමින් පැමිණි තේමිස් ආච්චිට එල්ල කල අනෙත් පා පහරින් උන්දෑද කෙහෙල් ගහක් කපා දැමුවාක් සේ ඇද වැටුනේ මුවින් කිසිඳු හඩක් නොනගමිනි…

මා මෙන්ම කලබලය ඇසී ඒ දෙසට දිවවිත් අඳුරේ සිට මේ සිදුවීම් පෙල  නරඹමින් සිටි ගම්මු අතරෙහි වූ ගමේ ගස් කපන්නෙකු වන ගොත උපාලිට මෙය තවත් බලා ඉන්නට නොහැකි නිසාදෝ ගස් කපන අත්පොරවද රැගෙන ඉදිරියට පැන්නේ මේ අතරේයි…

“නා…. නා… නා… නාකින්ට ගහන්නේ යකෝ… ගහපියකෝ අපි වගේ එකෙකුට…”

තේමිස් සීයාගේ අතේ වරදක් ඇති බව දන්නා නිසාදෝ උපාලි තේමිස් සීයාගේ පැත්තට කතා නොකර ගොත ගසමින් එසේ පැවසීය… ඉදිරියට පැමිනි ගොත උපාලි දෙස මද වේලාවක් බලා සිටි සෝමේ මාමා පිළිතුරු දුන්නේ ඔහුට නොව ඉන් මදක් පිටුපසට වී සිටි තවත් ගැමියෙකු වූ ගොත උපාලිගේ වැඩිමල් සොහොයුරාටයි…

“තොට මෙතන කතාවක් නෑ… සුනිල් අයියේ මාව නරක මිනිහා නොකර මූව මෙතනින් අරන් පලයන්…”

“උඹ මෙන්න මෙහෙ වරෙන් යන්ඩ…” සුනිල් මාමා උපාලි අතින් පොරවා උදුරා ගත්තේ එසේ කියමිනි…

“න්…නැ… නැ… නැ… නෑ මං මේ… මේ… කිව්වේ……” ඔහු මොන මොනවාදෝ කියවද්දී සුනිල් මාමා ඔහුව වදෙන් පොරෙන් වත්තන් කරගෙන ඔවුන්ගේ නිවස දෙසට රැගෙන යන්නට වීය…

මින් තවත් පන්නරය ලද සෝමේ මාමා ඉන් ඉක්බිති කෙසෙල් පඬරැල් එකතු කරන්නට වූයේ තේමිස් සීයාවත් දමා ඔවුන්ගේ පැල් කොටයට ගිනි තියනා බව පවසමිනි… තවත් මෙය බලා ඉන්නට බැරි වු මා කලුවරේම දුවන්නට වූයේ මෙවැනි දෙයක් හොඳින් හෝ නරකින් නවත්තන්නට හැකි අයෙකු වන මිල්රෝයි අයියා සොයාගෙනයි… බැහැරක ගොස් සිටි  ඔහුද කැඳවාගෙන නැවත පැමිණෙන විට රණ්ඩුව හමාර වූ තිබුණු අතර තේමිස් සීයාව දමා ගෙය ගිනිතියනවා යැයි පැවසූ සෝමේ මාමා එලිමහනේ තිබූ තේමිස් සීයාගේ වැසිකිලියට පමණක් ගිනි තබා තිබුණි… කිසිවෙකු අසල තිබූ ලොරියක දමාගෙන වයසක් තේමිස් යුවල ආණ්ඩුවේ ඉස්පිරිතාලයකට රැගෙන ගොස් තිබූ අතර සෝමේ මාමා පැමිණිල්ලක් කිරීමට රාත්‍රියේම පොලීසියට ගොස් තිබිණි…

“මේ මිනිස්සුන්ගේ කක්කුස්සිය හදන්න කියලා මම කිව්වා කියලා බොලාගේ මහ එකාට කියාපන්… නැත්තම් මං නරක මිනිහා කියන්ඩෙපා…”

සෝමේ මාමා නැති නිසා ඔහුගේ බිරිඳටත් දරුවන්ටත් සත්තමක් දැමූ මිල්රෝයි  අයියා යන්නට ගියේය…

නැවත් නිවසට පැමිණෙන සෝමේ මාමා මිල්රෝයි අයියාගේ තර්ජනය අසා කිපෙන්නේ දණ්ඩෙන් පහර ලත් සර්පයෙකු මෙනි…

“මූ හරක් හොරා… එනවා මට සාධාරණේ උගන්නන්න…”

සිදුවීමේ තතු දැනගැනීමට තේමිස් සීයාගේ නිවසටද ඉන් අනතුරුව සෝමේ මාමාගේ නිවසට රැස්වෙන වැඩිහිටියනට සෝමේ මාමා පැහැදිලි කරයි… මිල්රෝයි අයියා හරක් හොරකම් වලට සම්බන්ධ පොලීතිසියෙකුට ලග හුන් කාලයේ එම දුරාචාර වලට සම්බන්ඳව සිටි බව ගමේ සියල්ලන්ට රහසක් නොවේ…

“රටේ නැති දහහුරා වැඩ හැම එකම කරන්නේ ඕකා… මගේ ආනමාලු කැන කපපු එකත් ඕකගේ වැඩක්ද කියලා මට සැකයි…”

එකෙකු තම අදහසත් එක්කරද්දී තවකෙකු ඊට හූමිටි තබයි

“කොලඹ පාතාලේ හිටි එකෙක්ලු… එහේ මරන්ඩ එලවද්දී තමයි මෙහෙට වහං වෙලා තියෙන්නේ…”

“කිරි වැස්සියෝ ලොරි වලට දාගන්නවලු පැටියත් එක්ක… පැටියා සුප් වලටලු… නොදකින් ඔවුන්ට යන්ඩ අපායවල් වෙනම හදන්ඩ වෙනවා…”

“ආගමේ එවුන්නේ… සත්තු ගැන හිතේ තෙතමනයක් නෑ ඔවුන්ට…”

සෝමේ මමා පවසන්නේ පිට අත ගාමිනි…

“ඒක නෙමේ… අරුන්දැලව අරගෙන ගිය ලොරිය ආපහු ආවද…?”

ගමේ නිකමෙකු වූ සාමෙලා අසද්දී කිසිවෙකු ඔහුට උත්තර දෙන්නට නොයයි…

“හෙට අනිද්දා වලපල්ලට යන්ඩ ඉන්න නාකියා වෙච්චි…හොරෙන් රිංගපු ඉඩමේ මැරෙනකල්ඉන්නේ නැතුව… මගෙ බිම්අඟලටත් කෙලින්න තේමිසා හැදුවේ…”

සෝමේ මාමා එකම කතාව නැවතත් කියයි…

“ඒකනේ කියන්නේ…”

“සෝමේ මල්ලියේ නරකද උඹත් හෙට දිහාටවත් වෙද මහත්තයටවත් ඔය පිට කොන්ද පෙන්නුවොත්…?”

අබරන් සීයා පවසන්නේ කහට කෝප්පය පසෙකින් තබා බුලත් වට්ටියට නැඹුරු වෙමිනි…

“ඒකනම් බැරියෑ… මම මේ හෙට ලියැදි කෑලි තුනේ ගොයම් ටික කපන්න හිටියේ කාව හරි අල්ලගෙන… ඒක කරගන්න්ඩ තිබුණා මේ අවලමා මන්නෙන් පත නොබෑවනම්…අම්මේ…!”

සෝමේ මමාගේ කෙඳිරිය වැඩිවේ…

“ආ ඒකනම් ඔය මේ කොල්ලෝ දෙතුන් දෙනා අඬ ගහගෙන අපිට හරි කරලා දාන්න බැරියෑ… කෝකටත් හෙට මිල්රෝයියා උගේ හයිය පෙන්නන්ඩ එයිද බලන්ඩත් එක්ක අපි මේ අවටම ඉමූ…”

“අනේ එහනම් අබරන් අයියේ ඔය රත්නේලා, ලලිත්ලා එකතු කරගෙන උඹ හෙට උදැහැනැක්කෙ ඇවිත් යන්ඩ එනවද… හතර පස් දෙනෙක් හිටියනම් වරුවක වැඩේ…”

සෝමේ මාමා පවසන්නේ පිල උඩ වාඩිවී අහසේ තරු ගණින රත්නේ දෙසද බලමිනි…

“අපෝ අපි එඥ්ඥං… නේද රත්නේ…?”

“හ්ම්…”

අබරන් සීයා පවසද්දී රත්නේ හූමිටි තබයි…

~~~~ නිමි ~~~~


ප.ලි. : මීට වසර ගනනකට පෙර අගනුවරින් ඉතා ඈත නොවූ එහෙත් පිටිසර ගමක වූ මේ සිදුවීම, හුදකලා ගමක තවත් හුදකලා සිදුවීමක් පමණකි… ජිනීවා සංගම් යුඬ අපරාද අරවා මේවා ගාව ගන්නවා හෙම නෙමෙයි…

චැට් එකෙන් ලැබුණු ඉල්ලීමක් මත කොච්චර කිව්වත් අහන්නේ නැති නිසා මෙයද පසුව එක්කරන්නට සිත්විය... සෝමේ මාමා හා ලංකා ආණ්ඩුව අතර කිසිදු සම්බන්ධයක් නොවේ... තේමිස් සීයා හා ද්‍රවිඩ ජනතාව අතරද එසේමැයි... සුනිල් මාමා චීනයේ පස් පාගා නොමැති අතර, ගොත උපාලි  ඉන්දියාව කලුද සුදුද කියාවත් නොදනී... මිල්රෝයි අයියා යූ.එන්. එකක් හීනෙන්වත් දැක නැති අතර අබරන් සීයා නම් වීරවංශ කියන නම යන්තම් අසා ඇතුවා වන්නට පුළුවන... රත්නේ යනු මහජනතාවෙන් එකෙක් යැයි ඌවත් දන්නවාදැයි සැක සහිතය...

ප.ප.ලී. : යන්තම් පෝස්ට් පනහයි… පනස් වෙනි පෝස්ට් එකට නිවාඩුව මොනවා හරි හොඳට ලියන්ඩ හිටියේ… මූණුපොතේ ෂෙයාර් වුණු මේ පොටෝ  එක දැකලා රෑ හදිසියෙම මේක ලියවුණා… පෝස්ට් පණහක් පුරා දුක සැප බෙදාගත් හැමදෙනාටම ගොඩක් ස්තූතියි..!

50 comments :

  1. නියමෙට ලියල තියෙනව බීටලේ. මට සීන් එක මැවිල පෙනුන...හෙහ්..හෙහ්..


    50 ට සුභ පැතුම්...!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි... මාත් ඔබ්සර්වර් බ්ලොග් එකේ ගොඩක් පෝස්ට් කියවලා හිතෙනුත් මවාගන්නවා ;)

      Delete
    2. Adults only පිංතුර හෙම වෙන්නැති ? :-))

      Delete
  2. සුපිරි...

    ReplyDelete
  3. හරි අගෙයි.
    ඔන්න පනහට සුභ පැතුම් මගෙන්.

    ReplyDelete
  4. 50ට සුභ පැතුම්.

    ගමේ මිනිස්සු අතපය වාරු තියෙන, තමුන්ටත් පලක් ප්‍රයෝජනයක් තියෙන එකාගෙ පැත්ත ගත්තා වගෙයි. සිද්ධියේ රූප රාමු පෙළ හිතේ මැවෙන විදිහට ලියලා තියෙනවා.

    මේ... ජිනීවා කතාවට සම්බන්ධ කරගෙන නෙවෙයි, ඒ වුණාට සෝමෙඑ ඉඩමෙ තෙල් තිබුණද? නෑ මං මේ නිකමට...

    ReplyDelete
  5. නියම කතාව...

    පනහට සුභ පැතුම්...5000ක් ලිවීමට ශක්තිය ලැබේවා..:D

    ReplyDelete
  6. එළ සීන් එකක් නේ....බයෙන් බයෙන් කියෙව්වෙත්....50 සුභ පැතුම් !!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි විසිතුරු, ගිම්හානි, නලිනි, නිසුපා,ඔබ නොදු‍ටු ලොවක්... සේරටම හැමදාම එනවාට :)

      Delete
  7. හැමදෙනාටම ගොඩක් ස්තූතියි... :)

    @නලිනි... තෙල් තියා මැණික් ඉල්ලමක් වත් ඇත්දැයි සැක සහිතයි... යන්තම් බුලත් කොරටු දෙකක් තියෙන්නේ... හැබැයි ඉඩම රත්තරන්...

    ReplyDelete
  8. සුභ පැතුම් බීට්ල්..
    මෙවන් කතා බොහොමයක් අනාගතයේදීත් අප හා බෙදාගැනීමට හැකියාව ලැබේවා..

    ReplyDelete
  9. සුභ පතන ගමන්ම ලිපියත් සුපිරි බව නොකියම බැහෑ , ඒකකය පරිසරය වෙනස් වුනත් ලෝකේ කොහෙත් වෙන්නේ එකම දේ ..

    ReplyDelete
  10. මම කැමැතිම පූර්වස්පර සංධි ගලපල වගේ ලියල තියෙන ප.ලි කොටසට.

    ReplyDelete
  11. අමතක වුනා නෙ සුබ පතන්න.......

    ReplyDelete
  12. ඔන්‍න‍ මගෙනුත් සුබ පැතුම් !තව තවත් ලිවීමට ශක්තිය ලැබේවා!

    ReplyDelete
  13. මේක මාරයිනේ.., අවස්ථා සම්බන්ධය උපරිමයි.., ප.ලි කියෙව්වමයි කතාවෙයි හරයෙයි අවස්තා සම්බන්ධය හොයාගත්තේ.., 50ට සුභ පැතුම්..!

    ReplyDelete
  14. 50ට මගෙනුත් සුබ පැතුම් සහෝ.

    ReplyDelete
  15. හදිසියෙ තියා කොහොම ලිව්වත් 50 සමරන්නම කියාපු අගේ ඇති පෝස්ට් එක.
    ජය වේවා

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි රූ, බුවා, වත්, තුශා, ලිශා, නිශාන්, දිල්ශරා ඔයාලා සේරටමත්... :)

      Delete
  16. නියමයි. හැබැයි ඇතැම් "අවස්ථා අසම්බන්ධ" තේරුනේ කිව්වම. මූලික ටික විතරයි නොමිලේ මීටර් වුනේ. රත්නේ ලා සෝමේ ගේ කුඹුරේ යකා නැටු හැටි දැක්කම තමා ලොක්කා අවුල

    බ්ලොගර් වාරණය කොලේ අබරන් ආතා කියන්න කාලෙකට පෙර.ෆේස් බුක් ඒකයි ගූගල් එකයිත් එහෙම්ම කලොත් උකසට සින්න වෙන්න යන උසස් අධ්‍යාපන ඩිග්‍රිය බෙර ගත හැකි වනු ඇත.

    ඔක්කොම පුරුදු බ්ලොග් දිහාවේ සංචාරය නොකරන්නේ ඒකයි. හිතට මොනවම හරි ආවොත් ඔහේ ලියා දැම්මත් කොමෙන්ට් නොකරන්නේත් ඒකයි. කට්ටියම මේ ගැන අමනාප නොවේවා කියා සිතමිය.

    ඒත් ඉතින් මෙහෙම එකක් සෙට් උනාම අතහැරලා කොහොමද?

    50 ට මෙව්වා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සුජීව කතාව වෙනස් කලානම් වඩා හොඳට සම්බන්ධය ගලපන්න තිබුණා තමයි... ඒත් ඊට වඩා ගමක සිදුවෙන සාමාන්‍ය රණ්ඩුවකට මුල්තැන දෙන්න ඕනේ වුණා...

      අධ්‍යාපනේ පාඩු වෙනවා නම් යන්න එපා කියන්නේ කොහොමද? ඒත් නෑවිත් ඉන්න එපා කියලානම් කියන්නම වෙනවා... පොතක් කියවලා තේරුම් ගන්න බැරි දේවල් ඡේද කීපයකින් තේරුම් කරන ඒ ගෝල්ඩන් කමෙන්ට්ස් මිස් වෙන එක නම් පට්ට දුකයි...

      Delete
  17. නියම කතාවක් අයියේ.. ඇත්තටම ලස්සනයි.. 50ටත් සුභ පැතුම්..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිනේශ්... :)

      Delete
  18. එතකොට උබ කියන්නේ මේ ආණ්ඩුව දෙමල මිනිස්සුන්ට ගැහුවා කියලද. මමනම් දන්නා විදිහට රට පුරා බෝම්බ පුපුරවපු ත්‍රස්තවාදීන් කියල සෙට් එකකට තමා ගැහුවේ.
    මචන්, රැල්ලට ගහගෙන ගිහිල්ල උබේ මේ ලස්සන බ්ලොග් එකත් දේශපාලන මඩ ගොහුරුවේ ඔබන්න එපා.

    50ට මගෙනුත් සුබ පැතුම් \m/

    ReplyDelete
    Replies
    1. රටේ සිද්ධ වුණු දේ ඒ විදියටම ලියන්න ගියානම් මේ කතාව තාත්වික ගතියෙන් ගොඩක් එහාට ගෙනියන්න වෙනවා මචං... අනික මට එච්චර සිරා දේශපාලන දැනුමක් නෑ... මම හැදුවේ දන්න කතාවකට දැන් අවට වෙන දේ පොඩ්ඩක් හරි ගලපන්නයි...

      බ්ලොග් එක ගැන උඹේ කන්සර්න් එකට ගොඩක් ස්තූතියි... දේශපාලනේ ගැන ලිව්වත් මඩේ බැහැගෙන ලියන්නේ නෑ කොහොමත්...

      Delete
  19. අඩේ පට්ට ලියවිල්ල බන් . . . .

    මමත් අවස්ථා සම්බන්දේ ගැන හිතන්නේ නැතුව ඉන්න හිතුවා ඕන් . ..

    අයියෝ තාම පනහයිනේ . .. ජය වේවා .. .

    මානව හිතවාදය කියන්නේ තමන් අයිති කුලකය වෙනුවෙන් අනෙකා මරන්න උනත් ඉදිරිපත් වීම නෙමේ කියල තමයි බන් මමත් හිතන්නේ . ..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දුකා... උඹත් එහම හිතන බව මම විතරක් නෙමේ, උබේ බ්ලොග් එක කියවන ඕනේ කෙනෙක් දන්නවා මම හිතන්නේ...

      Delete
  20. 50ට සුබපැතුම් බීටල් .

    කතාව පුදුම ලස්සනට ලියා තියනවා . පුදුම කුතුහලයකින් වගේම ආසාවකින් මම මේ කතාව කියෝගෙන ගියා .. කියන්න වචන මම තාම හිතනවා බීටල් අයියා ..

    ReplyDelete
    Replies
    1. මේ හොදටම ඇති සඳරු මලේ... :) ජයවේවා....

      Delete
  21. කතාව ගැන හැමෝම කියල තියන නිසා මම මොකුත් කියන්නෙ නැ . .

    සුභ පැතුම් මචෝ . . . . මේ පනහ ගහපු රේට් එකෙන්ම 100ත් ගහන්න ලැබෙන්නය කියල පතනව

    ReplyDelete
  22. 50 සුභ පැතුම් මචෝ,,,ඔය වගේ සිංද්ධි ගම් වල නම් ඕනා තරම් වෙනවා නේ

    ReplyDelete
  23. වැරුද්ද වැරුද්ක් වෙන්නේ අපේ එකෙක් කළොත් නොව පිට එකෙක් කළොත්ය.

    අපේ එකෙක් නං එය නොවැලකේවිය හැකි අතුරු ඵලයකි!

    Congrats!

    ReplyDelete
  24. සුපිරියි බීටලේ... ජය වේවා..!!!

    ReplyDelete
  25. කතාව නම් නියමයි.. අවස්ථා සම්බන්ධය හිතුවෙ නෑ මල්ලි.. ඔය පැත්ත මට නම් අප්පිරියයි...

    ReplyDelete
  26. ගොඩක් ස්තූතියි ඕනේ,ඩිලා,කකා,වෙනි....

    ReplyDelete
  27. නියමයි බීට්ල් අයියා ... මම දැනුයි මේක දැක්කෙ

    අර යටින් ලිව්ව ප.ප.ලි.යට මම තවත් කැමතියි!

    ReplyDelete
  28. සුපිරි.. කතාව..
    50ට ජය වේවා..!

    ReplyDelete
  29. දේශපාලනේ මොනා වුණත්..කතවනම් ආසාවෙන් රසවින්දා බීට්ල්... 50ට මගෙනුත් සුබ පැතුම් හොදේ.. :))

    ReplyDelete
  30. අපේ ගැමි සමාජය තුල තවමත් මෙවැනි සිදුවීම් දක්නට පුළුවන්. නමුත් සිංහල අලුත් අවුරුද්ද දවසට ඔය තරහ මරහ ඉවර වෙනවා. අනික ඔය තේමිස් සීයාට සර්පයෙක් ගැහුවානම්, සෝමේ මාමම තමයි උස්සගෙන දුවන්නේ සර්ප වෙදෙක් හොයන්ඩ. තාප්ප වලින් වටවූ වර්තමාන නාගරික සමාජයේත්, අපේ පාරම්පරික සිංහල සමාජයේත් මානුෂික වෙනස එයයි. ඔබේ බ්ලොග් එකට මුලින්ම ආවේ අදයි. ඉදිරියටම යන්න ශක්තිය දහිරිය ලැබේවා.

    ReplyDelete
  31. විචාරකව අකුරු බ්ලොග් අඩවියට සාදරයෙන් පිළිගන්නවා... :)

    ReplyDelete
  32. ඈ බං බීටලයියෙ.. 50ද ලිවුවෙ.. මම හිතුවෙ ඊට වඩා වැඩි ඇති කියල.... කමෙන්ට් නොකරට පරක්කු වෙලා ආවට උබේ සමහර ඒව තුන් හතර පාර කියවනවා

    ඔන්න මගෙනුත් සුභ පැතුම්...!!!

    ReplyDelete
  33. 50ද ලිව්වේ කියලා අහන්නේ 50ක් ම ලිව්වම...

    ගොඩක් ස්තූතියි පොඩි මෑන්... කමෙන්ට් නැතත් ඇවිල්ලා යනවනම් සතුටුයි... :)

    ReplyDelete
  34. මල්ලී මේක වේලෙන්ඩ අරින්ඩ එපා...... දැන් දවස් කීයක් ද?

    ReplyDelete
  35. ඉස්සල්ලාම ඇවිත් තියෙන්නේ හොඳ දවසක. ලස්සන කතාව. ඒ එක්කම 50 ට සුබ පැතුම්!!! :)

    ReplyDelete
  36. ඉස්සල්ලාම ඇවිත් තියෙන්නේ හොඳ දවසක. ලස්සන කතාව. ඒ එක්කම 50 ට සුබ පැතුම්!!! :)

    ReplyDelete
  37. සැහෙන්න හොඳ කතාවක්.. මටත් හිතුනේ ම නෑ දේශපාලනයක් ගෑවිලා වත් ඇති කියලා.. :P
    පනහට සුබ පැතුම්!

    ReplyDelete

Web Statistics