Showing posts with label කවි. Show all posts
Showing posts with label කවි. Show all posts

Friday, June 28, 2019

124. සැගවුණ සිතුම්



පින්තූරය : ගත්තේ මෙතැනින් 

තෙමුණ පාරක, අඳුරු හවසක
කහඉරක් නොපෙනෙනා මානෙක
පාර පැන්නා, දෑත් පටලන්
අදත් ඉඳහිට මතක් වෙනවලු

උඹ නොදැක්කට, මම නොකිව්වට
කෝපි කඩයක වීදුරුව මත
ඇඳුනු සෙවනැලි රටා අතරට
ඇවිදයන හරිපොඩි ඇසිල්ලක
උඹේ රූපෙයි, මගේ රූපෙයි
කලුවරෙත් හරි හැඩට පෙනුණලු

පාර පැනලත් හුඟක් දුරකට
උඹ මගේ අත ඇරිය නැති එක
හිතලා කෙරුවද, නොදැන කෙරුනද
එතැන ගහ උඩ කුරුලු යුවළක්
හවස් වෙනකල් වාද කෙරුවලු

අදත් ඒ මඟ එදා වාගෙම
වහිනවත් ඇති, තෙමෙනවත් ඇති
අතින් අල්ලන්, සිතුම් හංගන්
තවත් අය පාරත් පනිනවැති
කඩෙත් තව ඇති, ගහත් ලොකු ඇති
අපිට අපි විතරක් නැතුව ඇති...


Sunday, February 5, 2017

118. ජීවිතය නම් එහෙමයි




ගිලිහී වැටෙන තරුවක
හමන සුළඟේ ස්වරයක 
වසත් කුසුමෙක සුවඳක
පින්න දිලිසෙන උදයක

දැවටෙනා පෙණ බුබුලක
සැඳෑ හවසක අහසක
ඉසින විලවුන් සුවඳක
උණුසුම් කෝපි සුසුමක

දැකිය හැකි අරුමයක් තිබුණිද
අතිර බව හැර අන් යමක් වෙද 
ණයට ගත් අසිරියකි මේ හැම
අහිමි වන අසුරක පමාවට

තරුව ගිලිහී වැටේවී
සුළඟ හෙමිහිට හමාවී
කුසුම මිලිනව වැටේවී
පින්න දිලිසී මැරේවී

සුසුදු පෙණ කැටි බිඳේවී
අහස අදුරේ ගිලේවී
සුවඳ හනිකට මැකේවි
කෝපි සීතල දැනේවි

ඇස් පියන් වැසෙනා පමාවක
ගමන නිමවී තිබේවී
නුඹ නමට වූ මතකන් හැම
ලොවෙන් වියැකී තියේවී


~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

"දැන් මොකද්ද උඹේ පිකප් ලයින් එක..?"

ජිමා අහන්නේ යටි උගුරෙන් කොදුරමින්

"අතේ තියෙන පොත ගැන අහමු..?"

"නොදකින්...ඕල්ඩ් ට්‍රික්ස්නේ බන්...උඹ පෙරනවා කියලා අතේ මාට්ටු..."

"නෑ එහෙම වෙන එකක් නෑ..."

"නාගෙන වරෙන් එහෙනම්..."

ජිමාගෙන් විවරණ අරගෙන මම හැරෙන්නෙ ඇය දිහාවට...

"එක්ස්කියුස් මී... ඔයාගේ අතේ තියෙන්නේ කවි පොතක්ද..?"

ගතවෙන්නේ කල්පයක්...ඇය නිහඬයි...

මගෙ ආත්ම ගෞරවය..? ෂික්..! ඒක නොතියා ඉන්න තිබුන ලන්සුවක්...මගේ යටි හිත කෑගහනවා...

හිනාව නවත්තගන්න දඟලන ජිමාගේ ඇස්වලින් කඳුලු පනින්න ඔන්න මෙන්න...

පලවෙනි පාඩම..! ඇගේ කතාව හෙමින්...

"ඔව්...!"

ඇය පවසන්නේ සිනාමුසුව පොත මට දිගුකරන ගමන්...

"දෙවියනේ...ඉතින් ඒලියන්ස්ලා මෙහෙට්ට එයිද..?"

ලෝකේ තියෙන ‍බාලම පිකප් ලයින් එකකින් කෙල්ලෙක් කතාවට අල්ලගන්න පුළුවන් තැනක ඉන්න වුනු එක ගැන සාපකරමින් ජිමා නැගිටලා වෙන සීට් එකකට යනවා...තනියම කියවන උගෙන්  ඉතින් කාට පලක් ඇතිද...?

අපි දෙන්නාගේ අලුත් සමාගමය ගලන්නේ දුවන දුම්රියටත් වඩා වේගයෙන්...

"ඔයා ආසාම කවිය මොකද්ද..?"

මම අහන්නේ ඉන් බොහෝ කාලෙකට පස්සේ දවසක...

"Sic Vita"

ඇය පිලිතුරු දෙන්නේ මොහොතකවත් පමාවක් නැතුව...

Sic Vita

කවි නොකියවන, නොලියන මට, නොතේරුනු කවි වලින් එකක්...

එදා නොතේරුනු කවිය වසර දහ අටකට පස්සේ අද හදිසියේම මට වැටහෙන්නට පටන් අරන්...

සිතුවිලි වලට හඬන්නට, වචන වලට මීට වඩා හොද අවස්තාවක් නැතිවා වෙන්නට පුලුවන් වුනත් මම වචන සඟවන්නම්...

මිතුරිය.., නුඹේ විචිත්‍ර සිහිනවල සදාකල්හිම කිමිදී ඉතින් සුවෙන් නිදන්...

Sic Vita

Like to the falling of a star,
Or as the flights of eagles are,
Or like the fresh spring's gaudy hue,
Or silver drops of morning dew,
Or like a wind that chafes the flood,
Or bubbles which on water stood:
Even such is man, whose borrowed light
Is straight called in, and paid to night.
The wind blows out, the bubble dies;
The spring entombed in autumn lies;
The dew dries up, the star is shot;
The flight is past, and man forgot.

by Henry King

පිංතූරය ගත්තේ මෙතැනින්

Friday, February 3, 2017

117. සඳක් හොරෙන් අරන් ගියා



නෙතක් කඳුළු ඉතිර ගියා
සිතක් පිරුණු සුසුම් තියා
මිටක් සරින් හරින නියා
සඳක් හොරෙන් අරන් ගියා...

ඉඳුනිල් මිණි දෑස පියා
සුකුමල මුව කමල වසා
කෙළිලොල් කිරිකවඩි සිනා
සිතුවම් මතකයක් කළා...

ලොවක් නිවන ඇසිල්ලකින්
වසන්තයක් අරන් ඇවිත්
කවක් ලියන්නටත් කලින්
රැයක් පහන් වෙලා ගිහින්...

සහස් සුසුම් පවන් රැලී
නැලැවිලි ගී ගයනු ඇතී
සමනල් සිහිනෙක පේවී
සුවෙන් නිදන් සඳ සාවී...



ඉවරයක් නැතුව ආදරය කරන්න කොච්චර කාලයක් ගතවෙයිද? ඉවරයක් නැති කාලයක් ගතවෙයි කියලයි මම හිතාගෙන හිටියේ... ඒත් අසුරක් ගසන ඇසිල්ලකත් ඉවරයක් නැතුව ආදරය කරන්න පුළුවන් කියලා පෙන්නුවේ හේසල් ග්‍රේස්...

පායලා බැහැලා යන දේදුන්නක... එහෙම නැතිනම් පිපිරිලා කඩා හැලෙන මල් වෙඩිල්ලක... සමහරවිට ඇඟිලි අතරින් ලිහී දියවෙන හිම කිරමක...මේ හැමතැනම තියෙන චමත්කාරය පිටිපස්සේ සැගවිලා තියෙන්නේ ඇසිල්ලකින් නැතිවෙලා යන අතිර බව තමයි... ඒත් ඒ අසිරියට ඉවරයක් නැතුව ආදරය කරන්න, සදාකල් මතකයේ තියාගන්න විටෙක ඉසිඹුවකුත් පු‍ංචි වැඩි නැහැ...

හරියට... ණයට ගත්ත මේ හැමදෙයක්ම ආපහු බාරදෙනකල් ලැබෙන පමාවෙත්, අපේ ජීවිතේට ඇසිල්ලක් සතුට බෙදලා නික්මෙන ආදරණීයයෙකුට ඉවරයක් නැතුව ආදරය කරන්න බැරි නැහැ වගේ...

පරිස්සමෙන් හෙව්වොත් සදාකාලයම ඇසිල්ලක සැඟවිලා තියෙනවා...

පිංතූරය ගත්තේ මෙතැනින්

Tuesday, January 12, 2016

114. කැප්ටන් කලමාරිගේ වීර ක්‍රියා

 

කැප්ටන් කලමාරිගේ වීර ක්‍රියා…!



හලෝ කැප්ටන් කලමාරි… කොහොමද වාස දේසේ…
වස්තුවක් හොයනවැයි..? තියෙන්නෙ කොයි දේසේ…


දිලිසෙන මාලු නයිදෙගේ කොරල නම් ඉස්තරම්…
ඒත් ඌ වටින්නෑ පැන්සයක් තරම්…




මූහුදු ලිහිනියා සිංදු කිය කියා නටයි…
හොටය ලස්සනයි ඒත් වටින්නැති හැඩයි…



තාරකා මාලුවාගේ නැටුමකුත් බලමු...
වස්තුවක් නෑ උගෙන් පාරවත් අහමු…


 
ඉර එලියේ දිලිසෙනා ඉබි නයිදෙගේ කටුව...
තේරුමක් නෑ අපි හොයන දේ නැතුව…



 
පී-ක-බූ බෙල්ලා ලඟත් වස්තුවක් නැද්ද..?
නෑ වගෙයි අපි යනවා නොකර වැඩි සද්ද…



 
බෙලි අප්පු ගාටනා කටුව පිට දරන්…
නොමැති වස්තුව අපි හොයන ඉස්තරන්…



 
අන්තිමේ හමුවුනා වටින දේ හොයපු…
පුතේ ඒ නුඹයි අපි ලෝකයක් දිනපු...


දරුවන්ට ලැබුණු තෑගී අතර තිවුන රෙදි වලින් මසා ඇති මේ නිර්මාණශීලී කතන්දර පොත් පිං‍ච පුතාටත් වැඩියෙන් මම රස වින්දා කිව්වොත් වැරදි නෑ… එහි ප්‍රථිපලය මේ පෝස්ට් එක…

මගේ සිඟිති ආතල් වලට ඔබේ බයිට් පුච්චනවාට සමාව දෙනු ඇතැයි සිතමි…

මුල් ඉංග්‍රීසි නිර්මාණයේ හිමිකරු : Chung Liang
ග්‍රැෆික් නිර්මාණය : Tetsuya Hirose
අදහස සහ අදියුරුවම : මුල් ළමාවිය සංවර්ධනවේදී Dorothy Singer Ed. D.
සිඟිත්තාගේ පිංතූරය අන්තර්ජාලයෙන් :

Tuesday, November 3, 2015

112. අත අතනෑර...


සහසක් සක්වල,
සුවහස් සෙනෙහස...
සුරතට ගෙන එක මිටක හොවා...
අත අතනෑර, සිහින දරාගෙන
නිදන් දියණියේ තුරුළු වෙලා...

තරුමල් ඉහිරුණු,
අහස් වියන යට...
සඳදිය මුමුණන ගීය අසා...
අත අතනෑර, සිහින දරාගෙන
නිදන් දියණියේ තුරුළු වෙලා...

සසරක වෙහෙසක්,
අසුරක සනහන...
සුරඟන සිනහව දෙතොල අරා...
අත අතනෑර, සිහින දරාගෙන
නිදන් දියණියේ තුරුළු වෙලා.

කවදා, කොතැනක,
කෙලෙසක හෝ නුඹ...
සියළු පැතුම් ඉටුකරන තුරා...
අත අතනෑර, සිහින දරාගෙන
නිදන් දියණියේ තුරුළු වෙලා...


ප.ලි.- සිඟිති දියණිය මා තුරුළේ නිදද්දී, මගේ ජංගම දුරකථනයේ සටහන් වුන ඡායාරූපයකට කවියක් ලියන්න උත්සාහා කරන්න හිතුණා...
"අත අතනෑර" යන සුන්දර යෙදුම සුමිත්‍රා රාහුබද්ධගේ වචන ගෙත්තමක් යැයි හඟිමි...

Monday, May 4, 2015

107. වෙසක් මංගල්ලයක්...


නොරට තනිකඩ සඳළුතලයක
පැඟිරි සුවඳක් ඉහෙනවා...
පිරුණු සඳවත වලා අතරින්
සඳළුතලයට එබෙනවා...

කිමද අද මේ පුදුම එළියක්
සඳවතෙන් මම අහනවා...
"සිහි මදිද? අද වෙසක් පෝදින"
ඇයත් ඔච්චම් කරනවා...

ගමේ හැමතැන වෙසක් කොහොමද?
"හොඳයි..! දන්සැල කරනවා..."
"මෙදාපාරත් කවි බණක් හෙම
 පන්සලේ අද තියෙනවා..."

බණ අහන්නට ඇයත් එන්නැති?
සඳවතෙන් මම අහනවා...
"ඇවිත් හිටියද කොහෙද වෙන්නැති..."
සඳ නෝක්කඩු කියනවා...

අම්මලත් එක්කලා එන්නැති?
නැවත මීවිත පිරෙනවා...
පිළිතුරක් දෙන්නැතුව සඳවත
වළාකුළකට වැහෙනවා...

පිංතූරය ගත්තේ @clarebear6t3

Monday, March 31, 2014

88.Drinking Alone



විතක් පිරුණු සුරාවයි…
ඝනදුරු හුදකලාවයි…
නුඹ කටහඩ තවම රැඳුනු…
යාරා ගඟ ගලා යයි…

නුඹ නැතිවුන සොව අසමින්…
ඉඳහිට මගෙ හිත හදමින්…
අද එළිවෙනතුරු බොන්නේ…
සඳයි මමයි හෙවනැල්ලයි…

සඳ ටිකිලා බොන්නෙ නැතිලු…
හෙවනැල්ලට මූඩ් නැතිලු…
යාරා ගඟ කිඳුරියකට…
ආයේ නොබොන බව කීවලු…

අඩුවක් නැති සුසුම් වලට…
වැඩියක් නෑ බෝතලයක්…
නුඹ ගියදා කුමට තවත්…
“වැඩිය නොබොන” පොරොන්දුවත්…

ගඟ සපයයි සංගීතය…
සඳ ගයනා දුක් ගීයට…
ලෝකය නම් රඟ මඬළක…
බමන මතින් නටමි මමත්…
මම නටනා තාලයටම…
හෙවනැල්ලේ නටන් උඹත්…


Inspired by : Drinking Alone under the Moon - Li Bai  | Picture : Cityscape Painting – Yarra Night Life

ප.ලි. : කාලෙකට කලින් මම ලියාපු නිසඳැසකුත් මෙතනට ලින්ක් කරන්න හිතුණා... ඒ මම මේකට කොන්දේසි විරහිතව ආදරේ කරන නිසා...
මියගිය පෙම්යුවල | The dead lovers

Saturday, January 18, 2014

85. කෝම්පිට්ටු

Mother's Love Art Prints, Mother's Grace, Chidi Okoye, mother's love greeting cards pic09 

“කෝම්පිට්ටු ඉදීයන්
කෝම්පිට්ටු ඉදීයන්
රෑට බතට අපට කන්න
කෝම්පිට්ටු ඉදීයන්”
පොල්කට්ටට තව එකකින්...
තුනක් තට්ටු කරපු සැණින්...
ඉදුනා බත් අපූරුවට...
ඊයේ වගේ මතකයි මට...

කුස්සියේ හැලිවලං වලට...
මොන කෙංගෙඩියක් වෙලාද...
කෝම්පිට්ටු වගේ නොවෙයි...
රෑට බතට ඔහුට කන්න...
වැලිබත් නොඉදෙනා හැඩයි...

පොල්කටු අං දෙක දමාපු ...
පොල්පිති හරකෙක් පදින්න...
වලංකටුව හරි කොටුවට...
විසිකරලා උජාරුවට...
තනි අන්ඩෙන් පෙර වාගේ...
බට්ටා පනින්නට ආසයි...

මිඩ්ඩයිෆ් නෝනා ආවොත්...
"උඩ පනින්න එපා ළමයෝ..!"
ආයෙත් තරවටු කරාවි...
අත්තාපල් මුත්තාපල්...
මාස දහය පරිස්සමට...
දුවන්නැතුව ඉන්නවා මම...

රජරට ළමා මව්වරු 2000 ක්‌ - පුවතක්

චිත්‍රය ඇන්දේ : Chidi Okoye

Monday, September 16, 2013

82. බලාපොරොත්තුව…



හිතුමතේ ජීවිතේ,

ගිහින් එන්නම් කියලා කිව්වේ නැතත්...
උඹ ගිය හැම සැරේකම...
ගියාටත් වඩා සතුටින්...
ආපහු දුවගෙන එන බව...
මම දැනගෙන හිටියා...
උඹ ඒ විදියටම ආවා...

ජීවිතාන්තෙටම හිරගෙදර හිටිය
උඹෙන් උන්ට ගන්න බැරිවුණ
එකම දේත් ඒක...
ජීවිතය...

අන්තිමේ උන් දින බලලා
හරියටම ඒකම උඹෙන් උදුරගත්ත හැටි...
 
නඩුවක් අහන්නැතුවම....
මේ කූරු වලින් එහාපැත්තේ...
විසල් හිර කූඩුවේ...දැන් උන් උඹව හිරකරයි...
දරුණු අපරාධකාරයොත් එක්ක...
 
පරිස්සමෙන්...!

ඉගෙනගනින් මුල ඉඳන් හැම දෙයක්ම...
මෙහෙ වගේ නෙමේ ඔහේ...
නෑ කිසි පිළිවෙළක් ...
පළවෙනි රෑ තමයි අමාරුම...
යකඩ කූරු නැති කාමරේක
නිදියන පළවෙනි දවසේ
අමුත්තක් දැනෙයි..ඉවසපං...!

මොනවා නැතත්...
එක දෙයක් නැති නොකර තියාගනින්...
බලාපොරොත්තුව...!
 
මෙහෙදි උඹව ජීවත් කරවපු...
එකම දේත් ඒක...
ඔහෙදි උඹට වැඩියම...
අවශ්‍යය වෙන දේත් ඒක...

මම,
උඹ නැති සොවින් තැවෙන,
උඹේ සෙල් එක.

image : gossip9

Tuesday, April 2, 2013

75. ලේ... හුඟක් ලේ...

ලේ...
හුඟක් ලේ...
සේදෙයි වතුර පහරකින්...
සබන් පෙණ අහුරකින්...
ජාතියක් ආගමක් තිබූ...
රකින්නට...දිවි හිමියෙන්
තිබූ ඉතිහාසයක් ...
කකියමින් ගතපුරා...
මොහොතකට පෙර දිවූ...
ලේ...
හුඟක් ලේ...
සේදෙයි වතුර පහරකින්...
සබන් පෙණ අහුරකින්...
තවකෙකුගෙ සුරතකින්...
ජාතියක් ආගමක් ඇති...
රකින්නට...දිවි හිමියෙන්
ඌටත් ඉතිහාසයක්...
ලේ...
හුඟක් ලේ...
හඬක් නොනඟා ගලයි...
රොඩු වැලිද හා මුසුව...
කුණු කාණුවට සෙමින්...
අමතකව යන මතකයක්...
පමණක්ම ඉතිරිකර...
සලකුණක් නොතියාම...
සේදෙයි වතුර පහරකින්...
සබන් පෙණ අහුරකින්...
ලේ...
හුඟක් ලේ...

අන්තර්ජාලයේ රස්තියාදුවෙද්දී ඇසගැටුණු, භාවනා කමටහනක් වන් මේ පිංතූරය අරන් තියෙන්නේ Scott Olson නම් ඡායාරූප ශිල්පියෙක්…

Wednesday, February 20, 2013

72. හුදකලාව | Loneliness

 

සිතක පෙති එක එක
මිලින වී ගිලිහුණු බව
යලිත් නොපිපෙන බව
කියන්නට කෙනෙකුත් නැති


මතක අහුරක රුව
රේණු මැද ඉපදුන බව
සිනහ අමතක බව
අසන්නට කෙනෙකුත් නැති


හෙටක එක හීනෙක
සුවඳක් ව පැටලෙන බව
කඳුළු  අතුරන බව
දකින්නට කෙනෙකුත් නැති

~මලිති විජේසේකර

 

ප.ලි. : සති ගනනක දුරගමනක් ගිහින් ගෙදර ආවම දැක්කේ විසිත්තකාමරේ තිබුණු රෝස මලක් පරවෙලා… වීසිකරන්න කලින් පිංතූරයක් ගත්තට පස්සෙයි හිතුනේ කවියකුත් තිබුණනම් කියලා… අන්තර්ජාලයේ මගේ ප්‍රියතම ලියන්නියකගෙන් “දුක හිතෙන කවියක්” ලියලා දෙනවද කියලා කල ඉල්ලීමට ලැබුන පිළිතුරයි මේ කොපි පේස්ට් වුනේ පමාවක් නැතුවම…

Saturday, July 21, 2012

60. අවසන් ඇමතුම…

575913_10150956480297492_296162501_n

“මචං අද මාව ඇතුලට දානවා…
මොබයිල් එකක් නම් නැති වෙයි…”
ලැබුන අවසන් ඇමතුම උඹෙන්…
දිනෙක එනබව දැනන් හිටියත්…
නොසිතීමි මෙතරම් කලින්…
හදිසියෙන්, හරි හුඟක් කෙටියෙන්…

ඒ නිසාමයි බැරිවුනේ…
උඹට දැනමුතුකමක් දෙන්නට…
උනේ ඒ වෙනුවට අසන්නට…
“දැන් මොකද්ද මචං මගෙන් වෙන්න ඕනේ..?”

උඹයි දැනමුතුකම් කියන්නේ…
මමයි නිහඬව අසා ඉන්නේ…
“මොකුත් නෑ උඹ හොඳින් ඉඳපන්…
ගෙදර අයවත් මතක් කරපන්…”
“ගියොත් මව් රට අද හෙටම උඹ…
අම්මා මගෙ යහතින්ද බලපන්…”

සතුට මේ යැයි හොයන ලෝකෙක…
යනෙන හැම තැන සතුට වපුරන…
හිර වුනත් උබ අඳුරු කුටියක…
හිර කරන්නට බැරිවෙයන්…
හිරගෙදර උස බිත්ති ඇතුලෙත්…
උඹට ඉර හඳ පායපන්…

උඹද ඇතුලේ අපිද නොදනිමි…
දුවන ලෝකෙක හැල්මේ දිවයමි…
හිර වුනත් උඹ මුවඟ නොමැකෙන…
සොඳුරු සිනහව තිබීයන්…
උඹේ හදවත වටිනකම දැන…
අලුත් මිතුරන් ලැබීයන්…

ප.ලි. : උගේ නම...? 'මචං'... වැරැද්ද...? වැරදිකාරයෙක් නෙමෙයි... හිරගෙදර ඉන්න අනිත් හුඟදෙනෙක් වගේම...

Thursday, February 9, 2012

48. කූඩුවේ රිළව් | Caged Apes

photo 2 copy

කූඩුවෙම ඉපදිලා...
කුඩුවෙම මැරිල යන...
රිළවෙක්ලු මම තවත්...

මුත්තා අපෙ කියන්නේ...
තියෙනවලු මහා ලොකු...
ලෝකයක් විසාලෙට...
දැල් හතරට පිටින්...
විහිදෙනා හුඟක් දුර..

කියවන්නෙ ඔය ඉතින්...
කැලෑ දිය ඇලි ගැනත්...
අඹ කෙසෙල් හැර තවත්...
පළතුරුත් මොනවදෝ...
කවුළුවෙන් නොවැටෙනා...
ගස් පඳුරු වල හැදෙන...

වයසයිනේ උන්දෑට...
දෙඩවිල්ල හිතලු ගැන...
පොරි ද මේ...
තව නැද්ද..?

පිංතූරය : පසුගිය දිනෙක නොවැලැක්විය හැකි හේතුවක් නිසා  සත්තුවත්තට ගිය විටෙක ගන්නාලදී... විශාල කර බැලීමට ඒ මත ක්ලික් කරන්න...

Wednesday, January 11, 2012

46. මගේ පොරොන්දුව | This I Promise

thank you

සැපට හැදෙන කිරි ටොයියන්…
පුංචි සීතලක් දැණුනත්…
හතර හන්දි පණ නැති වී…
ඇම්බියුලන්ස් ඇදන් යද්දී…

ඇස් බොඳවෙන මීදුමටත්…
බොයිල් කරන ගින්දරටත්…
ගහන පරක්කුව විතරයි…
යං එහෙනම් මං එන්නම්…

ෂෙඩියුල් දුරවල් පැනලා…
දින වකවානුත් මැකිලා…
තවත් ඉතින් බැහැ කියලා…
නැත කිසිදින මගඇරලා…

කණ කැස්බෑ වියසිදුරෙන්…
අහස දකින දින එනකල්…
හරකා වගේ උඹ අදිනවා…
නැත දුක් ගැනවිලි කිසිවක්…

එහා පැත්තේ කෲසරයෙක්…
ප්ලැටිනම් හැලි හිස් කරද්දී…
සිල්වර් උගුරු දෙක තුනකින්…
තොල කට පොඟවන් නිහඬව…

ෂැම්පු, ෆෝම් මොකුත් නැතිව…
දූවිලි පිහදා ක්සණිකව…
සැරදාලා ලෑස්ති වෙයි…
මගෙ ජීවන බර අදින්න…

නොදන්නවා නෙවෙයි උඹට…
මගෙන් කෙරෙන කෙණහිලිකම්…
මගේ පුංචි හිත මිතුරේ…
තව පන්දාහක් ඇදපන්…

ෆ්ලෂ් කරලා සක් කරලා…
ජැක් වොෂ් එකකුත් දීලා…
ලබන පාර සලකනවා…
පොරොන්දු වෙන්නම් දිවුරා…

ප/ලි : සත්තයි..!

ගැටපද විවරණය : ඇම්බියුලන්ස්=ආපදා රථය  | ෂෙඩියුල් දුර=ඊළග සර්විස් එකට නියමිත කි.මී. සීමාව | කෲසරයෙක්=ලෑන්ඩ් කෲෂර් වර්ගයේ වාහනයක් | ප්ලැටිනම්=ඉස්තරම් තත්වයේ එන්ජින් ඔයිල් | සිල්වර්=සාමාන්‍ය තත්වයේ එන්ජින් ඔයිල්  | ෆ්ලෂ්  / සක්=එන්ජිමේ ඇති දහනය වූ ඔයිල් යන්ත්‍රානුසාරයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම  | ජැක් වොෂ්=වාහනය ඔසවා කරන සාමාන්‍ය සේදීමකට වඩා හොඳ සේදීමක්

Saturday, December 17, 2011

43. සීතල උඳුවප් මාසය | Such a Cold December

december1

“ඉතින් සීතල නැද්ද පොඩ්ඩක්වත්…?”

එයා එහෙම අහන්නේ ඔළුව පැත්තකට ඇල කරලා… එහෙම ඔළුව පැත්තකට ඇල කරලා කවුරුත් මගෙත් එක්ක මීට කලින් කතා කරලා නෑ… කතාකළා නම් කතාකෙළේ කෙළින් මගේ දිහා බලාගෙන… නැත්තම් අහක බලාගෙන… ඒත් එයා පළවෙනි දවසේ ඉඳන්ම මගේ ජීවිතේට එක්කළේ වෙනසක්… එයා ඔහොම අහන්නේ අත්දෙක තදින් බැඳගෙන… දුම් දාන කෝපි කෝප්පය ඉස්සරහා… කෝපි වල රසට වැඩිය මිනිස්සුන්ට ප්‍රබෝධයක් ඇතිකරන්නේ ළා දුඹුරු පාට කෝපි දියර මතුපිටින් නැගෙන දුම් රැල්ල වෙන්නැති… ඒ දුම් රැල්ල හරි අද්භූතයි… තමන් අවට පරිසරයට පුදුම විදියට සංවේදීයි… හැගීම් වලින් අනූන කෙනෙක් ඉදිරියේ නම් දුම් රැල්ල කෝපි කෝප්පයෙන් ඉහළට නැගෙන්නේ ලතාවකට… හරියට භාවනාවක් වගේ… ඒත් හිතේ කලබල වෙලාවට කෝපි කොප්පයක් බීලා බලන්න…දුම් රැල්ලත් හරි කලබලයි…

ඒකාකාරී ජීවිතේට වෙනසක් එක්කරන අලුත් මිතුරිය ඉස්සරහා ඉන්න මට මේ ගෙවෙන හැම මොහොතක්ම සර්ව සම්පූර්ණයි… මොන සීතලක්ද..? මම පිළිතුරු දෙන්නේ මඳ සිනාවකින්…

“ම්හු… පොඩ්ඩක්වත් නෑ…!”

snowsnowsnow

“ඉතින් සීතල නැද්ද පොඩ්ඩක්වත්...?”

ගානට එක මට්ටමට කපපු මල් වැට… ඒ පිටිපස්සෙන් පේළියට රෝස පඳුරු… පාරනම් ටිකක් කලුයි… තාර නිසා… අපිළිවෙළයි හැඩිවෙලා සමහර තැන්… ඒත් ඒ පාරෙන් මෙහාපැත්තේ… තණකොළ බිස්ස පටන් ගද්දිම වගේ තියෙන සිමෙන්ති බංකුවේ මට අයිති හතරෙන් එකයි… ඇයට හතරෙන් තුනක්ම… උඩු බැලි අතට දිගාවෙලා හිස මගේ ඔඩොක්කුවේ තියාගෙන ඇය අහන්නේ අත් දෙක බැඳගෙන… උරිස් හකුළුවමින්… අපි මේ පාරෙන් ආවොත් හැමදාම වාඩිවෙන්නේ මේ සිමෙන්ති ආසනේ… තව ඒවා නැතුව නෙවෙයි… ඒත් මේක හදලා තියෙන්නේ හරියටම අපි දෙන්නාගේ මිම්මට… මම වාඩි වෙලා ඇය ඔඩොක්කුවෙන් දිගාවුණාම...අගලක්වත් අඩුත් නෑ…වැඩිත් නෑ… ඇස් මට්ටමට එකවගේ පෙනුණට අනිත් ආසන මීට වැඩිය දිග පළලින් වෙනස්… ඒවා හදලා ඇත්තේ වෙන ආදරවන්තයන්ට වෙන්න ඇති…

එකක් ඉවර වෙද්දි එකක් ගලා එන ඇගේ වචන වලට මම හූමිටි තියන්නේ ඇගේ හිසකෙස් අතරේ ඇගිලි තුඩු යවමින්… මිතුරියක් වී සිටියදීම නොදැනුණු සීතලක් මට ඇය ආදරවන්තිය වූ කල කොයින්ද..?

“ම්හු… පොඩ්ඩක්වත් නෑ…!”

snowsnowsnow

“ඉතින් සීතල නැද්ද පොඩ්ඩක්වත්…?”

කන්පෙති දිගේ දෙතොල් ගෙනයමින් ඇය රහසින් මුමුනන්නේ ඇසෙන නෑසෙන හඬින්… පුළුන් පිරවූ සුදු ඝනකම් පොරෝනය මත අපේ සිරුරු වල හැඩයට රේඛා බෙදිලා… දන්නවද අපි හැමෝගෙම මුළු ශරීරේම උණුසුම තමයි…උදාහරණයක් විදියට එදා මේ මගේ කම්මුලේ දැවටුන ඇගේ හුස්ම රැල්ලේ ඉඳන් ඇගේ පාදවල සිහින් දිගටි ඇගීලි පුරුක් අතරට යනකල්ම… හැබැයි ශරීරයේ සමහර තැන් සාමාන්‍ය ප්‍රමානයට වඩා උණුසුමයි… තවත් සමහර තැන්… ගිනියම් වෙන තරම්… ඒක තනි තනිව විඳින්න බැරි උණුසුමක්… කෙනෙකුට තවකෙකුගෙන් විඳින්නට හැකි මේ උණුසුම විඳින්නට ලැබෙන්නේ ආදරය ඇති තැනක විතරයි… මුදලකට හිලව් කරලා ගන්න හැදුවොත්, කොච්චර උත්සාහා කළත් ලැබෙන්නේ උණුසුමක් නෙවෙයි… කාන්සියක්… මහන්සිය වැඩිවෙන තරමට කළකිරීමයි වැඩිවෙන්නේ…

හවස් වරුව පුරා තිබුණු චුරු චුරුව තරමක වැස්සකට හැරුනා… ඉතින් වැහැපන් වැස්ස ඇතිවෙනකල්… ඇය සිරුර පුරා උණුසුම අඩු වැඩි වෙන අයුරු විඳින මට මොන සීතලක්ද..?

“ම්හු… පොඩ්ඩක්වත් නෑ…!”

snowsnowsnow

“ඉතින් සීතල නැද්ද පොඩ්ඩක්වත්...?”

හැම උඳුවප් මසකම අහපු ඒ පිළිතුරක් නැති ප්‍රශ්නයට හිත සීතලෙන් ගල්කරන පිළිතුරක් තිළිණ කරලා ඔබ නික්ම ගිහින්… පට පට ගාමින් ඇවිලෙන ගිනි මැලය ඉදිරියේ… ගතවට දැවටුණු ඝන පොරෝනයකින් සන්නද්ධව… කලබල දුම් රැල්ලකින් වටවුණු තිත්ත කෝපි කෝප්පයක් තොලගාන මට ජීවිතේ පළමු වරට උඳුවප් මාසේ උහුල ගන්න බැරි සීතලක් ඇතැයි අවබෝධ වෙන්නට පටන් අරන්…

snowsnowsnow

“උඳුවප් මාසේ හරි සීතලයි..!”
පැවසුවා මුණගැසුණු මුල්දින
කෝපි හලකදි ඔබ එදා...
නොතේරුණි මට ඒ වගක් නම්
උඳුවප් සීතලයි කියා…

“උඳුවප් මාසේ හරි සීතලයි..!”
රෝස උයනක සොඳුරු සවසක
ඇකයේ මා ඔබ හිස හොවා…
දැනුණෙ නෑ ඔබ කී විටෙක මට
උඳුවප් සීතලයි කියා…

“උඳුවප් මාසේ හරි සීතලයි..!”
කෙඳිරුවා නෑසෙනා ගානට
තුරුළු වී පපුතුරට මා …
නොතේරුණි මට ඒ වගක් නම්
උඳුවප් සීතලයි කියා…

“උඳුවප් මාසේ හරි සීතලයි..!”
කියන්නට අද ඔබ නොමැති සඳ
අහිමි උණුසුම සිත අරා…
සක්සුදක් සේ දැන ගතිමි මම
උඳුවප් සීතලයි කියා…

snowsnowsnow

පිංතූරය : Smashing Magazine December Wallpapers

Saturday, October 15, 2011

37. මියගිය පෙම්යුවල | The dead lovers

dc
එකමත් එක වෙලාවකදි...
තරමක් දුර කැලෑවකදි...
කවුරුත් නැති ඇසිල්ලකදි...
සිදුවුණු මෙය ලොවට හොරෙන්…
කියනෙම් සිදුවූ සැටියෙන්…
විමසා ඔබගේ නුවණින්…
සටහන් කර යන්න ඉතින්… 

ඇය පවසන මේ කතාව...
පෙම්යුවළක් එකට මියෙන…
තව දුක්බර කතාවක්ද…?
නැතොත් සතුටු නිමාවක්ද…
සුරංගනා කතාවක්ද..?


ආදරයේ අකුරු හතර...
ගුලි කරලා එකට තබා…
කිටි කිටියේ මිරිකාලා…
වෑස්සෙනා අමෘත බිඳ…
මල් කෙමියක තවරාලා… 

පොහොට්ටුවක සඟවාලා…
ගල් උමගක ඇතුළු කොනක…
වැහිදිය පිරි විල් පතුලක…
ගල් සිදුරක සිර කරලා…
යකඩ දොරින් උමග වසා…
යදම් වැලින් අගුළු දමා…
ඒ මත කටු පඳුරු වවා…
සිර කෙරුවෙමි ගිරි දුර්ගෙක…
ඉතින් සොයනු නැති කියලා…


ඈත එපිට කුමාරවරු…
විර කතා වල රජවරු…
අමෘත බිඳ සොයනු රිසින්…
දහස් ගණන් සෙබළ මුලින්...
තව සමහරු කල්ලි පිටින්…
ඉද හිට තනි තනිව ඉතින්…
ගල් උමගයි හොයන්නේ…
අසලටවත් නොඑන්නේ…
නොමැති කිසිත් බියක් සිතට…
සුවසේ මා හිඳින්නේ…


නමුත් දිනෙක හිටිහැටියෙම...
සූර වීර කුමාරයෙක්…
සොරකම් කර මන්තරයක්…
සුරංගනා කතාවකින්…
මග සලකුණු අනුව යමින්…
ගිරි දුර්ගය තරණය කර...
උමගට මග සොයාලා…
ගන සැරේට වවා තිබුණු …
කටු පදුරුත් කපාලා...
මහන්සියක් නැතුවම වැඩි…
යදම් කඩා දමලා...
උමං දොරේ යතුරු හිලට...
රන් පැසකින් ගත් යතුරක්...
දමන තුරා නොදිටිමි මම...
ඔහු පැමිනුණු දුර නිහඬව…
මම පැරදෙන බව නිසැකව…


එපා කියන්නට කලියෙන්…
හරියට ගැලපෙන යතුරින්…
උමගේ දොර විවර කලා…
වසර ගණන් හිරකරාපු…
ආදරයේ අමෘත දිය…
ගලා ගියා උතුරාගෙන…
ගස් වැල් ගල් පෙරළාගෙන…
මගේ පුංචි කුමාරයගේ…
පළමු හාදුවටත් කලින්…
ඔහුයි මමයි ගිලිගියා…
ආදරයේ සැඩ පහරේ…
ලොවේ හොඳම කිමිදෙන්නොත්…
ඉතින් අපව සොයනු නොහේ...


මුල් පිංතූරය : ජපන් ඡායාරූපශිල්පී Tomohide Ikeya ගේ ඡායාරූපයක්.   http://bit.ly/qsxApq

Sunday, September 11, 2011

35. දරු නැළවිල්ල | Lullaby

 

klimt-213

 

සත්ගුණවත් මහත්මයෙක්…
සුරලොව ගෙනගොස් එනතුරු… 
ණයට ලැබුණු නිදි යහනේ…
පේන දුරින් නිදන් පුතේ…
අඬන්නෙපා කිරි ඉල්ලා…
වඩන්න කියලා…

කප්පරක් නේක අවමන්…
සිගිති අතින් මිට මොළවන්…
නිදන උඹේ රෝස කොපුල්…
සිඹින්න ආසයි මේ දැන්…
දෙතොල් මුදනු නොහැක, සිතින් …  
උඹව සිඹිනවා…

පුපුරු ගහන වේදනාව…
කඳුළුබිඳක හිරකරද්දි…
ලයෙන් නැගෙන කෙදීරිලි හඬ…
උඹේ නින්ද කඩනවාද…
ඉවරයි මගේ පුංචි පුතේ…
අම්මා එනවා…

උගස් කරපු ළැම තුරුලේ…
කිරි සුවඳට ඉව කරද්දි…
සිගරැට් ගඳ දැනෙනවාද…
මගේ පුංචි කුමාරයෝ…
අහන්නෙපා අම්මාගෙන්
ඇයි ඒ කියලා…

මූණු පොතේ තියෙන කවි ගෲප් එකකට මම අහම්බෙන් වගේ ජොයින් වුණා…දැන් මගේ ඉන්බොක්ස් එක පිරෙන්න එනවා එනවා එනවා ලස්සන  කවි එකක් කියවද්දි එකක්… මෙවා කියවලා කොච්චර කික් එකක් ආවද කිව්වොත් මෙන්න මමත් ලියලා කවියක්… :D

පින්තූරය : GUSTAV KLIMT ගේ තෙල් සායම් චිත්‍රයක්

ප/ලි : සොඳුරු සිත කිව්ව කතාව මෙතැන තියෙනවා... වෙලාව ඇතොත් කියවන්න අමතක කරන්නේපා...

Friday, June 24, 2011

29. බිඳුණු පෙම | Geek Love


දිනක උයනෙක හුදෙකලාවක...
බි‍ඳෙන තුරුගොමු සිලි සිලිය මැද...
සිත් පිරූ එක් සොඳුරු...රහසක්...
කොඳුරමින්...

ඇරඹි මා සොඳුරුතම සිහිනේ...
දඟකාර තෙලිතුඩින් ඔබගේ...
නේක පැහැයෙන්…පාට තවරා...
හිමි හිමින්...

ආදරේ මිහිරිතම පාඩම...
කියා දී ඉඩ ලද ඇසිල්ලක...
රිදුනු දෙතොලින්…නුරා කෙඳිරිලි...
සුසුමකින්...

කඳුළු එනතුරු සිනාසුණු අපි...
කඳුළු ඉතිරිව සිනා වියැකුණු...
ගෙවුනු විඳවපු…දවස් එළඹුණු...
අරුමෙකින්...

හඬා නොහඬා හවස් වරුවක...
හිර කරපු නුඹෙ කඳුළු අතරට...
මුදා හල මා හිතේ… වේගය...
වියරුවෙන්...

දරාගත හැකි නොහැකි ගානට...
නැගුණු විෂක‍ටු වචන වෙනුවට…
පහර දී බිත්තියට ඔබ අතරැඳි...
අයි පෑඩයෙන්....

පිය නඟද්දී යළි නො එන්නට....
ඇහුණාද මා හඩා වැ‍ටුණා...
ලෝකයම මට අහිමි වුණ සේ...
ශෝකයෙන්...

මා පණත් සරි.... එයත් මට සරි....
අහිමිකල මට මළත් කම් නැති...
බිඳුණු 3G අයි පෑඩ් එක...
තදකරන්...

මා ඇගේ හිත බිඳිද්දී ඈ බින්දේ මගේ අයිපෑඩයයි... වැඩියෙන් හැඬුවේ කවුරුදැයි ඔබ දන්නවාද......?

Web Statistics