ගිලිහී වැටෙන තරුවක
හමන සුළඟේ ස්වරයක
වසත් කුසුමෙක සුවඳක
පින්න දිලිසෙන උදයක
දැවටෙනා පෙණ බුබුලක
සැඳෑ හවසක අහසක
ඉසින විලවුන් සුවඳක
උණුසුම් කෝපි සුසුමක
දැකිය හැකි අරුමයක් තිබුණිද
අතිර බව හැර අන් යමක් වෙද
ණයට ගත් අසිරියකි මේ හැම
අහිමි වන අසුරක පමාවට
තරුව ගිලිහී වැටේවී
සුළඟ හෙමිහිට හමාවී
කුසුම මිලිනව වැටේවී
පින්න දිලිසී මැරේවී
සුසුදු පෙණ කැටි බිඳේවී
අහස අදුරේ ගිලේවී
සුවඳ හනිකට මැකේවි
කෝපි සීතල දැනේවි
ඇස් පියන් වැසෙනා පමාවක
ගමන නිමවී තිබේවී
නුඹ නමට වූ මතකන් හැම
ලොවෙන් වියැකී තියේවී
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
"දැන් මොකද්ද උඹේ පිකප් ලයින් එක..?"
ජිමා අහන්නේ යටි උගුරෙන් කොදුරමින්
"අතේ තියෙන පොත ගැන අහමු..?"
"නොදකින්...ඕල්ඩ් ට්‍රික්ස්නේ බන්...උඹ පෙරනවා කියලා අතේ මාට්ටු..."
"නෑ එහෙම වෙන එකක් නෑ..."
"නාගෙන වරෙන් එහෙනම්..."
ජිමාගෙන් විවරණ අරගෙන මම හැරෙන්නෙ ඇය දිහාවට...
"එක්ස්කියුස් මී... ඔයාගේ අතේ තියෙන්නේ කවි පොතක්ද..?"
ගතවෙන්නේ කල්පයක්...ඇය නිහඬයි...
මගෙ ආත්ම ගෞරවය..? ෂික්..! ඒක නොතියා ඉන්න තිබුන ලන්සුවක්...මගේ යටි හිත කෑගහනවා...
හිනාව නවත්තගන්න දඟලන ජිමාගේ ඇස්වලින් කඳුලු පනින්න ඔන්න මෙන්න...
පලවෙනි පාඩම..! ඇගේ කතාව හෙමින්...
"ඔව්...!"
ඇය පවසන්නේ සිනාමුසුව පොත මට දිගුකරන ගමන්...
"දෙවියනේ...ඉතින් ඒලියන්ස්ලා මෙහෙට්ට එයිද..?"
ලෝකේ තියෙන බාලම පිකප් ලයින් එකකින් කෙල්ලෙක් කතාවට අල්ලගන්න පුළුවන් තැනක ඉන්න වුනු එක ගැන සාපකරමින් ජිමා නැගිටලා වෙන සීට් එකකට යනවා...තනියම කියවන උගෙන් ඉතින් කාට පලක් ඇතිද...?
අපි දෙන්නාගේ අලුත් සමාගමය ගලන්නේ දුවන දුම්රියටත් වඩා වේගයෙන්...
"ඔයා ආසාම කවිය මොකද්ද..?"
මම අහන්නේ ඉන් බොහෝ කාලෙකට පස්සේ දවසක...
"Sic Vita"
ඇය පිලිතුරු දෙන්නේ මොහොතකවත් පමාවක් නැතුව...
Sic Vita
කවි නොකියවන, නොලියන මට, නොතේරුනු කවි වලින් එකක්...
එදා නොතේරුනු කවිය වසර දහ අටකට පස්සේ අද හදිසියේම මට වැටහෙන්නට පටන් අරන්...
සිතුවිලි වලට හඬන්නට, වචන වලට මීට වඩා හොද අවස්තාවක් නැතිවා වෙන්නට පුලුවන් වුනත් මම වචන සඟවන්නම්...
මිතුරිය.., නුඹේ විචිත්‍ර සිහිනවල සදාකල්හිම කිමිදී ඉතින් සුවෙන් නිදන්...
Sic Vita
Like to the falling of a star,
Or as the flights of eagles are,
Or like the fresh spring's gaudy hue,
Or silver drops of morning dew,
Or like a wind that chafes the flood,
Or bubbles which on water stood:
Even such is man, whose borrowed light
Is straight called in, and paid to night.
The wind blows out, the bubble dies;
The spring entombed in autumn lies;
The dew dries up, the star is shot;
The flight is past, and man forgot.
by Henry King
පිංතූරය ගත්තේ මෙතැනින්
සමහර විට බීට්ල් මෙන්න මේ කොටස වෙන්න ඇති මරණය මේ තරම් අපිට වේදනාවක් වෙන්න හේතුව. "නුඹ නමට වූ මතකන් හැම - ලොවෙන් වියැකී තියේවී". කෙනෙක් ගැන තියන මතකය වගේම, ඒ කෙනාව අමතක වෙයි කියන සිතුවිල්ලත් වේදනාවක් නේද?
ReplyDeleteඔව්..හැබැයි සමහරු ඉන්නවා එහෙම වෙනබව කලින්ම තේරුම්ගත්තු...එහෙම අය වෙන්නැති මේ sic vita කවියට ගොඩක් කැමති...
Deleteබීට්ල්, මේ කමෙන්ට් එක මේ පෝස්ට් එකටත් කළින් පෝස්ට් එකටත්-දෙකටම. සමහර දේවල් සිද්ධ වුණහම අපිට ඒවාට හේතුවක් තේරුමක් දකින්න අමාරුයි. senseless වගේ හිතෙනවා. විශේෂයෙන් අනපේක්ෂිත මරණ. ඒත් කෙටි ජීවිත කාලයක් හරි සතුටින්, පරිපූර්ණව ගෙවෙන්න ඇති කියලා අමාරුවෙන් හරි අපිට හිත හදාගන්න වෙනවා.අපි හැමෝම ඉන්නේ බොහොම තාවකාලික නවාතැන්පලක බව මේ වගේ දේවල් වලින් තව තවත් ඒත්තු යනවා නේ? මිතුරියටත්, ඊළඟ පෝස්ට් එකේ පුංචි දියණියටත් සැනසිල්ලක් උදා වෙලා ඇතියි කියලා හිතමු.
ReplyDeleteඔව්..හේතුවක් හොයන්න යන එක තේරුමක් නැති ගමනක් තමයි... ඒ වෙනුවට numbered days වල තියන infinity එක දකිමු...
Deleteමම ඒ වගේ තැන් වලදි අයිස් වෙනවා.. ඉතිං මට මුකුත් දැනෙන්නෑ..
ReplyDeleteපුරුදුවෙන්න පුලුවන්නම් ඒකත් හොඳ ක්‍රමයක් වෙන්නැති..
Deleteවියෝව මට එච්චර හොඳට කළමනාකරණය කරගන්න බැරි දෙයක්. කලින් පෝස්ට් එක දැක්කාම, නිකමට වගේ හිතුනා, මකක් නමුත් නරක ආරංචියක් වෙන්න ඇති කියලා. නිහඬව හිටියෙ ඒකයි.
ReplyDelete
Deleteමටත් එහෙම තමයි බස්සා..මෙතන ඇත්තටම නරක ආරන්චි දෙකක්..ඉස්සෙල්ලාම ඇහුවාම පපුවේ හිරවෙන මොකද්ද දෙයක් කට්ටක් වගේ හැමදාම කෙවෙන්න ගන්නවා..මෙහෙම තමයි ඒ කටු ගල්කරන්න ලේසි..
කවි නොකියවන, නොලියන මට, නොතේරුනු කවි වලින් එකක්...
ReplyDeleteසමහරවිට උඹ එකම දේ වෙන විදියකින් තේරුම් අරන් ඇති...
Deleteමම කියෙව්වෙමි. නමුත් ඔබට කුමක් කියන්න දැයි නොදන්නෙමි.
ReplyDeleteමම කියෙව්වෙමි. නමුත් ඔබට කුමක් කියන්න දැයි නොදන්නෙමි. (2)
ReplyDeleteඅරූ, ඉයන්...
Deleteමේ පෝස්ට් එකේම "වචන වලට මීට වඩා හොද අවස්තාවක් නැතිවා වෙන්නට පුලුවන් වුනත් මම වචන සඟවන්නම්..." කියා ලියන්න වුනෙත් ඔය හැඟීම නිසාම වෙන්නැති...
බොහොම ලස්සනයි මල්ලි ජීවිතය වදන් පෙළකට කැටි කරන එක කරන්න හරිම අමාරු දෙයක්.
ReplyDeleteඇත්ත... පරක්කුවෙලා හරි Sic Vita කියන්නේ එහෙම වදන් පෙළක් කියලා මට තේරුණා..
Deleteහරිම අපූරුයි අයියේ මේක..
ReplyDeleteසමහර නිර්මාණ ජීවිතයත් එක්ක බැඳිලා තියෙන විදිය අපිටවත් හිතාගන්න බෑ. හරියට අාත්මය වෙලා.
ඔව් දුලා... ගොඩක් වෙලාවට කෙනෙක් නිර්මාණයකට ගොඩක් කැමති වෙන්නේත් එහෙම බැඳිමක් තියෙන නිසා..
Delete