කැප්ටන් කලමාරිගේ වීර ක්රියා…!
දිලිසෙන මාලු නයිදෙගේ කොරල නම් ඉස්තරම්…
ඒත් ඌ වටින්නෑ පැන්සයක් තරම්…
ඒත් ඌ වටින්නෑ පැන්සයක් තරම්…
මූහුදු ලිහිනියා සිංදු කිය කියා නටයි…
හොටය ලස්සනයි ඒත් වටින්නැති හැඩයි…
හොටය ලස්සනයි ඒත් වටින්නැති හැඩයි…
තාරකා මාලුවාගේ නැටුමකුත් බලමු...
වස්තුවක් නෑ උගෙන් පාරවත් අහමු…
වස්තුවක් නෑ උගෙන් පාරවත් අහමු…
ඉර එලියේ දිලිසෙනා ඉබි නයිදෙගේ කටුව...
තේරුමක් නෑ අපි හොයන දේ නැතුව…
තේරුමක් නෑ අපි හොයන දේ නැතුව…
පී-ක-බූ බෙල්ලා ලඟත් වස්තුවක් නැද්ද..?
නෑ වගෙයි අපි යනවා නොකර වැඩි සද්ද…
නෑ වගෙයි අපි යනවා නොකර වැඩි සද්ද…
බෙලි අප්පු ගාටනා කටුව පිට දරන්…
නොමැති වස්තුව අපි හොයන ඉස්තරන්…
නොමැති වස්තුව අපි හොයන ඉස්තරන්…
අන්තිමේ හමුවුනා වටින දේ හොයපු…
පුතේ ඒ නුඹයි අපි ලෝකයක් දිනපු...
පුතේ ඒ නුඹයි අපි ලෝකයක් දිනපු...
දරුවන්ට ලැබුණු තෑගී අතර තිවුන රෙදි වලින් මසා ඇති මේ නිර්මාණශීලී කතන්දර පොත් පිංච පුතාටත්
වැඩියෙන් මම රස වින්දා කිව්වොත් වැරදි නෑ… එහි ප්රථිපලය මේ පෝස්ට් එක…
මගේ සිඟිති ආතල් වලට ඔබේ බයිට් පුච්චනවාට සමාව දෙනු ඇතැයි සිතමි…
මුල් ඉංග්රීසි නිර්මාණයේ හිමිකරු : Chung Liang
ග්රැෆික් නිර්මාණය : Tetsuya Hirose
අදහස සහ අදියුරුවම : මුල් ළමාවිය සංවර්ධනවේදී Dorothy Singer Ed. D.
සිඟිත්තාගේ පිංතූරය අන්තර්ජාලයෙන් :
ග්රැෆික් නිර්මාණය : Tetsuya Hirose
අදහස සහ අදියුරුවම : මුල් ළමාවිය සංවර්ධනවේදී Dorothy Singer Ed. D.
සිඟිත්තාගේ පිංතූරය අන්තර්ජාලයෙන් :