සැපට හැදෙන කිරි ටොයියන්…
පුංචි සීතලක් දැණුනත්…
හතර හන්දි පණ නැති වී…
ඇම්බියුලන්ස් ඇදන් යද්දී…
ඇස් බොඳවෙන මීදුමටත්…
බොයිල් කරන ගින්දරටත්…
ගහන පරක්කුව විතරයි…
යං එහෙනම් මං එන්නම්…
ෂෙඩියුල් දුරවල් පැනලා…
දින වකවානුත් මැකිලා…
තවත් ඉතින් බැහැ කියලා…
නැත කිසිදින මගඇරලා…
කණ කැස්බෑ වියසිදුරෙන්…
අහස දකින දින එනකල්…
හරකා වගේ උඹ අදිනවා…
නැත දුක් ගැනවිලි කිසිවක්…
එහා පැත්තේ කෲසරයෙක්…
ප්ලැටිනම් හැලි හිස් කරද්දී…
සිල්වර් උගුරු දෙක තුනකින්…
තොල කට පොඟවන් නිහඬව…
ෂැම්පු, ෆෝම් මොකුත් නැතිව…
දූවිලි පිහදා ක්සණිකව…
සැරදාලා ලෑස්ති වෙයි…
මගෙ ජීවන බර අදින්න…
නොදන්නවා නෙවෙයි උඹට…
මගෙන් කෙරෙන කෙණහිලිකම්…
මගේ පුංචි හිත මිතුරේ…
තව පන්දාහක් ඇදපන්…
ෆ්ලෂ් කරලා සක් කරලා…
ජැක් වොෂ් එකකුත් දීලා…
ලබන පාර සලකනවා…
පොරොන්දු වෙන්නම් දිවුරා…
ප/ලි : සත්තයි..!
ගැටපද විවරණය : ඇම්බියුලන්ස්=ආපදා රථය | ෂෙඩියුල් දුර=ඊළග සර්විස් එකට නියමිත කි.මී. සීමාව | කෲසරයෙක්=ලෑන්ඩ් කෲෂර් වර්ගයේ වාහනයක් | ප්ලැටිනම්=ඉස්තරම් තත්වයේ එන්ජින් ඔයිල් | සිල්වර්=සාමාන්‍ය තත්වයේ එන්ජින් ඔයිල් | ෆ්ලෂ් / සක්=එන්ජිමේ ඇති දහනය වූ ඔයිල් යන්ත්‍රානුසාරයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම | ජැක් වොෂ්=වාහනය ඔසවා කරන සාමාන්‍ය සේදීමකට වඩා හොඳ සේදීමක්