![](https://lh3.googleusercontent.com/blogger_img_proxy/AEn0k_se1y5gCGUy_Li9-nbd-cSsYsg02BU5ZUwJvy_8q4g19Jwu3lsm9ZyhBJzEXYYIb6RbhNknq6DzkipUSXsuutkZlKTG_WJWNo9O3j6uIGsy7ZXfyDY-FKq-kFqk62iIBo4Uzre_=s0-d)
මේ මීට වසර ගණනකට පෙර සිදුවීමකි… සුප්‍රසිද්ධ ටෝස්ට්මාස්ටර්ස් වැඩසටහන අනුසාරයෙන් සැකසුණු සේවා ස්ථානයේ කථන පුහුණු පාඨමාලාවකට බලෙන් තල්ලු කල සේවකයන් රොත්තෙන් එකෙකු ලෙස මම අන්තිම පේලියේ නිදිකිරමින් සිටියෙමි…
මගේ මතකය නිවැරදි නම් “ටේබල් ටොපික්ස්” වටය යනු එවේලේ ලබාදෙන මාතෘකා කිහිපයකින් එකක් තෝරාගෙන, සහභාගීවෙන්නන් අතරින් ස්වේචාවෙන් ඉදිරිපත් වෙන අයෙකු විනාඩි කිහිපයක කතාවක් පැවැත්වීමයි… අවාසනාවකට අප කණ්ඩායමේ හැමදෙනාම පාහේ හොඳින් කතාකල හැකිවුන් නිසා, කිසිවෙකු ඉදිරිපත් නොවෙන වාතාවරණයක් තුළ, ප්‍රායෝගිකව සිදුවූයේ අහඹු ලෙස ශ්‍රාවක සමූහයෙන් තෝරාගන්නා පුද්ගලයින් සභාව ඉදිරියට බලෙන් ගෙන්වා ගැනීමයි… තවකෙකුට මුවාවෙමින් සැඟවීමට උත්සාහාකරන, ලැජ්ජාශීලී පුද්ගලයින් මෙහිදී බොහෝවිට ඉලක්ක වෙනබව මා ඒ වනවිට දැන සිටියේ නැත…
ජලාශයකින් එතෙරෙ වෙන ගවරැලකට කඩාවදින දඩයම් රිසි කිඹුලෙක් ඉන් දුර්වල අවාසනාවන්තයෙකු අහඹු ලෙස ඩැහැගනියි… සෙස්සෝ ඌ බිල්ලට දී ගැලවෙති. ගවයාගේ දිවිතොර වුවද, ඌ මතු එළඹෙන ගැහැටින්ද මිදුනේ වෙයි… වාසනාවකට හෝ අවාසනාවකට මම එදින දඩයම් වුනු ගවයා වීමි…මූලාසනයේ කැඳවීමට අනුව වෙවුලන දෙපා වලින් යුතුව ඒ දෙසට ඇවිද යන මට වදවීමට අතිරේක හේතුවක්ද නිර්මාණය වී තිබුණි… ඒ එදින වැඩසටහනට සහභාගී වී සිටි ප්‍රධාන අමුත්තායි…
සමාගමට අයිති ආයතන සමූහයේම කුඩා සේවක කණ්ඩායම් වල එකතුවකින් නිර්මාණය වූ මෙම වැඩසටහනේ සෑම දිනකම එක් ආයතනයක කණිෂ්ඨ විධායකයෙකු ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වීම සිරිතක් විය… අවාසනාවට එදින ප්‍රධාන අමුත්තාද සහභාගීව සිටියේ අප ආයතනයෙනි… උදෑසන සුභපැතුමකට පෙරළා ආචාර නොකරන, දවස පුරා තම පරිඝණකයට ඔළුව ඔබාගෙන සිටන, නිහඬ ගුප්ත චරිතයක් වූ එම කළමණාකාරවරයා ඉදිරියේම මගේද, අප ආයතනයේද සායම හෝදාගන්නට වීම මට ලැබුණු නරකම අහම්බයක් බව මම දැන උන්නෙමි…
“විනාඩි තුනයිනේ… මෙහෙම කරද්දී ඉවරවෙයි… මෙහෙම කරද්දී…” අත්පොලසන් හා මිතුරන්ගේ විහිළු සිනා මධ්‍යයේ ඉදිරියට යද්දී මම මැතිරුවෙමි… ලෝකය සෙමින් කැරකීම ඇරඹුනි…මම කතාව පටන්ගත්තෙමි…
[පරණ බැකප් දත්ත අවුස්සා සොයාගත්, ඒ කතාවේ ‘අහන් ඉන්න පුළුවන්’ පරිවර්තනය මෙසේ අකුරු කරමි…]
![](https://lh3.googleusercontent.com/blogger_img_proxy/AEn0k_suPAwqu0Vdm9ZbuEm5b7ye7Qp0qCRGpONhPXAH4O3SEmQNeH_FQkjB6ZAg7mCm4SZ_2nDAeYMIWWvvtsiNpDv0nuNxRp9lUhufh31mnWeeewtwjiAV4GAdpb2cdUj82hyfL8Ucm91bjN04BxtB=s0-d)

“සුභ සැන්දෑවක් මා ප්‍රිය මිතුරු මිතුරියනි… මට මේ අවස්ථාව ලබා දුන්නාට මූලාසනයට ස්තූතියි…[සභාවේ සිනා]… හොඳයි, තිරයේ දිස්වෙන අද මාතෘකා අතරින් මම කතාකරන්නට කැමති මාතෘකාව ‘ඇස්ටරොයිඩයක ගැටීමෙන් ලෝකය තව දින හතකින් විනාශ වෙන බව දන්නවා නම් ඔබ ඒ දින හත ගතකරන්නේ කෙසේද?’ යන්නයි…
දින හතක් කියන්නේ කෙටි කාලයක් තමයි… නමුත් සතුටින් මියෙන්නට ඒ ප්‍රමාණවත් කාලයක් යැයි මට හිතෙනවා… මම ප්‍රථමයෙන්ම කරන්නේ මේ කතාව ඇත්තක්දැයි නැවත වරක් සැකහැර දැනගැනීමයි… දෙවනුව මම කරන ප්‍රධාන දෙය ආයතනයේ මගේ ඉතිරිව ඇති නිවාඩු සියල්ල එකවර ලබා ගැනීමයි…[සභාවේ සිනා]
මියෙන්නට පෙර මා වෙනුවෙන් පැය විසිහතරම කැප කල හැකි දින හතක් ඔන්න මට දැන් තිබෙනවා… එතැන් පටන් දින ගෙවෙන හැටි ගැන මෙසේ හිටිහැටියේ පැහැදිලිකිරීම තරමක් අසීරු කර්තවයයක්… බොහෝදුරට ඒ දින හත ගෙවෙන හැටි ගැන මම සුපුරුදු විදියට ප්‍රොජෙක්ට් ප්ලෑන් එකක් සකසාවි…[සභාවේ සිනා]… එහි අඩංගුවන දේ ගැන දැන්ම අනාවැකි කීම අපහසු වුනත් අනිවාර්යෙන්ම එහි තිබියහැකියැයි මට හිතෙන සමහර දේ මෙසේයි… බොහෝ දුරට ඉන් ලොකුම කාලය මගේ ප්‍රියාවිය වෙනුවෙන් වෙන්වේවි… ඇය මා නිසා ඇඬූ අවස්ථා බොහොමයි… මේ දින හතේදී ඇයව කිසිවිට නොහඬවා සිටීමට මම මටම පොරොන්දු වෙනවා… ඊට අමතරව මගේ දෙමව්පියන්ට, මගේ නැණැස පෑදූ ගුරුවරයින්ට සහ මගේ හිත මිතුරන්ට ඔවුන් මා වෙනුවෙන් ලබාදුන් සියලු දේ වෙනුවෙන් ඔවුන්ට ස්තුති කිරීමට මම උත්සාහාකරනු ඇති… මගෙන් වරදක් වූ අයෙක් ඇත්නම් ඔවුන්ගෙන් ඒ වෙනුවෙන් සමාව අයදින්නටත් කිසියම් කාලයක් වෙන්වේවි…මේ දේවල් සමඟින් දවස් හත අවසන් වී යනු ඇතැයි මට සිතෙනවා…
[ලෝකය සෙමෙන් කැරකෙන්නට ගත්තා ඔබට මතක ඇති… කතාව අවසන්වූවත් මට වෙන්වූ වේලාව අවසන් නොවූයෙන් තවත් විනාඩි කිහිපයක් ඇදිය යුතුව තිබේ…මම මනසේ අදහස් සූරමි…]
අහ්ම්… හොඳයි… මට තවත් කරුණක් සඳහන් කරන්න හිතුනා… මේ මාතෘකාව අපේ මූලාසනයේ මිතුරාගේ හිතේ ඇඳුනු අහඹු සිතුවිල්ලක් පමණයි… නමුත් අඩුම වශයෙන් මෙහිදී දින හතක් ඉතිරිව ඇති බව අපි දන්නවා…සත්‍යය තත්වය ගැන පොඩ්ඩක් කල්පනාකර බැලුවොත් අපි මේ තරම්වත් වාසනාවන්ත නැති බව ඔබට වැටහේවි… ජීවිතය කියන්නේ ඉහළගත් හුස්ම පහළ දමන්නට පෙර අහිමිවිය හැකි දෙයක්… සමහරවිට මෙතන ඉන්න අපි කාට හෝ දින හතක්වත් ජීවත් වෙන්නට ඉතිරිව ඇතිදැයි අපි දන්නේ නැහැ… ඉතින් ප්‍රියාවිය නොහඬවා සිටින්නට, දෙමාපිය සෙවනේ මොහොතක් ගෙවන්නට, උදව්කල අයෙක්ට ස්තූතියි කියන්නට හෝ වරදකට සමාව යදින්නට ඇස්ටරොයිඩයක් පැමිණ ලෝක විනාශයක්ම එනකල් ඉන්නට අවශ්‍යද..? නැහැ… මට හිතෙන්නේ මියෙන්නට පෙර ඉටුකරගන්නා අටියෙන් අපි කල්දමන බොහෝ සිහින සැබෑ කරගැනීමට සුදුසුම දවස අද දවසයි… මොකද අද යනු ඇත්තටම ඔබ මියෙන දිනයට පෙර දිනය වන්නටත් පුළුවන්…
[කාලය අවසන් බව හැඟවෙන අර මිහිරි සීනු නාදය, මගේ සිරුරම ලිහිල් කරයි…කල්පය ගතවී ඇත… ]
මතක තබාගන්න ජීවිතය කෙටියි තමයි… නමුත් සතුටින් ජීවත් වී සතුටින් මියෙන්නට ඒ කාලය හොඳටම ප්‍රමාණවත්… ස්තූතියි…!

කතාව පුරාවට මා මනසින් ඇස් ඉදිරියේ නිර්මාණය කරගෙන සිටි දැවැන්ත තාප්පය අත්පොළසන් හඬින් සුණුවිසුනු වෙයි… කැමරා කාචයකින් ග්‍රහනය කරගත් නිසල ඡායාරූපයක් සේ එදා මා දෑස් ඉදිරියේ තිබූ දර්ශනය මා මනසේ ඇඳී තිබේ… එහි හරිමැද, ශ්‍රාවක සමූහය පසුබිමේ, අත්පොළසන් තබා මස්පිඩුවකදු නොසෙල්වා මාදෙස පිළිමයෙක් මෙන් බලාසිටි ප්‍රධාන අමුත්තාව මේ ලියන මොහොතේද මට සිතට නඟාගත හැකියි…
සිකුරාදා පැවැත්වුන මෙම වැඩසටහන අවසානයේ මම නිවසට ගියෙමි… සති අන්තය විශේෂ කරදරයකින් තොරව ගෙවී ගියේය… සඳුදා උදෑසන ආයතනයේ වැඩ අරඹා සුළු මොහොතකින් මගේ ප්‍රධානියාගෙන් ඔහු හමුවට පැමිණෙන ලෙස ඇමතුමක් ලද්දෙමි… දෙවරක් තට්ටුකොට ඔහුගේ කාමරයට ඇතුළුවෙද්දී ප්‍රධානියාට අමතරව තවත් අමුත්තෙකු එහිඇති බව මම දුටුවෙමි… පසෙක වූ සාකච්ඡා මේසය උඩ වාඩිවී සිටියේ පෙරදිනයේ මගේ ආරධිත අමුත්තායි…
“මූද මිනිහා…?”
“මූ තමයි…!”
මොන විනැම්බෑසියක්ද මම මොහොතකට වික්ෂිප්ත වීමි… අමුත්තා කතා කරන්ට විය…
“උඹ ගිය සතියේ කල කතාව මාරයි… උඹ දන්නවද මම වීක්එන්ඩ් එකේ ෆැමිලි එකත් එක්ක ගමේ ගියා… දරුවෝ තේරෙන වයසට ආවට පස්සේ මම උන්ට අපේ මහගෙදර පෙන්නලා තිබුනේ නෑ… ආපහු එනගමන් බෙන්තොට බීච් හෝටලේත් දවසක් ඉඳලා අපි ආවේ… උඹට ස්තූතියි…”
“යු ආ වෙල්කම්…” මම විරිත්තීමි…
ඉන්පසු මම ආයතනයෙන් අස්වෙන තුරුම ආයතන සාදයක හෝ කොරිඩොවක හමුවූ විට දුකසැප විචාරා යන්නට ඔහු පුරුදුව සිටියේය…
සියල්ල මෙතැනින් අහවර වන්නට තිබුණි…නමුත් ජීවිතය සොඳුරු කතා රචකයෙකි… ඇස්ටරොයිඩ ගනනක් පෘථිවියේ නොගැටී අප පසුකර ගිය අතර, අඩි සළකුණු ගැන වද නොවුනු මම නොනැවතී ඉරවටා දුවමින් සිටියෙමි… එහෙත් ඉඳහිට දිනෙක මේ දිවිගමනේ පෙර අප තැබූ අඩි සලකුණුද වැදගත් වේ… එළැඹුනේ එවැනි දිනයකි…
ජීවිතයේ තවත් එක් වෙනසක් වෙනුවෙන් යටකී ආයතනයෙන් මම සමුගනිද්දී ලබාගත් රෙකමදාරු ලිපිය ප්‍රමාණවත් නොවෙන හෙයින් අලුත් ලිපියක අවශ්‍යයතාවයක් පැණනැඟුනි. මානව සම්පත් අංශය හරහා නිලවශයෙන් ඔවුන්ගෙන් කළ ඉල්ලීමට ප්‍රතිචාර ලෙස ලැබුනේ මගේ රෙකමදාරු ලිපිය වසර ගනනාවකට පෙර මා ඉවත්වෙද්දීම ලබාදී ඇති බවත්, අවශ්‍යයනම් එහි කොපියක් මිස අලුත් ලිපියක් ලබා දීමේ සම්ප්‍රදායක් නොමැති බවත්ය… ඉන්පසු දුරකථනයෙන් කෙරුන නොනිල ඉල්ලමට පිළිතුර වූයේ සම්ප්‍රදායට පිටින් එවැන්නක් කිරීමට ආයතනයේ අහවල් විධායකගෙන් කෝඳුරු තෙල් හත්පට්ටයක පෙඟවූ විශේෂ අවසරයක් අවශ්‍යය බවයි… කෝඳුරු තෙල් හත්පට්ටය සොයාගත්තද, විශේෂ අවසරයක් කොහෙන් හොයන්නද…...?
දැන සිටි මිතුරන් සියල්ල ජීවිතයේ අලුත් අභියෝග සොයා ආයතනයෙන් නික්ම ගොස් සිටි හෙයින් මම අසරණ වීමි… නිකමට මෙන් අහවල් විධායක කවුදැයි විමසා බැලුවෙමි… දේව කරුණාවයි… මගේ ඇස්ටරොයිඩ ආරාධිත අමුත්තා තම වෘත්තීය ජීවිතය ජයගෙන ඇත…!!! :)
ඉතා කෙටි හඳුන්වාදීමකින් අවුරුදු ගණනක් ආපස්සට දුවන්නට ඔහුට ඉස්පාසුවක් තිබුනෙන්, අවශ්‍ය ලිපිය මටම කියා ඩ්‍රාෆ්ට් කරවාගෙන තම අත්සන යෙදූ කොපියක් කඩිනමින් මට ලැබෙන්නට සලස්වා, මුල් පිටපත තැපැල් කරන්නට තරම් ඔහු නිහතමානීවිය,.. අපේ අතීත හැඳුනුම්කම නොවන්නට මේ ලිපිය මට නොලැබෙනු නොඅනුමානය… නොසිතූ, නොපැතූ අහඹු සමනළ පියාපතක සෙලවුම ජීවිතයේ විසල් වෙනස්කම් සිදුකරන්නේ එලෙසිනි…
Inspired by : “දිනේශ්ගේ වර්ණ” සහ “පැතුම්ගේ බිත්තිය”
පිංතූරය : http://cdn.inquisitr.com/wp-content/uploads/2014/04/asteroid2.jpg