Friday, December 30, 2011

වසරක් ගෙවුණා… පොතකුත් ගැහුවා…

cloud

මේ කෙටි සටහන මෙම බ්ලොග් අඩවියට විශේෂ කරුණක් වෙනුවෙන්… අකුරු බ්ලොග් අඩවිය පටන් ගෙන අදට හරියටම අවුරුද්දයි… සිංහල බ්ලොග් ලෝකයේ මෙය නොගිණිය හැකි තරම් කුඩා පියවරක් වුනත්, පුද්ගලිකව මාගේ බ්ලොග් දිවියේ යෝධ පියවරක්…

වසරක් ගතවුණත් පෝස්ට් 50 ක් සම්පූර්ණ කරගැනීමට හැකිවුණේ නැහැ… ඒත් ඒ කෙටි සටහන් ප්‍රමාණය කියවන්නට පැමිණි ඔබ සැමට අතිශයින්ම ස්තූතියි…

වසරක් පිරෙන මොහොතේ අලුත් යමක් කරන්නත් ආසා හිතුණා… ඒ ගතවූ වසරේ මා ලියූ සටහන් වලින් තෝරාගත් සටහන් දහයක් ඇතුළත්  විද්‍‍යුත් පොතක් නිර්මාණය කිරීමයි… පහත ලින්ක් එක ක්ලික් කිරීමෙන් අනතුරුව පෙන්වන තිරයේ ෆුල් ස්ක්‍රීන් දමාගතහොත් එය අපහසුවකින් තොරව කියවන්නට හැකිවේවි… නැතිනම් PDF ලෙස බාගත හැකියි…

බ්ලොග් කියවන ලියන ඔබ සැමට 2012 වසර සාර්ථක වේවා..!!!

 

PDF එක බාන්න

  

 

ප/ලි : මෙම ඊ-බුක් එක හැදුවේ කෙසේදැයි කෙනෙකු දැනගැනීමට කැමතිනම්; ඒ මයික්‍රොසොෆ්ට් වර්ඩ් 2010  ඩොකියුමෙන්ට් එකක් PDF ලෙස සේව් කර එය www.issu.com හි ගිණුමක් සාදා උඩුගත කිරීමෙනුයි…

26 comments :

  1. මේ ක ම රු අ ද හ ස

    ReplyDelete
  2. අපූරුයි බීට්ල්- අලුත් අදහසක්. 2012 දීත් ලස්සන නිර්මාණ කරන්න සුභපැතුම්!

    ReplyDelete
  3. බොහොම ස්තුතියි! බාගන කියවන්නම්කො...පෝස්ට් 50ක් නැති එක ගැන දුක්වෙන්න ඕනෙ නෑ...ගණන නෙමෙයි වැදගත් අන්තර්ගතය.....

    ReplyDelete
  4. එළ වැඩක්......

    ReplyDelete
  5. මුළින් දැක්ක දවසෙ ඉඳලම ආසාවෙන් කියෙව්ව බ්ලොග් එකක් බීට්ල්. මගේ හෘදයංගම සුභ පැතුම්.

    ReplyDelete
  6. මේ බ්ලොග් අවකාශේ තියෙන "පට්ටයි" කියලා කටක් ඇරලා කියන්න පුළුවන් කතා ලියන අතළොස්සක් වූ බ්ලොග් වලින් එකක් තමයි මේ උඹේ බ්ලොග් එක බීටලයියේ!
    අලුත් අවුරුද්දේ PDF වලින් නෙමෙයි මුද්‍රණද්වාරයෙන්ම පොතක් එළිදක්වන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා!
    අවුරුද්ද සුභ වේවා!

    ReplyDelete
  7. නියමයි බීට්ල් . . . හරිම සතුටුයි . . .

    කරුනාසේන ජයලත් මහතාගේ රචනා ශෛලිය වගේ දෙයක් පපුවේ ගැඹුරටම දැනෙන්න ලියන්න උඹට ත් හැකියාවක් තියෙනවා සත්තයි.

    ඒක තවත් වැඩි දියුනු කරගෙන බ්ලොග් අවකාෂයෙන් එහාට ගිය තවත් පුලුල් අවකාෂයක ඇති පාඨකයන්ට උඹේ අපූරු කතා කියවන්න ඉක්මනින් ඉඩ ලැබේවා යන්න මගේ ප්‍රාර්ථනයයි.

    ජය වේවා.

    ReplyDelete
  8. සතුටු දායක පුවතක්. පූසා කියන දේට මමත් කැමතියි. මේවගේ කතා අපි කියෙව්වෙ සල්ලි දීලා අරගත්තු පොත්වලින්. නොමිලේ කියවන්න සලස්වන එකට උඔට අවංක ස්තුතිය.

    මේ වගේ අලුත් දේවල් එකතු වෙද්දි බ්ලොග් අවකාශය නැවුම් වෙන එක ගැන සතුටුයි.

    මුණු පොතේ දැම්මා. පොත දිග ඇරෙනවා නිකං ඩිල් කොම්පැනිය වගේ ....එහෙම්ම කියෙව්වැකි..

    ReplyDelete
  9. සුභපැතුම්. නියම වැඩක්. ලස්සනයි. සුභ අළුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
  10. අපූරු අදහසක්. '2012' තව තවත් සාර්ථක නිර්මාණ කරන්න ලැබෙන වසරක් වේවා!

    ReplyDelete
  11. ඔක්කොම කියෙව්ව. කළින් කියවල තිබුණෙ කිහිපයයි. ඇත්තටම හොඳයි මේ කතා ටික. ඊට වඩා විග්‍රහ කරන්න තේරෙන්නෙ නෑ.
    ඒ වගේම ඊළඟ වසරට මගෙනුත් සුබ පැතුම් !!!

    ReplyDelete
  12. ඒකනම් අපූරු වැඩක්... පොත සේරම පස්සෙ කියවනවා තව තවත් ලියන්න ධෛර්ය්‍ය ශක්තිය සමග නව වසරට සුබ පැතුම්

    ReplyDelete
  13. එලබෙන අවුරුද්දෙත් අළුත් දේවල් කරන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. සුභ නව වසරක් ඔබටත්...

    ReplyDelete
  14. හොඳ ඉඟියක්.....

    සුභ පැතුම් බීටා ඇතුලු සිය පවුලටම.....

    ReplyDelete
  15. ටැබූ ගේ බ්ලොග් පිටුවක පලවුණු 'වෙනස' කෙටි කතාවේ සිටම බීට්ල් කියෙව්වා.. පූසා මාමා කියපු වැඩේ ගැනත් සලකලා බලන්න.. පොතේ ඔක්කොමත් හරි, පිදුමත් හරි!

    e book එක හදන හැටි කියල දුන්නට ස්තූතියි.

    සුභ අළුත් අවුරුද්දක් වේවා!

    -පැතුම් හර්ෂණ

    ReplyDelete
  16. හරිම අපුරුවට ලියන කතා ගොඩක් කියවනවා මේ බ්ලොග් ඒකෙන.. සුබ පැතුම්, සුබ අලුත් අවුරුද්දක් වේවා..!

    ReplyDelete
  17. කාගෙ‍න්දෝ මන්දා ප්‍රෙෆයිලයක ලින්කුවකින් ~එකමත් එක කාලෙක ආදර කතාවක්~ කියවන්න ගත්ත ඔබ තුමාගෙ බ්ලෝග් පිටුව ගොඩක් ආසාවෙන් කියවනවා තවමත්..
    ලැබූ නව වසරේ තව තවත් නිර්මාණ බිහිවෙන්නට ඔබට සුබ පැතුම් හා දිරි..!!
    නව ප්‍රාර්ථනා දළුලන.. තැබූ බලාපොරොත්තු ඉටුවෙන සුබම සුබ නවවසරක් වේවා..!!! :)

    ReplyDelete
  18. සුබ නව වසරක් වේවා!

    [Did not read the post yet]

    ReplyDelete
  19. නියමයි බීටල් අයියා මේක නියම වැඩක් . එලම තමා මමත් මේ ක්‍රමේට මොනා හරි කරන්න ඕනෙ . උඹගේ බ්ලොග් එක මම කියවන්නේ බෝම ආසාවෙන්

    සියලු බලාපොරොත්තු ඉටුවන වාසනාවන්ත නව වසරක්ම වේවා !!

    ReplyDelete
  20. අළුත් අවුරුද්දේ පළවෙනි කොමෙන්තුව උඔටයි. ඇත්තටම නියමයි. සුභ පැතුම් මිත්‍රයා!

    ReplyDelete
  21. හැමදෙනාටම ගොඩක් ස්තූතියි... ජයවේවා..!!!

    ReplyDelete
  22. සුබ අලුත් අවුරුද්දක් වේවා බීටා..!

    ReplyDelete
  23. සුබ පැතුම්!!! සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා!! :)

    ReplyDelete
  24. නියමයි බිටල්. සුපිරි වැඩක්...

    සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා....!!!!

    ReplyDelete
  25. සුබ නව වසරක් වේවා!

    මාත් මේ පොත බා ගන්න ගමන්.ස්තූතියි කතා ටිකට...

    ReplyDelete
  26. නියමයි මචෝ . . . කියවලා තිබුන කතා ටිකත් එක්කම ඔක්කොම ආයෙත් කියෙවුව එක හුස්මට

    ReplyDelete

Web Statistics