Sunday, December 4, 2011

42. ජීවිතය සුන්දරයි | Life is Beautiful

“මේ අපේ කවුන්සලර්… නිල්මි…”

මාව අයතනය පුරා රැගන යන අතරේ, අප පසුකර කඩි කුලප්පුවෙන් මෙන් දිවගිය සුන්දර යුවතියක් නැවතූ කළමණාකාරතුමා ඇයව මට අඳුන්වල දුන්නා… ඇය මවාගත් ලෙන්ගතු කමකින් මාගේ සුරත අල්ලා ගත්තේත්, කිහිප වරක් සෙළවූයේත්, නැවත අත හැරියේත්… “වෙල්කම් ඔන් බෝර්ඩ්…” යැයි පැවසූයේත් යන මේ සියල්ල එක විට  සිදුකළේ තත්පරයකටත් වඩා අඩු කාලයකින් වාගෙයි මට දැණුනේ…

“ස්තූතියි… හමුවීම සතුටක්…” මා ප්‍රතිචාර දක්වද්දී ඇය සිටියේ අප පසුකර කොරිඩෝව දිගේ නැවතත් දිවයමින්…

“සී… යා… අරවුන්ඩ්…” ඒ හඬ ආවේ ඇය කොරිඩෝ බිත්තියෙන් නොපෙනී ගියාටත් පසුවයි…

තත්පර කිහිපයක් පමණක් පැවති අප දෙදෙනාගේ පළමු හමුව වූ එය, අප සුහදව වෙන්වූ එකම හමුවද වූයේ අවාසනාවන්ත ලෙසයි…

ඉන්පස්සේ ඇය හා මට ගනුදෙනු කරන්නට සිදුවූ සෑම අවස්ථාවක්ම ගුටි බැට හුවමාරුවකින් තොරව නිමාවූයේ අප දෙදෙනා විරුද්ධ ලිංගිකයන් දෙදෙනෙකු වූ නිසා විය යුතුයි…

“මේ නිල්මි ඇයි බන් මගෙන් හැමදාම ගේම ඉල්ලන්නේ…” මගේ අලුත් ආයතන සගයාට මා පැවසූයේ ඇය සමග වූ දුරකථන සංවාදයකින් හෙම්බත්ව දුරකථනය විසන්ධි  කිරීමෙන් අනතුරුවයි…

“මචං උඹට කියන්න අමතක වුණා… උන්ගේ ගැන් එක අපිත් එක්ක තරහයි… අපිත් එහෙමයි… ඕක අවුරුදු ගානක ඉඳන් එන්නේ… ඉතින් උඹ මගෙත් එක්ක ඉන්න නිසා උන් හිතන්න ඇති උඹත් අපේ ගැන් එකේ කියලා… ඒකයි ඔය…”

ඔහු දුන් පිළිතුර තවත් කිහිපදෙනෙකුගෙන් මට වූ කෙනෙහිළිකම් කිහිපයක් එකට අමුනා ගන්නට ප්‍රමාණවත් වුණා…

“උඹ දැන්ම තීරණේ කරපන් උඹ මොන ගැන් එකටද සෙට් වෙන්නේ කියලා… නැත්තම් උඹට මේකේ පැවැත්මක් නෑ… උඹ අපේ ගැන් එකේනම් දැන් වරෙන් මගෙත් එක්ක මේ ඇටෙන්ඩන්ස් රෙජිස්ටරියේ ෆොටෝකොපි එකක් ගන්න එලියෙන්…”

“ ඒ මොකටද…?”

“උන්ගේ එකෙක් අද ආවේ නෑ, ඌට හෙට ඇවිල්ල සයින් කරන්න හිස් රූලක් ඉතුරු කරලා අරුන්… මම ඇහැගහගෙන හිටියේ… මම හදන්නේ මේකේ ෆොටෝ කොපි එකක් අරන් හෙඩ් ඔෆිස් එකට අරින්න…”

ඔහුගේ ඒ පිළිතුරෙන් අලුත් ආයතනයේ මට යෑමට ඇති ත්‍රාසජනක ගමන ගැන මූලික අදහසක් මට ලැබුණා…
නිල්මි වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ප්‍රියමනාප යුවතියක්… එසේම ඇය වෘත්තිමය හැකියාවන්ගෙන් අනූන බවත්… ඒ සියල්ලටම වඩා ඇය සිත් ගත්වුන්ට ඇය ඉතා ලෙන්ගතු මිතුරියක් බවත් මට මඳ කලකින් වැටහෙන්නට වුණා… නමුත් ඇයගේ ඒ සියලු ගුණාංග අභිබවා යන වැදගත් හේතුවක් දිගින් දිගටම අප දුරස් කළා.. ඇය උන්ගේ ගැන්සියේ… මම අපේ ගැන්සියේ…

“සික්… මටත් ඒ ගැන්සියට යන්නයි තිබුණේ… “  වරක් දෙවරක් නොව කිහිපවරක්ම සිතට නැගෙන මේ මිත්යාදෘෂ්ටික සිතිවිල්ල මම මැඩගන්නේ අපහසුවෙන්…

~~~~~~~~~~

දින සති මාස ගෙවී ගියේ අලුත් ආයතනයේ නුහුරු බව කෙමෙන් මගෙන් දුරස් කෙරෙමින්… අලුත් මිතුරන් සුහද වෙන සීග්‍රතාවයට සමානුපාතිකව අලුත්  සතුරන් සතුරු වෙමින් තිබුණෙ එකිනෙකාගේ පුද්ගලික දුර්වලතාවයන්ටත් වඩා අයතනයේ දේශපාලනික උවමනා එපාකම් මතයි…

තවත් සිකුරාදා සවසක රාජකාරී වේලාව අවසන් වීමට ආසන්නයි… සුපුරුදු පරිදි මම නිල්මිත් සමග දුරකථන ගැටුමක උච්චතම අවස්ථාවේ…

“ඒ කියන්නේ ඔයා උත්සාහයක් දරන්න වත් ලෑස්ති නැද්ද…? මම මේ උදව්වක් ඉල්ලන්නේ…”

“එකපාරක් කිව්වම තේරුම් ගන්න… ජෙනරල් ප්‍රොසීජිය වලින් පිට මට මොකුත් කරන්න බෑ… සොරි…!!! බීප් බීප් බීප්…”

දුරකථනය විසන්ධි වෙන්නේ මගේ කෝපය දෙගුණ කරමින්…

“මොකද්ද සීන් එක..?”

විසන්ධි වුන දුරකථනය පසෙකින් තබා සුසුමක් හෙළු මගෙන් ‘අපේ ගැන්සියේ’ එකෙක් ඇසුවා…

“ කෝපරේට් ට්‍රේනින් එකකට වීකෙන්ඩ් එකේ මට රත්නපුරේ යන්න වෙනවා… නවතින්න සෙට් කරලා තියෙන්නේ එස්ටේට් මැනේජර්ගේ බංගලෝ එක… කලින් නලියා ඕකේ ඉඳලා කිව්වා එතන කුක් උයන කෑම බල්ලෙකුටවත් කන්න බෑ කියලා… හොටෙල් එකක් සෙට් කරන්න කිව්වාම ජෙනරල් ප්‍රොසීජිය එකෙන් පිට කියලා බෑ කියනවා… ”

“හ්ම්… මොනා කරන්නද… අපි රිටන් එක දෙමු… උඹ ගිහින් වරෙන්…”

පිටට තට්ටු කරමින් ඔහු මට පවසන්නේ තමන්ගේ පළිගැනීමේ ටු ඩූ ලිස්ට් එකට තවත් අයිටම් එකක් එකතු කරගනිමින්…

එදින රාජකාරී නිමවා නිවසට යද්දී විදුලි සෝපානයේදී මුනගැසුනු නිල්මී මා දෙස බැලුවේ වරදකාරී හැගීමකින්…

“මගේ නම්බර් එක ගන්න… එහේ මොනවා හරි ප්‍රශ්ණයක්නම් මට කතාකරන්න, මම කෝඩිනේට් කරන්නම්…” ඇය එසේ පැවසුයේ සියවරක් තමාගේ හොඳ සිත හා නරක සිත අතර පෙරළිකිරීමෙන් අනතුරුව බව මට විශ්වාසයි…

“උන්න හැටියට මළා මදැයි…” ඇයගේ සිත මඳකින් හෝ තෙත්වීම ගැන මට ඇතිවූයේ ජයග්‍රාහී සතුටක්…

~~~~~~~~~~

මම කුඩා කළ සිට ගෙවූ දුෂ්කර ජීවිතය නිසා පුරුදු වූ ලද දෙයින් සතුටුවීමට ඇති හැකියාවට පින්සිදුවන්නට  නලියා පැවසූ අපහසුතාවයන් කිසිත් මට රත්නපුරේදී  ගැටලුවක් වූයේ නැහැ… එදින රාත්‍රී ආහාරයෙන් පසු නිදිවේලාව එළඹෙන තුරු කල්මරමින් සිටි මට මොන මොනවාදෝ කියවන රූපවාහිනියත්, පසෙකින් බිම දිගාවී අදුරු රබර්වත්තට විටින් විට විපරම් කරන බලු තඩියාත්, සිමෙන්ති පඩිය මත වාඩිවී වතුයායේ ඉතිහාසය වර්ණනා කරන මහලු කෝකියාත් ගෙන ආවේ කම්මැලිකමක්…

මා හොඳින්දැයි බැලීමට නිල්මි දුරකථන ඇමතුමක් දේවියැයි යන බලාපොරොන්තුවෙන්දෝ  ජංගම දුරකථනය මා සුරතේ රැඳි තුබුණා… එනමුත් ඇමතුමක් නැති එහි  නිසල තිරය හිතට ගෙන ආවේ මොකද්දෝ සිහින් වේදනාවක්… ඇය ගැන සිහිවීමෙන්දෝ එළිය වු හිතට අලුත් අදහසක් ජනිත වෙන්නට වැඩි වේලාවක් ගියේ නැහැ…  ජංගම දුරකථනයේ යතුරු උඩ වේගයෙන් මාගේ ඇගිලි දිවෙමින් ටයිප් වන්නේ ඇයට කෙටි පණිවුඩයක්…

“එක්ස්කියුස් මී මෑම්… මට මෙතන ඉන්න බැහැ…”

නී නීක්… නී නීක්… පිළිතුර හිතුවාට වඩා ඉක්මනින්…

“මොකද්ද ප්‍රශ්ණේ…”

“මේක හොල්මන් මන්දිරයක්…”

නී නීක්… නී නීක්…

“ඇත්තටමද කියන්නේ… මොකද වුණේ..?”

“ඔව් ඇත්තටම… ගොඩක් දේවල් වුණා… දැනටත් වෙනවා…”

නී නීක්… නී නීක්…

“මොනවද වෙන්නේ කියන්න..?”

“මගේ බෙඩ් රූම් එකේ ජනේලේ කොච්චර වැහුවත් ටික වෙලාවකින් ඉබේම ඇරිලා… ජනේලෙන් එහාපැත්තේ රබර් ගහක් යට ඉඳන් කොණ්ඩේ කඩාගත්ත පුංචි ගෑනු  ළමයෙක් කාමරේ දිහා බලන් ඉන්නවා…”

නී නීක්… නී නීක්…

“දෙවියනේ ඔයා ඔය ඇත්තද කියන්නේ…? වෙන මොනවද වුණේ…”

“ඔව් ඇත්ත… මගේ රූම් එකට එහා පැත්තේ රූම් එක වහලා තියෙන්නේ… ඒකේ ඇතුළෙන් ගෑනු කෙනෙක් අඬන සද්දයක් එනවා…”

නී නීක්… නී නීක්…

“දෙවියනේ… එහෙම වෙන්න විදියක් නෑ… මුරකාරයා විතරයි ඉන්නවා කිව්වේ… බොරු නේ ද ඔය කියන්නේ…?”

“බොරු නෙමෙයි ඇත්ත… මේ දැන් වුණ දේ ඇහුවොත් ඔයා පුදුම වෙයි… මටනම් තවත් මෙතන ඉන්න බෑ…”

නී නීක්… නී නීක්…

“මොකද්ද දැන් වුණේ…?”

“මම නාන්න හිතාගෙන බාත් රූම් එකට ගිහින් ෂවර් එක ඇරියා… ෂවර් එකෙන් වතුර වෙනුවට ආවේ ලේ…!!!”

ටා  රාරා ටරරර රා රා… ටා රාරා ටරරර රා රා…

‘Incoming >> Nilmi’

තිරයේ සටහන් වන ඇමතුම මගේ මුවගට ගෙනාවේ ජයග්‍රාහී හිනාවක්…

“හෙලෝ..”

“හෙලෝ… ඔයා හොඳින්ද… කලබල වෙන්න එපා… හොඳට හුස්ම ගන්න ඉස්සෙල්ලා…”

“නෑ නෑ එහෙම ලොකු අවුලක් නෑ…”

“දැන් කොහොමද මේ රෑ වාහනයක් හොයන්නේ ඔයාව ඔතනින් එළියට ගන්න..? මම තාත්තත් එක්ක එන්නද..?”

“නෑ නෑ එහෙම ඕනේ නෑ… මට ඉවසගෙන ඉන්න පුළුවන්… පොඩ්ඩක් බය ඇරෙන්න ඔයා කතා කර කර ඉන්නවද...?”

“හරි බය වෙන්න එපා… එළිවෙනකල් උනත් මම කතා කර කර ඉන්නම්…”

ඉන්පසු ගතවූ පැය දෙකක පමණ කාලය කෙසේ ගත වූවාදැයි මට මතක නැහැ… ජීවිතයේ මා ලද සුන්දරතම දුරකථන ඇමතුමක් ඇත්නම් ඒ නිසැකවම මෙය විය යුතුයි… ඇයගේ සිතුම් පැතුම්, ආදරය විරහව, ප්‍රථම ප්‍රේමයේ සිත් රිදවීම් යනාදී මෙකී නොකී සියලු දේ ගැන කාලයේ  බැම්මෙන් මිදී ඔහේ කියවාගෙන යන ඒ සොඳුරු කතාබහ අවසන් කළයුතු යැයි මා සිතුවේ ඇයව දිගින් දිගටම අවදිව තබාගනිමින් වෙහෙස කිරීම නොමනා නිසායි…

“එහෙනම් අපි නිදාගමු නේද..? මට හෙට උදේම නැගිටින්නත් තියෙනවනේ…”

“ඇයි…දැන් ඔයාට බය නැද්ද..? ජනේලේ තාම ඇරිලාද..?”

“නෑ ඒක දැන් හරි… මම හිතන්නේ හරියට ලොක් වෙලා තිබුණේ නෑ… හුළගට ඇරෙන්න ඇත්තේ… මම තදින් ලොක් කළා දැන් හරි…”

“එතකොට ගෑනු ළමයා…?”

“මම බයවුණ පාරට එහෙම දැකලා තියෙන්නේ… ඒ දිරපු රබර් කොටයක්… දැන් හඳ එළියට හොඳට පේනවා…”

“ඈහ්…? එහා පැත්තේ රූම් එකෙන් සද්ද ඇහෙන්නෙත් නැද්ද..?”

“දැන් තමයි මම දැක්කේ ඒ මුරකාරයගේ රූම් එක… එයාගේ ටීවී එක දාල තිබිලා තියෙන්නේ.. මම හිතන්නේ ඒකේ නාට්‍යයක් යනවා…”

“එතකොට ෂවර්…?????”

“මේ…  ලේ වගේ දැක්කට…ඒ මලකඩ ඇවිල්ලා තියෙන්නේ… ඒක ගොඩ කාලෙකින් යූස් කරලා නැද්ද කොහෙද… දැන් හොඳට වතුර එනවා…”

“මගෙ අම්මෝ ඔයා මෙච්චර වෙලා එතකොට බොරුද මට කිව්වේ…”

“බොරු හරි ඇත්ත හරි අපි දැන් හොඳ යාළුවොනේ… ඒක කොච්චර දෙයක්ද…?”

~~~~~~~~~~

කාලයට වැඩි වේගයෙන් අපේ මිතුදම ස්ථාවර වුණේ උන්ගේ ගැන්සියේත්, අපේ ගැන්සියේත් සම්ප්‍රදායන් බිඳිමින්…

“ඇයි ඔයා මේ කම්පැණි එකෙ නිකන් ඔයාගේ කැරියර් එක නාස්ති කරගන්නේ…? වෙන එකකට යන්න ඉක්මණට…” විටෙක නිල්මි මට පවසන්නේ කිසියම් රසකැවිල්ලක් බෙදාගන්නා අතරේයි… තවත් දිනක ඇය මාගේ මේසයට පැමිණෙන්නේ ඉරුදින මිලදී ගත් සන්ඩේ ඔබ්සර්වර් පත්‍රයේ පිටුවක් සමගයි…

“මේක ඔයාට ඇප්ලයි කරන්න පුළුවන් නේද..? මම ඊයේ පත්තරේ බලද්දි දැක්කේ…”

ඇයගේ ලෙන්ගතුකම තනිකඩ මගේ සිතට වාසනාවන්ත අනාගතයක් ගැන බලාපොරොත්තු එක්කරද්දී ඒ ගැන ඇගෙන් ඇසීමට මම පැකිලෙන්නේ ඇය මිතුරුකමින් එහා යමක් මට ඉගි නොකරන නිසාවෙන්… අවදානමක් ගෙන අවසානයේ වැරදි වැටහීමක් නිසා මට කිසිවිටකත් අහිමි කරගැනීමට බැරි මිතුරියක් ඇය…

“මේක තවත් හිතේ තියාගෙන ඉඳලා හරියන්නේ නැහැ… මම  එයාගෙන් අහනවා මට කැමතිද කියලා…”

ඇය පෙන්වූ රැකියා අවස්ථාවට මා තෝරාගත් බව දැනුම්දෙමින් ලැබුණු දුරකථන ඇමතුමට පිළිතුරු දී හමාර වීමෙන් පසු මම තීරණය කරන්නේ ඇය සදහටම මගේ කරගන්නා අරමුණින්… මේ අතරම උණ සෑදීම නිසා නිල්මි පෙර දිනයේ  රැකියාවට නොපැමිණි බව ඇයගේ යෙහෙළියගෙන් මම දැනගත්තේ නිල්මිගේ දුරකථනය ක්‍රියාවිරහිත මන්දැයි විපරම් කරත්දීයි…

ඉන්පසු දිනය පුරාවට ඇයගේ ජංගම දුරකථනයට ඇමතීමට දිගින් දිගටම ගන්නා අසාර්ථක උත්සාහයක් ගණනාවක් අවසානයේ මගේ සිතට අස්වැසිල්ලක් එක්කරමින් තිරයේ දිස්වන්නේ ඇයගේ ජංගම දුරකථනයෙන් මට ලැබෙන ඇමතුමක්…

“හෙලෝ…”

“හෙලෝ ඔයාද බීට්ල් කියන්නේ…”

පුදුමයකට මෙන් අනෙක් පසින් ඇසෙන්නේ පිරිමි කටහඬක්…

“ඔව්… කවුද කතාකරන්නේ..?”

“මම නිල්මිගේ මල්ලී… ඔයා නිල්මිව දන්නවද..?”

“ඔව්… එයා කෝ…?”

“අක්කට හොඳටම උණ හැදිලා හොස්පිටල් ඇඩ්මිට් කලා…”

“නෑ…? දැන් කොහොමද අක්කට..?”

“ඩොක්ටස්ලා කියනවා එයාට ඩෙංගු කියලා… ලෝ ප්‍රෙෂර් ඇවිල්ලා දැන් හරියට සිහියක් නෑ… එයා සැරින් සැරේට ඔයාගේ නම කියනවා… ඉතින් මම එයාගේ මොබයිල් ෆෝන් එකේ නිකමට ඔයාගේ නම සර්ච් කලා… එහෙම තමයි මේ කෝල් කලේ…”

“මල්ලී මම දැන් හොස්පිටල් එකට එන්නද..?”

“අයියට පුළුවන්නම් ලොකු දෙයක්…”

ඇමතුම විසන්ධි කළ මම ආයතනය ඉදිරියෙන් ත්‍රීවීලරයකට නැගගන්නේ  අධික දුකකුත්, අධික සතුටකුත් මිශ්‍ර වූ පුදුමාකාර හැගීමකින්… තවත් ටික වේලාවකින් ඇය සිටි කාමරයට ඇතුළු වුණු මා, එහි සිටි ඇයගේ පවුලේ සමීප හිතවතුන්,දෙමාපියන්, හෙදියන් පසෙකට වී ඉඩදෙද්දී වී. අයි. පී. අමුත්තෙකු මෙන් ඇයගේ ඇඳ අසලට ලගාවෙන්නේ රටක් රාජ්‍යයක් දිනූවෙකු ලෙසින්…

“ඔයා මට කැමතිද..?” එදා මා අසන්නට සිතාගත් ඒ ප්‍රශ්නය කිසිදිනෙක ඇයගෙන් අසන්නට මට අවශ්‍ය වූයේ නැහැ… එදා මෙදාතුර වසර ගණනක් ගෙවී අවසන්… මෙය ලියන විටත් මා බඳ වටා අත දමාගෙන පසෙකින් නිදන ඒ පුංචි සුරංගනාවියගේ කොට්ටය යටින් දහවල් මිලදී ගත් උපන්දින තෑග්ග සඟවන මා නින්දට යන්නේ සතුටු සිතින්… Smile

I'd take a gold band on my hand…… over being a single man…… [Woman Like You - Lee Brice]

38 comments :

  1. සුබම සුබ උපන් දිනයක් බීටල් හාමිනේට෴

    ReplyDelete
  2. අග හරියට එනකොට තේරුනා මොකක්ද කේස් එක කියලා. සිරාම සිරා මචන්.
    සුබ උපන්දිනක් බීටලීට!!!

    ReplyDelete
  3. අපූරුයි! සුභ පැතුම්!!

    ReplyDelete
  4. නියමෙට ලියලා තියෙනවා බීටල් අයියේ! ගති!

    ReplyDelete
  5. නියමෙට ලියලා තියෙනවා.. බීටලිට අපිත් සුභ උපන් දිනයක් වේවා කියල පතන්නම් !

    ReplyDelete
  6. සුභම සුභ උපන්දිනයක් වේවා නිල්මි !!!!!

    අන්තිම වෙනකල්ම් හිතා ගන්න බැරුව ගියා අද නිල්මිගෙ උපන්දිනේ කියලා. හැම දාමත් වගේ සුපිරියටම ලියලා තියනවා.

    ජය..!!!!

    ReplyDelete
  7. පිස්සු හැදෙයි..යකෝමං හිතුවේ උඹ හින්දි ෆිල්ම් එකක් ගැන ලියනවා කියලා... මුලින් වලි පස්සේ ලව්...හිටුකෝ මාත් පටන් ගන්නවා හිතට අල්ලපු කාත් එක්ක හරි වලියක්..පස්සේ බැරියෑ අනිත් ඒවා..ඒත් මට උඹ වගේ හොල්මන් කතා එහෙම ගොතලා කියන්න තේරෙනවා මදි බං..හිටහංකෝ බොරුවැලක් එහෙම ගොතන හැටි උඹෙන්වත් ඉගෙන ගෙන වැඩකට අත ගහන්න...

    නිල්මිට සුභ උපන්දිනයක් වේවා කියලා මාරයා කිව්වා කියලා කියහං...:D:D:D

    ReplyDelete
  8. සුඋ වේවා අක්කන්ඩි .....

    [ඈඩෝ අදවත් මම කිව්ව එක අක්කට කියපන් බන් අයියේ ..]

    ReplyDelete
  9. නිල්මිට සුභ පැතුම්! සොඳුරු ලියමනක්!

    ReplyDelete
  10. සුභ උපන් දිනයක් වේවා බිටලීට..

    සිරාවටම ලියලා තියෙනවා..

    ReplyDelete
  11. පුහ්!
    එළ.
    ඩෙංගි බෝ කරගෙන වගේ?

    ReplyDelete
  12. සොසී ,මාලන්,malithi,පූසා ,Observer,Weni,නචියා,මාරයා, වැප්,ෆා,cjgayan,කතන්දර

    ස්තූතියි හැමදෙනාටම... සුභපැතුම් සියල්ලටමත්..!!!

    ReplyDelete
  13. හො හෝ....... මං උන්නෙ තවත් හොල්මං කතාවක් කියල අර අවුරුදු දාහෙ එකා වගේ. හරිම අපූරුවට ලියල තියනව... බීටලීට සුභම සුභ උපන්දිනයක්...... ! තෑග්ගක් දීමේ ආදීනව ගැන මම ආයෙ කියන්න ඕනෙ නෑ නෙ. ඉස්පැසලි වෙන් මැරීඩ්. :D

    ReplyDelete
  14. ෂා....වෙන තෑගි මොකටද මේකම මදෑ...
    සුභ උපන්දිනයක් බීටලී....

    ReplyDelete
  15. නියමයි බන් . . . .

    ආදරය එහි උපරිමයෙන් . . ..

    මැක්සා . .

    (දන්නවද ලිපියක, පොතක, ෆිල්ම් එකක කොටින්ම නිර්මානයක හොඳ නරක නිර්නය කිරීමේ මගේ මිනුම් දන්ඩ කඳුළු සහ සිනා . . .)

    මේ ලිපියත් ඒ දෙකම නො අඩුව විඳපු අපූරුම ලිපියක් . .

    උඹේ හාමිනේට සුභ උපන් දිනයක් වේවා . . .. !!!

    ReplyDelete
  16. සුබ උපන් දිනක් නිල්මිට..................

    මේක උපරිමෙන් රස වින්දා අපූරු අකුරු කිරීමක් බන්....

    ReplyDelete
  17. ඔන්න මගෙනුත්.... උඹේ ආදර කථාවත් හරිම අපූරුයි ආ....

    ReplyDelete
  18. අනේඒඒඒඒ.....හරිම ස්වීට් බීටල්.... :D නරකම හතුරො තමයි එකිනෙකා ගැන වැඩිපුරම කෙයාර් කරන්නෙ කියල කතාවකුත් තියෙනවනෙ... :D

    ReplyDelete
  19. නී නීක්… නී නීක්...‍
    ටා රාරා ටරරර රා රා… ටා රාරා ටරරර රා රා…
    ....
    ඒ කියන්නෙ උඔ ගාවත් තිබිලා තියෙන්නෙ NOKIA ෆෝන් එකක් එහෙනං.

    ඒ කාලේ අපේ කැරම් මෙව්වා එක නැගලා ගියෙත් නොකියා 3310‍ න්ම තමා. මැසේජ් කෙටියැකි කියවන වේගෙට. රී ලෝඩ් 100/50 කාඩ් කෑලි නැති හින්දා ගෙඩි පිටින් රු 400/1000 කාඩ් දාලා වරුවෙන් ඩවර කරගන්නවා මැසෙජ්ම යවලා. අම්මපා එහෙම කාලයක්.

    කොහොමත් මේ කතාව නං මරු!අන්තිම වාක්‍යය නොකියන්න උඔ ගැන සමහරක් දෙවල් මම තාම දන්නැ.

    ඉතිං අපිත් බීටල හාමිනේට‍ සුබ පැතුවයි කියන්ඩ

    ReplyDelete
  20. සොදුරු ආදර කතාවක්.. ඔන්න එහෙනම් මහෙනුත් සුභ උපන්දිනයකයට සුභ පැතුම්..

    ReplyDelete
  21. ඔයාද බීට්ල් කියන්නෙ කියලා අහන තැනට එනකම්ම මම හිතන් හිටියෙ කෙටිකතාවක් කියලා. :D
    සුභ උපන්දිනයක් බීට්ලීට.

    ReplyDelete
  22. අඩේ . . හාමිනේට මගෙං උපන්දින සුභ පැතුම් . . . . .

    @මාරයා:
    මට මැවිල පේනව බං උඹ ස්කීම් එකේ ගෑනුත් එක්ක මරාගන්නව . . . හික්

    ReplyDelete
  23. ගිනි ගින්දර !! කියන්න වචන නැතුවා . කට ඇරගෙන කියෙවුවේ

    ඉතින් හදවතින්ම මමත් බීටල් අක්කට සුබම සුබ උපන්දිනයක් කියලා පතනවා ..

    ReplyDelete
  24. යකෝ මේ බීටලයා අපිව මරණ අකුරු. බීටලියට සුබ උපන් දිනක්.

    මගේ වලත්ත කමට මේක ප්‍රේඩික්ට් කලාට උඹේ ලියවිල්ලේ නම් කිසි අඩුවක් තිබ්බේ නැහැ.

    නියමයි.

    ReplyDelete
  25. සුබම සුබ උපන්දිනක සොදුරු ආද‍‍රයේ ආදරණීය මතක සැමරුම..
    සියලු පැතුම් ඉටුවෙන සුබම සුබ උපන්දිනයකට මගෙනුත් සුබ පැතුම්..!!! :)

    ReplyDelete
  26. නවම්, නිසුපා, දුකා,නිශ්, අභියා,මංචි, බුද්ධි, Dinesh,නලිනි, පැතුම් හර්ෂණ, ඕනයා, හිස් අහස, සුජීව, නන්දු

    ස්තූතියි හැමදෙනාටම... හැම සුභ පැතුමක්ම ඇය ආදරයෙන් කියවූ බව දන්වන්නේ සතුටින්... :)

    ReplyDelete
  27. ඉතින් හදවතින්ම මමත් බීටල් අක්කට සුබම සුබ උපන්දිනයක් කියලා පතනවා
    ..උපරිමෙන් රස වින්දා!

    ReplyDelete
  28. සුබ උපන්දිනයක් බීට්ල් අක්කේ... !!!!!! මේ කතාව ඈස් වල කඳුලු පුරවන් කියෙව්වේ.... අක්කේ... මේ .. මම රූමත් ඔයාගේ ෆෑන් කෙනෙක් ඈ... :) හේ හේ....

    බීට්ල් යුවල සසර වසනා තුරා දිනේවා !!!!! :)

    ReplyDelete
  29. supiri kiyanne wachana ne,
    Suba upandinayak wewa...!

    ReplyDelete
  30. නව කතාවක් වගේ හරිම ෂෝක් අනේ

    ReplyDelete
  31. බොහොම ලක්ෂණ කතාවක්

    ReplyDelete
  32. මේ කතාව මම කලින් කියවල තිබ්බෙ නෑ. හැබැයි මේකෙ තියන විදියට අදත් උපන් දිනයක්. සුභ උප්න් දිනයක් වේවා !!

    ReplyDelete
  33. සුපිරියි බං.. ඇත්තම කතා මේ වගේ තමා.. මං තාම දේශිකාටවත් ආදරේ කියල නෑ කටින්. ඔය වගේම සීන් එකක්.. හැක්..

    ReplyDelete
  34. එල ද බ්‍රා මචං..කියාගන්න බෑ..උඔ යකෙක්..එල ද බ්‍රා
    අද පොඩි මෙන්ඩියාගෙ උපන් දිනය..
    සුභ උපන් දිනයක් බිටල් නෝනේ

    ReplyDelete
  35. ෂා අපුරු කතාවක් නේ බීට්ල් අංකල්.

    ReplyDelete

Web Statistics