අපි බැහැලා දුවමුද..?
එක පාරම මම ඇහුවා…
නැහැ දැන් අඩුවෙයි…
තාත්තා කිව්වේ…
කෝච්චියේ වහපු ජනේලෙන්...
එළිය බලාගෙන…
මටත් ඕනේ වුනේ…
ජනෙල් වීදුරුවෙන් එහා...
එළිය බලන්න…
ඒත් ඊට කලින්…
මම තාත්තා දිහා බැලුවා…
පොඩි වෙලාවකට…
ඒත් මට තාත්තාගේ මූනෙන්…
ඇස් ඉවතට ගන්න හිතුණේ නෑ…
වළ ගැහුණු කම්මුල්…
මම දැකලා නෑ…
තාත්තා සිගරැට් බොනවා...
බීඩි..? නෑ ඒත් නෑ…
හොරෙන් බොනවද දන්නෑ…
බාගෙට වැවුණු රැවුල් කොට…
තැනින් තැන සුදු වෙච්චි…
සමහර තැන් වල වැඩී…
තවත් තැන්වල අඩුවෙන්…
නහර වැල් පෑදිලා..
බෙල්ල දිගටම…
වැවිලා හොඳටම...
කොණ්ඩෙත්…
වයසටත් වැඩියෙන්…
නාකි පාටයි…
හේනේ… කාස්ටක අව්වේ…
පොළව පෙරළලා…
කාසි අහුලනවනෙ…
මගේ කැම්පස් වියදමට…
අහිංසක තාත්තා…
ජීවිතේ විඳින්නේ…
එහෙමත් දවසකට…
මට ලෝබ හිතුණා…
ඉස්ටේසමෙන් බැස්ස ගමන්…
එක්ක යන්න ඕනේ...
තාත්තාව…
ටවුමේ තියෙන………………….
ඒ දිරපු මූණ දිහා බලාගෙන…
එච්චරයි හිතන්න ලැබුණේ මට…
ඒ ත් එ ක් ක ම …
.
.
.
.
.
.
.
දෙවෙනි රැල්ල ආවා…!
ජීවිතය නැමති සුනාමියේ දෙවෙනි රැල්ල එන්නට පෙර ලොව සියලු පියවරුන්ගේ පැතුම් ඉටුකරන්නට දූ දරුවන්ට හැකිවේවා… මියගිය ජීවත් වන කිසිවෙකු මෙවන් විපතකට නැවත ගොදුරු නොවේවා..!
අවුරුදු හතක් තිස්සේ ඇඬූ කඳුලු ඇති තවත් සුනාමියක් එන්න !
ReplyDeleteදෙවනි රැල්ලක් කිසිදා නොඒවා කියා අපි ප්‍රාර්ථනා කරමු ...
ReplyDeleteහ්හ්ම්ම්ම්..ජිවිතෙත් රැලි පිට රැලි නැගෙන සුනාමියක් වගෙ...
ReplyDelete.ඒ රැලි වලට මුහුණ දෙන්න ශක්තියක් මේ ජීවිත වලට තිබුන නම්...
සංවේදී සටහනක්....
සුනාමි රැල්ල දිගේ ගිහින් දුකෙහි ගැලී හිටිය සිත හඞා වැටුනා දෙවනි රැල්ල දැක්කාම....
ReplyDeleteමම මුකුත් කියන්නෙ නැහැ. :(
ReplyDeleteජීවිතේ ඕනෙම තැනකදි මුල් වතාවෙ හිතුනු දේ , දෙගිඩියාවෙන් පසු වතාවට කල් දැම්මොත් , ඇත්තෙන්ම මට නම් එහෙම වුනු හැම වතාවෙම වැරදුනා දැනට.
ReplyDeleteඒ නිසා, මට නම් හිතෙන්නෙ හිතුනු මොහොතෙම ක්‍රියාත්මක වෙන එක අපි කාටත් හොඳ පාඩමක් !
මේ කතාව සුනාමි ව්‍යසනයට අදාල කරලම ගත්තොත් , ඇත්ත. ඒක මහා ඛේදවාචකයක්. දෛවය ඒකද? පිරිසකට පලමු රැල්ලෙදේම දුවන්න හිතෙන්නත් , දෙවෙනි රැල්ල එනබව නොදැන නවතින්න හිතෙන්නත් ...
අනේ මන්දා...
මෙවන් අනතුරක් යලිත් නම් මේ රටට නොවේවා !
මම වැඩිය කවි, නිසඳැස්, කියවන්න කැමති නැහැ, එත් මේ සටහන නං හොඳ නිර්මාණයක් කියල හිතුන. ආයාසයක් නැතිව කියවල, හිතට දුකකුත් දැනුන.
ReplyDeleteමෙවන් විපතකට නැවත මුහුණ දෙන්න සිදු නොවේවායි පතමු
අපරාදේ හිතුනු වෙලාවේ බැහැලා දිව්වනම්....
ReplyDeleteමම සුනාමිය ගැන කතා කරන්න කැමති නෑ
ReplyDeleteහ්ම්ම්... :(
ReplyDeleteකවදාවත් දැන හැඳිනගෙන නොහිටි කෙනෙක් අපිව බලන්න එනකොට අපි එයා පිලිගන්න පෙර මගට දුවලා ගියත් එයා ආවේ අපිව ඉවර කරලා යන්න කියලා දැනගනිද්දි අපි පමා වැඩියි ..
ReplyDeleteස්තූතියි හැමෝටම ප්‍රතිචාර දාන්න මිඩංගු කල කාලයට..
ReplyDeleteඑදා අනතුරට ලක් වුණ දුම්රියේ සේවකයෙක් [ගාර්ඩ් මහතා විය යුතුයි] රූපවාහිනී වාර්තා වැඩසටහනක කතා කරනවා මම දැක්කා... ඔහු විස්තර කලෙත් දුම්රිය රේල් පාරෙනුත් එළියට විසි කරන්න සමත් වුණ ඒ දෙවෙනි රල පහර ගැනයි...
එදා ඉඳන් සුනාමිය ගැන කියවෙන හැම තැනකදිම මගේ ඔළුවට එන්නේ වැඩිම විනාශයට වග කිවයුතු ඒ දෙවෙනි රැල්ල ගැනමයි...
අපේ ජීවිතේටත් ඒ දෙවෙනි රැල්ල එන දවසක් තියේවි... ඒත් එදාට අපි තව කරන්න දේවල් ගොඩක් ඉතුරු කරගෙන හිටියොත්..?
ඇත්ත බීටල්, දෙවෙනි රැල්ල එන්න කලින් කරන්න පුළුවන් හැම දේම කරන්න පුළුවන් නම් කොච්චර දෙයක්ද......
ReplyDeleteජීවිතය අහිමි උන 31,000 දෙනා අතරේ අපි හැමෝම අඳුනන අපේ කිට්ටුවන්තයෙක් දෙන්නෙක් නොමැති අයෙක් ඉන්නාවානම් ඒ ඉතා කලාතුරකින්....!
ReplyDeleteමම හඳුනන ඉතාමත් සුන්දර මිනිසෙකු ඔහුගේ මුළු පවුලම (මිතුරා, බිරිඳ, අවුරුදු 6ක පුතා, අවුරුදු 4ක පුතා) අදටත් අතුරුදහන් වූවන්ගෙ ලයිස්තුවෙ. ඒ පවුලේම අවුරුදු 10 ක දුව විතරයි ජීවිතය ගලවගන්න පින් කරලා තිබුනේ....!
මුදුදේ රැල්ල කිසිම කෙනෙකුට අරුමයක් නොවනවා සේම ජිවිතයේ රැලිත් අපට අරුමයක් නොවේ.. එත් මේහෙම රැලි වලට මුහුණ දෙන්න අපට එදා ශක්තියක් තිබුණ නම්..??????????? සංවේදී සටහනක්.. :(
ReplyDeleteඅප සිත් පිනවපු ඒ රැල්ලම නේද අප සිත් වැනසුවේ!
ReplyDeleteඒ දවස ගැන මට ලියනවනම් ලියන්න තියන්නෙ මහ කාලකණ්නි මතකයන් පිරිච්ච සටහනක්. එදා මෙදා තුර කිසිම වෙලාවක කිසිම කෙනෙක් එක්ක ඒ ගැන කතා කරන්න හිත දුන්නෙ නෑ. කිසිම සුනාමි අනුස්මරණ සටහනකට ප්‍රතිචාරයක් දැම්මෙ නෑ. ඒත් මේ අපූරු වචන ටික මට බල කලා සටහනක් තියල යන්න.
ReplyDeleteඒ දෙවෙනි රැල්ල අරං ගියපු මිනිස් ජීවිත කීපයක් මගෙ එක්තරා වකවානුවක ජීවන තොටුපොලවල් වෙලා තිබුනෙ. ඊටත් කිසිම දැන හැඳුනුම් කමක් නැති ඇස් දෙකක් ගාල්ලෙ හිල්ටොප් එක අයිනෙ ගල් ගොඩක් ලඟට වෙලා කියපු මේ වචන කීපය මාව සසල කලා නොහිතපු විදියට.
"මෙතන තමයි අපි අන්තිමටම හිටියෙ - මගේ අත අතෑරුනේ මේ හරියෙදි - අර පයිනස් ගහේ තියෙන්නෙ එයාගෙ හෑන්ඩ් බෑග් එක වෙන්න ඕනෙ - පොඩ්ඩක් උදව් වෙනවද මට ගහට නඟින්න - මේ කැඩිච්ච අතත් එක්ක හරියකට අමාරුයි "
හරිම සංවේදී සටහනක්
ReplyDeleteලබන්නාවූ 2012 නව වසර ඔබ ඇතුළු පවුලේ සැමගේ සුභ සිහින ඉටුවන සුභම සුභ නව වසරක් වේවා - [නවම්-චූටිමැණිකේ-ලීනු]
ReplyDeleteකිහිප වතාවක් අහන්න හදලා නොඅහා උන්නේ "මේක ඇත්තටම උඹට උන දෙයක්ද?" කියා. මේ අකුරු හරි බලවත්. මං දන්නවා උඹට වුන දෙයක් නොවුනත් ෂුවර් එකටම කාට හරි මේ දේ උන බව.
ReplyDeleteමා දන්නා කෙනෙක් කෙලින්ම අහු නොවුනත් [අම්මා ඉන්නේ මුහුදෙන් මී 500 විතර දුර දකුණු පළාතේ. එත වෙලාවට එහෙට ආවේ නැහැ] මේ සුනාමිය හැම අවුරුද්දකම මගේ හිතටත් එනවා.
ගිය අවුරුද්දේ මෙහෙම ලිව්වා. ඒත් මේ අවුරුද්දෙත් ඒ හැඟීම එලෙසම දැනුනා.
කළු පාට මතක රළ