එකමත් එක වෙලාවකදි...
තරමක් දුර කැලෑවකදි...
කවුරුත් නැති ඇසිල්ලකදි...
සිදුවුණු මෙය ලොවට හොරෙන්…
කියනෙම් සිදුවූ සැටියෙන්…
විමසා ඔබගේ නුවණින්…
සටහන් කර යන්න ඉතින්…
ඇය පවසන මේ කතාව...
පෙම්යුවළක් එකට මියෙන…
තව දුක්බර කතාවක්ද…?
නැතොත් සතුටු නිමාවක්ද…
සුරංගනා කතාවක්ද..?
ආදරයේ අකුරු හතර...
ගුලි කරලා එකට තබා…
කිටි කිටියේ මිරිකාලා…
වෑස්සෙනා අමෘත බිඳ…
මල් කෙමියක තවරාලා…
පොහොට්ටුවක සඟවාලා…
ගල් උමගක ඇතුළු කොනක…
වැහිදිය පිරි විල් පතුලක…
ගල් සිදුරක සිර කරලා…
යකඩ දොරින් උමග වසා…
යදම් වැලින් අගුළු දමා…
ඒ මත කටු පඳුරු වවා…
සිර කෙරුවෙමි ගිරි දුර්ගෙක…
ඉතින් සොයනු නැති කියලා…
ඈත එපිට කුමාරවරු…
විර කතා වල රජවරු…
අමෘත බිඳ සොයනු රිසින්…
දහස් ගණන් සෙබළ මුලින්...
තව සමහරු කල්ලි පිටින්…
ඉද හිට තනි තනිව ඉතින්…
ගල් උමගයි හොයන්නේ…
අසලටවත් නොඑන්නේ…
නොමැති කිසිත් බියක් සිතට…
සුවසේ මා හිඳින්නේ…
නමුත් දිනෙක හිටිහැටියෙම...
සූර වීර කුමාරයෙක්…
සොරකම් කර මන්තරයක්…
සුරංගනා කතාවකින්…
මග සලකුණු අනුව යමින්…
ගිරි දුර්ගය තරණය කර...
උමගට මග සොයාලා…
ගන සැරේට වවා තිබුණු …
කටු පදුරුත් කපාලා...
මහන්සියක් නැතුවම වැඩි…
යදම් කඩා දමලා...
උමං දොරේ යතුරු හිලට...
රන් පැසකින් ගත් යතුරක්...
දමන තුරා නොදිටිමි මම...
ඔහු පැමිනුණු දුර නිහඬව…
මම පැරදෙන බව නිසැකව…
එපා කියන්නට කලියෙන්…
හරියට ගැලපෙන යතුරින්…
උමගේ දොර විවර කලා…
වසර ගණන් හිරකරාපු…
ආදරයේ අමෘත දිය…
ගලා ගියා උතුරාගෙන…
ගස් වැල් ගල් පෙරළාගෙන…
මගේ පුංචි කුමාරයගේ…
පළමු හාදුවටත් කලින්…
ඔහුයි මමයි ගිලිගියා…
ආදරයේ සැඩ පහරේ…
ලොවේ හොඳම කිමිදෙන්නොත්…
ඉතින් අපව සොයනු නොහේ...
මුල් පිංතූරය : ජපන් ඡායාරූපශිල්පී Tomohide Ikeya ගේ ඡායාරූපයක්. http://bit.ly/qsxApq
දෙවතාවක් කියෙව්වා. අදහසක් ලියන්න තව පාරක් දෙකක් කියවලා ඉන්න වෙනවා.
ReplyDelete@බුද්ධි
ReplyDeleteසීරියස් ගන්නත් එපා ඉතින්..! :)
සුරංගනා කතාවක්! :D
ReplyDeleteමටනං මේක සීරියස් ගන්නමයි හිතෙන්නේ...
ReplyDelete@නලිනි
ReplyDeleteහ්ම්.. එහෙම හිතුවම ප්‍රශ්ණ අඩුයි වගේ තමයි :)
@මාරයා
හරි එහෙනම් සීරියස් අරන්, මේක ශෝකාන්තයක්ද, සුඛාන්තයක්ද කියපන්...
එකමත් එක කලක වුනත්
ReplyDeleteඅදත් මෙයම සිදු වෙනවා
ආදරයක් සොයා ගිහින්
දෙදෙනෙකු නිති හමුවෙනවා
ආදරයේ ඉමිහිරි පැන්
ජලාශයේ මත් වෙනවා
අවසානයෙ ආදරයම
නැති ජීවිත හිස් වෙනවා
ආදරයේ කෙලවරක දි
දුකම ඉතින් අත් වෙනවා
කලකට පෙර දැකලත් ඇති
අදටත් දැක ගන්නට ඇති
හෙටටත් දැක ගන්නට ඇති
ආදරයේ පරම සැපත්
ආදරයෙම රුදුරු බවත්
පසක් කරන මේ කවියේ
සතුට වගෙම දුකද ඇතේ
සුරංගනා ලොවින් ගෙනා
ආදරයක් මෙලොව ඇතේ
ස්තූතියි සොඳුරු සිත... :) ඒකත් එහෙමද...
ReplyDeleteලිපිය හොදයි බ්ලොග් එකත් සුපිරි ඒත් දෙපෑත්තේ ඈඩ් වෑඩියි.දෙපෑත්තේ ඒවට වඩා මෑද එක ගෑන සෑළකිලිමත් වුනා නම් මරේ මරු.මෑද කිව්වේ ලිපිය වෑටෙන ස්තානයට.
ReplyDeleteඅනේ මන්දා අනිත් අයට කොහොම දැනෙනවාද කියලා මාව කැරකිලා ගියා ඒක කියවලා .
ReplyDeleteඅද දවස පුරාම අව්වුට පිච්චිලා එපාවෙලා ආපු මට මේ කවිය නම් දුන්නේ හිතට පුදුම සැනසීමක් ඇයිද මන්දා ..
නිකම් නිකම් ෂ්‍රෙක් කාටුන් එක බැලුවා වගේ !! පට්ටයි සුපිරියි .. හිත ඔකඳ වෙනවා !!
@නිකමා
ReplyDeleteස්තූතියි අදහස් වලට... වම් පැත්තේ තියෙන්නේ සාමාන්ය බ්ලොග් එකක තියෙන දේ...
ඇඩ් කියන්නේ දකුණු පැත්තේ තියෙන ලින්ක්ස් වෙන්න ඇති... බ්ලොග් ටෙම්ප්ලේට් එකේ හැටියට එතන මොනවා හරි තියෙන්නත් ඕනේ...ඒකයි මම කැමති පෝස්ට්වල ලින්ක් දැම්මේ :)
@සඳරු,
ReplyDeleteඑල මචන්... කෙල්ලෙකුට හැර කවියකට උඹව ඔකඳ කරන්න පුළුවන් කියලා මම දැනගෙන හිටියේ නෑ... :D
දුක හිතෙන සුරන්ගනා කතාවක් වගේ.
ReplyDeleteමන්දා මම මුලින්ම කමෙන්ට් එකේ මුතුත් නොලිව්වෙ හරියට අදහසක් ගන්න බැරිකමට.
ReplyDeleteසොඳුරු අක්කණ්ඩිගේ ඉටිකිරිස් කවිපන්තියෙන් මට මෙව්වා එකක් ආවා.
උඔටම මේක හිතුන කිව්වම හිතාගන්ඩ බෑ.හිකිස්......
උඔටත් නියමෙට කවි සිතුවිලි පහල වෙනවා නේද දැං.....
අවංකව කිව්වොත් මේක එක හුස්මට කියවන්න පුලුවන් රයිමිං වඩ්ස් (රයිමිං වඩ්ස්....පුහ් කොල්ලගෙ බාසා භාවිතාව කොහොමද දැං...)ටිකක් එක්ක ලියලා තියෙන හින්දා තමා මම වැඩිපුරම කැමති,ඒකෙනුත් මේ ටික මරු, අනිත් ටිකත් මරු, මේ ටික මරේමරු,
ඈත එපිට කුමාරවරු…
විර කතා වල රජවරු…
අමෘත බිඳ සොයනු රිසින්…
දහස් ගණන් සෙබළ මුලින්...
තව සමහරු කල්ලි පිටින්…
ඉද හිට තනි තනිව ඉතින්…
ගල් උමගයි හොයන්නේ…
අසලටවත් නොඑන්නේ…
නොමැති කිසිත් බියක් සිතට…
සුවසේ මා හිඳින්නේ…
වෙනස් විදිහක සුරංගනා කතාවක්...
ReplyDeleteඈත කැළෑ රොදක උවත්
ReplyDeleteගල් සිදුරක සිර කෙරුවත්
ජනාකීර්ණ නඟරෙට විත්
සේප්පුවක සිර කෙරුවත්
ආදරයේ අකුරු හතර
සිර කරලා තබනු කෙසේ
සූර වීර කුමරන් විත්
සොරකම් කර රැගෙන යතේ
නියමයි බීටලයියා!
@බුද්ධි
ReplyDeleteකවි සිතුවිලි ඉස්සර ඉදන්ම පහල වෙනවා... ඒක ලියාගන්න බැරි අවුලයි තියෙන්නේ :D
පූසා, Dinesh උඹලටත් ගොඩක් ස්තූතියි...
අගටම කියවං යනකොට මුල අමතක වෙලා ගියා. ආයෙම කියවන්න උනා ඒක හන්ද. පට්ට හොරු නෙව ඉන්නෙ. උල තියන්නයි වටින්නෙ.
ReplyDeleteමං මේ නොදන්න කමට අහන්නෙ. අහවල් දේකටෙයි ඕක ගල් සිදුරක ඔච්චර අමාරුවෙන් හිර කලේ?
හ්ම්..... අනේ මන්දා.....
ReplyDelete@නවම්,
ReplyDeleteඒක ඉතින් හිරකරපු ගෑණු ළමයාගෙන් තමයි අහන්න ඕනේ... කෝ ඉතින් අහන්න වෙලාවක්, ගිලිලා මැරුණානේ...
@නිසුපා
අනේ මන්දා කියන්නේ..? දුක හිතෙනවද..? :)
රචනා ශෛලිය නම් මැක්ස් . .
ReplyDeleteතේරුම තේරුම් ගන්න දෙපාරක් කියෙව්වා . .
කොමෙන්ටුත් කියෙව්වා . ..
මේ මට හිතුනි හැටි . .
හරිද මන්දා . .
. . . . . .
ආදරයේ අමෘත පලය වුනු ආදර කල උන් එකතු වීම කල නොහැකි වූ අය එකට මියෙනවා . . .
හැමෝම හොයනවා හේතුව ඇයි මේ එක් වෙන්න බැරි හේතුව නිසා දිවි නසා ගත්තේ කියලා . .
කාටවත් හිතා ගන්න බෑ . .
ඒත් එක්කෙනෙක් ට තේරෙනවා ආදරය කල හැමෝම අමෘත ඵලය ලබා ගන්න එක් වෙන්නම ඕන නෑ කියලා . .
ආදරය හිතේ තියාගෙන ඒ ඵලය විඳින්න පුලුවන් බව . .
හරියට කරුනාසේන ජයලත්ගේ සතීගේ කතාවේ "ඔයා මැරුනාම මම ඒ ආදරේ හිතට තුරුලු කරන් මුලු ලෝකටම ආදරේ කනවා නිසා" කියලා සතී කියනවා වගේ . ..
අනේ මන්දා . .
මේ මට හිතුනු හැටි . .
මාව නිකම් අන්ද මන්ද විය !!!!!!!
ReplyDeleteඑකම එක වැකියක් මතක් විය
සරත්චන්ද්‍ර ලියූ
"සැබෑ පෙම්වතුන් කිසි දිනෙක එක් නොවේ"
@දුකා
ReplyDeleteස්තූතියි මචන් දිග පැහැදිලි කිරීමට... ආදරේ කරන දෙන්නෙක් එක් වෙන්නම අවශය නෑ... ඒකට මාත් එකගයි :)
@ජීවිතේ මල්
ස්තූතියි ගොඩක් ඔබටත් :)
මටත් දෙපාරක් කියවන්න වුනා තේරුං ගන්න. නියම කවි ටික
ReplyDeleteතාම කැරකවෙනවා වගේ...:DDD
ReplyDeleteමේක තේරුම් ගන එච්චරටම අමාරුද,,, ?? දන්නෙ නෑ.. මට පේන විදියටනම් ලස්සන සුරංගනා කතාවක් තමයි... ඇයි ඉතිං සයිමන් නවගත්තේගමගෙ නවකථාවක් වගේ මේක කියවන්නෙ... :D :D
ReplyDeleteමචන් මෙකෙන් කියන්නෙ කෙල්ල කැමතියි කියලා බන්.. කෙල්ල කැමති කියන එක පුදුමාකරා ලස්සනකට කියනවා.. කොල්ලකෙ මෙ කෙල්ලෙක් ගෙන් යහලුවෙන්න ආහලා එ කොල්ලාට කැමති මම ඔයාට කැමති කියන එක කෙල්ල කියන්නෙ මෙ කවි පන්තියෙන්.. මෙක කෙල්ලෙක් ගෙ හැගිම් උඹ නම් මෙක ලිව්වෙ බිටල් ඉලග පාර සෙට් වෙද්දි අනිවා වරෙන් මම බිලා උඹව හපනවා.... හරිම ලස්සන කවි පන්තියක්.... මචන් මට ශුවර් මෙකෙදි කෙල්ල කියනවා කොල්ලට මම උඹට ආදරෙයි කියලා.. එක තමයි මෙක හරය.. කෙල්ල තමන්ගෙ ආදරෙ ගැන තවදුරටත් කියනවා.. මෙ හදවත කිසිම බලයක් ඉස්සරහා ඇරුනෙ නැහැ ඔයාගෙ ඔය පුංචි කොලු පාර්ට් ඉස්සරාහා ඇරුනෙ කියලා හරිම ලස්සන කවියක් මචන් .. මෙක උඹද ලිව්වෙ .. නියමයිනෙ... මරුම ලස්සනම කවියක් බන්...
ReplyDeleteආදරයෙන් මුසපත් වුනු...
ReplyDeleteසෘංගාරය ඉවුරුතලා...
කැලඹුවාලු යමුනාතෙර...
ඉසිඹුවකුත් නොතියා...
හෙන කාලෙකින් දැකපු ලස්සන කවියක්.... මේකේ තේරුම මට හිතෙන හැටියට නම් ලස්සන සුරංගනා කතාවක් සරලව කවියට නඟල කියන එක... යටින් කියවෙන දෙයක් ගැන හිතල බැලුවොත් අර ඇනෝ කියල තියෙනව වගේ... ආසාවෙන් හොයාගෙන ගිය කෙල්ල අහන්නත් කලින් ම හෝ එක පයින් කැමති වෙලා වගේ... ඒ කියන්නේ හැමදාම බලාගෙන හිටපු තමන් ගේ හිතේ හිටපු දෙන්නෙක් එකට හමුවුණා වගේ... දුකක් සෝකයක් නම් මට මේක කියවනකොට දැනුනේ නෑ... අවංකවම පට්ට සිරාවට ලියල තියෙනවා...
ReplyDeleteආදරය කරන දෙන්නෙක් හමු වෙන හැටි කියවෙන සුරංගනා කතාවක්....එළටම ලියලා තියනවා බීටල්......
ReplyDeleteජය..!!!!
කෝ කවුරුත් මැරිලා නැහැනේ. :)
ReplyDeleteකාටවත් නොඇරපු, හද දොර ඇරපු, පුංචි දඟකාරයාට ජීවිතේ පුරාවට ම ආදරය කරමි. අපි ගිලිනු පෙම් සයුරෙන් අපව මුදන්නට මේ ලොව කිසිම කෙනෙකුට හැකි නොවේ.............
නැහැයි බැහැයි නොකියා, පිරිමි ළමයා ප්‍රේමය ඉල්ලන මොහොත වන විටදී ඇයත් ඔහුට ප්‍රේම කරමින්.............
මේ වගේ ප්‍රේම කථා වලට මං හරි ආසයි....... ලස්සනම ලස්සන කවියක්....
මේක කියෙව්වම මට එන්නේ ලෝකාස්වාදනීය අරුතක්..! මම දන්නේ නෑ ඒ අදහස හරිද කියලා. ඒත් කවිය කියන්නේ අදහසක් වෙතට යන්න තියෙන දොරවල් රාශියක එකතුවක් කියලයි මට හිතෙන්නේ..! හරිම අපූරුයි මිත්‍රයා..!
ReplyDeleteආදරයේ සැඩ පහරේ....
ReplyDeleteගිලී ගියා ඔහුයි මමයි....
මගේ සුරත අල්ලාගෙන....
පීනන්නට හැදුවා ඔහු.....
ගණ අඳුරේ හදිස්සියෙම,
ගිලිහුනි ඔහුගේ අත මට,
ජල කඳ මතුපිට එන සඳ,
ඔහු සිටියා ඉවුරු කොනේ,
මම ආදර සැඩ පහරේ......
ගහගෙන පහලට යන දෙස.....
කඳුලු පිරුනු නෙත් දල්වා......
බලා හිඳිනු දුටුවෙමි ඔහු.....
ඒ ඔහු දුටු......
අවසන් වර....
මම තාමත් නොගිලෙන්නට.......
දරනෙමි වෙර........
හැමදෙනාටම අතිශයින්ම ස්තූතියි...
ReplyDeleteසුපිරියි..!
ReplyDeleteඉපදෙන්නටත් කලින් මියගිය පෙමක කතාවක් බවයි මාතෘකාවෙන් හැඟෙන්නේ.
ReplyDeleteගෑනු ලමයා මෙහෙම කවියක් ගෙතුවේ ඇයි කියලා හිතාගන්ට බෑ. ඒත් ඈ තුල යාන්තමට තියන සැකයක් පේනවා. මෙය දුක්බර අවසානයක්ද? සුන්දර නිමාවක්ද කියලා ඈ අහන්නේ ඒකයි.
වෙනත් කුමාරවරු හොයන්නේ ආදරේ නෙමේද? මේ සූර වීර කුමාරයා ඇත්තටම හොයාගත්තේ හදවතද? ඔහු නිහඬව ලඟට පැමිණ, ඇගේ හදවතේ අගුලු විවර කරන තුරු ඈ දැකලාවත් නෑ. (කට්ට කුමාරයෙක් හී හී...)
අනෙක් අයට හොයාගන්ට බැරි වෙන විදියට මේ දෙන්නා ආදර ගඟුලේ ගිලී ගිහින්. ඉතින් අනිවාර්යෙන්ම ගිලිලා මියයන්ට ඇති.
ඇත්ත කතාව දන්නේ ඔබ පමණයි බීට්ල්.
නැත්නම් ඔබටත් ඒ ආදරය තේරුම් ගත හැකි උනේ නැද්ද? :D
ආදරයේ අකුරු හතර...
ReplyDeleteගුලි කරලා එකට තබා…
කිටි කිටියේ මිරිකාලා…
වෑස්සෙනා අමෘත බිඳ…
මල් කෙමියක තවරාලා…
පොහොට්ටුවක සඟවාලා…
ගල් උමගක ඇතුළු කොනක…
වැහිදිය පිරි විල් පතුලක…
ගල් සිදුරක සිර කරලා…
යකඩ දොරින් උමග වසා…
යදම් වැලින් අගුළු දමා…
ඒ මත කටු පඳුරු වවා…
සිර කෙරුවෙමි ගිරි දුර්ගෙක…
ඉතින් සොයනු නැති කියලා…
ආදරය කියන හැඟීම එකට කැටිකොට මිරිකා එහි හරය පෙරා ගතිමි. එය අධි සාන්ද්‍රිත අමෘතයක් වැන්න. මිහිරිය. ඒ අමා බිඳ හදවතේ ගැඹුරුම තැනක සැඟවීමි. හදවත ඕනෑම ආයාචනයකින් සුසරව දොර හැරිය හැකි තැනක් විය නොහේ. එබැවින් හද ගලක් කර යතුරු දැමීමි. (දැන් දොර අරින්න පුලුවන් යතුර හොයාගත්ත දක්ෂයාට විතරයි.) බැල්මකින්වත් අනුබලයක් නැති කතාබහද, හැසිරීමද කටු පඳුරු ගහණ ගිරි දුර්ගයක්ම වැන්න.
ඈත එපිට කුමාරවරු…
විර කතා වල රජවරු…
අමෘත බිඳ සොයනු රිසින්…
දහස් ගණන් සෙබළ මුලින්...
තව සමහරු කල්ලි පිටින්…
ඉද හිට තනි තනිව ඉතින්…
ගල් උමගයි හොයන්නේ…
අසලටවත් නොඑන්නේ…
නොමැති කිසිත් බියක් සිතට…
සුවසේ මා හිඳින්නේ…
නොවෙක් කුමාරවරු ද, රජවරු ද තම සුරුකම්, විරුකම් කියාපාමින් හද අමා බිඳ සොයත්. සමහරු පැමිණෙන්නේ ආධාරකරුවන් පිරිවරාගෙනය. (කොල්ලො කොහොමත් එහෙමයි.) කලාතුරකින් අයෙක් තනිව පැමිණේ. නමුත් ඔවුන් එකෙකුටවත් හද දොර යතුර තබා හෘද ගල්ලෙනවත් සොයා ගැන්මට නොහැකි වී. සියල්ලෝම ගිරිදුර්ගයේ සරා පරාජිතව ආපසු හැරී යත්.
නමුත් දිනෙක හිටිහැටියෙම...
සූර වීර කුමාරයෙක්…
සොරකම් කර මන්තරයක්…
සුරංගනා කතාවකින්…
මග සලකුණු අනුව යමින්…
ගිරි දුර්ගය තරණය කර...
උමගට මග සොයාලා…
ගන සැරේට වවා තිබුණු …
කටු පදුරුත් කපාලා...
මහන්සියක් නැතුවම වැඩි…
යදම් කඩා දමලා...
උමං දොරේ යතුරු හිලට...
රන් පැසකින් ගත් යතුරක්...
දමන තුරා නොදිටිමි මම...
ඔහු පැමිනුණු දුර නිහඬව…
මම පැරදෙන බව නිසැකව…
එසේ නමුත් එක් අනපේක්ෂිත දිනක බීට්ල් කුමාරයා පැමිණ මගේ හෘද ගල්ලෙනේ ද්වාර විවර කලේය. මගේ නෙත් හැරුනේද ඒ මොහොතේමය. බීට්ල් කුමාරයාගේ දස්කම් ගැන තවත් වර්ණනා කරන්නේ කෙලෙස! ඔහු කටු කොහොල් ගහන ගිරි දුර්ගය කිසිදු අපහසුවකින් තොරවම තරණය කර ඇත. ඔහු නම් සුරංගනා ලොවත් සමහ සම්බන්ධකම් ඇත්තෙක්ම විය යුතු. සොඳුරු මිනිසෙක්ම විය යුතු. සාමාන්‍ය කොලුවෙක් නොව මහ රජවරු පවා පරාජය කරවූ හද දොර යතුර බීට්ල් සොයාගත්තේ එබැවිනි.
ඔව්. බීටලයාගේ යතුරෙන් මගේ හද විවර විය!!!
එපා කියන්නට කලියෙන්…
හරියට ගැලපෙන යතුරින්…
උමගේ දොර විවර කලා…
වසර ගණන් හිරකරාපු…
ආදරයේ අමෘත දිය…
ගලා ගියා උතුරාගෙන…
ගස් වැල් ගල් පෙරළාගෙන…
මගේ පුංචි කුමාරයගේ…
පළමු හාදුවටත් කලින්…
ඔහුයි මමයි ගිලිගියා…
ආදරයේ සැඩ පහරේ…
ලොවේ හොඳම කිමිදෙන්නොත්…
ඉතින් අපව සොයනු නොහේ...
මම එපා කියන්නේ කෙසේද? සිතිවිලිද නැවතුනු අනපේක්ෂිත තත්පරයක් තුල බීට්ල් කුමාරයා මගේ හද විවර කර අවසන් ය. වසර ගණන් දහසකුත් ආදර ආයාචනයන් අභිමුව නොසෙල්වුනු ආදර අමෘතය බීට්ල් කුමාරයා වෙනුවෙන්ම උතුරා ගලා යයි.
පළමු හාදුවටත් කලින් මේ තරම් ආදරයක්? මෙපමණ ආදරයක් මගේ හද ගල්ලෙනේ සැඟව තිබුනාදැයි මමවත් නොදැන සිටියෙමි. දැන් ඒ ගැන හිතන්නට කාලයකුත් නැත. ඉතිරිව ඇත්තේ බීට්ල් කුමාරයා සමග ආදර අමා දියේ ගිලී මියැදීමම පමණි.
ලොවේ හොඳම කිමිදෙන්නෝ (ආදරයේ කූටප්‍රාප්තියට පත් වූ අය.) ඔවුන්ටවත් අපව දැන් සොයා ගත නොහැක. මගේ ආදරය ඒ සියල්ලටම වඩා ගැඹුරු බැවිනි. ඔවුන්ට අනුමාන කල හැකි පමණටත් වඩා ගැඹුරු බැවිනි.