Sunday, October 25, 2015

111. වචන


මරණය අහිමිවීම ගැන ශෝකයෙන් හඬාවැටෙන ටෝනි නික්ලින්සන් නම් මිනිසෙකු දැකීමෙන් පුදුමයටත්, කම්පනයටත් පත්ව "අසා මිනිසෙකු මළ පුවත අද… හඬමි සතුටින් පළමුවර මම…" නමින් සටහනක් අකුරු බ්ලොග් අඩවියේ ලියැවුනේ මීට වසර තුනකට පමණ පෙර... ලින්ක් එක ඔස්සේ යන්නට ඉස්පාසුවක් ඇතොත් euthanasia ගැන දැනුමැත්තන් කිහිපදෙනෙකුගේම අදහස් කමෙන්ට්ස් වල සඳහන්..

අද විවේකී දිනයේ අන්තර්ජාලයේ රස්තියාදුවක් ගසන්නට ලද ඉසිඹුවකදී ඇසගැටුනු මාටින් පිස්ටෝරියස් නම් මේ අලුත් මිනිසාගේ කතාව එක අතකින් ටෝනිගේ කතාවට බොහෝ සෙයින් සමානයි... තව අතකින් ඊට හාත්පසින්ම වෙනස්...

1988 වසරේ ජනවාරියේ දිනක, ඒ වනවිට වසර දොළහක නිරෝගී කොළුගැටයෙකු වූ මාටින් හදිසියේම රෝගී වෙනවා.. කතාකිරීමේ හැකියාවත් ආහාර ගැනීමත් ඇනහිටින ඔහු තවත් මාස කිහිපයකින් සම්පූර්ණයෙන්ම කෝමා තත්වයට පත්වෙන්නේ දෙමාපියන් සහ හිතවතුන්ගේ බලාපොරොත්තු සුන් කරමින්... 

වසර දෙකක් වෙජිටබල් තත්වෙන් ජීවත් වෙන මාටින් කෙමෙන් තමන්ගේ පියවි සිහිය නැවත ලඟා කරගන්නවා.. නමුත් අවාසනාවකට ඇසි පිය හෙලනවා හැරෙන්නට තමා නැවතත් සිතන්නට පටන්ගත් බව, නැවත ඉපදුන බව තම දෙමාපියන්ට , බාහිර ලෝකයට දැනුම් දෙන්නට  ඔහුට හැකියාවක් නැහැ. වසර ගණනක් තම අකර්මන්‍යය දරුවා වෙනුවෙන් අපරිමිත වෙහෙසක් විඳ හෙම්බත්ව සිටින දෙමාපියනුත් මාටින්ගේ මේ වෙනසට අසංවේදී වීම පුදුමයක් නෙමෙයි.. ඔවුන්ට තවමත් මාටින් ගත සිත දෙකම මියගිය කෝමා රෝගියෙක්.. 

ඉතින් මාටින් අවාසනාවන්ත විදියට තමන්ගේ ශරීරය ඇතුලේම සිරකාරයෙක් වෙනවා... තමා ගතයුත්තේ මොන ආහරයද, සිටිය යුත්තේ මොන ඉරියව්වටද යන පුංචි දේ පවා වෙනකෙකුගේ පාලනයට නතුව ගෙවන්නට සිදුවීම කෙතරම් මානසික වදයක් වෙන්නට ඇතිද..? පාතරසයට ගන්නා සැන්ඩ්විච් එකට වැරදි සෝස් වර්ගය දැම්මොත් පැමිණිළි කරන ඔබට, මට, අපිට මෙය වටහාගැනීමට පුළුවන් වේ යැයි මට හිතෙන්නේ නැහැ... 

අසරණයන් පෙලන්නට දෙයිවය රුසියෙක්... මාටින්ට සිතීමට හැකියාවක් නැතැයි විශ්වාස කරන එක් සාත්තු සේවකයෙකු අතින් වරක් ඔහු ලිංගික අතවරයකට ලක්වෙනවා.. තමා මුහුණදෙන අප්‍රසන්න අත්දැකීම ගැන සම්පූර්ණයෙන්ම සංවිඥානිකව, ඒත් ඊට එරෙහිව වචනයකින්වත් සටන් කිරීමට නොහැකිව, තම දෙමාපියන්ට ඒ ගැන දැනුම් දීමට නොහැකිව අන්ත අසරණව ඔහු මරණය අයදිනවා...

සන්නිවේදනය ඔහුගේ සිරගෙය නම්...අදහස් ප්‍රකාශ කිරීමට ඇති නොහැකියාව ඔහුගේ දඬුවම නම්... මරණය..! ඒ ඔහුගේ එකම නිදහස...

ඒ නිදහස සොයා ඔහු ගිය ගමන ගැන නිවිසැනසිල්ලේ කියවන්න ඉස්පාසුවක් මට ඇත්තේ නැහැ, ඔබටත් ඇති යැයි මා හිතන්නේ නෑ.....

Cover Image

නමුත්... වසර ගණනක් අදහස් ප්‍රකාශ කරගැනීමට නොහැකිව මැරී මැරී ඉපදුනු මාටින්ගේ සිතුවිලි වචන බවට පත්වී දෝරේ ගලන මේ විනාඩි පහළොව සාවදානව අසාගෙන ඉන්න මනුශ්‍යයත්වයේ නාමයෙන් අපි දෙදෙනාම බැඳිලා ඉන්නවා කියලා මම විශ්වාස කරනවා...


52 comments :

  1. සිංහල බ්ලොග් අවකාසෙ සමහරු පොර වෙන්න බ්ලොග් ලියනව නොදන්න දෙයක් නෑ ,සමහරු ගොඩ යන්න බ්ලොග් ලියනව, සමහරු බ්ලොග් නමින් කුලල් කා ගන්නව, තව උන් හිට් වෙනව නම් බ්ලොග් එක ඇතුලෙ හෙළුවෙන් හරි ඉන්නව. එනව පිම්බෙනව පිපිරෙනව නැතිවෙනව. මේ ඔක්කොම අස්සේ වගේ වගක් නැතුව එකෙක් යලට මහට පොස්ට් එකක් අතාරිනව.හැබැයි මං වගේ කාලයක් තිස්සෙ මේක දිහා බලං විතරක් ඉන්න එකෙකුට මේක ගොම රිටි අස්සෙ මැණිකක් වගේ.කියවන්න විතරක් නෙමේ ජීවත් වෙන්නත් ආසාවක් ඇති කරනව.බීටලේ පිම්බුවා නොවේ.ඉඳ හිට හරි ලියපන් සොහෝ මං වගේ උන්ට බලන්න දෙයක්.

    ReplyDelete
    Replies
    1. මම විශ්වාස කරන දෙයක් තමයි බ්ලොග් ලියන අපි හැමෝම අඩු වැඩි වශයෙන් පොර වෙන්නත් එක්ක තමයි බ්ලොග් ලියන්නේ... :)

      සිංහල බ්ලොග් අවකාශය කියන්නේ ඇබ්ස්ට්‍රෑක්ට් චිත්‍රයක් වගේ ... ඒ චිත්‍රය වැඩිය ලස්සන කරන්නේ මොන පින්සල් පාරවල්ද කියලා තර්ක කරන්න ගියොත් අපිට චිත්‍රය රසවිඳින එක මඟෑරෙනවා...

      Delete
  2. Just like that audience.... complete silence throughout those 15 mints..

    ReplyDelete
  3. //"පාතරසයට ගන්නා සැන්ඩ්විච් එකට වැරදි සෝස් වර්ගය දැම්මොත් පැමිණිළි කරන ඔබට, මට, අපිට මෙය වටහාගැනීමට පුළුවන් වේ යැයි මට හිතෙන්නේ නැහැ... "// බීට්ල් සුපුරුදු විදිහටම මුළු කතාන්දරයම එක පේලියකින් කියනවා . අනර්ඝයි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මචෝ...උගේ කතාවේ ඒක ඊට වඩා අනර්ඝ විදියට ගලපලා කියනවා...

      Delete
  4. මකල දාන තුන් වෙනි එක.. මට කිසිම දෙයක් කියන්න නැහැ බං..

    ReplyDelete
    Replies
    1. මොකුත් කියන්නේ නැතුව අහන් ඉමු..

      Delete
  5. ඇයි එයාගේ අම්ම එයාව මරලා දාන්න කියන්නේ. කෙසේ වෙතත් දුකයි. එත් මේක inspirational. අනිවා මම ඉස්සරහට මේ Video eka පාවිච්චි කරයි

    ReplyDelete
    Replies
    1. දරුවා දුක් විඳිනවා බලාගෙන ඉන්න බැරුව කිව්වා වෙන්නැති...

      Delete
  6. //අසරණයන් පෙලන්නට දෙයිවය රුසියෙක්...//
    ඒක කොයි තැනටත් අදාලයි.

    ReplyDelete
  7. මරණය බලාපොරොත්තු වෙන්නන්ගෙන් මරණය දුරස් කරන්නට තරම් ඇතැම් විට දෙයිවය කුරිරුය.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත මනෝජ්...

      කවුරු හරි දෙයිවය කියන වචනේ හරියට ලියනකල් මම බලාගෙන ඉන්නේ කොපි කරලා තියාගන්න :)

      Delete
    2. හෙහේ,මටත් ඔය කොම්බු දෙකක් ඉස්සරහාට එන වචන සිංහලෙන් ලියන්න බැහැනේ.මේ ගුගල් ඉන්පුට් වලින්.ඔය ගොඩක් වචන මමත් කොපි,පේස්ට් කරලා තමයි ගන්නේ.

      Delete
    3. උඹට ඕනෙ වචන ටික කියහං බීටල්, මම මෙතන ලියන්නම්. මේක සිංග්‍රීසි යුනිකෝඩ් 1.8 කියන එක. ඕනෙ හත්තිලව්වක් ගහන්න පුලුවන්.
      දෛවය
      වෛරය
      ස්වෛරී
      වෙන මොනවද?

      Delete
    4. හැක් හැක් බීටලේ..

      සිංහල කීබෝඩ් එකේ නං දෙපාරක් එෆ් අකුර ඔබහං ඊට පස්සෙ ද,ව ඕන අකුරක්..

      Delete
    5. උඹලා සේරටම ස්තූතියි... මම පාවිච්චි කරන්නේ rshinglish කියන එක.. දැන් හෙල්ප් එකේ බලලා ඒකේ ගහන විදියත් දැනගත්තා... ei - දෛවය

      Delete
    6. ගූගල් ඉන්පුට් වලින් කොම්බු දෙක මුලට එන වචන ලියන්නේ මෙහෙමයි.

      waairaya = වෛරය
      daaiwaya = දෛවය
      waaidya = වෛද්‍ය
      swaairee = ස්වෛරී
      maaithree = මෛත්‍රී

      Delete
    7. "මෛත්‍රී" වේවා විචාරකතුමා.බොහොම ස්තූතියි මේ ටික නම් බොහෝම වටිනවා.

      Delete
  8. පහුගිය දවසක ඉයුතනීසියා කතාවක් නවසීලන්තය පැත්තෙනුත් ඇහුණ වගේ මතකයි...
    ඒවචනෙත් එක්ක එන්නෙ ගුෂාරිෂ්.. බාගෙට අඩවපු පිලුමක්..
    මේ වීඩියෝව... ඒකනං ....
    කියන්න වචන නෑ... උමි වීඩියෝ ඩවුන්ලෝඩරෙන් බාන ගමං මේ... කෙනෙක්ට පෙන්නන්න.

    ReplyDelete
    Replies
    1. ඒ වගේම අනිත් ෆිල්ම් එක Sea Inside.

      Delete
  9. බීට්ල් ගෙ පෝස්ටු කියෙව්වාට කොමෙන්ටුවක් කොටන්න ලැබුණු මුල්ම අවස්තාව.... අනර්ඝයි... බොහොම සංවේදී කතාවක්....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සජ්ජා.. මමත් සංජ්ජාගේ පඩංගුව ඉඩක් ලැබෙන විදියට බලනවා..

      Delete
  10. ඉතාමත් සංවේදී කතාවක්. මේ වගේ මිනිස්සු දැක්කම තමා අපි මොහොතක් නතර වෙලා අපේ ජීවිතේ ගැන හිතන්න පෙළඹෙන්නේ.. ඒ වගේම, අපි මොන තරම් සුළු දේවල් වලටද කලබල වෙන්නේ කියල හිතෙන්නේ. මේ පෝස්ට් ඒකෙ හිතට සෑහෙන්න වැදුනා මෙන්න මේ වාක්‍ය-
    "පාතරසයට ගන්නා සැන්ඩ්විච් එකට වැරදි සෝස් වර්ගය දැම්මොත් පැමිණිළි කරන ඔබට, මට, අපිට මෙය වටහාගැනීමට පුළුවන් වේ යැයි මට හිතෙන්නේ නැහැ... "
    කනට ගහනවා වගේ කියල තියනවා කියන්න ඕනේ එක. නියමයි බීටල්!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අඟහරුවා...

      Delete
  11. බීටල්. ආබාධිත නොවීත් සමහර රස්සාවල් කරන්න ගියාම ඔය වාගෙ අන්ත අසරණ තත්වෙට පත්වෙනවා.

    මේකා නම් නියම පොරක්. මට මතක් වුනේ හෝකින්ස්ව.

    ඒක නෙවෙයි. මේ සොෆ්ට්වෙයා එකෙන් මොනවද බං වචන වලට පෙරලන්නේ? සිතුවිලිද? නැතිනම් ඇසේ චලනයද?

    ReplyDelete
    Replies
    1. ඇසේ චලනය නේද..? උබට මතකද TBBT එකේ එක පාරක් හෝකින්ස්ගේ කතාකරන කම්පියුටරේ අප්ග්‍රේඩ් කරන්න සෙට්වෙනවා..? ඒ දවස්වල මම ඒක ගැන කියෙව්වා... මට මතක විදියට ඒවා වැඩ කරන්නේ text to speech ක්‍රමේට.. text එක speech වලට කන්වර්ට් කරන එක නම් ගේමක් නෑනේ... ගේම තියෙන්නේ text එක ටයිප් කරගන්න එකෙයි... සරල තියරිය මම හිතන්නේ ස්ක්‍රීන් එකේ කීබෝඩ් එකක් තියෙනවා.. වචනේ හදාගන්න අවශ්‍යය අකුර ඔබන්න තියෙන්නේ. ඇසිපිය හරි මොනවා හරි හෙලවෙන දේකට අනුරූපව කීබෝර්ඩ් එකේ කර්සර් එක එහා මෙහා කරලා...දැන් ඔය මොබයිල් වලත් තියෙන auto suggest features වල හැටියට මේක ගොඩක් අමාරු නැතුව ඇති...

      ස්ටීවන්ගෙන් නම් මම හිතන්නේ මේ කන්නාඩියේ තියෙන ගැජට් එක හෙලවෙද්දී ස්ක්‍රීන් එකේ වචන සිලෙක්ට් වෙන්නේ...

      Delete
  12. ඔය ආදරය සහ රාගය පටලාගන්න, ඒ වගෙම රාගයෙන් තොර ආත්මාර්තයෙන් තොර ආදරයක් නෑයි කියන උන්ට platonic love ගැන පෙන්නන්න තියෙන උදාහරණ කීපයෙන් එකක් නෙවෙයිද මේක?

    ReplyDelete
    Replies

    1. මේක ගැනනම් මමත් ගොඩක් දේ කල්පනා කරනවා... හම්බුන දවසක කතාකරමු... උඹ මේ ෆිල්ම් එක බලලා තියේද...

      Delete
    2. නෑ බං. ඒක ෆ්‍රෙන්ච් නේද? සබ්ටයිටල් කියවන්න ගියාම නම් එපා වෙනවා බං. ඉෂ්ග්ලිෂ් ඩබ් කරපු එකක් බලන්න ඕනෙ. Thanks.

      Delete
  13. සහතික ඇත්ත.. ගස්ලබ්බා ඔයිට ආසන්න (කෝමා නොවේ.) අත්දැකීමකට මූණදීපු කෙනෙක් විදිහට හරිම සංවේදී උනා.ඒ දැනෙන හැඟීම් රොත්ත... කෙනෙකුගේ ජීවිතයක් ගොඩනඟන ලියවිල්ලක්.. මාගේ ආචාරය.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. මාර සීන් එකක් නේ.. ඉඩක් ඇතොත් ඒ ගැනත් ලියමු...

      Delete
  14. උපතින්ම එන අබාධ තියෙන Nick Vujicic වගේ අයටත් වඩා අසරණ වෙනවා මං හිතන්නෙ මේ අය, වෙනස් අතීතයක් තිබුණු නිසා.

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක ඇත්ත.. අනිත් එක මෙයත් එක්ක බලද්දී නික්ට ගොඩක් දේ පුළුවන්නේ? විශේෂයෙන් සෙක්ෂුවල් පැත්තෙන්... හරි සංකීර්ණ දේවල් අප්පා.. :(

      Delete
  15. මට මතක් වුනේ නොවාතියේර් ද විල්ෆෝර්ව... මිනිහනම් ඇස් පිල්ලමෙන් අවට ලෝකයම පාලනය කළා...

    ReplyDelete
    Replies
    1. අන්න ඒකනේ උඹේ වටිනාකම.. ඔහොම කෙනෙක් ගැන දැනගෙන හිටියේ නෑ... දැන් ඒ ගැනත් කියපන්..

      Delete
    2. මොන්ත ක්‍රිස්තෝ කියවපන්... එතකොට මිනිහව හම්බෙයි.... :D

      Delete
    3. මොන්ත ක්‍රිස්තෝ කියවපන්... එතකොට මිනිහව හම්බෙයි.... :D

      Delete
    4. මොන්ත ක්‍රිස්තෝ කියවපන්... එතකොට මිනිහව හම්බෙයි.... :D

      Delete
    5. අඩේ ඒක කියෙව්වාද, ටීවී එකේ බැලුවාද දෙකෙන් මොකක් හරි මම කලා.. :) ඒ වුනාට දැන් මතක නෑ...

      Delete
    6. තුන් පාරක්ම කියලා තියන එකේ උඹට කියවන්නම වෙනවා... මටත් මතක තිබ්බේ නෑ.. හැබැ‍යි විලොෆෝර් පවුල ගැන කියවලා හොයාගත්තා...

      Delete
  16. මනුස්සකම මේ මේ විදිහයි කියල අපි මහා බොරු ගොඩක් කරපින්නගෙන ඉන්නව කියල වෙලාවකට හිතෙන්නෙ නැද්ද? ‘මනුස්ස ගතිය‘ කොයි වගේද කියල ඇත්තටම අත්දැකපු කෙනෙක් කතා කරද්දි අපි ගොළු වෙන්නෙ ඒ හින්ද වෙන්නැති.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම අපිට දකින්න බැරිදෙයක් ඒ දෙන්නාම දැකලා තියෙනවා මටත් හිතෙන්නේ...

      Delete
  17. Replies
    1. ඇසිපිය වලින්ද ඒ ටයිප් කලේ..? :O :O :O

      Delete
  18. කාට හරි පුළුවන් ද මේක තේරුම් කරල දෙන්න. "ඇස් වලින් කතා කරන හැටි " . කරුණාකරල පැහැදි කරල දෙන්න සරලව.

    ReplyDelete
    Replies
    1. දැන් මම පැහැදිලි කරන්න ගියොත් මටත් ගූගල් එකේ හොයලා තමයි කියන්න වෙන්නේ...එතකල් හෙමීට සර්ච් පාරක් දාන්න බලන්න..

      Delete
  19. හරි දුකයි .. මේ වගේ දෙයක් හතුරකුටවත් වෙන්න එපා කියලා පතන්න ඕන.

    ReplyDelete
    Replies
    1. හැබැයි එයා ලොකු සටනක් දිනලා හින්දා අපි දුක් වෙනවාට වඩා සතුටු වෙමු...

      Delete

Web Statistics