වසර ගණනකින් තීන්ත පුසුඹක් නොවිඳ මළගිය බිත්තිද, එකිනෙකා පරයා ඉහළට නැගෙන්නට පොරබදින තෘණ ශාඛයන්ගෙන් හැඩිවූ මිදුලක්ද සහිත ඒ අඳුරු නිවස, පාරේ යන එන්නන් හැඳින්වූයේ “හොල්මන් ගෙදර” නමිනි…
ඊට සුදුසු නම එයම විය… හොල්මන් ගෙදර පසුකර යන එන්නන්ගෙන් කෙනෙකු අහම්බෙන් හෝ ඒ දෙස බැලුවහොත්, අඳුරු බැල්කනියේ සිට තමා දෙස ඇසිපිය නොහෙළා බලාසිටින ඇස් දෙකක් දකියි…වහා ඉවත බලාගෙන කඩිනමින් ඒ නිවස පසුකර නොයන්නට එඩියක් ඇත්තෙකු වීනම්, ඒ ඇස් අයිති දවස පුරාවට බැල්කනියේ ඇති ඇඳි පුටුවක හිඳි පිළිමයක් සේ වාඩිවී සිටිනා හොල්මන් ගෙදර හිමිකාරිය වූ උමතු මැහැල්ලකට බවද දකියි… ඇය උමතුදැයි දන්නා කිසිවෙකුත් නැති… එහෙත් කිසිවිට කිසිවෙකු හා කතාබහ නොකර මාර්ගය දෙසම නෙත් අයාගෙන සිටිනා හෙයින් ඇය උමතු යැයි විශ්වාස කිරීම සැමට පහසු වූ සේය…
හොල්මන් ගෙදරටම දිරායන, මැදිවිය මදක් ඉක්මවූ ගුප්ත මුරකරු මෙහි වෙසෙන අනෙක් ප්‍රාණියා විය… අවට කිසිවෙකු ඔවුන් හා ගනුදෙනුවක් නොවූ අතර ඉඳහිට හෝ ඒ නිවසට පැමිණියෙකු වූයේනම් ඒ ටවුමේ ග්‍රොසරියේ බඩු බෙදන කොළුවායි…
“කෝ උන්නැහේ නැතෙයි…?”
සති දෙකකට වරක් බඩුමල්ලක් කරගසාගෙන එන ඔහු මිදුලේ සිටම බැල්කනියෙන් විමසයි… පිළිතුරු වෙනුවට ඔහු දකින්නේ වචනයකදු නොදොඩා තමා දෙස බලාසිටින මැහැල්ල පමණකි… කොහේදෝ සිට දුව එන මුරකරු ගනුදෙනු බේරා බඩු මල්ල රැගෙන කුස්සියට යයි… ආපසු යන කොළුවා ගේට්ටුව වසන්නේ තවමත් තමා දෙස නෙත් අයාගෙන සිටින මැහැල්ල දෙස නොබලා සිටින්නට උත්සාහා කරමිනි… මේ ක්‍රියාවලිය බිඳෙන්නේ එහෙමත් දිනෙකය…
හොල්මන් ගෙදර මැහැල්ලට උරුම වූයේ අහම්බෙනි… මීට බොහෝ කාලයකට පෙර, බඩු ගෙනන කොළුවා අතදරුවෙකු සන්දියේ, මේ මැහැල්ල ආදරණීය බිරිඳකි… හොල්මන් ගෙදර හිමිකරුවා වූ ඇයගේ සැමියා එදිනද “ගිහින් එන්නම්…” යැයි පවසා රැකියාවට නික්මිනි… එහෙත් පොරොන්දු වූ පරිදි ඔහු නැවත පැමිණියේ නැත… ඒ වෙනුවට පැමිණියෙ අසුභ ආරංචියක් රැගත් පොලිස් නිලධාරියෙකි… ඔහුට වැරදී ඇතැයි මළසිරුර හඳුනාගන්නට යනතෙක්ම ඇයගේ විශ්වාසය විය… එහෙත් වැරදී තිබුණේ ඇයටයි… එතැන් පටන් ඇය බාහිර ලෝකය හා ඇති සම්බන්ධය කෙමෙන් බොඳවෙන්නට විය…ඉන් මාස කිහිපයකට පසු සැමියාගේ මිණීමරුවා යැයි කෙසඟ කොළුවෙකු උසාවියේදී දක්වද්දී, ඒ ගැන ඇය වදනොවුනේ බාහිර ලෝකය හා ඇගේ ඇති සම්බන්ධය ඒ වනවිටත් සම්පූර්ණයෙන්ම පාහේ අතහැරී තිබුණ හෙයිනි…
එතැන් පටන් ඇය බැල්කනියෙන් ඉවතට නෙත් අයාගෙන සිටින්නට පුරුදු විය… අසල් වැසියන්, මහමඟ, නිවාස යානවාහන වැනි ඇයට සම්බන්ධයක් නැති බොහෝදේ කාලයත් සමඟ වෙනස්වෙනු ඇය අරමුණකින් තොරව ඔහේ බලා සිටියාය…
ඒ හාත්පස වෙනදාට වඩා ආලෝකවත් වූ පුන් පොහෝ දිනයකි… රාතී ආහාරයෙන් පසු තම සුපුරුදු අසුනට වන් මැහැල්ල ගේට්ටුවෙන් ඔබ්බෙහි වූ මහාමාර්ගය දෙස බලාසිටින්නට වූවාය…ඒ ඔස්සේ ඇවිද එන මිනිසුන් තිදෙනෙක් ඇයට දර්ශනය විය… සඳ එළියෙන් ඉන් එක් අයෙක් ග්‍රොසරියේ බඩු ගෙනෙන කොළුවා බව ඇය හඳුනා ගත්තාය… අනෙක් දෙදෙනා ඔහු සමඟ යමක් වාද කරමින් සිටිනා බවක් දිස්වුනි… ඔවුන් පවසන දෙය මැහැල්ලට ඇසුණේ නැති… අවසානයේ ඔවුන් යමකට එකඟවූ බවක් පෙනුනෙන්, ග්‍රොසරියේ කොළුවා ආ දෙසටම ඇවිද ගිය අතර අනෙක් දෙදෙනා ආපසු නික්ම ගියෝය…
තවත් ටික වේලාවකට පසු පෙර කී දෙදෙනා නැවත ග්‍රොසරියේ කොළුවා ගිය දෙසටම ඇවිද යනු ඇය නිරීක්ෂණය කලාය… මුලින් ඇය සිතුවේ මේ කිසිවකට සහභාගී නොවී සිටින්නටයි… එහෙත් ටික වේලාවකට පසු ගෙතුළට ඇවිද ගිය ඈ දුරකථනය එසවූවාය… වසර ගණනාවකින් දුරකථන ඇමතුමක් ගෙන නොමැති හෙයින් ඇයට කිසියම් නුහුරු බවක් දැනුනි… ආයාසයක් දැරූ ඇය නොම්මරය මතක් කරගන්නට උත්සාහා කලාය… 9..9..1….9..1..1….1..9..9….1..1..9… අවසානයේ ඇයට එය සිහිවිය… අනෙක් පසින් ඇමතුම සම්බන්ධ වෙද්දී කිව යුත්තේ කුමක්ද, එය කිව යුත්තේ කෙසේද යන්න ගැන ඇයට මනා වැටහීමක් තිබුණි…
ඒ ඇය වසර ගණනාවකට පසු බාහිර ලෝකය හා සම්බන්ධ වුනු පළමු අවස්ථාව වූයේය…
නිමි…
ඇත්තටහම මොකක්ද ඒ අවසානය
ReplyDeleteකාලෙකින් බ්ලොග් එක අප්ඩේට් කරන්න බැරිවුන හින්දා ලිව්වේ... :) මේවා වැඩිය සිරා ගන්න එපා...
Deleteකාලෙකට පසු පැමිණ ඔසවා පොලවේ ගැසීම පිළිබඳ මාගේ බලවත් විරෝදය පිළිගනු මැනවී...
ReplyDeleteතවමත් කතාව තේරුම් ගැනීමට දගලමින් සිටී..
උපකල්පන;
අර තිදෙනාගෙන් කෙනෙක් ඇයගේ සැමියාගේ මිනි මරුවාද ?
නැතිනම් පසුව කී දෙදෙනා සැරසෙන්නේ ග්‍රොසරියේ කොළුවාව ඝාතනය කිරීමටද ?
නැතිනම් ඒ තිදෙනාම එක්වී හොල්මන් ගෙදර කොල්ල කෑමට සැරසේද ?
බලවත් විරෝදයට ගොඩක් ස්තූතියි..!
Deleteමටත් හිතුනෙම සෙන්නාට හිතුනු පුරස්න තුනමයි.
Deleteසෙන්නාත් නිතර නොලිවීම ගැන මාගේ බලවත් ගණකාටුව!
ගණකාටු නොවන්න මධු මාධවී. ගණකාටුව ඔබේම සෞඛ්‍යයට අහිතකරැය.
Deleteකාලෙකට පසු පැමිණ ඔසවා පොලවේ ගැසීම පිළිබඳ මාගේ බලවත් විරෝදය පිළිගනු මැනවී... x 2
ReplyDelete(මටම රහසෙන් - තේරුනා වගේ ඉන්න ඕන )
ඒ කොලුවාගේ අවසන් ජවනිකාව සියසින් දුටු එකම සාක්ෂි කාරියද?
... and he writes again! :)
ReplyDeleteSeems the sentence is incomplete .
DeleteHoly crap! he writes again.
Amen :)
Amen non è la fine di una preghiera , si ottiene solo noi pronto a passare al livello successivo. :P
Deletecosì sia ....:D
සෙන්නා කිව්වට උස්සලා පොළොවේ ගහලා කියලා වැඩිය උස්සලා නෑ කියලා තමයි මට නම් දැනුණේ. ඒ නිසා බිම වැටුණට එච්චර රිදුණෙත් නෑ.... සෙන්නා කියලා තියන අර පොසිබිලිටීස් ගැන මගේ කිසිම අවුලක් නැහැ. ඒ විදිහට අවසන් කරන එකත් කමක් නෑ කියමුකෝ... ඒ වුණාට මට ප්‍රශ්න කීපයක් තියනවා...
ReplyDeleteබාහිර ලෝකය එක්ක සම්බන්ධය සම්පූර්ණයෙන්ම වගේ අත හැරුණු කෙනෙක් ටෙලිෆෝන් එකක් අවුරුදු ගාණක් මේන්ටේන් කරන්නේ ඇයි?
අවුරුදු ගණනාවක් පවත්වාගෙන ගිය රටාවකින් වෙනස් වීමට බලපාන හේතුවක් (දීලා තියන සිදුවීම සාමාන්‍ය වැඩියි, ඒ වගේ වෙනස් වීමක් ඇති කරන්න) පිළිබඳ ඉඟියක් හරි, මොකක් හෝ හේතුවක් නිසා සිදුවෙන වෙනස්වීම පාඨකයාට දැනවීමක් හෝ සිද්ධවෙලා නෑ... ඒ නිසා මැහැල්ල ටෙලිෆෝනයට ගිය එක, එතෙක් කියපු කතාවට ආගන්තුක බවක් තියනවා....
අවසානය ස්පෙසිෆික් වෙන්න ඕනේ කියන එක නෙමෙයි මම කියන්නේ... මේ වගේ අවසානයක් දක්වා එන්න වුණත් මීට වඩා විස්තරාත්මක ගොඩනැගීමක් තියෙන්නේ ඕනේ කියලා මට හිතෙන්නේ... විස්තරාත්මක ගොඩනැගීම් වලට අති දක්ෂයෙක්, මේ කතාව කම්මැලි කමට ලියලද, වැඩ වැඩි කමට ලියලද මන්දා... :)
///බාහිර ලෝකය එක්ක සම්බන්ධය සම්පූර්ණයෙන්ම වගේ අත හැරුණු කෙනෙක් ටෙලිෆෝන් එකක් අවුරුදු ගාණක් මේන්ටේන් කරන්නේ ඇයි?/// තිසර අයියේ ඒක ඩිපෙන්ඩ් වෙන්නේ ඒ කෙනාගේ තරාතිරම අනුව මං හිතන්නේ. මෙහෙ හැම ගෙදරම වගේ ඉන්ටර්නෙට් තියෙනවා ,, ලෑන්ඩ් ලයින් තියෙනවා.. ඒත් සමහරු තමන්ගේ ජිවිත කාලේ පුරාවටම එක පාරක්වත් පවිච්චි කරලා නෑ,, සමහර ගෙවල් අවුරුදු ගණන් වහලා දාලා, ඒත් ටෙලිෆෝන් ,කරන්ට් බිල් ගෙවනවා එයාලගේ බැංකු වලින්..
Deleteඅපි නං අවශ්‍ය වුනොත් ඩයල් කරන්නේ 000 නිසා පිස්සු හැදුණත් කිසි අවුලක් නෑ!
ReplyDeletehttp://www.triplezero.gov.au/Pages/default.aspx
කියපු දේ තේරුණේ නෑ රසික සර්. පොඩ්ඩක් පැහැදිළි කරන්න පුළුවන්ද?
Delete/* ආයාසයක් දැරූ ඇය නොම්මරය මතක් කරගන්නට උත්සාහා කලාය… 9..9..1….9..1..1….1..9..9….1..1..9… අවසානයේ ඇයට එය සිහිවිය */
Deleteඒ කියවෙන්නේ ඇමරිකා එල්සත් ජනපදයේ හදිසි ඇමතුම් අංකය වෙන 911 මතක් කර ගැනීමට කතා නායිකාව ගත් උත්සාහයයි. මා වෙසෙනා ඕස්ටේර්ලියාවේ අදාල අංකය වෙන්නේ 000 ය. එය කොයි ආකාරයට යෙදුවත් එකමය.
මම හිතන්නේ ඇය මතක් කරන්නේ ලංකාවේ හදිසි ඇමතුම් අංකය... 119. මතක් වෙන නොම්මර ලැයිතුවේ අගට තියෙන්නෙත් ඒකනේ....
Deleteමස් කටු ටික පුරවන්න නං තිබුනා ලස්සනට.. අර කොල්ලා. ඔව් ඒ කොල්ලා තමයි..
ReplyDeleteකතාව ගැන පස්සේ කල්පනාකරන්නම්. මට තමුනැහේව සම්බන්ද කරගන්න පුලුවන් ක්‍රමයක් කියන්න. තියෙන ඒවටත් ප්‍රතිචාර නෑනේ.... :D
ReplyDeleteතමුන්නැහෙත් හමු වෙන්න තමා මං හිටියේ.. මොකද අපේ බලාපොරොත්තු කඩ කරේ..
Deleteමාත් මේ උන්නැහේව හම්බෙන්ඩ තමා හිටියේ...
Deleteමාත් මේ උන්නැහේව හම්බෙන්ඩ තමා හිටියේ...
Deleteඉවසලා ඉන්ඩලා..... යුනිකෝඩ් අකුරු අච්චු අකුරු වලට පෙරල පෙරල ඉන්නේ මේ දවස් වල... :D
Deleteඅම්මපාහ්හ් !!!! තන්තොසේ බැරුවා...
Deleteඕන්න මට ඕඅනා පොත් පහක්ම.. නිකන් නෙමේ අපි ගෙවනවා ශ්‍රී ලඩකා ආණ්ඩුවේ වලංගු රුපියල් වලින්ම...
කතාව ගැන පස්සේ කල්පනාකරන්නම්. මට තමුනැහේව සම්බන්ද කරගන්න පුලුවන් ක්‍රමයක් කියන්න. තියෙන ඒවටත් ප්‍රතිචාර නෑනේ.... :D
ReplyDeleteහප්පේ කාලෙකින් බ්ලොග් එක ඇරපු එකම මදෑ.
ReplyDeleteමෙහෙමයි ඉතින්. මේ කතාව සමස්තයක් විදියට, මම කියන්නෙ බ්ලොග්වල ලියැවෙන කෙටිකතා (මගේ ඒවත් ඇතුලුව.) බලනකොට සෑහෙන්න ඉහලයි, ඒක ගැන විවාදයක් නෑ.
ඒත් බීට්ල් මෙතෙක් කාලයක් ලියපු කෙටිකතා එක්ක බලනකොට, මේ කතාව ටිකක් විතර පහලින් තියෙන්නෙ කියල හිතුනා. මොකද බීට්ල්ට මීට වඩා සෑහෙන දෙයක් කරන්න පුලුවනි.
කතාවෙ ඇටසැකිල්ල විතරක් කම්මැලිකමේ ලිව්වද මන්දා. තව ටිකක් පුළුන් පුරෝලා රැලි එල්ලලා ගත්තනම් වටිනාකම කියන්ඩ බෑ!
දිගටම ලියන්න. දීර්ඝ කාලීන අතුරුදහන්වීම් දරාගන්ඩ අමාරුයි. සුභපැතුම්!!
මට නම් මේක තේරුනේ නෑ බීට්ල්. ඇත්තෙන්ම මොකක්ද වුනේ?
ReplyDeleteබැටලු අන්ඩ අතටම අහුවෙලා බං..
Deleteහරිම අපූරු කථාවක් සර්. අගය කරමි. තවත් ලියන්න.
ReplyDeleteඊලගට මොකද උනේ දන්නවද ඔයා....
ReplyDeleteකතාවේ අවසානය අපිටම ගොඩ නගා ගන්නනේ තියෙන්නේ..:)
ReplyDeleteමම හිතන්නේ එදා උසාවිය ඉස්සරහා හිටියේ මැහැල්ගේ සැමියාගේ නියම මිනීමරුවා නෙමේ.නියම මිනීමරුවා පොලිසියට මග හැරුණත් මැහැල්ල දැන් සිටියා ඒ කවුරුද කියලා.එදා පෝය දවසේ බැල්කනියේ ග්‍රොසරියේ කොළුවා පසුපස ඔවුන් යනවිට මැහැල්ල තීරණය කෙරුවා මේ ගැන පොලිසියට දැනුම් දෙන්ට.
එල ද බ්‍රා ඒ වුනාට තව ටිකක් පැහැදිලි කරා නම් අගෙයි..
ReplyDeleteකෙටි කතාවක් නිසා මේක ගැන ප්‍රශ්න අහන්න මං ආස නෑ. කෙටි කතා කියන්නේ ඒවට. ඒ කාන්තාවට ඕනේ නෑ තමන්ගේ නිවසට එන එකම හිතවතාව නැති කරගන්න
ReplyDeleteසැකයක්.
ReplyDeleteඅමිහිරි දෙයක් සිදුවන්නට යන බව
ඉවෙන් දැනුනි.
හරිම භයංකරයි උමතුජනකයි එයා මොනවා කියන්න ඇද්ද 119 එකට
ReplyDeleteවැඩිය හිතන්න එපා කියල පළවෙනි කොමෙන්ට් එකට දීල තියෙන උත්තරේ හින්ද ඔන්න ඔහේ කියවල නිකන් හිටිය...
ReplyDeleteබීට්ල් මා ඉන්නා රටේම කාලයක් හිටි බව දැන ගත්තේ මෙහෙන් ගිය අලුතමයි. මොනවා කරන්නද ? මේ කෙටි කතාව නම් කිව්වා වගේම වැඩිය සිරාවට ගත්තේ නෑ . දැන් ඉතින් හොඳට පැලපදියම් වෙලා දිගටම ලියන්න
ReplyDeleteකමෙන්ට්ස් සේරටම ස්තූති වේවා...!!! කවදා හෝ හමුවෙමු තිලකේ...
ReplyDelete