Wednesday, February 27, 2013

74. අපිට පිස්සු ඕයි !!!



මේල් එක ආවේ එකපාරම...
අයියේ "අපිට පිස්සු ඕයි" කියලා...
චේන් පොස්ට් දානවා ලියපන් කියලා...
මන් ඇහුවා සිරාවටම තොපිට පිස්සුද කියලා ඕයි...
මට බෑ මගේ බ්ලොග් එක කැත වෙනවා..
මිනිස්සු හිතයි මට පිස්සු කියලා ඕයි...

මල පැනලා මූ කිව්වනේ...
මම දන්නවා තමුසෙගෙ අවුල මොකද්ද කියලා ඕයි...
කියපන් බලන්න මොකද්ද අවුල ඇහුවම...
මූ කියනවා...
තමුසේ හැමවෙලේම හෙන සීරියස් කියලා ඕයි...
මට කොච්චර හිනා ගියාද කිව්වොත්...
තව පොඩ්ඩෙන් මම පිටේ නැගලා හිටිය...
කස්තුරි මුවාගෙන් බිමට වැටෙනවා ඕයි...

මම ඌට කිව්වා මෙහෙම...
මේ ලෝකේ ඉස්සර පිස්සෝ හිටියේ ටිකයි ඕයි...
ඊට පස්සේ පිස්සෝ එන්න එන්න වැඩිවුනා ඕයි...
කොච්චර වැඩි උනාද කිව්වොත්...
අන්තිමට වැඩිපුර ඉන්නේ පිස්සෝ හින්දා...
උන්ට නෝමල් එවුන් කියන්න ගත්තා ඕයි...
නෝමල් එවුන් ටිකදෙනා ඉබේම පිස්සෝ උනා ඕයි...

ඉතින් මම පිස්සෙක් කියලා මම දන්නවා ඕයි...
නෝමල් එවුන් මට එහෙම කියන්නේ ඇයි කියලත් දන්නවා ඕයි...
ඒක හින්දා මෙතන කිසි අවුලක් නෑ ඕයි...
පිස්සෙක් තමන් පිස්සෙක් කියලා දන්නේ නැත්තම්...
ඒක තමයි පට්ට අවුල ඕයි...
ඊට පස්සේ මූ කියනවා...
මට සිරාවටම පිස්සුලු ඕයි...! වෙන්ඩැති ඕයි...

හැබැයි...
පිස්සු තිබුණ පලියට මිනිහෙක් වැරදි වෙන්නේ නෑ ඕයි...!

මට පිස්සු වගේ ඕයි...
වගේ නෙමේ ඕයි…
හොඳටම පිස්සු ඕයි…!!!

මාත් එක්කම ඇඩ්මිට් වුනා : ඕනයා | සිහින | අවංක පැට්ටා | ආගන්තුකයා | STRANGER | රනා | පසන් | බුල්ටෝසෝඩා ගුණේ | සුදු පූසානචී | ජීවිතේ මල් | ලිෂාන් පුවක්ඕවිට | සංජුපිස්සා | අශාන් | හිතුවක්කාර කෙල්ල | රුචක| හසී | මුචලින්ද | අමිල චතුරංග

14 comments :

  1. ?????????????????????




    මේක කියවලා මට පිස්සු වගේ ඕයි.

    ReplyDelete
  2. ලොකුම පිස්සෝ, පිස්සු තියෙනවා කියලා පෙන්නන්නේ නෑ ඕයි.. ඒක තමයි පිස්සුවෙ නියම කලාව! බොහොම වැදගත් විදිහට ඉන්න අය ඉන්නවා නේද? අන්න නියම පිස්සෝ!!

    ReplyDelete
  3. ඔයාට පිස්සු බව අපි දන්නවා ඕයි...:D

    ReplyDelete
  4. පොරක් තමන්ට පිස්සු බව දන්නවා නම් ඌ පිස්සෙක්ම නෙමෙයි ඕයි... ඒ කියන්නේ ඌ පිස්සෙක් නොවී ඌට ම පිස්සු කියා ගන්නවා... එහෙනම් ඌට පිස්සු ඕයි...

    ReplyDelete
  5. හරි හරි... ඒකත් හරි..... තව පිස්සෙක් ...

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. උහ්.. අප්ඩේට් වෙලා තියෙන බ්ලොග් රෝල දැකලා මටත් පිස්සු වගේ ඕයි.. :D

    ReplyDelete
  8. හැමතැනම පිස්සෝ.මේම ගියොත් අපිටත් පිස්සු.

    ReplyDelete
  9. දැන් පිස්සෝ හැමතැනම නේ..

    ReplyDelete
  10. පිස්සුව නොමැති නම් අප බ්ලොග් ලියාවිද?

    (තනි පදයේ පිස්සු කවියකි)

    ReplyDelete
  11. මට පිස්සු කියලා උඹ දන්න තරමටම මමත් උඹට පිස්සු කියලා දන්නවා ඕයි!!! නැත්තම් මං මේක කියවයිද ඕයි.. මමත් එකක් ලියයිද ඕයි!!

    ReplyDelete
  12. හැමෝටම ස්තූතියි ඕයි..! :)

    ReplyDelete
  13. මටත් නිකන් පිස්සු වගේ...

    ReplyDelete
  14. පිස්සෝ වැහි වැහලා මේ කාලේ....හික්....

    ReplyDelete

Web Statistics