දුටිමි මිය ගිය පුවත අද නුඹ..
නැගුනි කඳුලක් දුකට නම් නොව…
අසා මිනිසෙකු මළ පුවත අද…
හඬමි සතුටින් පළමුවර මම…
දුටිමි නුඹ පෙර දිනක අහඹුව …
ගැහෙන දෙනෙතින් හඬන නිහඬව…
යදිනයුරු දැක මරණයම නුඹ…
දැනගතිමි අපි, අපිට නැති බව…
අසරණව දිවි ගෙවුම කඳුලකි…
මියෙමි එය මට මහත් සැපයකි…
අවැසි වුව එය නුඹට හිමි නැති…
දිවිය නුඹගේ දෙවිඳු හට හිමි…
මරණයේ පණිවුඩය එනකන්…
බිරිඳ දියණිය සමඟ සතුටින්…
සිටින නුඹ දැක පුංචි තිරයෙන්…
සුභ පැතුම්..! පැවසීමි මනසින්…
පණිවුඩය පැමිණියා දුටුවෙමි…
දෙවිඳු දුන් දිවි ඔහුම ගනු ඇති…
නීතියේ බර යදම් වැලකින්…
නුඹව නොමරා මරනු දුටුවෙමි…
දුටිමි මිය ගිය පුවත අද නුඹ..
නැගුනි කඳුලක් දුකට නම් නොව…
අසා මිනිසෙක් මළ පුවත අද…
හඬමි සතුටින් පළමුවර මම…
ටෝනි නික්ලින්සන් නැමති මිනිසා පුංචි තිරයෙන් මා දුටුවේ අහම්බෙන්… ඒ ඔහුට මැරෙන්නට අවසර නැති බව උසාවියෙන් නියෝග කල පුවත අසා ඔහු හඬා වැටෙනායුරුයි… මා හදවත මොහොතක් නතර කර ලෝකය, ජීවිතය, දෙවියන්වහන්සේ කර්මය යනාදී හැමදේ ගැනම නැවත සිතන්නට ඒ අසරණයාගේ හැඬුම මට බල කලා… මරණය අහිමි වීම ගැන මිනිසෙකුට මෙතරම් ශෝක වියහැකිද..?
ඉන්පසුව මා සොයා දැනගත් පරිදි ටෝනි වසර 2005 දී ඇතිවන අනතුරක් නිසා සදාකාලිකව ආබාධිත වූවෙක්… බාහිර ලෝකය හා ඔහු අදහස් හුවමාරු කරගන්නේ ඇසිපිය මඟින් පමණයි… වසර ගනනාවක් මෙලෙස ජීවත් වීමට කෙතරම් අපහසු ක්‍රියාවක්දැයි උපකල්පනය කිරීමට මා ශරීරය නිසලව තබාගෙන ඇසිපිය පමණක් ගසමින් විනාඩි දහයක් සිටීමට අසාර්ථක උත්සාහයක යෙදුනා… එය වචනයෙන් විස්තර කිරීමට නොහැකි තරම් අපහසු ඇති… මෙය පසක් වන්නේ මීට දින ගනනකට පෙර ඔහු වෙද්‍යවරයකු හරහා තමන්ගේ ජීවිතය අවසන් කර දෙන ලෙස නීත්‍යානුකූලව ඉල්ලා සිටීම නිසායි…
ජීවිතය ලබා දෙන්නේ දෙවියන් වහන්සේ… එය ආපසු ලබාගැනීමත් උන්වහන්සේ සතු කාර්යයක් මිස නිකරුනේ මිනිසෙකු මරාදැමීම අපට කලහැකි දෙයක් නොවෙයි… පිරිසක් එසේ තර්ක කරද්දී තිරිසන් සතෙකුට පවා හිමි වේදනාවකින් තොර මරණය ටෝනිට අහිමි ඇයිදැයි තවත් පිරිසක් තර්ක කරනවා… මේ සියල්ල අතරේ නඩු තීන්දුව ලැබෙන්නේ ටෝනි ඉල්ලා සිටි මිය යෑමේ අයිතිය නිශ්ප්‍රභා කරමින්… කුඩාදරුවෙකු මෙන් ඔහු හඬාවැටෙන්නේ මෙම නඩු තීන්දුව ඇසීමෙන්…
එතැන් පටන් තම ආහාර වර්ජනය කරන ඔහු අද තම නිවසේදී මියගිය පුවත ප්‍රවෘත්ති හරහා දැනගන්නට ලැබුණා… අන්තර්ජාලය පුරා කලක පටන්ම මිනිසෙකුට දුක් නොවිඳ මිය යෑමට ඇති අයිතිය පිළිබඳව නොයෙක් කතිකාවන් ගොඩනැගෙමින් පවතිනවා… සිංහල බ්ලොග් අවකාශයේත් මේ පිළිබඳව කවුරුන් හෝ විද්වත් සාකච්ඡාවක් කරාවි යැයි බලාපොරොත්තුවෙන් මා පසුවෙන්නේ…
නීතියට හෝ ආගමකට මිනිසෙකුගේ දුක් නොවිඳ මිය යෑමේ අයිතිය වැලැක්විය හැකිද? තමාගේ මියයෑමේ අයිතිය ඉල්ලා සිටි ඔහු මානව හිමිකම් වෙනුවෙන් සටන් වැදුනු වීරයෙක්ද..? නැතිනම් ජීවිතයට මුහුන දීමට බියෙන් තමාගේම දිවි තොරකරගැනීම ඉල්ලා සිටින ආත්මාර්ථකාමී මිනීමරුවෙක්ද…? මා නැවතත් මුලටම ඇවිල්ලා…
/* සිංහල බ්ලොග් අවකාශයේත් මේ පිළිබඳව කවුරුන් හෝ විද්වත් සාකච්ඡාවක් කරාවි යැයි බලාපොරොත්තුවෙන් මා පසුවෙන්නේ…
ReplyDelete*/
ඕල් ද බෙස්ට්!
ඇයි ඒ බලාපොරොත්තුව ළගදි ඉටුවන එකක් නැද්ද?
Deleteඅපි අපිටම නීති පනවාගෙන ඉන්නවා. ඉන් මිදෙන්න බෑ නීති විරෝධී නොවී. එයයි ප්‍රශ්නය.
ReplyDeleteගබ්සාවට විරුද්ධ වීමත්, යුතනේෂියාවට විරුද්ධ වීමත් සමානයි මට පේන විදියට. එක පිරිසක් දෙවියන් ගේ තීරණයට උඩින් යාමක් ලෙස සලකා එයට විරුද්ධයි, අනෙත් පිරිස සදාචාරාත්මක සහ ප්‍රායෝගික හේතු මත විරුද්ධයි. කීප දෙනෙකුගේ වේදනාව නිම කිරීමට අද නීතී හැදුවෙත් එය පසු කලෙක හිට්ලර් කෙණෙකුට ප්‍රයෝජනයට ගත හැකිය වගේ තර්ක මත.
අද ලෝකයේ බලය පවතිනේනේ ආගම්වාදීන්ටයි. ඒ සමගම ඔවුන් අන්ත කට්ටිවාදියෝ. ඉතින් මේ ප්‍රශ්නය ලඟකදී විසදෙන පාටක් නෑ.
ලෝකයේ සමලිංගික විවාහ නීතිගත වෙන එක ඊට වඩා වේගයෙන් සිදුවෙනවා.
හ්ම්ම් ගබ්සාවේදී අඩුමගානේ මිය යන කෙනාගේ කැමැත්ත නැහැකියා හෝ තර්ක කරන්න හැකිනේ... මෙතැන ඊටත් පියවරක් ඉදිරියෙන්...
DeleteKATHANDARA KARAYAGEN NAM WIDWATH SAKACHCHAWAK BALAPOROTHTHU WENU BORU. HARIYATA MOKAGEN MONAWDA GANNAWA WAGE.
ReplyDeleteමේ රියසක මෙන් පසුපස එන සීන් එකක්ද..? විද්වත් සාකච්චාවක් බලාපොරොත්තු වෙන්නේ මෙතන නෙවෙයි..අනික මේකේ ඇනෝ කමෙන්ට් බ්ලොක් කර නැහැනේ.. ;)
DeleteAE MAGAE HITHAWATH UNCLE KENEK. LET HIM ENJOY.
DeleteRIYA SAKA VAGAE NOVAE CHAAYAAWA VAGAE.
මං ඊයේ බැලුවා ෆිල්ම් එකක් Mar.Adentro ( The Sea Inside) කියලා ෆිල්ම් එකක්. එකෙත් කතා කරන්නේ මේ ගැනමයි... අවුරුදු 26ක් එක්තැන් වෙලා හිටපු මිනිසෙක් තමන්ගේ මරණයට පත්වීමට ඇති අයිතිය ඉල්ලා නඩු දමනවා.. ඔහු සේලරුවෙක්... මේකෙදි ඔහුට බලපාන නීතිය තමයි ඔහුට මරණයට පත්වීමට කෙනෙක් උදවු කලොත් උදවු කරන පුද්ගලයා මිනීමැරීමට චෝදනා ලබන එක. අවසානයේදි ඔහුට මරණයට පත්වීමට අයිතිය උසාවිය ලබා දෙන අතර ඔහුට උදවු කරන පුද්ගලයන් එයින් බේරා ගැනීමට ඔහු ක්‍රමයක් හොයා ගන්නවා.... ඇත්තටම ඒ ෆිල්ම් එකෙන් ඇතිවුන හෑඟීම මේ ලිපයෙන් තවත් වැඩි වුනා... මට මේකෙදි ඇත්තටම හරි මොකද්ද වැරදි මොකද්ද කියන එක හිතා ගන්න බෑ. කියනවා වගේ මේ වගේ කෙනෙක්ට ජීවිතය අවසන් කරගැනීමට අයිතියක් තියෙනවා වගේම, එයට නීතියක් ඇති කළොත් ඒකෙන් අයුතු ප්‍රයෝජන නොගනී ඉදිවී කියලා හිතන්නත් බෑ.... ( මේ ෆිල්ම් එකේදි නම් ඔහු වටේ ඉන්න අය ඔහුට අසීමිතව ආදරය කරනවා.... ඔහු එක්තරා තැනකදි හිතනවා ඇයි මේ තරම් ආදරය කරන අය ඉන්න තමන්ගේ ජීවිතය ගැන සතුටු වෙන්න තමන්ට බැරි ඇයි කියලත්...) පුළුවන්නම් බලන්න... ඇස්වලට කදුළු එන කතාවක්...
ReplyDeleteස්තූතියි හිරු... සති අන්තයට චිත්‍රපටි දෙකක්ම එකතු වුනා... The Sea Inside කියන්නෙ සත්‍ය කතාවක් අනුසාරයෙන් හදපු චිත්‍රපටියක් කියලා දැනගත්ත නිසා බලන්න ඇති ආසාව ගොඩක් වැඩි උනා...
Deleteeuthanasia කියන්නෙ හරිම සංකීර්ණ ප්‍රශ්නයක්නෙ. ඒවගෙම ඒකට සහය දෙන පුද්ගලයා අනියම් මිනීමැරුම් චෝදනාවකට ලක්වෙන්න බැරිත් නෑ පවතින නීතිය අනුව.
ReplyDeleteඅනික euthanasia වලට එකඟද නැත්ද කියන එක තමන් මුහුන පා ඇති තත්වය සහ අත්දැකීම් අනුව තමයි බලපාන්නෙ.
පෞද්ගලිකව euthanasia සංකල්පයට මම එකඟ වුනත් හිඟ දෙනෙක් ඕකට විරුද්ධ වීමත් මට තේරුම් ගන්න පුලුවන්.
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)
ස්තූතියි ඩූඩ්... සංකීර්ණ ප්‍රශ්නයක් තමයි... ඒත් එහෙම ගෙවන්න වෙන ජීවිතයක් තරම් සංකීර්ණ නැතුව ඇති...
DeleteGuzaarish මතක් වුනා.
ReplyDeleteමටත්
Deleteමරණය අපි හිතන තරම් කළු නැහැ.
ReplyDeleteමිනිස්සු බයයි මැරෙන්න.
ඒ නිසා මිනිස්සුම නීති දාගෙන මැරෙන එක පවක් කියලා.
ආගම් හැදුවෙත් මිනිස්සු. මිනිස්සු ආගම් හැදුවෙ මිනිස්සු මිනිස්සුන්ට බය නිසා.මිනිස්සුන්ව පාලනය කරන්න.
මිනිස්සු මහ පුදුම ජාතියක්.තමාට එළියට යන්න බැරි විදිහට ලෝකෙ තියන හොදම හා ඝනකම්ම ලෝහයෙන් කුටියක් ඉදිකරගෙන ඉන් එහා ලෝකය ගැන හිතමින් තැවෙනවා.කවුරු හරි එකෙක් ඕකෙන් පැනල ගියොත් , පැනල ගිය එකාට දඬුවම් දෙනවා.ගරහනවා.
අනේ මන්දා බීටල්,
ඉපදීම පාලනය කරන්න අපිට බැහැ. ඒත් අඩුම තරමින් මැරෙන එක වත් , මේ වගේ විශේෂ පුද්ගලයින්ට හරි..... හ්ම්
උදේම කියෙව්වේ...දැන් නම් මයෙ දවසම ඉවරයි බීටල්.
තැන්කෝ චිත්‍රපටියට... හිරිකිත් රෝශන් ඉන්න එකක් කාලෙකින් බැලුවේ නෑ.. දවසම චාටර් කරගන්න එපා.. එයාගේ පවුලම සතුටින්...
Deleteඑක අතකින් ඉපදීමත් දැන් තව කවුරුම හරි පාලනය කරනව නේ.තමන්ට පාලනය කරන්න බැරි වුනාට වෙන පෙත්තක් හරි කොන්ඩමයක් හරි ඒ දේ කරනවා.
ReplyDeleteඅනුන්ට කරදරයක් වී ජීවත් වෙනවාට වඩා මැරෙන එක හොඳයි කියලයි මට නම් හිතෙන්නේ.
ReplyDeleteතමන්ට තමන්ගේ වැඩ කිසිවක් කරගැනීමට නොහැකිනම් , තමාගේ ජීවිතයට වග කියන්නේ තමාම නම්, ජීවිතයේ අයිතිය ඇත්තේත් තමාටම නම් එය නැති කරගැනීමේ වරදක් මා නම් දකින්නේ නෑ.
ජීවිතයට බයේ, පෙම් සටන්වලින් පැරදී, සිය දිවි හානි කරගැනීමට නම් තරයේම විරුද්ධයි.:)
"ජීවිතයට බයේ, පෙම් සටන්වලින් පැරදී, සිය දිවි හානි කරගැනීමට නම් තරයේම විරුද්ධයි."
Deleteඔව්.. ඒත් මෙතෙනෙදි එන මානසික පිඩනය කොහොමද අපි හරියටම දන්නේ නෑනේ.. ළඟදී පත්තරේ දැක්කා තවත් කනගාටුදායක සිද්දියක්... පෙම් යුවලක් කෝච්චියට පැනලා දිවිනසාගෙන... නොදැන ආදරේ කල ඔවුන් සහෝදර සහෝදරියන් බව පසුව දැනගැනීම හින්දා... අපිට විහිළුවක් වගේ පෙනුනත් මේ අයගේ ජීවිතය නැතිකරගැනීමට තරම් එන මානසික පිඩනය කොහොම වෙන්න ඇතිද...
නීතිය හැදිලා තියෙන්නෙ සාමාන්‍ය ගැටළු නිරාකරණය කරන්නනේ..නීතිය තර්කානුකූල වන නමුත් හැඟීම්බර නැහැ. ඒත් නීතිය ඉස්සරහට ගේන්නෙම සංකීර්ණ හැඟීම්බර ගැටළු..එහෙම ගත්තාම නීතියත් එය රකින අයත් හරියට අසරණ වෙනවා කියලා හිතෙනවා..හරියට අලියට කූඹිගුලක තියන දෙයක් හොයන්න කිව්වා වගේ..
ReplyDeleteඉතින් යුතෙන්ෂියාව නීතිගත කරන්න කියන එක නීතිය හැඟීම්බර කරනවා වගේ වැඩක්..
ඒත් නීතිය තියෙන්නෙ මිනිස්සුන්ගෙ ජීවිත පහසු කරන්න මිසක් තවත් සංකීර්ණ කරන්න නෙවි..ඒ නිසා මේ වගේ ප්‍රශ්නවලදි නීතිය එක්ක තවත් නිර්ණායකයන් පාවිච්චි කරන්න පුළුවන් නම් හොඳයි..
එතකොට ටෝනිලා බොහෝදෙනෙක් වේදනාවෙන් ගැලවෙද්දි හිට්ලර් කෙනෙකු උපදින එක වලක්වා ගත හැකියි..
ස්තුතියි රූ...
Delete//ඒ නිසා මේ වගේ ප්‍රශ්නවලදි නීතිය එක්ක තවත් නිර්ණායකයන් පාවිච්චි කරන්න පුළුවන් නම් හොඳයි.. එතකොට ටෝනිලා බොහෝදෙනෙක් වේදනාවෙන් ගැලවෙද්දි හිට්ලර් කෙනෙකු උපදින එක වලක්වා ගත හැකියි..//
ඒත් මේක නිර්ණායකය හරියටම මොකද්ද..? මටනම් නොතේරේ..
මටත් මතක් වුනේ Guzaarish තමයි. මේවගේ තත්වෙට පත්වුනහම මිනිහෙක්ට මැරෙන්න අයිතියක් තියෙන්න ඕන කියන මතයේ මමත් ඉන්නවා . මන් හිතන්නේ නැහැ ආගම් වලින් නිසි පරිදි මෙවැනි ප්‍රශ්න සාකච්චා වුනා කියල . ඔහු කලදේ හරි ආහාර වර්ජනය . කාටවත් චෝදනා කරන්න බැහැ. මට මාව වලංගු නැත්නම් මගෙන් කාටවත් ප්‍රයෝජනයක් නැත්නම් අනුන්ට බරක් නම් මන් අනිවාර්යයෙන් ඔය තීරණය ගන්නවා .
ReplyDeleteහ්ම්ම්.. ඔහු ආහාර වර්ජනය කරමින් සිටින අතරේ මිය ගිය එක ගැනනම් කවුරුත් කලබලයක් නැති ගානයි... එහෙම සිය දිවි නාසගන්න අය හුඟක් ඇති... මම දන්නවා අපේ ගමේ මනුස්සයෙක් පොල්ගහකින් වැටිලා කකුල් පණනැතුව හිඳිද්දී වස බී මියගියා... ඒත් ගැටළුව එන්නේ තුන්වෙනි පාර්ශවයකට කියලා නීත්‍යානුකූලව ජීවිතය අවසන් කරගැනීමට අවසර දිය යුතුද නැද්ද කියන දේ තීරණය කරන්නට යද්දීයි...
Deleteමට මාතෘකාව දැක්කහම හිතුනේ මමනම් මීට කලින් එක දවසක් මිනිහෙක්ගේ මලකඳක් දැකලා සතුටු උනා නේද කියලා.. ඒ ප්‍රභාකරන්ගේ මිනිය දැකපු වෙලාව
ReplyDeleteමම හිතුවේ බීටල් අය්යත් ඒවගේ අමනුස්සයෙක් ගැන ලියනවා කියලා...
මේ හුගක්ම වෙනස් සංවේදී කථාවක්.. මමනම් ඉන්නේ ඔහුගේ ඉල්ලීම සාධාරණයි කියන තැන.. හැබැයි ඔය ඉන්ජක්ෂන් එක මට ගහන්න කිව්වොත් මම කීයටවත් ඒක කරන්නෙ නම් නෑ.. කරන්නත් බෑ...
ඉල්ලීම සාඬාරණයි කියලා හිතනවා නම් ඔහුට කරන උදව්වක් විදියට ඉන්ජෙක්ෂන් එක ගහන්න පුලුවන් වෙන්න ඕනේ නේද..? :)
Deleteපුළුවන් වෙන්න නම් ඕනේ අය්යා... මම හිතන්නේ එච්චර ආත්ම ශක්තියක් මට නෑ
Deleteසංවේදී සිදුවීමක් ඇත්තටම
ReplyDeleteඔව් නිශාන්... වඩාත්ම සංවේදී සිදුවීම වුනේ දවස් දහයකට කලින්...
Deleteතමන්ට ඕන නෑ කියලා හිතෙන ඕන වෙලාවක තමගේ ජීවිතේ නැති කර ගැනීමේ අවසරය නම් ඕනම නෑ තමා . . .
ReplyDeleteඑත් මේ මනුස්සයා වගේ කෙනෙක්ට නම් අනිවාර්යෙන් ඒ ඉඩ සලස්වලා දෙන්න ඕන. එහෙම නැතිනම් ඒක මසුශ්‍යත්වයට කරන නිගාවක් වගේ . .
මම මේ වගේ තත්වෙක හිටියොත් මට මගේ ජීවිතේ නැතිකර ගන්න අවසර නොදුන්නොත් මම නම් ඒක නොකරන උන් ඔක්කෝටම හිතෙන් සාප කරයි . . .
ඒක නම් ශුවර්ම ශුවර් . . .
උඹ මේ ගැන ගොඩක් සංවේදී වෙන බව දැනගෙන හිටියා...
Deleteඅපි මේ වගේ වුනොත් ඇත්තටම අපි ජීවිතේ නැතිකරගන්න ඉල්ලයිද..? නැතිනම් අන්තිම මොහොත වෙනතෙක් ජීවිතය වෙනුවෙන් සටන් කරන වීරයෙක් වෙයිද..? ඒක තවත් කතාවක්... :)
"නැතිනම් අන්තිම මොහොත වෙනතෙක් ජීවිතය වෙනුවෙන් සටන් කරන වීරයෙක්"
Deleteවේදනා විඳ විඳ ජීවත් වීම මම දකින්නේ මෝඩ කමක් විදිහට! (මං වැරදි ඇති)
සමහර රටවල මර්සි කිලින් අනුමත කරලා තියනවා නේද ? මොනවා වුනත් උසාවියෙ තීරෙණය හරියි කියලයි මට හිතෙන්නෙ.. අපි හැමෝම වෙලාව එනකම් විඳවන්න නියමිතයි.. ඒක වෙනස් කරන්න තව කෙනෙකුට පුලුවන්ද කියන එක ගැටලුවක්..
ReplyDeleteඇසි පිය වලින් සන්නිවේදනය කරනවා කිව්වම මට මතක් වුනේ " මොන්ත ක්‍රිස්තෝ " කතාව. නඩුකාර උන්නාන්සෙගෙ තාත්තත් ඒ වගේනෙ අන්තිම කාලය ගත කළේ..
අපි හැමෝම වෙලාව එනකම් විඳවන්න නියමිතයි..
Deleteභයානක කතාවක් සෙන්නා... :)
අනේ..මගේ ඇස් වලට කඳුළු ආවා..
ReplyDeleteඅපි දන්න විදිහට.. නිවන් සැප ලැබේවා.. අනිත් ආත්මයකදී මෙවන් විපත් සිදු නොවේවා කියලා ප්‍රර්ථනා කරනවා..
මැරෙන්න ඇති අයිතියත් නොලැබුන ඔහුට නිවන් සැප වගේ අමාරු දෙයක් නම් හීනයක්ම වෙයි නේද... ස්තූතියි RRH...
Deleteඅපිට ඕනවෙලාවට නො එන ඒත් නුවමනා වෙලාවට එන දෙයක්නේ මරණය
ReplyDeleteඒක ඇත්ත... :)
Deleteමට මතක් උනේ ලගදි බලපු ගුසාරිශ් ෆිල්ම් එක.. ඒකටත් පාදක වෙලා තියෙන්නේ මේ කතා පුවතම නේද?
ReplyDeleteජීවත් වෙන එක එපාම වෙලා යන මේ වගේ සිද්දි වලදි මරණේ අයිතියත් නැතුව ජීවත් වෙනවට වඩා ඒ වෙලාවෙම මැරෙන එක හොදයි කියලා හිතෙනවා..
ඔව් ඒක හදලා තියෙන්නේත් පහලින් හරේ කියන the sea inside චිත්‍රපටය අනුසාරයෙන් මම හිතන්නේ...
Deleteකියවගෙන එද්දි මට මතක් වුණෙත් Mar adentro හෙවත් the sea inside. මේක ගැන මම අවුරුදු කීපෙකට කලින් ලිව්වා. ඒ විස්තර මෙතන http://living.hartstuff.com/2011/02/sea-inside_03.html
ReplyDeleteඔය ගුසාරිෂ් හැදුවෙත් ඒකෙං තමයි.
මටනං හිතෙන්නෙ කෙනෙක්ගෙ ජීවිතේ ගැන තීරණය තියෙන්නෙ ඔහු අතේ කියල. අනිත් අයට ගොඩක් විට ආත්මාර්ථය නිසා අනුන්ගෙ ජීවිත වටිනව වෙන්න පුළුවන්. නමුත් විශේෂ තත්ත්වයන් උඩදිවත් ජීවිතේ ගැන අයිතිය තනි තනි මනුස්සයට තියෙන්න ඕන. එතනදි සමාජෙ පැලපදියං වුණ එක එක මතවාද මොනවත් වැඩක් නෑ...
ගොඩක් ස්තූතියි හරේ... ලිපිය මඟහැරුණු එකක්... දැන් තමයි කියවන්න ලැබුනේ...
Deleteමැරෙන්න ඕන වෙච්චි මිනිහෙක්ට මැරෙන්නවත් අයිතියක් නැති කාලකණ්නි ලෝකයක් මේක!
ReplyDelete:) අනික උඹට හත්පාරක් කට්ට කන්න වෙනවා...
Deleteකොහොම හරි ඒ මනුස්සයා තමගේ අරමුණ ඉෂ්ට කරගෙන නේද ....
ReplyDeleteඔව්, නමුත් මම හිතන්නේ ඔහු බලාපොරොරොත්තු වුනේ මීට වඩා සැනසිලිදායක මරණයක්... සහ ඔහු වැනි තනිවම සිය දිවි නසාගැනීමට බැරි අය වෙනුවෙන් යහපත ඉටුවන නීතිමය වෙනසක්... ඒ කිසිවක් ඉටු වුනේ නැහැ...
Deleteමෙහෙමයි... අධිකරණට මොලයක් හදවතක් තියෙන නිසා නීති පොත් වලින් ඔලුව එලියට අරන් කරන්න ඕන දේ කරනවා නම් ඒ මනුස්සයට සැපවත් මරණයක් ගන්න තිබුණා... බලන් ගියාම ලෝකේ ඔක්කොම ලංකාව වගේනේ.. පොතේ දැනුම විතරයි.. මමත් එකඟ වෙනවා ඒ මනුස්සයට මැරෙන්න අවස්ථාව දෙන්න තිබුණා..
ReplyDeleteඒ මනුස්සයට තිබුනේ මේ හුජ්ජ කොල්ලොයි කෙල්ලොයි වගේ බලා බොළඳ ගැටළුවක් නෙමේනේ.. ජිවත් වීම පිලිබඳ ප්‍රශ්නයක්..
මං මේ සුදාගේ සිතුවිල්ලක් ලහින්
ස්තූතියි සුදා මල්ලි අදහසට.. බ්ලොග් එක දැකලා නැහැ...ඇවිත් බලන්නම්
Deleteඇසිපිය හෙළන එකෙන් කැමරාවක් සවිකරන ලද පරිගණකයක් ආශ්‍රෙයන් තමන් වෙත මරණය ළඟා කරන විජට්ටුවක් හදා ගැනීම අනාගතයේ දී අපහසු කාර්යයක් වෙන්නෙ නැහැ.
ReplyDeleteදැනට අනුන් ගෙන් ලැබෙන සහායෙන් සහ මරණය පතන පුද්ගලයාගේ ක්‍රියාවෙන් නීත්‍යානුකූලව මරණය කැඳවා ගත හැකි සියදිවිනසා ගැනීමට හැකි ඇමෙරිකන් ප්‍රාන්ත: ඔරිගන්, වොෂිංටන්, මොන්ටැනා (නිව් හැම්ප්ශර් ද ඊට ලැහැස්ති වෙයි)
තමන්ගේ කැමැත්ත පරිදි අනුන් ලවා මරණය (euthanasia) නීත්‍යානුකූල රටවල් බෙල්ජියම හා නෙදර්ලන්තය.
සියදිවිනසා ගැනීමට නීත්‍යානුකූල සහාය ලබාගත හැකි තවත් රටවල් දෙකක්: ඇල්බේනියාව සහ ලක්සම්බර්ග්.
ස්විට්ස්සර්ලන්තය euthanasia වලට ඉඩක් දෙනවා. බ්‍රිතාන්‍ය වැසියන් එහි ගොස් ඒ සේවා ලබාගන්නවා. ඒ සඳහා ම වූ ක්ලින්ක්ස් පැවැත්වෙනවා. මරණය කැඳවන බෙහෙත් මඟින්.
ඔස්ට්‍රේලියාවේ northen territory වල 1995-1997 කාලයේ දී ඊට නීත්‍යානුකූල අවසරය තිබුණා. ඒත් ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුව එය අහෝසි කළා. එය නැවත ස්ථාපිතයට පනතක් කතාබහ වෙනවා.
ජපානය කිසිම විටෙක euthanasia සඳහා අපරාධ නීතියක් නොවූ ලොව එකම රට.
විද්වත් අදහස් නොව මේ ඒකීය පුද්ගලයෙකුගේ අදහස්: මම ජපන් ස්ථාවරයට කැමතියි. පුද්ගලයාගේ ජීවිතය අයිති පුද්ගලයාට. එය අහිමි කරගන්නට ඕනෑ නම් රජයකින් දාන නීතියකට යටත් වෙන්න ඕනෑ නැහැ. දෙවියන් අදහන අයෙක් ඒක දෙවියන් එක්ක බේරා ගනීවි.
ජපානයේ සියදිවි නසා ගැනීම එක්තරා ආකාරයක කලාවක්.හරාකිරි || Harakiri (Seppuku)
Deleteනමුත එය එක අතකින් දඬුවමක් දීමක් විදිහටත් සලකනවා.
මට මතක් වුනේ “ මළ ගිය ඇත්තෝ “ එකේ දෙවොන්දරා සං , විදින්න බැරි සිත් වේදනවාව නිසා සිය දිවි නසා ගත් හැටි.....
නැහැ නංගි මේ ඒ හරාකිරි ගැන නෙමෙයි. මේක මාරාන්තික ලෙඩක් වැළඳුන කෙනෙක්ට ජීවිතයෙන් සමුගන්නට හැකි සියදිවිනසා ගැනීම අපරාධයක් හැටියට නීතිගත වී නොතිබීම.
Deleteගොඩක් ස්තූතියි අරුණි අක්කා මේ දැනුම ගොන්නට... මේ සම්බන්ඬයෙන් සියල්ල එක්කර බ්ලොග් පෝස්ට් එකක් ලියවෙනවානම් අගෙයි...
Delete@සොසි
අම්මෝ...කලාත්මක දේවල් එමට තියෙද්දී සියදිවි නසාගැනීමේ කලාව පස්සේ යන්නෙපෝ...
හරියටම මේකත් අර ගබ්සාව නීතිගත කිරීම වගේ ප්‍රශ්නයක්.ගැටලුව තියෙන්නේ මෙතන ගබ්සාවේදී වගේම මානුෂීය බව මනින එක තමයි.ලංකාව වගේ රටකදී තමන්ගේ තරහ කාරයෙකුට එහෙම නැත්නම් දේපල ටික ලියා ගන්න "නීත්‍යනුකුල සිය දිවි නසා ගැනීමකට " ලක් කරන්න තියෙන ඉඩ කඩ හරි වැඩියි.
ReplyDeleteවේදනාවකින් තොරව මිය යාමේ හැකියාව මිනිසුන්ට ඇත්නම් හොඳයි. දැන් මේ මනුස්සයට මිය යන්න වෙලා තියෙන්නෙ ආහාර නොගැනීමෙන් ඇතිවන අපහසුතාවයත් එක්කනෙ. නමුත් ඒ තීරණය ගන්නෙ මානසික රෝගයක් හින්දද, වෙන අයගෙ බලපෑම හින්දද යනාදී දේවල් සැළකිල්ලට ගත යුතුයි වගේම, එහෙම මිය යාමට සහය දෙන්නෙ කවුද කියන එකත් වැදගත්. මොකද, ඒ කෙනාට එහෙම අයිතියක් දෙනවත් එක්කම, තව කෙනෙක් අතින් මරණයක් සිදු වෙනවා. මනුස්සයෙක් විඳවනවා දකින්නට අකමැති මිනිස්සු කොපමණ හිටියත්, තමන් අතින් මරණයක් සිදු කිරීමට කැමති මිනිස්සු හුඟක් නෑනෙ.
ReplyDeleteඑහෙම බලද්දි, තමන්ට තියෙන තත්වය එක්ක ජීවිතයට ඉඩ දෙන එක වඩා හොඳ විකල්පයක්.
@ නලිනි චන්දිමා,
ReplyDeleteමිය යාමට තව කෙනෙකුගේ ඍජු සහාය නොමැතිව "තමන් විසින් ගන්නා ක්‍රියාවක්" කිරීම අද තාක්ෂණයෙන් අපහසු නැහැ. මරාන්තික රෝගයකින් පීඩා විඳින අයෙකු තම කැමැත්ත ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමෙන් පසුව මරණය සහානදායී ලෙස කැඳවන බෙහෙත් තමන් විසින් වෛද්‍ය පිරිසකගේ නිරීක්ෂණය යටතේ ගත හැකි සායන තමයි එය ඉෂ්ට කරනුයේ. ඊට ඉඩක් නැත්තේ තනිකරම ආගමික හා ආණ්ඩු බලපෑම් නිසා පමණි.
මානසික රෝගියෙක් සියදිවිනසා ගැනීම නවතන්නට ද කුමන නීතියක් ගෙනාවත් නොහැකියි. මරාන්තික රෝගියෙක් තම කැමැත්තෙන් මරණය කැඳවාගන්නා වෑයමකට නීතිමය අනුමතය දෙනවිට එයා මානසික රෝගියෙක් දැයි වෛද්‍ය තීරණය සලකා බැලිය යුත්තක්.
මොළයට සවි කරන ලද විජට්ටුවකින් ගත පණ නැති අයෙකුට රොබොට් යන්ත්‍රයකින් බෝතලයකින් වතුර බොන්නට හැකි නම් තමන් විසින් ම එය ආධාරයෙන් සහනදායී ලෙස මරණය කැඳවන පෙති කටට හලාගන්න ද නොහැකි නැහැ. එවිට එය තවකෙක් විසින් මරණයක් සිද්ධ කිරීමක් නෙමෙයිනෙ.
සහනදායී මරණය නීතියෙන් අනුමත නොවෙද්දී සිද්ධ වෙන්නේ මරාන්තික රෝගයකින් දුක් විඳින්නාට ඇති එකම විසඳුම වේදනාකාරී මරණයක් කැඳවා ගැනීම පමණක් වීමයි.
තවත් සැලකිය යුත්තක්: එවැනි සහනදායී මරණයකට ඉඩ නැති සමාජයක, යම් රෝගයක් නිසා මහළු වයසේ දී දුක් විඳිමින් අනුන්ට බරක් වී මිය යන්නට අකමැති අයෙක් ඒ දුක් විඳින කාලය පැමිණෙන්නටත් පෙර ම සියදිවි හානි කරගන්නා අවස්ථාවට ඉඩ දීමත් සිද්ධ වෙනවා.
වෙන අයගෙ බලපෑම් නිසා මරණයන් සිද්ධ වීම කිසිදා නවතන්න විදියක් නැහැ මොන නීති ගෙනාවත්. ප්‍රශාන්ත් කුමාරස්වාමි තමන්ගෙ දෙමව්පියන් හා සහෝදරියක් විෂ යෝගට් කන්නට දී මරන්නේ ඔවුන්ගේ කැමැත්ත ඇතිව නෙමෙයිනේ. එවැනි අපරාධ සිද්ධ විය හැකි වාතාවරණයක් හෝ වැඩි වී යන වාතාවරණයක් ඇතිවේවි කියා euthanasia වලට ඉඩදීම නැවැත්වීම අපරාධය කුමක් දැයි දුක් විඳින අයෙකුට කැමැත්තෙන් කැඳවත හැකි සහනදායී මරණය කුමක් දැයි අතර වෙනසක් ඇති බව නොපිළිගැනීමක් පමණයි නේද?
මේ අකුරු එකින් එක කියවද්දි ඇස් වලට කදුළු ඉනුවා. ඒ දුකට නම් නෙමෙයි සතුටට. ජීවිතේ විදවන කෙනෙක්ට ඒකෙන් සහනයක් ලැබෙනව නම් මරණය වුණත් අපූරූ තැග්ගක් කියලයි මම හිතන්නේ. අනික ජීවිතේ විදවන්නේ තමන් නම් එයාට ඒ ජීවිතේ ගැන තිරණයක් ගන්න අයිතියක් තියෙනවා කියලයි මගේ හැගීම. ජීවිතේ ජීවත් කරන්න තරම් අමාරු වෙන අවස්ථා මගේ ජීවිතෙත් ඕන තරම් තිබිලා තියෙනවා. ඉස්සරහටත් තියේවී. වේදනාව කියන වචනේ තේරුම දන්නේ ඒක විදින කෙනෙකුට. නීතිරීති, ආගම වගේ ගොඩක් දේවල් වලින් මොනව කිව්වත් ජීවිතේ දරා ගන්නම බැරි වෙලාවක ඒක අතැරලා දන්න මනුස්සයෙකුට අයිතියක් තියෙන්නම ඕන.කාලෙකට කලින් මම ලිව්වා ඒ ගැන http://akikaruhitha.blogspot.com/2011/02/blog-post_03.html
ReplyDeleteමන් නම් හැම වෙලේම හිතන්නේ මිනිහෙක්ට මැරෙන්න ඕනේ නම් එයාට ඒකට පහසුකම් සපයන්න ඕනේ කැමති විදිහට මැරෙන්න
ReplyDeleteඊට පස්සේ අනික් අයට පුළුවන් ඒ මැරුන කෙනාගේ ශාරිර කොට ජීවත් වෙන්න ඕනේ කෙනෙක්ට දෙන්න.
euthanasia යන්න එතරම් සරල මාතෘකාවක් නොවේ. පළමුවෙන්ම කෙනෙකුට සිය ජීවිතය තොර කර ගැනීමට පරම අයිතියක් ඇති ද යන තැනින් පටන් ගැනීමට සිදුවේ. මෙම තීරණය නැවත ප්‍රතිවර්ත්‍ය (reset) කල නොහැකි එකක් නිසා එහි වැදගත්කම තවත් වැඩිවේ. එවන් අයිතියක් කෙනෙකුට ඇතැයි අපි මොහොතකට පිළිගනිමු.
ReplyDeleteදැන් ඇති වන ප්‍රශ්නය නම් අදාල පුද්ගලයා එම තීරණය ගන්නේ නියමිත මානසික තත්ත්වයක සිට ද යන්නයි. උදාහරණ ලෙස අධික වේදනාවෙන් පීඩා විඳින කෙනෙකු මානසික අවපීඩනයට (depression) ලක්වී, එමගින් ජීවිතය නැති කර ගැනීමට උත්සාහ ගනීමේ සම්භාවීතාවය වැඩිය. ලොක්ඩ්-ඉන්-සින්ඩ්‍රෝමය (locked-in-syndrome) මෙහි ආන්තික ස්වරූපය පමණි. මෙහිදී සිතීමේ ක්‍රියාව සුරැකී තිබේ. නමුත්, මෙවන් තත්වයට පත් වූ කෙනෙකු මානසික අවපීඩනයට ලක්වීම නිරායාසයෙන්ම සිදු වන්නකි. එවිට මිය යාම සඳහා කෙරෙන ඉල්ලීමක් වඩාත් ගැඹුරින් සලකා බැලීමට සිදුවේ.
ඉයුතනේසියාව සක්‍රිය (active) හෝ අක්‍රිය (passive) ලෙසද සිදු කල හැකිය. සක්‍රිය ක්‍රමයට ජීවිතය විනාශ වීමට ඖෂධ ලබා දෙයි. අක්‍රිය ක්‍රමයට, ජීවිතය පවත්වා ගැන්මට අවශ්‍ය ඖෂධ නවත්වා දමයි.
එසේම මේ තීරණය අදාල පුද්ගලයාට ගත හැකිය (direct). එහිදී අදාල පුද්ගලයා තීරණය ගන්නා නිසා එහි ප්‍රශ්නකාරී බව අඩුය. නමුත් සිහි නැති රෝගියකු වෙනුවෙන්, නෑදායකු එම තීරණය ගන්නා (euthanasia by proxy) විට සදාචාරාත්මක ප්‍රශ්න විශාල සංක්‍යාවක් මතුවේ. ඉයුතනේසියාව ගැන සංවාදයක් ඇති විය යුතුය. නමුත් එවැන්නකට අවශ්‍ය වටපිටාවක් නම් පෙනෙන්නට නැත.
දෙපැත්තටම සමාන හේතු දක්වන්න පුළුවන් මාතෘකාවක්. ඒත් දිගුකල් වැඩ වේදනා වින්ද මිය යාමට වඩා මේ විධිය වඩා සුදුසුයි කියල මමත් හිතනවා. අපේ අම්මට අන්තිමට උවමනාවෙලා තියෙන්නේ රෝහල්ගත නොවී යන්නයි.. ඒත් මල්ලි ඇයව රෝහල්ගත කලේ ඇගේ කැමැත්තට පටහැනිවයි.. ඇය රෝහලේදී අවසන් ගමන ගියා. ඒ ගැන අපේ පවුලේ මත බොහොමයි. ඒත් ඒ තත්වයට මුහුණ දුන්නා නම් මම මොනවා කරාවිද කියලා මට හිතන්න අමාරුයි..
ReplyDeleteඅනාගතෙන් ඇවිත් කියවන්නෙ.යමක් ලේඛණගත කිරීමේ වටිනාකම මෙයයි.111 ලිපිය හා මේ ලිපිය වටිනාකමින් බොහොම ඉහලයි.
ReplyDeleteජයවේවා..!!