Wednesday, July 11, 2012

ගොවිපලේ සොඳුරිය… | Farmer's Daughter

මේ බස් රේඩියෝ බ්ලොග් සතිය ප්‍රචලිත කිරීම වෙනුවෙන් පළවෙන හතරවෙනි පෝස්ටුව…
පලවෙනි පෝස්ටුව 1. හාදුවක්! සඳ එළියේ… | Just A Kiss
දෙවනි පෝස්ටුව 2. ටිකිලා සහ නුඹ, නිරතුරු මා මත්කරන… | ‍You and Tequila make me crazy
තුන් වෙනි පෝස්ටුව 3. මතකයන් ඔබේ… | Remind Me

මා ප්‍රියකරන කන්ට්‍රි ගීත අතරින් මේ තවත් ගීතයක්… ගම්බද ගොවිපළක රැකියාවක් සොයා යන තරුණයෙක් ඉතා කෙටි කලකින්ම එයට සමුදීමට සැරසෙන්නේ තමාට පැවරුණු දුෂ්කර රාජකාරි වලින් හෙම්බත්වීම නිසයි... තමා කොතරම් මෝඩ තීරණයක් ගැනීමට සූදානම් වූයේද යන්න ඔහුට පසක් කරමින් ගොවිපල හිමිකරුවාගේ දියණිය හදිසියේම ඔහුට දකින්නට ලැබෙන්නේ මේ අතරේයි...
අද ගීතය "ෆාර්මර්ස් ඩෝටර්" ගයන්නේ රොඩ්නි  ඇට්කින්ස්...

මියුසික් වීඩියෝව
Rodney Atkins - Farmer's Daughter

ගී පද

Rodney Atkins - Farmer's Daughter Lyrics


තවත් සිංදුවක් සමගින් හෙට හමුවෙමු..!!!

7 comments :

  1. කෙලින්ම අදල නෑ.

    ස්ටෙයින්බෙක් (John Steinbeck) ගේ ඔෆ් මයිස් ඇන්ඩ් මෙන් (Of Mice and Men) කියවා තියෙනවාද?

    මේ අනුසාරයන් සාලමන් ෆොන්සේකා අහිමි ජීවීත කියා වේදිකා නාට්‍යයකුත් හැදුවා.

    ReplyDelete
  2. නෑ කියවලා නෑ... ඉංගිරිස් පොත් කියවන්න පටන්ගද්දිම මට යටි බඩේ කැක්කුමක් අල්ලනවා... ඒ නිසා මම කරන්නේ ඒ පොතෙන් චිත්‍රපටියක් හදලා තියෙනවනම් සබ් ටයිටලුත් දාගෙන ඒක බලනවා...

    දැන් මේකටත් ඒකම කරන්නම්... :)

    http://www.imdb.com/title/tt0105046/

    ස්තූතියි කකා ඔත්තුවට...

    ReplyDelete
  3. කැමතිම සින්දුවක් බීට්ල්..

    http://www.imdb.com/title/tt0032551/

    Of Mice and Men චිත්‍රපටිය බලන ගමන්ම මේකත් බලන්න. Grapes of Wrath- Steinbeck ගේ ම කතාවක්

    ReplyDelete
  4. අන්න දැක්කනේ සතිඅන්තෙට චිත්‍රපටි දෙකක්ම එකතු උනු අපූරුව... ගොඩක් ස්තූතියි මලිති...

    ReplyDelete
  5. මං නං මේ සින්දුව අහල තිබ්බේ නෑ...
    ඔන්න ඇහුව..
    එල..!!!

    ReplyDelete
  6. මියුසික් වීඩියෝවෙ පොඩි අප්සෙට් එකක් තියනව වගේ..
    ටික වෙලාවක් යනකොට රූප නැති වෙනව..!!!

    ReplyDelete
  7. මමත් ආසයි ඔන්න..බා ගත්තා මේකත්.

    ReplyDelete

Web Statistics