Tuesday, April 12, 2011

22. තව පොඩ්ඩෙන් අමතක වෙනවා... | Happy New Year


image
"ඒමිස් සීයේ..!"

"ඕ...."

"ඒමිස් සීයේ..!"

"මං මේ කුස්සියේ..."

"මොකද කරන්නේ..?"

"මං මේ ලුණු මිරිසක් කොටනවා.."

"ෂා... කිරිබත් හැදුවද..?"

"මොන කිරිබත්ද... මේ හීල් බත් ටිකක් ඉතුරු වෙලා තිවුණා..."

"ආ එහෙනම් මෙන්න..."

"මොනවද මේ..?"

"කිරිබත්..."

"ආහාර අනුභවේ ඉවරද..? වෙඩි සද්දයක් වත් ඇහුණේ නෑනේ..?"

"තාම නෑ... අනුභවේට කලින් හොරෙන් ගෙනාවේ..."

"අපෙ අප්පේ..."

"එහෙනම් වෙඩි සද්දේ ඇහෙද්දී කන්න...  ගෙදරින් හොයනවා ඇති මම යනෝ..."

"ඔය… ඔය... දුවන්ඩ එපා... හෙමින් යන්ඩ… "

"කොහෙද ළමයෝ අන්ත්‍රස්දාන වෙන්නේ... මෙතනට එන්න දැන් අනුභවේට වෙලාව ළඟයි..."

"මල්ලිට කවන්න... මම නැකතට රතිඤ්ඤා දාන්න යනවා..."

"මෙන්න මෙහේ එනවා... රතිඤ්ඤා දාගන්න පුළුවන්... වෙලාවට තාත්තට කියලා ඉසිස්සෙල්ලාම කිරිබත් කටක් කවාගන්න...අවුරුද්දෙම කෑම ලැබෙන්න.."

"අන්න... හරි හරි වෙලාව හරි..."


"සබ්බීතියෝ විවජ්ජන්තූ සබ්බ රෝගෝ විනස්සතූ... මාථේ භවත්තන්තරායෝ සුඛී දීඝායුකෝ බව................"

"හා... කෝ ඉතින් දැන් අපිටත් කවන්න..."

"ඔන්න දුවනවා... කිරිබත් කෑල්ලක් පිඟානකට දාගෙන කාලා ඉන්නකෝ ළමයිනේ..."

"දැන් ඕවා පත්තු කර කර ඉඳලා හරියන්නේ නෑ... ඔය දෙක තුනක් දාලා  ඉක්මනට කාලා ලෑස්ති වෙන්න අත්තම්මලගේ ගෙදර යන්න..."

"මේ... යන්න කලින් පුතා අතේ අර වයසක මනුස්සයට කිරිබත් ටිකක් යවලා හිටියොත් හොඳයි නේද..?"

"අනේ ඔව්... මේ අවුරුද්දේ කිරිබතක්වත් හදාගන්න නැතුව ඇති... තව පොඩ්ඩෙන් අමතක වෙනවා..."

අවුරුදු ඇති අයට, අවුරුදු නැති අයව අමතක නොවෙන, වාසනාවන්ත අලුත් අවුරුද්දක් වේවා...!

7 comments :

  1. උඔ ලියන බ්ලොග් එක ඔන්න මම දැක්කෙ උඔ අඳුර​ගෙන අවුරුදු එකහමාරක් විතර ගියාට පස්සෙ.

    මුලින් උඔ වෙන එකක් ලියලා අතඈරපු හින්දා මම හිතුවේ උඔ දැන් ලියන්නැ කියලා.

    මම දන්නා හැටියට අපි දෙන්නාගෙම පොඩිකාලවල් එකවගේ ලස්සනට තිබිලා තියෙන්නෙ. මේ පෝස්ට් එකත් ඒ වගේ.

    ඔන්න දැං මට ඒකාලේ ගැන ලියන්න දේවල් ගලාගෙන එනවා. ඒත් මම ලියන්නැ. ඒවා උඔත් මමත් දන්න දේවල් හින්දා.

    ​ඉතිං, ඒ වගේ කාලයක් දැන් නැති උනත් මමත් උඔට සුබ අලුත් අවුරුද්දක් පතනවා......!

    මීට බුද්ධි

    ReplyDelete
  2. ඒමිස් සියගේ පුංචි මහත්තය ද බිටල්...

    බීටල්ගෙ හොඳ හිත පුංචි පැංචා කාලේ ඉඳලම තිබිල තියෙනව නේද? හ්ම් හැමදාමත් ඒ හොඳ හිත තියාගන්න ශක්තිය ධෛර්ය්‍ය ලරබේවායි ,මේ සිංහල අලුත් අවුරුද්දෙදි ප්‍රාර්ථනා කරන්නම් ........

    ReplyDelete
  3. @බුද්ධි

    මම හිතන විදියට මේ බ්ලොග් අවකාශේ අපේ වයසේ හැමෝගෙම වගේ පොඩි කාලෙට පණ පොවන්නේ කෙහෙල්කො‍ටුවේ චූටි මහත්තයා තමයි මචං....

    උඹටත් සුභ අලුත් අවුරුද්දක් වේවා...

    @සොඳුරු සිත

    හ්ම්... ඒ වගේ තමයි....

    අවංකව කතා කළොත් පුංචි පැංචා කලේ තිබුණු හොඳ හිත දැන්නම් නැද්ද මන්දා... :)

    සොඳුරු සිතටත් වාසනාවන්ත අලුත් අවුරුද්දක් වේවා...

    ReplyDelete
  4. ඒ අනුන් ගැන පත්තුවෙන හිතම ඇති බීට්ල් මලේ,........ ඒකම ඇති වෙන මොනව නැති උනත්,........ සුබ නව වසරක් ඔබටද පතමි!!!

    ReplyDelete
  5. ස්තූතියි රවි අයියා... ඔබටත් සියලු අතින්ම සුභ අලුත් අවුරුද්දක් වේවා..!

    කඩු පොලු ගල් මුගුරු මල් වැසි වේවා...
    තර්ජන කරන හැකරුන් මකබෑ වේවා...
    රස සිතිවිලි මතක තව තව සිහි වේවා...
    කතන්දරට සුභ නව වසරක් වේවා...

    ReplyDelete
  6. සුබ අලුත් අවුරුද්දක් වේවා බීටල් අයියේ ..

    ReplyDelete
  7. එසේම වේවා සඳරු මල්ලී...

    ReplyDelete

Web Statistics