Monday, March 30, 2015

103. චිත්‍රපටි…

ඊයේ මම දාපු බ්ලොග් පොස්ට් එකේ ඇනෝ කෙනෙක් කමෙන්ට් එකක් දාලා තිවුණා…මම මීට කලින් චිත්‍රපටි ලිස්ට් එකක් ෂෙයාර් කරපු හැටි ගැන කියලා…ආයෙත් ඒ වගේ ඔත්තුවක් නැද්ද කියලා අහලා… එක වගේ රසයක් තියෙන කෙනෙක් හමුවුනාම  සතුටක් ඇතිවෙන හින්දා මේ පොස්ට් එක…

මම සාමාන්‍යයෙන් චිත්‍රපටි බලන්නේ ගෙදර ඉඳන්… බොහෝ දුරට ටොරන්ට් හරහා නීති විරෝධීව… මේ නීති විරෝධී කේස් එක ගැනත් ගොඩක් දේ අන්තර්ජාලයේ කතාවෙනවා… කෙනෙක් වෙළඳපොලෙන් පොරවක් ගත්තාම එහා ගෙදර මනුස්සයාටත් ඒක පාවිච්චි කරන්න දෙනවානම් පොරොව හදපු නිෂ්පාදකයාට ඒ ක්‍රියාවට විරුද්ධ වෙලා එහා ගෙදර කෙනාත් අපෙන් අලුත් පොරවක් ගන්න ඕනේ කියලා නීති දාන්න බෑ කියලා ඔය නීතිවිරෝධී ටොරන්ට් වලට පක්ෂව කතාකරන අය අන්තර්ජාලයේ කියලා තිබුණා මම දැක්කා… මමනම් ඕවා ගැන ගොඩක් ගැඹුරින් හිතන්න යන්නේ නෑ… ඒ හින්දා ඔන්න ඔහේ නීති විරෝධී වැඩක් කියලාම කියමුකෝ…

කොහොමහරි, ඔය විදියට චිත්‍රපටි බලද්දී තියෙන ලොකුම පාඩුව රිලීස් වෙන සැනින් බලන්න වෙන්නේ නෑ… හොඳ කොපි එනකල් ඉවසීමෙන් ඉන්න වෙනවා… ඒත් බලන්න චිත්‍රපටි ගොඩක් තියෙනවානම් මේක ප්‍රශ්නයක් නෙමෙයි… මොකද අලුත් චිත්‍රපටි වල හොඳ කොපි එනකල් බලන්න ඊට පොඩ්ඩක් පරණ චිත්‍රපටි තියෙන නිසා…

ඔහොම බලන්න මම චිත්‍රපටි තෝරගන්නේ කොහොමද, සාමාන්‍යෙන් චිත්‍රපටිය රිලිස් වෙද්දී ට්‍රේලර් එක බලනවා… ඒක හොඳයිනම් ඒ චිත්‍රපටිය වොච්-ලිස්ට් එකකට සේව් කරගන්නවා… ඉන්පස්සේ ටොරන්ට් රිලීස් වෙන විදියට රේටින් වැඩිම ෆිල්ම් එකේ ඉඳන් බලනවා…ඉතින් මෙහෙම වෙද්දී සමහර ඒවා පෝලිම පනිනවා… සමහර ඒවා අවුරුද්ද ඉවර වෙනකලුත් පෝළිමේ…... දළාදා මාලිගාවේ තේවාව කරනවා වගේ අකුරටම මේක වෙන්නේ නෑ ඉතින්… සාමාන්‍යෙයෙන් වෙන්නේ එහෙම…

මම නෝට් කරලා තියෙන දෙයක් බොහෝවිට චිත්‍රපටි බලන අය පොත් කියවනවා අඩුයි... පොත් කියවන අය චිත්‍රපටි බලනවා අඩුයි... සයිකෝලොජිකල් කේස් එකක්ද දන්නේ නෑ... චිත්‍රපටිවල රූපය හදලා දෙනවානේ...පොතකනම් තමන්ට ගැලපෙන විදියට හිතින් මවා ගන්නවා... කොහොමහරි, මගේ පොත් කියවන යාලුවෙක් මේකනම් ලස්සන පොතක් කියලා රෙකම්න්ඩ් කලාම මම කරන්නේ ඒක අනුසාරයෙන් චිත්‍රපටියක් හදලා තියෙනවාද කියලා හොයලා තියෙනවානම් ඒක බලන එකයි...

දැන් ඇනෝ මිතුරාටත් එක්කම මාර්තු මාසේ ඉවර වෙද්දී මට බලන්න වොච් ලිස්ට් එකේ එකතු වෙලා තියෙන ෆිල්ම් ලිස්ට් එක දාන්නම්…ඔබටත් හිතට අල්ලන චිත්‍රපටියක් තිබුණොත් බලන්න...

මම බලපු චිත්‍රපටි ඩිලීට් කරන නිසා මෙතන නැහැ…

ප.ලි. ; ඔබ චිත්‍රපටි බලන්නේ නැතිනම්, සමාවෙන්න බයිට් කෑවානම් :D හැබැයි මේ පිංතූර සේරගෙම එකතුව මෙගා බයිට් එකක් වත් නෑ...

MV5BMjUzNTg0MzM3NF5BMl5BanBnXkFtZTgwNDg3NTY5MjE@._V1._SY209_CR0,0,140,209_MV5BMTQ2NzMwNDQ2MV5BMl5BanBnXkFtZTgwMjU2NzA4MjE@._V1._SY209_CR8,0,140,209_MV5BMjA2ODM5MDE3N15BMl5BanBnXkFtZTgwOTIxNjc1MzE@._V1._SY209_CR0,0,140,209_MV5BNDM5MDIxNzYyNV5BMl5BanBnXkFtZTgwMDUzMTk4MTE@._V1._SY209_CR0,0,140,209_
MV5BMTgwNzA3MDQzOV5BMl5BanBnXkFtZTgwNTE5MDE5NDE@._V1._SY209_CR0,0,140,209_MV5BMTQ2MDMwNjEwNV5BMl5BanBnXkFtZTgwOTkxMzI0MzE@._V1._SY209_CR2,0,140,209_MV5BMjE3NjMwMjc3N15BMl5BanBnXkFtZTgwNDk4MjA0MzE@._V1._SY209_CR0,0,140,209_MV5BNjkyNjI3ODc0Ml5BMl5BanBnXkFtZTgwMTU0MjM2NDE@._V1._SX140_CR0,0,140,209_
MV5BMTc0MTM0MTA5MF5BMl5BanBnXkFtZTgwNzEwODEwMzE@._V1._SY209_CR1,0,140,209_MV5BMTQ5NjYxODk2NF5BMl5BanBnXkFtZTgwOTgyNTU4MjE@._V1._SY209_CR1,0,140,209_MV5BNTMwODAzMTQ5NF5BMl5BanBnXkFtZTgwNDgzNjkwNDE@._V1._SY209_CR0,0,140,209_MV5BMTgzOTg0MDY3NV5BMl5BanBnXkFtZTgwNTI0OTA0MzE@._V1._SY209_CR0,0,140,209_
MV5BMjAwMTY3MTU0Ml5BMl5BanBnXkFtZTgwNzE0ODAwMzE@._V1._SY209_CR0,0,140,209_MV5BMjA4MDU0NTUyN15BMl5BanBnXkFtZTgwMzQxMzY4MjE@._V1._SY209_CR0,0,140,209_MV5BMTc5NzI4NTIyMF5BMl5BanBnXkFtZTgwMzIzNDMxMzE@._V1._SY209_CR0,0,140,209_MV5BODAzMDgxMDc1MF5BMl5BanBnXkFtZTgwMTI0OTAzMjE@._V1._SY209_CR0,0,140,209_
MV5BMjIzNzAxNjY1Nl5BMl5BanBnXkFtZTgwMDg4ODQxMzE@._V1._SY209_CR0,0,140,209_MV5BMjE3MDY2NTQ5Nl5BMl5BanBnXkFtZTgwMDIxMDI5MzE@._V1._SY209_CR0,0,140,209_MV5BNjg5NDkxNDc2MV5BMl5BanBnXkFtZTgwOTM0NDMzMjE@._V1._SY209_CR3,0,140,209_MV5BMjE3MjUyMDAwOF5BMl5BanBnXkFtZTgwMjM4MTk4MTE@._V1._SY209_CR0,0,140,209_
MV5BMTAzODc3NjU1NzNeQTJeQWpwZ15BbWU4MDk5NTQ4NTMx._V1._SY209_CR1,0,140,209_MV5BMTAxOTMwOTkwNDZeQTJeQWpwZ15BbWU4MDEyMTI1NjMx._V1._SY209_CR0,0,140,209_MV5BMjM0MTExMTkxNl5BMl5BanBnXkFtZTgwMzgwNDI0MzE@._V1._SY209_CR0,0,140,209_MV5BMjMwOTQ0NTUyMF5BMl5BanBnXkFtZTgwNDg3NDUxNDE@._V1._SY209_CR2,0,140,209_
MV5BMjE5NDA2NDg1N15BMl5BanBnXkFtZTgwNjM1NDQ1MzE@._V1._SX140_CR0,0,140,209_MV5BMTc4MDEzMTA5MF5BMl5BanBnXkFtZTgwODA5MTM0NDE@._V1._SX140_CR0,0,140,209_MV5BMjE4OTY4ODg3Ml5BMl5BanBnXkFtZTgwMTI1MTg1MzE@._V1._SY209_CR0,0,140,209_MV5BMTczNzI2MDc1Ml5BMl5BanBnXkFtZTgwOTU5NTYxMjE@._V1._SY209_CR1,0,140,209_
MV5BMTc3Nzk0NzQ1Ml5BMl5BanBnXkFtZTgwOTM1MDk5MjE@._V1._SY209_CR0,0,140,209_MV5BMTU2NjA1ODgzMF5BMl5BanBnXkFtZTgwMTM2MTI4MjE@._V1._SX140_CR0,0,140,209_MV5BMjM1MDc0NTE1NV5BMl5BanBnXkFtZTgwNzY0ODMzMjE@._V1._SX140_CR0,0,140,209_MV5BMTQ1NTI4MjE5MV5BMl5BanBnXkFtZTgwNzI1MzgxMDE@._V1._SY209_CR4,0,140,209_
MV5BMjA0MTQ3MzczN15BMl5BanBnXkFtZTgwNjY1MzQxMTE@._V1._SY209_CR0,0,140,209_MV5BNjk4MzkyOTQwNF5BMl5BanBnXkFtZTgwODE5MTk1MzE@._V1._SY209_CR0,0,140,209_MV5BMjI2ODQ2NzUwMl5BMl5BanBnXkFtZTgwNjU3NTE4MjE@._V1._SY209_CR0,0,140,209_MV5BNDA0NTUwNzA1OF5BMl5BanBnXkFtZTgwMzQ0NjcwMDE@._V1._SY209_CR0,0,140,209_
MV5BMTQ5NjQ2NjQ3NF5BMl5BanBnXkFtZTgwNjU4MDMxMjE@._V1._SY209_CR1,0,140,209_MV5BMTkzNDA0NzY1Ml5BMl5BanBnXkFtZTgwMjEwMDkzMjE@._V1._SY209_CR1,0,140,209_MV5BMTk5MTkxOTI1N15BMl5BanBnXkFtZTgwNzAwNDA4MTE@._V1._SY209_CR0,0,140,209_MV5BODc5MzA4OTUxOF5BMl5BanBnXkFtZTgwNDA4ODI2MzE@._V1._SY209_CR0,0,140,209_
MV5BMTk4NTcxNjY4Ml5BMl5BanBnXkFtZTgwNTIyMzI3MTE@._V1._SY209_CR3,0,140,209_MV5BMjIzNTg4ODM3OV5BMl5BanBnXkFtZTgwMTk0MjkxMzE@._V1._SX140_CR0,0,140,209_MV5BNjY1NjQ1NjMzNl5BMl5BanBnXkFtZTgwNzU0Mjc1MjE@._V1._SX140_CR0,0,140,209_MV5BODQxODk0MDg4NV5BMl5BanBnXkFtZTgwNzIzNjE2MTE@._V1._SY209_CR1,0,140,209_
MV5BMjA5OTAwOTYzOF5BMl5BanBnXkFtZTgwMDQ4MDE0NDE@._V1._SY209_CR0,0,140,209_MV5BMjA5MDM1ODE5NV5BMl5BanBnXkFtZTgwNjg0MTk5MzE@._V1._SY209_CR1,0,140,209_MV5BMTQyOTU2NDQ0Nl5BMl5BanBnXkFtZTgwNDQ3ODYxMzE@._V1._SY209_CR1,0,140,209_MV5BODYyOTMyNjMzMl5BMl5BanBnXkFtZTgwODgwNjQ3NDE@._V1._SY209_CR4,0,140,209_
MV5BMTM4MDQ4Mzg4N15BMl5BanBnXkFtZTcwNzE3NTU3OQ@@._V1._SY209_CR3,0,140,209_MV5BMjM3MDY1NTM5M15BMl5BanBnXkFtZTgwODM0ODkyMjE@._V1._SY209_CR0,0,140,209_MV5BMjMzMjc5MjIzNV5BMl5BanBnXkFtZTgwNTY4OTQ2MjE@._V1._SY209_CR0,0,140,209_MV5BOTA5NzAxNzMxNV5BMl5BanBnXkFtZTgwNzY2NDE3MzE@._V1._SY209_CR0,0,140,209_
MV5BMTY2MjMxNDQ0MF5BMl5BanBnXkFtZTgwNzg3ODI2MzE@._V1._SY209_CR1,0,140,209_MV5BMTUxMjQ2NjI4OV5BMl5BanBnXkFtZTgwODc2NjUwNDE@._V1._SX140_CR0,0,140,209_MV5BMTYzODE1ODI4OV5BMl5BanBnXkFtZTgwNTIyNTc2MTE@._V1._SY209_CR0,0,140,209_MV5BMTQ1MDA5NjUxN15BMl5BanBnXkFtZTgwNjAwMDg5MzE@._V1._SY209_CR0,0,140,209_
MV5BMjM5MTE1MDY0Nl5BMl5BanBnXkFtZTgwOTE3NTY4MzE@._V1._SY209_CR0,0,140,209_MV5BMTQyODgwNDM5MF5BMl5BanBnXkFtZTgwNTA1MTQ0NDE@._V1._SY209_CR0,0,140,209_MV5BMzE3NTMwOTk5OF5BMl5BanBnXkFtZTgwODcxNTE1NDE@._V1._SY209_CR0,0,140,209_MV5BMjEyOTI0OTg3N15BMl5BanBnXkFtZTgwNjk5NTExMzE@._V1._SY209_CR0,0,140,209_
MV5BMjA5MjIzODE3N15BMl5BanBnXkFtZTgwNzUwNzYwMzE@._V1._SX140_CR0,0,140,209_MV5BMTQ0NjAyODk5N15BMl5BanBnXkFtZTgwNDM1NjgzNDE@._V1._SX140_CR0,0,140,209_MV5BMjM4MzMyNTk1MF5BMl5BanBnXkFtZTgwOTc4NzAwMzE@._V1._SX140_CR0,0,140,209_MV5BMTUxNDY4MDA1NF5BMl5BanBnXkFtZTgwMjI3OTE0MzE@._V1._SY209_CR1,0,140,209_
MV5BMjk4MDI5MDU4M15BMl5BanBnXkFtZTgwMDMyNzQ5MzE@._V1._SX140_CR0,0,140,209_MV5BMjA3Mzc0NjcxOF5BMl5BanBnXkFtZTgwMzIzMDQ5MTE@._V1._SY209_CR7,0,140,209_MV5BMTQ0MjgxMzExNl5BMl5BanBnXkFtZTgwMTkwNjI0MzE@._V1._SY209_CR0,0,140,209_

Saturday, March 28, 2015

102. Flight 173 හි අභිරහස…

මට හමුවී ඇති අතිශය මිත්‍රශීලී, විනෝදකාමී මිතුරන් බොහොමයක් සමාජයේ වැඩි පිළිගැනීමක් නැති දාමරිකයන් බව පැවසීම එතරම් වැරදි කතාවක් නොවේ… නිතර නළල සිඹින අකීකරු කෙස්සකින්ද, දින කිහිපයක් තිස්සේ මුහුණ හැඩිකරන කටු රැවුලකින්ද හෙබි රූමි, මට හමුවූ එවැනි මිතුරෙකි…ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමථ යන්න ප්‍රකට කියමනකි… රූමි මෙසේ සමථ වුණු ලොවෙන් එකම දෙයනම් අගුල් ඇරීමයි… ලෝකයේ ඇති ඕනෑම වර්ගයක සංකීර්ණම අගුලක් වෙත්ද, තම වල්ලභයා ඉදිරියේ ගත සලූ උනා දමන තරුණියක මෙන් සුනම්‍යව අගුල ඔහු ඉදිරියේ විවර වෙන්නේ හාස්කමකින් මෙනි… කලාතුරකින් හෝ එසේ නොවුණහොත්, මොහොතක පමාවෙන් එය විවර කරනා අයුරු ඔහු හොඳින් දනියි…

මේ අසාමාන්‍ය හැකියාව දේව ආශිර්වාදයක් මෙන් ඔහුට ප්‍රයෝජනයට ගතහැක්කක් වුවද, එහි පමණ ඉක්මවා නොයන්නට ඔහු සැමදා වගබලාගත්තේය… පුරාණ පෙට්ටගම් වල පටන් නවීන සේප්පු දක්වා අගුල් ඇරගැනීමේ උවමනාවෙන් අසල්වැසියාගේ පටන් පාතාල මැරයින් දක්වා නොයෙක්දෙනා ඔහුගේ සේවය සොයා පැමිණියද, ඉන් බොහෝදෙනෙකු හිස් අතින් ආපසුගියේ රූමිට අගුල විවෘත කරගැනීමට නොහැකි වූ නිසා නොවේ… ඔහු එය භාරගැනීම ප්‍රතික්ෂේප කල බැවිනි…

“කුණු මාළු වුණාම බඩ බැඳගෙන කන්න හොඳනෑ…” තම සේවය සොයා පැමිණියෙකු ආපසු හරවා යවන ඔහු පවසයි…

මැදිවයස ඉක්මවා ජීවිතයේ අපරභාගය ගෙවමින් සිටි රූමි, අගුලක් හරින තරම් උනන්දුවෙන් නිරතවූ අනෙක් කර්තව්‍යය වූයේ මත්පැන් තොලගෑමයි… මඳ පමණට මත්වෙන ඔහු, නැව් සේවකයෙකු ලෙස කලකට ඉහත සේවය කරද්දී තමා සැරිසැරූ ලෝකය පුරා විසිරී ඇති දුර්ලභ නැව්තොටවල් ගැනද, ඒවායේදී හමුවූ ගැහැනුන් ගැනද දෙඩවීමට මහත් සේ ආශා කලේය…

රූමි මට මුල්වරට හමුවූයේ මිට වසර ගණනාවකට ප්‍රථම ලන්ඩනයේ අඳුරු වීදයක, සිගරැට් දුමින් බොදවූ අවන්හලකදීය… දෙමාපියන්ගේ සිහිනයක් සැබෑකරන අටියෙන් ලන්ඩනයේ කටුක දිවියක් ගෙවමින් සිටි මට, අහම්බෙන් හමුවූ රූමිගේ සමාගමය සැබැවින්ම අස්වැසිල්ලක් විය…කෙටිකලකින් ළබැඳි මිතුරන් වූ අපේ ඇසුර දිඟුකලක් පවත්වාගෙන යෑමට නොහැකිවීම සැබැවින්ම මා ලද අභාග්‍යයකි… අධ්‍යාපනයට වඩා විනෝදයට මුල්තැන දෙමින් සිටි මම, දිනෙන් දින අසමත්වුණු විභාග හමුවේ තවදුරටත් දෙමාපිය මුදල් කාබාසිනියා කිරීම නවත්වා, නාකි ලන්ඩනයටද, මගේ නාකි මිතුරා රූමිටද සමුදී මව්රට බලා පිටත්වීමි… පියාණන්ගේ ව්‍යාපාර කටයුතු භාරගත් මා ඒවා දියුණුකිරීමට වෙහෙසුන හෙයින් ක්‍රමයෙන් ලන්ඩනයද, රූමිද මගේ මතකයෙන් බොඳවෙන්නට විය… එහෙත් වැසිබර සති අන්තයක ඉංග්‍රීසී මත්පැන් වඩියක උණුසුම දෙතොලග ගැටෙන ඇසිල්ලක ලන්ඩන් මතකය මා සිත නොදැවටුණා නොවේ… මාගේ පැරණි මිතුරා ලෝකයේ කොහේ හෝ කොනක සුවෙන් සිටිනවා ඇතැයි එවැනි දිනෙක මම සිත හදාගතිමි…

ඉන් බොහෝ කලකට පසු මෑතදී, ව්‍යයාපාර කටයුත්තක් සදහා නිව්යෝර්ක් නුවරට පැමිණි මම දින කිහිපයක ඇවෑමෙන් තවත් කටයුතු කිහිපයක් සඳහා ලන්ඩන් නුවර බලා පියඹනු රිසියෙන්, කෙනඩි ගුවන් තොටුපළ මඟී පර්යන්තයේ වාඩිවී සිටියෙමි… හදිසියේම අපූරු දසුනක් මා නෙත ගැටුණේ එවිටයි… මාගේ පැරණි මිතුරා රූමි තවත් දෙදෙනෙකු සමඟ මා සිටි පර්යන්තය හරහා එමින් සිටියේය… මා පුදුමයට පත්කරමින් මා දුටුවේ ඔහුගෙ දෑත හරහා මාංචු කුට්ටමක් දමා තිබෙන අයුරුයි… ඔහු සමඟ පැමිණෙන බ්‍රිතාන්‍යය ජාතිකයන් යැයි සැකකළ හැකි අනෙක් දෙදෙනා කිසියම් ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙක් වෙන්නට ඇතැයි මට සිතෙන්නට විය… තවත් පමා නොවුණු මම ඔවුන් වෙත දුව ගියෙමි…

“රූමි…!”

මගේ හඬින් හැරී බැලූ ඔහු ඇසිල්ලකින් මා හඳුනාගත්තේය…

“යාළුවේ…! මට සමාවෙන්න… අවුරුදු ගාණකට පස්සේ මුණගැහෙන්න මේ හොඳම ක්‍රමය නෙමෙයි…”

තම අතවූ මාංචු මා වෙත පාමින් රූමි පැවසීය…

“තමුන් මෙයාව දන්නවද..?”

ඔහු සමඟ වූ එක් මිනිසෙක් මගෙන් විමසීය… ඔවුන් ස්කොට්ලන්ඩ්යාර්ඩ් නිලධාරීන් වියහැකියැයි මට සැකයක් ඇතිවුණි…

“ඔව් මේ මගේ පරණ යාළුවෙක්…” මම පිළිතුරු දුන්නෙමි…

“මේ මොකද වුනේ…?” අනතුරුව මා රූමිගෙන් ඇසුවේ අනෙක් දෙදෙනාටද වැටහෙන සේ ඉංග්‍රීසියෙනි…

“කුණුමාලු බඩේ බැඳගෙන කන්න ගිහින් තමයි… ලන්ඩන්වලදි මගෙන් පොඩි අත්වැරැද්දක් වුනා… ඒ හින්දා මම නිව්යෝක් ඇවිල්ලා වහන් වෙලා හිටියේ… නමුත් ඊයේ මාව අහුවුනා… මේ ආයේ ලන්ඩන් ගෙනියනවා…”

රූමි සුපුරුදු අහිංසක සිනහවෙන් යුක්තව පැවසීය…

“ඒ පොඩි අත්වැරැද්දට යාළුවා ගොඩක් කල් ඇතුළේ ඉඳියි කියලා අපි හිතන්නේ…”

අනෙක් නිලධාරියා පැවසුවේ සමච්චලයට මෙනි…

ඒ සමඟින් ලන්ඩන් බලා පිටත්වීමට නියමිත බ්‍රිටිෂ් එයාවේස් ෆ්ලයිට් 173 ගුවන් යානය පැය භාගයක් පමාවෙන බව නිවේදනය කළ අතර, එයට රූමි හා සිටි නිලධාරීන් දෙදෙනා තම නොරිස්සුම විදහා දැක්වූයෙන් ඒ ඔවුන්ගේ ගුවන්යානය බව මට වැටහිණි…

“වෙලාව තියෙන එකේ අපි එහෙනම් කෝපි එකක් බොමු…” රූමිගේ බාහුවෙන් අල්ලා ඔහුට ගමන්කරන්නට සන්කරමින් එක් නිලධාරියෙක් පැවසීය… මා ඔවුන් හා සම්බන්ධවෙනවාට නිලධාරින් දෙදෙනා අනුකූලතාවයක් නොදැක්වූ හෙයින් මට රූමිට සමුදෙන්නට සිදුවිය… මා ලන්ඩන් රැගෙන යන ගුවන්යානයද ඔවුන් හා සමඟම නික්මෙන බැවින්, හීතෲහිදී ඔහු හා කතාකරන අටියෙන් මම වෙන්වුනෙමි…

පැය හතක් අත්ලාන්තික් සයුර උඩින් හැල්මේ ඉගිල්ලුණු මා ගමන්ගත් ඇමෙරිකන් එයාලයින් ජම්බෝ යානය කෑගසමින් හීතෲ ධාවන පථය සිපගත්තාය… හනික ගුවන්යානයෙන් එළියට පැනගත් මම රූමි සොයාගන්නා අටියෙන් ගුවන් ආගමන පුවරුවක් වෙත දිවගියෙමි… තවත් සුළු මොහොතකින් රූමිගේ ගුවන් යානයද පැමිණිබව සටහන් වුණ හෙයින් මම වහ වහා මගී ප්‍රවේශ ශාලාව වෙත දුවගියේ ඔහු මඟනොඇරෙනු රිසියෙනි… ධාවන පථයේ සිට සෙමෙන් ගොඩනැඟිල්ල වෙත ගමන්කරන බ්‍රිටිෂ් එයාවේස් ගුවන් යානය නිව්යෝක් සිට පැමිණි 173 ගුවන් යානය වියහැකියැයි මම විශ්වාස කලෙමි…

තවත් සුළු දුරක් ටැක්සි කිරීමෙන් අනතුරුව ගුවන් යානය නතර වූ අතර, මඟී පඩිපෙළද සෙසු සේවා සපයන වාහනද කෙමෙන් එය වට කරගන්නට විය… කොහේදෝ සිට පැමිණි අඳුරු වීදුරු සහිත රෝල්ස් රොයිස් පැන්තම් වර්ගයේ සැප ලිමොසින් රථයක් සෙමෙන් විත් ඉදිරි දොරට සම්බන්ධ කල මඟී පඩිපෙළ අසල නැවත්වූයේ ඉන් අනතුරුවයි…

“කවුරු හරි VIP කෙනෙකුත් එන්නැති…”

මම තනිවම පවසා ගතිමි… බිස්නස් පන්තියේ ගුවන් යානා දොර ප්‍රථමයෙන් විවර විය…සිනාමුසු ගුවන් සේවිකාවන් දෙදෙනෙක් ප්‍රථමයෙන්ම ඉවතට විත් අමුත්තාට සමුදීමට සැදී පැහැදී සිටගත් අතර, නිල ඇඳුමකින් සැරසුණු රියදුරා ලිමොසින් රථයෙන් එළියට විත් එහි පිටුපස දොර විවෘත කර අමුත්තා බලාපොරොත්තුවෙන් පසෙකට විය…

ඊළඟ මොහොතේ දුටු දෙයින් නෙත් අදහාගත නොහැකිවූ මා විසල් වීදුරුවට ඔබ්බෙන් වූ යකඩ වැට අල්ලාගත්තේ වාරුනැතිව මා බිමවැටේයැයි සිතුණු හෙයිනි… හිස දැවටුණ වටිනා තොප්පියකින්ද, මිල අධික උඩු කබායකින් සැරසී, වටිනා බස්තමක් අතින් දරාගත් VIP අමුත්තා සිනාසෙමින් ගුවන් යානයෙන් පිටතට පැමිණියේය…

-මතු සබැඳි-

ප.ලි. : අවසන් කොටස හැකි ඉක්මනින්…හෝප්ෆුලි අද රෑට…

-දැන් එතැන් සිට-

ලන්ඩන් හිරුඑළියට දිළිසුන අමුත්තාගේ වටිනා ටයි පින් එකේ දිස්නයට ඇස් නිලංකාර කර නොගෙන මම ඔහුව හොඳින් දැක ගත්තෙමි… මගේ අතිජාත මිත්‍රයා රූමි, ගුවන් සේවිකාවන්ගේ ආචාර වලට ප්‍රතිචාර දක්වමින් මඟී පඩිපෙල බසිමින් සිටියේය… දෑස් පිසදා මම නැවත සැක හැර දැනගත්තෙමි…ඔව්.. රියදුරාගේ ඇරයුමින් රථයට නැඟුනු රූමි, මේ වනවිට ගුවන්යානයේ දොර ඔබ්බෙහි රැස්කමින් සිටි නියමුවන්ට සහ සෙසු පුද්ගලයන්ට අතවනා ආචාර කරමින් නියම ප්‍රභූ වරයෙකුසේ ගුවන්තොටුපල ප්‍රභූ පර්යන්තය දෙසට නික්ම ගියේය…

කෙනඩි ගුවන්තොටේදී සාමාන්‍යය කමිසයකින් සැරසී, දෑතෙහි මාංචු ලාගෙන පරාජිතව ගුවන් යානයට නැඟුන රූමි, මාංචු කිසිත් නැතිව ප්‍රභූ අමුත්තෙකුගේ සැලකිලි ලබමින් ඉන් පිටවූයේ කෙසේද..? මෙහි රහස සොයා නොගෙන මට නින්දට යානොහැකි වනු ඇතැයි මට සිතුණි…

ප්‍රභූ පර්යන්තයෙන් පිටතදී ඔහුව අල්ලාගත හැකිවේයයි යන සැකයෙන් තවත් එතැන නොරැදී මම දිවගියෙමි… ආගමන කවුන්ටරයේ සිදුවූ ප්‍රමාදයකින් පසු එහි ළඟාවූ මට රූමිගේ සුළඟකදු සොයාගත නොහැකිවූයේ අවාසනාවන්ත ලෙසයි… ඔහු සමඟ පැමිණි පොලිස් නිලධාරීන් සොයාගැනීමටද අසාර්ථක උත්සාහයක් ගත් මා, අනතුරුව වික්ෂිප්ත වූ මනසකින් ගුවන් තොටෙන් නික්මුනෙමි…

ඉන් දින කිහිපයකට පසු ලන්ඩනයේ අදාල රාජකාරි කටයුතු අවසන් කර මම නැවත මව්රට බලා නික්මුනේ රූමි පිළිබඳ මේ රහස කිසිදා විසඳෙනු ඇතැයි විශ්වාසයකින් නොවේ… නමුත් දෙයිවය පුදුම කතන්දරකරුවෙකි…

ඉන් මාස දහයකට පමණ පසු මම ලාස් වේගාස් හී මිළ අධික කැසිනෝ ශාලාවක අප සමාගම අනුග්‍රයෙන් නිපදවෙන චිත්‍රපට රූගතකිරීමක් නරඹමින් සිටියෙමි… හදිසියේම කවුදෝ මගේ නම හඬගානු ඇසී හැරී බැලූ මම දුටුවේ මගේ පැරිණි මිතුරා රූමි, නිළියක් වැනි සුරූපි කාන්තාවක් තුරුළු කරගෙන මා දිහා බලා සිටිනා අයුරුයි…

ඊලඟ මොහොතේ මා බදා වැළඳගත් ඔහු, අපේ නැවත හමුව සැමරීමට රාත්‍රී ආහාරයකට ආරාධනා කලේය…එය කාරුණිකව පිළිගත් මම, මාගේ පිරිසෙන් සමුගෙන රූමි හා ඩවුන්ටවුන් වෙත පියමැන්නෙමි…ඒ යන ගමනේදී මම ඔහුව හොඳින් නිරීක්ෂනය කල අතර ඇඳුමේ පැළඳුමේ පටන් හැසිරීම දක්වා ඔහුගේ බාහිර ස්වරූපය නියම ප්‍රභූවරයෙකුගේ සිරි ගෙන ඇති බව මට පැහැදිලි විය… මේ සියල්ලටම එදා ගුවන්යානයේ සිදුවූ පෙරළිය හේතුවන්නට ඇතැයි මට සැකයක් නොවීය…

තවත් සුළු වේලාවකට පසු ඒ සැකය විසඳාගැනීමට මට අවස්ථාවක් උදාවූයේ, අප සමඟ සිටි රූමිගේ පෙම්වතිය තවකෙකුගේ ආරාධනය පිළිගෙන ආලිංගන නැටුමක් සඳහා නික්ම ගිය බැවිනි… මමත් රූමිත් පමණක් මේසයේ තනිවිය…

“රූමි උඹ තරහා නැතිනම් මට දෙයක් තියෙනවා අහන්න…” තවත් පමා නොවී මම කතාවට මුල පිරුවෙමි…

“මම දන්නවා උඹ නොඉවසිල්ලෙන් ඉන්නේ අන්තිමට හම්බවෙද්දී අපරාධකාරයෙක් වෙලා හිටි මම මෙහෙම සල්ලිකාරයෙක් වුනේ කොහොමද කියලා දැනගන්න නේ…? ඉඳපන් මම සේරම කියන්නම්… ඉස්සෙල්ලා ඔය වීදුරුව ඉවර කරපන්…” රූමි පැවසීය…

මීලඟට රූමිගේ විධානයෙන් සේවකයා වීදුරු දෙක නැවත පිරවූ අතර සිගරැට්ටුවක් දල්වා ගත් මා ඉන් අනතුරුව රූමිගේ මුවඟ වූ සිගරැට්ටුවද දැල්වූයෙමි… දුම් රොටුවක් මුදාහැර අසුනේ හරිබරි ගැසුණු ඔහු කතාව ඇරඹීය…

“එදා අපි කෝපි බීලා අර පරක්කු වුන ෆ්ලයිට් එකට නැංඟා… ඔව් මගේ ජිවිතේ සම්පුර්ණයෙන්ම වෙනස් කරපු ඒ ෆ්ලයිට් එකට…! හැමදෙයක්ම සාමාන්‍යය විදියට වෙමින් තිබුනේ… පොලිස්කාරයෝ මට තදින් හිටියේ නෑ… ටේක් ඕෆ් කලාට පස්සේ මගේ මාංචුත් ගැලෙව්වා…අතරමඟදී විස්කි වඩියක් බඩට දාගන්නත් මට ඉඩ දුන්නා…”

කතාව මඳකට නැවතූ රූමි ඈතින් තවකෙකුට තුරුළුව නටමින් සිටි තම පෙම්වතියට අතවැනීය… ඇයද පෙරළා අතවැනුයේ සිනාසෙමිනි…

“අපි හිටියේ එකොනොමි ක්ලාස් එකේ…ගමනේ පැය දෙකක් විතර ඔහොම ආවා… ෆ්ලයිට් ඩෙක් එකේ හිටි අතිරේක පයිලට් වෙන්නැති, ඩෙක් එකෙන් එළියට ඇවිල්ලා එකොනොමි ක්ලාස් එකේ හිටිය පැසෙන්ජර් කෙනෙක් ගාවට ගිහින් එයාට අතට අත දුන්නා… මම හිතන්නේ කාලෙකින් හම්බුන යාලුවෙක් වෙන්නැති, තමන්ගේ අත් ඔරලෝසුවෙන් වෙලාව බලපු පයිලට් ඉන්පස්සේ එහාපැත්තේ හිස් සීට් එකේ වාඩිවෙලා අර පැසෙන්ජර් එක්ක කතාවක් දාන්න පටන් ගත්තා… “

“ඔහොම විනාඩි පහක් යන්නැති… ෆස්ට් ක්ලාස් එක පැත්තෙන් කවුදෝ කෑගහන සද්දයක් ආවා… බැලින්නම් ඇඟපුරා රත්තරන් පුරවගත්ත වයසක පහේ අම්මණ්ඩි කෙනෙක් කැබින් කෲ එකේ අයත් එක්ක රණ්ඩුවෙනවා…අපි ගාව හිටිය අතිරේක පයිලට් නැඟිටලා එතෙනට ගියත්, අර ගෑනු මනුස්සයා අනුකූලතාවයක් පෙන්නුවේ නෑ… අන්තිමට මේ ප්‍රශ්නේ විසඳන්න ෆ්ලයිට් එකේ ෆර්ස්ට් ඔෆිසර්ටම එන්න වුනා… වැදගත් පෙනුමක් තියෙන හොඳ මහත්මයෙක් වගේ පෙනුන මේ මනුස්සයා හරි වෙහෙසක් අරගෙන අර නාකි ගෑණුකෙනාව සෙට්ල් කරන්න ට්‍රයි කරනවා…”

රූමි තවත් වයින් උගුරක් වෙනුවෙන් කතාව නැවතීය… මම නොඉවසිල්ලෙන් ඔහු දෙස බලා සිටියෙමි…

“ඔන්න ඔය අතරෙදි තමයි ඩෙක් එකේ හිටපු සෙකන්ඩ් ඔෆිසර්ට හදිසියේ ටොයිලට් යන්න ඕනේ වෙලා තියෙන්නේ… මිනිහාට කෙනඩි වලදී මොනවා හරි කෑමක් වැරදිලා… තවත් බලන් ඉන්න බැරුවගිය මේ මනුස්සයා ඔටෝ පයිලට් ඔන් කරලා ෆ්ලයිට් ඩෙක් එකේ ඉන්න ඉන්ජිනියර්ට කියලා තියෙනවා ටක්ගාලා කැබින් එකට කෝල් කරලා අතිරේක පයිලට්ව ඩෙක් එකට ගන්න කියලා… ඒක කියලා මේ මනුස්සයා ටොයිලට් එකට දුවලා…”

“දැන් ෆ්ලයිට් ඩෙක් එකේ ඉන්න ඉන්ජිනියර් කැබින් එකට කෝල් කලත් අර නාකි මනුස්සයාගේ ප්‍රශ්නෙට පැටලිලා ඉන්න හින්දා කවුරුත් කෝල් එකට ඇටෙන්ඩ් කරලා නෑ… ඊටපස්සේ ඉන්ජිනියර් නැඟිටලා ඇවිල්ලා අර අතිරේක පයිලට්ව එක්කගෙන යන්න…තත්පර කීපයක් ෆ්ලයිට් ඩෙක් එකේ කවුරුත් නැතිවෙනවා උනත් මේ වෙලාවේ වෙන කරන්න දෙයක් නැති හින්දා ඒක එච්චර සීරියස් විදියට එයා හිතන්න නැතුව ඇති…”

“අතිරේක පයිලට්වත් අඬගහගෙන ක්ෂනිකව ආපහු ඩෙක් එකට යන්න හදද්දී තමයි ගුවන් ගමන් ඉතිහාසේ වුන භයානකම අත්වැරදීමක් වෙලා කියලා ඒ මිනිස්සුන්ට තේරිලා තියෙන්නේ… ෆ්ලයිට් ඩෙක් එකේ දොර ඇරෙන්නේ නෑ…! දොරේ ඉලෙක්ට්‍රික් ලොක් එක ජෑම් වෙලා!!!!”

“නාකි මනුස්සයාව අතැරලා දැන් හැමකෙනාම දොර අරින්න ට්‍රයි කරනවා… පයිලට්ස්ලා තුන්දෙනාත්, ඉන්ජිනියරුත්, කැබින් කෲ එකේ හැමදෙනාම වගේත් ට්‍රයි කරලා දොර ඇරගන්න බැරිවුනාම තමයි හැමදෙනාටම තමන් ඉන්න භයානක තත්වේ ගැන වැටහෙන්න පටන් ගත්තේ…”

“මුළු කැබින් එකම පිස්සුවෙන් වගේ කෑ ගහද්දී ස්කොට්ලන්යාර්ඩ් පොලිස් කාරයෝ දෙන්නා මගේ දිහා බැලුවා…මම දන්නවා ඒ ඇයි කියලා…”

“මොකද…? මම ඒත් ඇහුවා…” 

“ලොක් එක හිරවෙලා…! උඹට බැරිද උදව් කරන්න…? එකෙක් ඇහුවා..”

“මම දැනගෙන හිටියා මේ අවස්ථාවේ වටිනාකම…. මට අහිමි වෙන්න තිවුනේ මගේ ජීවිතය… නමුත් අපරාධකාරයෙක් විදියට ජීවිතේ ඉතුරු කාලය හිරගෙදරක ගෙවන්න නියමිත මිනිහෙක්ගේ ජීවිතයේ අහිමිවෙන්න ලොකු දෙයක් නෑ… ඒත් හරියට සූදුව සෙල්ලම් කලානම් මට දිනාගන්න තියෙන දේ හරි හුඟක් බව මට වැටෙන්න පටන් ගත්තා…”

“එක නිලධාරියෙක් ඒ වෙනකොටත් නැඟිටලා ගිහින් මගේ ගැන පයිලට්ට කියලා තිබුණා…මාංචු ගලවලා තිවුණ නිසා මම අපරාධකාරයෙක් කියලා නොපෙනෙන්නත් ඇති…”

“බිස්නස් ක්ලාස් එක පිරිලා තිබුණේ සල්ලි උතුරන, ඒ සල්ලි වලින්ම ජීවිතේ දිව්‍ය සැප විඳින නාකි මිනිස්සුන්ගෙන්… කිසිම මිළකට ඒ සැප සම්පත් අහිමි කරගන්න මානසික තත්වයකින් නෙමේ උන් හිටියේ…”

“මගේ ළඟට දුවගෙන ආවා වැදගත් පහේ මහත්තයෙක්…උඹට මේ අගුල අරින්න පුළුවන්ද…? උන්නැහැ ඇහුවා… මට මේ ලෝකේ අරින්න බැරි අගුලක් තාම හම්බුවෙලා නෑ… මගේ තත්වය පොඩ්ඩක් බාල කරලා මම කිව්වා… උඹ මාව දන්නවා ඇති… ලාස් වේගාස් වල කැසිනෝ බොහොමයක් අයිති මට…උඹ මේ අගුල ඇරියොත් ඒක උඹේ ජීවිතේ උඹ කරපු ඥානවන්තම වැඩේ බවට මම වගබලාගන්නම්… කබා සාක්කුවෙන් චෙක් පොතක් අතටගත්තු ඒ මනුස්සයා මට කිව්වා…”

“මම මොහොතකට සර්වබලධාරී දෙවිකෙනෙක් වුනා… හැමෝගෙම ජීවිත අයිති මට… ඒ ජීවිත වලට මට කැමති මිලක් නියම කරන්න අවස්ථාව තිබුණා… ඒ ඕනෙම මිළක් ගෙවන්න උන් ලෑස්ති බව මම දැන උන්නා… ඒක හරි ජාති බිස්නස් එකක්… ”

“හිස් චෙක් කොලයක් පෙරළගත්තු අර මනුස්සයා ඒකේ වටිනාකම ලියන තැන එකේ ඉලක්කමයි බින්දු මහගොඩක් ලිව්වා… හයක්ද හතක්ද ඒ වෙලාවේ මට හරියට ගැනගන්නත් බැරිවුනා…”

“ මට තවත් බලා ඉන්න දෙයක් තිබුනේ නෑ… අර නාකි අම්මණ්ඩිගෙන් කොණ්ඩ කටුවක් ඉල්ලගත්ත මම වැඩේට බැස්සා… ඒක මම ඇරලා තිවුන ලේසිම අගුලක් නෙමෙයි… එකපාරක් දෙපාරක් තුන්වෙනි පාරත් අසාර්ථක වුනා… මම දෙවියන්ට සාප කලා… “

“ඒ වෙලාවේ එතෙන්ට ආවා මෙතෙක් වෙලා නිහඬව හැමදේම බලන් හිටිය මහත්තයෙක්… ඇවිල්ලා මගේ ගාවින් ඇන තියාගත්තා… මම රජයේ අහවල් ආරක්ෂක බලවතා… . උඹ මේ අගුල ඇරියොත්…එන්ගලන්තේ කිසිම පොලිසියක් උඹේ පස්සෙන් නොඑන බවට මම වගබලාගන්නම්… ආයේ පටන්ගනින්… මේ අගුලක් නෙමෙයි… හැමදෙයින්ම ගැලවෙන උඹේ නිදහස…එතුමා මට කෙඳිරුවා…”

“මට තවත් ඉල්ලන්න දෙයක් තිබුණේ නෑ… ඔන්, ඕෆ් වෙන්න විතරක් දන්න මෝඩ අගුලකට මට හිමිවුන හැමදේම නැතිකරන්න දෙන්න බෑ…මම ජීවිතේ එතෙක් කල ලොකුම සටන කලා… හැමදාම වගේ අගුල පැරදුනා… දොර ඇරුණා… මිනිස්සු කෑගැහුවා… දෙවියන්ට පින් දුන්නා… මාව බදාගත්තා…”

“ඊට පස්සේ..?” මම ඇහුවේ රුමී තවත් වයින් වීදුරුවක් පුරවාගන්නකල් ඉන්න බැරි නොඉවසිල්ලෙන්…

“අර මනුස්සයා චෙක් එක සයින් කලා…ආරක්ෂක බලවතා පොලිස්කාරයෝ එක්ක මොනවදෝ කුටු කුටු ගානවා මම දැක්කා…  නාකි අම්මණ්ඩිට කොණ්ඩ කටුව  ආපහු දෙද්දී මාව බදා ඉඹගත්ත උන්දෑ මෙහෙම කිව්වා…අපූරු මනුස්සයෝ, උඹට ඇතිපදම් සල්ලි ලැබුණා… ඒත් මේ කල  උදව්වට මට උඹට කෘතඥ නොවී බැහැ… උඹට අවශ්‍යය මොනවද දැන් කියපන්…”

“උඹ දන්නවා මේ රූමි කුණු මාලු බඩ බැඳගෙන කන්නේ නැති බව…” ඇසක් පුංචි කර රූමි මට පැවසීය…

“ඉතිං උඹ මොකද කිව්වේ…?” පෙරළා මම ඇසීමි…

“මම කිව්වා… මට අවශ්‍යය හැමදේම ලැබුණා… උඹේ ස්තුතිය විතරක් ඇති කියලා… ඒත් නාකි මනුස්සයාට හිතට හරිමදි… හොඳයි එහෙනම් මාව ගන්න ලිමොසින් එකක් එයාර්පෝට් එකට එනවා… උඹ අවශ්‍යය තැනකට එක්කාගෙන යන්න කියලා මම කියන්නම්…නාකි මනුස්සයගේ ඉල්ලීම අහක දාන්න මට හිතුනේ නෑ… ඉන්පස්සේ අනිත් මිනිස්සුත් මම සල්ලි භාරගන්නේ නැතිබව තේරුන හින්දා, මගේ වීර ක්‍රියාවට සිහිවටන විදියට තම තමන් ගාව තිවුන නානාප්‍රකාර දේ දෙන්න පටන් ගත්තා… කවුදෝ බස්තමක් දුන්නා… තව කවුද හැට් එකක්… උඩු කබායක්… ටයි එකක්… ඔන්න ඔහොම දේවල්…”

“ඉතිං උබ ඒ සේරම බාරගත්තා…?” මම ඇසීමි…

“හහ් හහ් හා… උඹ කියන්නේ ලිමෝසින් එකකට හිඟන්නෙක් වගේ නඟින්න කියලද…?”

මහා හඬින් සිනාසුනු රූමි පැවසීය….

~නිමි~

ප.ලි. : මේ කලකට පෙර ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පතේ ආධුනික කෙටිකතා කොළමේ පලවූ ඉංග්‍රීසි කෙටි කතාවක කතා තේමාව අනුසාරයෙන් නිර්මාණය කරන ලද්දක්… කියවා රසවිඳ සුරංගනා කතාවක් යැයි සිනහා වී එදා අමතක කලත්, ඊයේ හදිසියේම ඒ කතාව යළිත් මතක්වුන හේතුව අමුතුවෙන් කියන්න අවශ්‍යය නෑනේ….

Wednesday, January 7, 2015

101. කෝපි මතක…

image

කැෆේ කොෆී ඩේ කියන්නේ කෝපි එකක් හිස්වෙන පමාවට, දෙන්නෙක්ගේ අනාගතය අලුතෙන් ලියන්න පුළුවන් මායාකාරී කෝපි හලක්… ඇය හිටියේ බීන් බෑග් සෝෆාවක ගිලිලා, මගේ පැත්තට නැඹුරුවෙලා…ඇපල් සෝඩා වීදුරුවේ බිත්තියෙන් ගිලිහිලා ඉහළට ඇදෙන මුරණ්ඩු පෙන බුබුළු දිහා බලාගෙන… මම, ඒ පසෙකින් බිත්තියටම සවිකරපු සිමෙන්ති ආසනයක සැහැල්ලුවෙන් දිගෑදිලා…

“නොගැලපෙන දේ ගොඩයි…!”

ඇය කියන්නේ විවෘතව, මගේ ඇස් දිහා බලාගෙන…

“මොනවද ඒ..?”

මම අහන්නේ මගේ කෝපි කෝප්පෙට මුවාවෙන්න උත්සාහා කරමින්…

“අපි රටවල් දෙකක…සංස්කෘති දෙකක්… අපේ දෙමව්පියෝ, පවුල් පසුබිම, ආගම්, කුල මල, කෑම බීම… ඒ සේරටම වැඩියෙන් අපි දෙන්නගේ සිතුම් පැතුම් ගැලපෙනවා කියලා මට හිතෙන්නේ නෑ… ටීවී එකේ බලන්නේ මොන චැනල් එකද කියන තැන ඉඳන්, දරුවන්ට දාන නම් මොනවද කියන තැන වෙනකල් අපි දෙන්නා රණ්ඩු වේවි… ”

“අපේ සිතුම් පැතුම් ගැලපෙන්නේ නෑ කියලා ඔයා කොහොමද හරියටම කියන්නේ…?”

“වෙන දෙයක් ඕනේ නෑ… දැන් මෙතනම බලන්න, ඔයා ආසාම කෝපි වලට… මට පේන්න බැරි දේවල් වලින් එකක් ඇත්නම් කෝපි…!”

ඇය කියන්නේ ඇඟිලි වලින් හිසකෙස් හදමින්… වසර ගනනක් මම හඹාගිය ඒ සුන්දර හිනාව ඇය මේ වෙලාවෙත් ලෝබ නැතුව බෙදද්දී, ඒක මගේම කරගන්න අන්තිම සටනත් සටන් වදින්න මම සූදානම්…

“කෝපි ගැන කතාවක් කියන්නද…?”

“හා…!”

කොෆී ඩේ කැෆේ එකේ තියෙන්නේ ඉවසිල්ලේ දියවෙන සීනි…

“කෝපි මෙච්චර රස වෙන්න කලින්, දිව්‍යලෝකේ හිටියා කුමාරයෙකුයි කුමාරියෙකුයි… මේ දෙන්නාට දෙන්නාව පේන්න බැහැ…”

ඇගේ උනන්දුව ඇස් වලින් උතුරද්දී, මම මනසේ සිතිවිලි අවුස්සන්නේ ඇය සතුටු කළහැකි කතාවක් නිර්මාණය කරගන්නා අටියෙන්…

“මේ කුමාරි හැමවෙලේම හිනාවෙලා ඉන්න කැමති, දුක අඳුනන්නේ නැති… ගතවෙන හැම මොහොතක්ම යාළුවෝ පිරිවරාගෙන සතුටින් ඉන්න කෙනෙක්… ඒත් කුමාරයා හැමවෙලේම දුකින් ඉන්න, සතුට කියලා දෙයක් දන්නෙවත් නැති, ගතවෙන හැම මොහොතකම තනිකමෙන්, පාළුවෙන් ගතකරන්න කැමති කෙනෙක්…”

“ඉතිං…”

“ඉතිං දිව්‍යය ලෝකේ අධිපති දෙවියාට අවශ්‍යය වුනා මේ දෙන්නා විවාහ වෙනවා දකින්න… ඒත් මේ දෙන්නා කිව්වේ එයාලාගේ සිතුම් පැතුම් ගැලපෙන්නේ නැති හින්දා එහෙම සම්බන්ධයක් ඇතිවෙන්න බැරි බවයි… අවුරුදු ගානක් මේ දෙන්නා අතරේ සම්බන්ධයක් ඇතිකරන්න උත්සාහා කරලා බැරිවුන තැන කේන්ති ගිය අධිපති දෙවියා, මේ දෙන්නාට සාප කලා… මේ දෙන්නාම අපායට යන්න ඕනේ කියලා… “

“අනේ..!”

“කියන්න අමතක වුනා, දිව්‍යලෝකේ අය අපාය කියන්නේ අපේ මේ මනුස්ස ලෝකයට… දිව්‍යය අධිපතිට කේන්ති ගිහින් කරපු මේ සාපය ගැන පස්සේ එයා පසුතැවිලි වුනා වුනත්,  සාපයක් කියන්නේ සාපයක්… දෙවියන්ටවත් ඒකෙන් ගැලවෙන්න බැහැ… ඉතිං මේ කුමාරයයි, කුමාරියි අපේ මනුස්ස ලෝකෙට ආවා… සාපයේ තිබුණෙ සදාකල්ම මේ දෙන්නා එකට ඉන්න ඕනේ කියලා… හැබැයි හැම සාපයකටම තියෙනවා එක පොදු ලක්ෂණයක්…..ඒ මොකද්ද..?”

“ඒ සාපයෙන් මිදෙන විදියක්…?”

“හරියට හරි…!ඉතින් මේ සාපයෙන් මිදෙන්න නම් කුමාරයා මේ ලෝකයේ ආදරය, සිනහව පිරුණු සතුටුම මොහොතත්, කුමාරි මේ ලෝකේ පාළුව, තනිකම පිරුණු දුකම මොහොතත් අත්විඳලා තියෙන්න ඕනේ… ඒ අත්දැකීම් වලින් පස්සේ ඒ දෙන්නා අනෙකාගේ සිතුම් පැතුම් තේරුම් ගැනීම අතින් පරිපූර්ණ වෙනවා කියලයි අධිපතිතුමා හිතුවේ…”

“ඉතිං…”

“ඉතිං… සදාකාලිකව දෙන්නත් එක්ක එකට ඉන්නත්, මිනිස්සුන්ගේ හිනා, කඳුළු අතර ගැවසෙන්නත් තියෙන හොඳම විදිය ඒගොල්ලෝ තෝරගත්තා… ඒ මොකක් කියලාද හිතන්නේ…?”

“කෝපි…!?”

“හරියට හරි…! බලන්න කෝපි ගෙඩි හැම එකකම, පියලි දෙකක් තියෙනවා.. ඇත්තටම ඒ ඉන්නේ කුමාරයයි… කුමාරියි… ඒ දෙන්නම එකතුවෙලා තමයි කෝපි වලට රස දෙන්නේ… අපි ගතකරන ආදරයෙන් පිරුණු මොහොතවල් සමරන්න කෝපි වලට උණුහුමට ජීවය දෙන්නේ කුමාරි…  පාළුවෙන් තනිකමෙන් පිරුණු සීතල රාත්‍රීන්  ගෙවාගන්න, කෝපි වලට තිත්ත කළුපාට දෙන්නෙ කුමාරයා…”

ඇගේ හූමිටි වෙනුවෙන් නොනවතින මම කියවාගෙන යනවා…

“ඉතිං එයාලාට තවම සාපයෙන් මිදෙන්න බැරිවුනාද…?”

“ම්හු… මම දන්න විදියට පාළුව තනිකම පිරුණු ලෝකේ දුකම තැන් මහ ගොඩක් කුමාරිනම් අත්වින්දා… ඒත් ආදරයෙන් පිරුණු ලෝකේ සතුටුම මොහොතක් අත්විඳින්න කුමාරයාට තාම බැරිවෙලා තියෙනවා… ඒ හින්දායි ඒගොල්ලන්ට සාපයෙන් තාම මිදෙන්න බැරි… හැබැයි ඔයාට පුළුවන් ඒගොල්ලන්ව සාපයෙන් මුදව ගන්න…”

“හහ්…! මම…!?”

“ඔව්… දැන් මේ කෝපි කෝප්පේ ඉස්සරහදිම ඔයා මගේ යෝජනාවට කැමති වුනොත්… ඒක මේ ලෝකෙ කෙනෙක් විඳින ආදරයෙන් පිරුණු සතුටුම මොහොත වේවි…! කුමාරයායි, කුමාරියි ආපහු දිව්‍යලෝකෙට යාවි…”

ඇයට නොදැන්න ඇගේ හැම ඉරියව්වක්ම මම වරු ගනන් බලාගෙන ඉඳලා තියෙනවා… ඒත් අද ඇය මා දෙස බලාසිටින මේ ඉරියව්ව මම මීට පෙර දැක නැතිබව මට මට දිවුරා පොරොන්දු විය හැකියි…

“මට දැන් යන්න ඕනේ…”

මොහොතක් නිහැඬියාවකින් පස්සේ ඇය පවසන්නේ කලබලයෙන්…

“ඉන්න මම ඩ්‍රොප් කරන්නම්…”

“එපා… මම ඔටෝ එකක යනවා…”

“ඇයි ඒ…?”

“තව හිටියොත් මේ ලෝකේ මිනිස්සුන්ට කෝපි රස නැතිවෙයි කියලා මට බයයි…”

කෝපිහලේ දොර ඇරගෙන ඇය දුවයද්දී ඒ අද්දරින් එල්ලා ඇති දොර චයිමයේ සීනු කලබලයෙන් කෑගහනවා…

ඉන්පස්සේ…

හැම දෙයක්ම සන්සුන්…

 

ප.ලි. :

වසර ගනනාවකට පස්සේ ඊයේ මුම්බායේදී කැෆේ කොෆී ඩේ කෝපිහලකට ගොඩවැදුනා… ආදරය බොළඳයි තමයි, නමුත් තාරුණ්‍යය සදාකාලිකයි… කැෆේ කොෆී ඩේ තවමත් කෝපි සුවඳයි…

Web Statistics