Wednesday, April 19, 2017

121. හැංගිමුත්තා හැංගියෝ...


පාලකයන් කතාවී..කිඹුල් කඳුළු හෙලාවී..
එකිනෙකාට මුවාවී..ඇඟිල්ල දිගු කරාවී..
නීති රීති ගෙනේවී..දහක් කතා කියාවී..
හිසක් ගොඩට ගනීවී..මිලක් හිලව් කරාවී..

විචාරකයෝ විචාර දෙයි
ප්‍රචාරකයෝ ප්‍රචාරෙ දෙයි
ඉතිං අනේ අපිට මොකෝ
අපිට ඕවා ඇහෙන්නැතෝ
ඉරට හොරෙන් හඳට හොරෙන්
හැංගිමුත්තා හැංගියෝ...

නුඹේ මවත්, පියත්, මමත්
කවුරු වුනත් අපි අසමත්
මුවින් නොබැන දෙතොල් වසා
හැංගිමුත්තා හැංගියෝ...

හෙටක් තියෙන ලොවක් අරන් 
අල්ලන්නට අපි එනකල්
හුඟක් තදින් දෑස පියන්
හැංගිමුත්තා හැංගියෝ...


පින්තූරය අන්තර්ජාලයෙන්

7 comments :

  1. හෙටක් තියෙන ලොවක් නම් ආයේ එන එකක් නෑ

    ReplyDelete
  2. දුකයි! ලැජ්ජයි අපේ රට ගැන. අපි ගැන...

    ReplyDelete
  3. දැන්නම් රටම ගඳ ගහනවා, මිනිස්සු කුණු කුණු ගානවා..

    ReplyDelete
  4. කුණු.. මොනා කියන්නද ඉතිං රටම කුණු ගොඩක් වෙනකොට..

    ReplyDelete
  5. මේ ඛේදවාචකයට අපි හැමෝම අඩු වැඩි වශයෙන් වග කියන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. අනේ මේ.. ! මම නම් ඕන් ටොපි කොළයක්වත් විසි කළේ නෑ, ඒකත් කෑව මිසක්...

      Delete
  6. කියල වැඩක් නෑ..

    ReplyDelete

Web Statistics