Friday, February 3, 2017

117. සඳක් හොරෙන් අරන් ගියා



නෙතක් කඳුළු ඉතිර ගියා
සිතක් පිරුණු සුසුම් තියා
මිටක් සරින් හරින නියා
සඳක් හොරෙන් අරන් ගියා...

ඉඳුනිල් මිණි දෑස පියා
සුකුමල මුව කමල වසා
කෙළිලොල් කිරිකවඩි සිනා
සිතුවම් මතකයක් කළා...

ලොවක් නිවන ඇසිල්ලකින්
වසන්තයක් අරන් ඇවිත්
කවක් ලියන්නටත් කලින්
රැයක් පහන් වෙලා ගිහින්...

සහස් සුසුම් පවන් රැලී
නැලැවිලි ගී ගයනු ඇතී
සමනල් සිහිනෙක පේවී
සුවෙන් නිදන් සඳ සාවී...



ඉවරයක් නැතුව ආදරය කරන්න කොච්චර කාලයක් ගතවෙයිද? ඉවරයක් නැති කාලයක් ගතවෙයි කියලයි මම හිතාගෙන හිටියේ... ඒත් අසුරක් ගසන ඇසිල්ලකත් ඉවරයක් නැතුව ආදරය කරන්න පුළුවන් කියලා පෙන්නුවේ හේසල් ග්‍රේස්...

පායලා බැහැලා යන දේදුන්නක... එහෙම නැතිනම් පිපිරිලා කඩා හැලෙන මල් වෙඩිල්ලක... සමහරවිට ඇඟිලි අතරින් ලිහී දියවෙන හිම කිරමක...මේ හැමතැනම තියෙන චමත්කාරය පිටිපස්සේ සැගවිලා තියෙන්නේ ඇසිල්ලකින් නැතිවෙලා යන අතිර බව තමයි... ඒත් ඒ අසිරියට ඉවරයක් නැතුව ආදරය කරන්න, සදාකල් මතකයේ තියාගන්න විටෙක ඉසිඹුවකුත් පු‍ංචි වැඩි නැහැ...

හරියට... ණයට ගත්ත මේ හැමදෙයක්ම ආපහු බාරදෙනකල් ලැබෙන පමාවෙත්, අපේ ජීවිතේට ඇසිල්ලක් සතුට බෙදලා නික්මෙන ආදරණීයයෙකුට ඉවරයක් නැතුව ආදරය කරන්න බැරි නැහැ වගේ...

පරිස්සමෙන් හෙව්වොත් සදාකාලයම ඇසිල්ලක සැඟවිලා තියෙනවා...

පිංතූරය ගත්තේ මෙතැනින්

16 comments :

  1. Replies
    1. මොකුත් නෑ අටම්.. ෂොක් වෙන ආර‍ංචියක් ලැබුණා පු‍ංචි දියණියක් ගැන.. ඒක පිටකරගන්න උත්සාහා කලේ..

      Delete
  2. බින්දුව හා එක අතරත් අනන්ත සංඛ්‍යාවක් තියනව.....

    ReplyDelete
    Replies
    1. ඇත්ත ටීචර්.. ඒ විතරක් නෙමෙ බින්දුව හා දශම එක අතරෙත්...

      Delete
  3. The Fault in Our Stars

    ReplyDelete
    Replies
    1. I watched this film because Beetle recommended...then i realized there is lot of meaning behind this two letter word call "ok". :D Indeed a nice one...

      Delete
    2. Probably you might like the book too Senna..

      Delete
  4. අනේ මංදා බන් ඔය මහප්‍රාණ...! ආදරය ඇතුලු සියල්ල මායාවක් බවනම් අවබෝධ කරගනිමින් ඉන්නවා....

    ReplyDelete
    Replies
    1. එකඟයි... මේ හැම දෙයක්ම මායාවක් තමයි සෙන්නා..

      Delete
    2. ඇයි ආදරය මායාවක් කියන්නේ......

      Delete
    3. අරූ, සෙන්නා කියන්නේ ඇයි හරියට දන්නේ නෑ... මම නම් කිව්වේ සමහරවිට හිතාගන්නත් බැරි ක්ෂනයකින් අහිමි වෙන හින්දා...

      Delete
    4. ඒකත් ඇත්ත බීටා........නමුත් මායාවක්ම නෙමේ කියලා මට හිතෙන්නේ. ආදරය රියැලටි එකක්. ආදරය කරනවුන් තමයි මායා කාරයෝ :D

      Delete
  5. ඉපදුන දා පටන් මියයන කල්මගෙවන අපෙ ජීවිතත් ඇසිල්ලකටවත් සම නෑ බීටා.. anyway welcome back to akurublog

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දේශා...සතුටින් ඉන්න වෙලාවට මඟෑරුනාට අඬන්න ඕනේ වෙලාවකට උරිස්ස දෙන යාළුවෙක් මේ බ්ලොග් එක..

      Delete
  6. මොන එකක්ද මන්දා බීටා....මේ වගේ සටහන් හෝ මේ වගේ හැඟීමක් හිතට එනකොට මට මතක් වෙන්නේ "Tuesdays with Morrie පොතේ තියෙන සංවාද හා දෙබස්. ආපහු කියවන්න හිතුනා.

    “Death ends a life, not a relationship.”
    ― Mitch Albom, Tuesdays with Morrie

    “Life is a series of pulls back and forth... A tension of opposites, like a pull on a rubber band. Most of us live somewhere in the middle. A wrestling match...Which side win? Love wins. Love always wins”
    ― Mitch Albom, Tuesdays with Morrie

    “Don't let go too soon, but don't hold on too long.”
    ― Mitch Albom, Tuesdays with Morrie

    ReplyDelete
  7. ස්තුතියි මචෝ මේ ඔත්තුවට...මම මේ පොත පොත් කඩේ ටොප් 100 books රාක්කේ තියෙනවා දැකලා තියෙනවා... කියවලා නම් නෑ... වෙලාව හොයාගන්න බලන්නම්...

    ReplyDelete

Web Statistics