Tuesday, April 2, 2013

75. ලේ... හුඟක් ලේ...

ලේ...
හුඟක් ලේ...
සේදෙයි වතුර පහරකින්...
සබන් පෙණ අහුරකින්...
ජාතියක් ආගමක් තිබූ...
රකින්නට...දිවි හිමියෙන්
තිබූ ඉතිහාසයක් ...
කකියමින් ගතපුරා...
මොහොතකට පෙර දිවූ...
ලේ...
හුඟක් ලේ...
සේදෙයි වතුර පහරකින්...
සබන් පෙණ අහුරකින්...
තවකෙකුගෙ සුරතකින්...
ජාතියක් ආගමක් ඇති...
රකින්නට...දිවි හිමියෙන්
ඌටත් ඉතිහාසයක්...
ලේ...
හුඟක් ලේ...
හඬක් නොනඟා ගලයි...
රොඩු වැලිද හා මුසුව...
කුණු කාණුවට සෙමින්...
අමතකව යන මතකයක්...
පමණක්ම ඉතිරිකර...
සලකුණක් නොතියාම...
සේදෙයි වතුර පහරකින්...
සබන් පෙණ අහුරකින්...
ලේ...
හුඟක් ලේ...

අන්තර්ජාලයේ රස්තියාදුවෙද්දී ඇසගැටුණු, භාවනා කමටහනක් වන් මේ පිංතූරය අරන් තියෙන්නේ Scott Olson නම් ඡායාරූප ශිල්පියෙක්…

12 comments :

  1. ලේ.. හැමෝගෙන්ම ඇ‍ඟේ දුවන්නෙ එකම පාටට
    ඒ උනත් විසි එක්වන සත වරුසෙත්
    ඒක එහෙම නෙවෙයි කියලා
    මරාගන්න උන් පිරිලා

    ReplyDelete
  2. //අමතකව යන මතකයක්...
    පමණක්ම ඉතිරිකර...
    සලකුණක් නොතියාම... //

    පිනතූරයට වචන දාහක් කිවහැකිව තිබුනත් පැදි පෙල සිතුවිලි දාහක් ජනිත කල බව නම් නොකියාම බැරිය..

    ReplyDelete
  3. සේදෙන බැවින් වතුර පහරකින්
    සබන් පෙණ අහුරකින්
    සලකුණක් නොතියාම
    හෙට තවත් එකෙක් එයි
    රකින්නට ජාතිය ආගම
    කැකෑරෙන ලෙයින් යුත්
    නොදැන ඒ රත් පැහැ ලේ
    එකතුවන බව කුණු කාණුවකට

    ReplyDelete
  4. රූ කියලා තියෙන කතාව ඇත්ත. වචන දාස් ගානකින් කියන්ට බැරි දේවල් කීයක් ඒ පින්තූරෙන් පේනවද?

    මට නම් කවි ලියවෙන්නේ නෑ. මගේ හිත දුවන්නේ ඒ ගලායන ලේ ඔස්සේ පිටිපස්සට චිත්ත රූප මවමින්, කතාවක් හදමින්.

    හදිසි අනතුරකින් කවුරුන් හරි මියගියාවත්ද? හදිසියේම ගැහැනියක් දරු ප්‍රසූතියක් කලාද? මොනවගේ උනත් කාගේ හරි ලේ. අපි වගේ පණ ගහන කෙනෙක්ගේ සිරුරේ දිව්ව ලේ.

    බීට්ල්ට ලස්සනට කවි ලීව හැකි.:)

    ReplyDelete
  5. හරිම ලස්සන කවි පෙළ.. බීටල් අයියෙ.. ඒ වාගෙම පින්තූරයටත් ඇහැ ගියා...

    තව දෙයක්..මම මේ ඔයාව පණිවිඩයක් දෙන්න හොයනවා.. මේල් එක හොයා ගන්න බෑ ඔයාගෙ.. ත්‍රෙඩ් එකට ඇවිත් යන්න එන්න...

    ReplyDelete
  6. එකම ලේ - දෙපිල බෙදී
    වඟුරනා යුගයක
    ලෙයට ලෙය පමණකුදු
    ඉල්ලනා යුගයක
    ඕක මොකක්ද.........

    ReplyDelete
  7. පින්තූරයත් කලාත්මකයි ඔයාගේ පද ටිකත් අපූරු අදහසක් මවනවා!

    ReplyDelete
  8. කවියටම ගැලපෙන ෆෝටෝව බීටලේ.

    ඇත්තටමෙ ලේද? ෆෝටෝ එක ගත්ත තැන මොකක් කියලද තියෙන්නෙ?

    ReplyDelete
  9. පැමිණි සැමට ස්තූතියි...

    ඩූඩ්... ඇත්තටම ලේ... ෆොටෝ එක ගැන විස්තර මෙතනින්...

    http://www.gettyimages.ae/detail/news-photo/blood-is-washed-away-from-the-sidewalk-after-a-24-year-old-news-photo/165201933

    ReplyDelete
  10. පින්තුරෙත් විශිෂ්ටයි, ඒ වගේම බීට්ල් ගෙ කවි පෙළත් විශිෂ්ටයි. මට පින්තූරය දැක්කම මතක් උනේ අපේ රටේ වැගිරුණු, වැගිරෙන හා සමහරු මේ දවස් වල වගුරන්න තැත් දරමින් ඉන්න ලේ. හැබැයි ඇත්ත පින්තුරය පිටිපස්සෙ තියෙන්නෙ වෙනම කතාවක්.

    ReplyDelete
  11. අවුරුදු 30 ක් තිස්සේ යුද්ද කෙරුවට අපි දෙගොල්ලොත් ලේ නෑයෝ තමයි.....

    සිOහල ලේ පාරිශුද්ධ ද?

    ReplyDelete
  12. සේදී යන හින්දද ලේ... මේ විදියට....
    ලේ ගලන තුවාලවල රිදුමත් ඉක්මණින්ම අමතක වෙන්නෙ ‍බොහෝ දෙනාට...
    ආයෙමත් අළුතෙන් ලේ හලන්න කරුණු කාරණා හොයමින් ඉන්නෙ...

    ReplyDelete

Web Statistics